Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය
  • ඌවේ ඡන්ද ප‍්‍රතිඵල ගැන

    ලැබුණු ප‍්‍රතිඵලය කුමක් වුවත් ඌවේ පැවති පළාත් සභා මැතිවරණය 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු පැවති අශීලාචාරම මැතිවරණය ලෙස සැලකිය හැකිය. වයඹදී මෙන් ඌවේදී බලහත්කාරයෙන් ඡන්ද පොළවලට කඩා වැදී ඡන්ද පෙට්ටි පුරවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූයේ නැතත්, එය මහා පරිමාණයෙන් ඡන්ද මිලදී ගැනීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ මැතිවරණය ලෙස සැලකිය හැකිය. ආණ්ඩු පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් ඡන්දදායකයන්ට මහා

    Read more
  • ලලිත්-පේ‍්‍රමදාස ඝාතනය II

    පසුගිය සතියෙන් එක්තරා කාලයක සිට මට සුචරිතයෙන් තොරතුරු ලැබෙන වැදගත් මාර්ගයක් පෑදී තිබුණි. සුචරිතයෙන් මේ තොරතුරු දෙන පුද්ගලයා කව්දැයි මුලදී මම දැන නො සිටියෙමි. ඔහු තොරතුරු දුන්නේ දුරකථන මාර්ගයෙනි. ඔහු ගේ අනන්‍යතාව හඳුනාගැනීමට මා උත්සාය නො කළ අතර මා ඔහු හඳුනන්නේ කටහ`ඩින් පමණ ය. සිරිතක් වශයෙන් ඔහු මා දුරකථනයෙන් අමතන්නේ මධ්‍යම රාත‍්‍රී කාලවල ය. ඔහු

    Read more
  • ලලිත්-පේ‍්‍රමදාස ඝාතන

    විජය කුමාරණතුංග, ලලිත් ඇතුලත්මුදලි හා ජනාධිපති රණසිංහ යන අයගේ ඝාතන පිළිබඳව ජනාධිපති හේමන්ත වර්ණකුලසූරියගේ සම්මුඛ සාකච්ඡුාවක් සැප්තැම්බර් 7 වැනිදා ඉරිදා ‘මව්බිම’ පුවත්පතේද එම පුවත්පත් ආයතනයේම ඉංග‍්‍රීසි පුවත්පත වන ඉරිදා ක්‍ැහකදබ ඔදා්හ පුවත්පතේද පළකොට තිබුණි. එම පුවත්පත් දෙක එම සම්මුඛ සාකච්ඡුාව සඳහා වෙන්කර තිබූ ඉඩ ප‍්‍රමාණය පිටු දෙකකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී ලලිත්-පේ‍්‍රමදාස ඝාතනයට අදාළව කරන කරුණු

    Read more
  • ආණ්ඩුව අවුලෙන් අවුලට

      18 වැනි සං ශෝධනය නමැති පඹ ගාලෙන් ජනාධිපතිවරයා නිදහස් වන්නට යන්නේ කෙසේද යන්න නොපැහැදිලිය. ඒ ගැන ජනාධිපතිවරයා අධි කරණයෙන් අර්ථ කථනයක් ඉල්ලා ඇති බව සමහර ජනමාධ්‍යවල පළවූ අතර ඒ ගැන අධිකරණය දැනටමත් අර්ථකථනයක් දී ඇති බවද තවත් සමහර ජනමාධ්‍යවල පළවිය. එහෙත් ජනාධිපති මාධ්‍ය ලේකම් මොහාන් සමරනායක ප‍්‍රකාශ කර තිබුණේ එවැන්නක් සිදුවී නැති බවත් තවමත්

    Read more
  • හිටපු මහ ඇමතිවරයාගේ සැණකෙළියක් වූ ඌව මැතිවරණය

        දිනය 2014 සැප්තැම්බර් 15 වැනිදාය. ස්ථානය මොනරාගල උසාවි සංකීර්ණයට ආසන්න ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිටය. අංක 15 ටීෂර්ට්වලින් සැරසී අංක 15 තොප්පි හිස පැළඳි තරුණයෝ විශාල පිරිසක් බයිසිකල් පෙළපාළියකට සැදී පැහැදී සිටිති. මොටෝ බයිසිකල් නිල් කොඩිවලින් සරසා ඇත. මෙලෙස බයිසිකල් පෙළපාළි යෑම සහ සංවිධානය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්ය. දිනය 15

    Read more
  • ඌව ඡන්දය හා අශීලාචාර මැතිවරණ ක‍්‍රමය

      ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනයාටය. මහජනයා එම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ අවස්ථාව ඉතාමත් ගම්භිර ශුද්ධ වූ අවස්ථාවක් ලෙස සැලකෙන අතර මැතිවරණ සඳහා තිබෙන විධිවිධාන, නීති හා සංවිධාන ක‍්‍රම රටක පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම පෙන්නුම් කරන වැදගත් මාපකයක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් ගත් විට ශ‍්‍රී ලංකාවේ අප ඉන්නේ

    Read more
  • අශීලාචාර 18 පරාජය කිරීම

    වික්ටර් අයිවන් මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය ලිපියෙන් (සරත් සිල්වාගේ කාල බෝම්බය) සාකච්ඡාවට ලක් කෙරුණු 18 වැනි සංශෝධනයේ තිබෙන වැරදි නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරිමේ අයිතියක් නැත්නම් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන සිහින දකින සියලූ දෙනා විසින් ඇතිවෙමින් තිබෙන එම විශේෂ දේශපාලන තත්ත්වය ඉදිරියේ ඔවුන් දකින සිහිනය සැබෑ කරගැනීම සඳහා

    Read more
  • සරත් සිල්වාගේ කාල බෝම්බය

    සරත් නන්ද සිල්වා මා දකිනුයේ නීතිය පිළිබඳව හසළ දැනුමක් ඇති එහෙත්  විධායකයේ හා සිය පටු වුවමනාවන් වෙනුවෙන් අධිකරණයේ ඉදිරි ගමන ආපස්සට හරවා අධිකරණයට තිබූ ගෞරවය හා තේජස අහිමි කරනු ලැබූ පළමු අගවිනිසුරුවරයා ලෙසය. නීතිපති ධුරයේ සිටියදී ඔහුගේ බෙල්ල තීරණාත්මක ලෙස හිරවී තිබූ අවස්ථාවකදී ඔහු බේරාගත්තේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය. ඒ වෙනුවෙන් ඔහු අධිකරණය ඇගේ දේශපාලන වුවමනාවන්ට

    Read more
  • සම්බාධක දංගෙඩිය මුවවිට සතුටින් කල් ගෙවන ජාතියක්

    උතුරේ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය මුල් කරගෙන ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවිය හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් පුදුමයට මෙන් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාකවල ස්වභාවය හා තරම පිළිබඳව කිසිදු බැ?රුම් සාකච්ඡුාවක් හෝ ගණන් බැලීමක් මේ දක්වා මොනම අංශයකවත් සිදුවී නැත. ආණ්ඩුව එවැනි ගණන් බැලීමකට නොගියා සේ ම විරුද්ධ පක්ෂද එවැනි තැනකට

    Read more
  • ජවිපෙ ප‍්‍රහාරයට පිළිතුරක්

      පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත (2014 අගෝස්තු 10) මා වෙනුවෙන් ලිපි දෙකක්ම වෙන්කර තිබුණි. එක ලිපියක් පිටුවක් තරම් දීර්ඝය. අනෙක් ලිපිය පිටු භාගයක් තරම් වීයැ’යි කිව හැකිය. ඞී.බී. ඇල්කඩුව නමින් ලියා ඇති දීර්ඝ ලිපියේ මාතෘකාව වූයේ ‘වික්ටර් අයිවන් එන්නේ මොකාටද?’ යන්නයි. එය භූමිතෙල් සමඟ මිශ‍්‍ර කළ අසූචි ප‍්‍රහාරයක් අරමුණු කොටගෙන ලියන ලද්දක්

    Read more
  • කළයුත්තේ කුමක්ද?

    ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එය ජයගැනීමට උනන්දුවක් දක්වන අය සිතන තරම අතර මහාපරතරයක් ඇතැ’යි මට සිතේ. අර්බුදයේ තරම දැවැන්තය. එය බහුවිධ විස්තීරණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලොකු අර්බුදයක් ජයගැනීමට ඊට සරිලන ලොකු ප‍්‍රායෝගික දැක්මක් තිබිය යුතුවා සේ ම ඊට සරිලන තරමේ ලොකු සංවිධානාත්මක උත්සාහයක්ද තිබිය යුතුය. මට බොහෝවිට සිතුණේ අප බිංදුවටම

    Read more
  • පිළිකාවේ සදාචාරය හා සදාචාරයේ පිළිකාව

    මටද ඥාතිත්වයක් තිබෙන ගමේ අ ස ල් වැසියෙක් පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී මගේ නිවසට පැමිණ සිය සහෝදරයාගේ බිරිඳ පිළිකාවකින් කරාපිටිය රෝහලේදී මියගොස් තිබෙන බවත් ඇය එක දිගට සති තුනක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ බවත්, දැන් ඇයගේ මළ සිරුර භාර දෙන්නට පෙර කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට යවා පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතුව තිබෙන බව කියන බවත් දේහය ලබාගැනීමට කොතරම් කාලයක් ගතවේද යන්න පැහැදිලි නැති බවත් කියා සිටියේය. මළසිරුර ඉක්මනින් ලබාගත හැකි ක‍්‍රමයක් මා නොදැන

    Read more
  • ජාතියේ අන්ධ ගමන

      ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මෑතක් දක්වා දැඩි ලෙස එල්බගෙන සිටියේ එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි කිසිදු වරදක් සිදුවී නැතැ’යි කියන ස්ථාවරයේය. එහෙත් ආණ්ඩුව දැන් එම ස්ථාවරය අත්හැර තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ජූලි 15 වැනිදා නිකුත් කර තිබෙන විශේෂ ගැසට් නිවේදනයක් මගින් උතුරු නැගෙනහිර

    Read more
  • දර්ශනයේ දුප්පත්කම

      මෙම ලිපිය සී.ඒ. දිසානායකගේ ‘ව්‍යවස්ථා වෙද කමට කෝඳුරු තෙල් අනවශ්‍යය’ යන හිසින් පසුගිය රාවයේ පළවූ ලිපියට ලියන ලද පිළිතුරකි. එය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසින් රාවයට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක් මගින් ප‍්‍රකාශ කර තිබූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හා එය අනුමත කරමින් රාවය කර්තෘ ජනරංජන විසින් ලියන ලද සටහනක එන අදහස්

    Read more