Articles by වික්ටර් අයිවන්

තොරතුරු ප‍්‍රතිපත්තිය සමබර කළ යුතුය

  ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළ පරමාධි පත්‍යය බලය තිබෙන්නේ මහජනතාවටය. මහජනයා සිය ඡුන්ද බලයෙන් කලින් කල තෝරා පත්කර ගන්නා පාලක පක්ෂවලට ඇත්තේ තාවකාලික භාරකාර බලයක් පමණය. තමන් තෝරා පත්කර ගන්නා භාරකාරයන් ඔවුන් වෙත පැවරී තිබෙන…


වැරදුණේ කොතැනද?

  ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිතුවක් කාරී, දූෂිත, පීඩාකාරී හා භේදවාදී පාලනය පරාජය කොට බලයට පත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව මහජනයාට අලූතෙන් කිසිවක් නොදුන්නා වුවද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ දේශපාලන සංසිද්ධියට ලැබෙන…


ආණ්ඩුවේ ඉදිරි ගමන

  ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන කතා කරන්නට පෙර පසුගිය කලාපයට ‘යහපාලනය හා අධිකරණය’ යන හිසින් ලියන ලද ලිපියට ඇතුළත් දෝෂයක් නිවැරදි කළ යුතුය. එහි විනිසුරු උපාලි අබේරත්න ගැන ලියන ලද සටහන අවසන් කර තිබුණේ මෙසේය….


චීන උගුලෙන් නිදහස්වීම

  දිවයිනක් වශ යෙන් ශ‍්‍රී ලංකාවේ භූගෝ ලීය පිහිටීමට ලැබෙන විශේෂත්වය සැලකිල්ලට ගෙන ඊට ගැළපෙන විදේශ ප‍්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමට අසමත් වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලනයේ අසාර්ථකභාවය කෙරෙහි බලපෑ ප‍්‍රධාන හේතුවක් විය. දිවයිනක් වශයෙන් ලංකාව ඉන්දියානු…


යහපාලනය හා අධිකරණය

  විධායකය හා ව්‍යවස්ථාදායකය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පමණක් යහපාලනයක් ඇති නොවේ. යහපාලනයක් රටට ලැබෙනු ඇත්තේ නීතියට අනුකූලව හා සාධාරණව ක‍්‍රියාකරන ස්වාධීන අධිකරණයක් ඇත්නම් පමණය. දින 100 ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට විධායකය හා ව්‍යවස්ථාදායකය සඳහා වන සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක්…


අන්තෝ ජටා බහි ජටා

මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ සංසිද්ධිය මහජනයාගේ මහත් ආස්වාදයට හේතු වුවද ජයග‍්‍රහණයෙන් පසු ජයග‍්‍රාහකයාගේ ඉදිරි ගමන මහජනයාගේ බලවත් විශ්වාසයට හෝ ආස්වාදයට හේතුවී නැත. මහින්ද පරාජය කිරීම සඳහා මහින්ද විරෝධී බලවේගයන් අතර ශක්තිමත් පොදු එකඟතාවක් තිබුණා…


ඉල්ලන දේ සහ ලැබෙන දේ

මේ දිනවල ලංකාවේ දේශපාලන අවකාශය තුළ දැකිය හැකි පොදු ගුණාකාරය නම් ඉල්ලන දේ සහ ලැබෙන දේ අතර පරතරය යි. මතු නොව, ඉල්ලන තරම් නොලැබීමෙන් ඇති වන දේශපාලනික අසහනය යි. මේ බඩුමිල පහත හෙළීම, බදු ඉවත්…


No Picture

චෞර පාලනය නැති කොට මනා පාලනයක් ඇති කිරීම

රටේ ආණ්ඩු පාලනය හෙවත් ආණ්ඩු කරණය දශක හතරකට ආසන්න කාලයක් පාදඩකරණයේ රුදුරු ගොදුරක් බවට පත්ව තිබුණේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වන අවස්ථාව වන විට ආණ්ඩුකරණය අන්ත දූෂිත, කොල්ලකාරී, පීඩාකාරී හා ඉතාමත් අශීලාචාර තත්ත්වයකට පත්ව තිබුණේයැ’යි…


ජයගත යුතු අභියෝග

  මොහාන් පීරිස් තනතුරෙන් ඉවත් කෙරුණු ආකාරය මහජනයා අතර කතාබහට සේ ම ආණ්ඩු විරෝධී විරුද්ධ පක්ෂ බලවේගයන් අතර දැඩි විවේචනයන්ටද හේතුවී තිබෙන මාතෘකාවක් බවට පත්වී තිබේ. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් පහකිරීම සහ ඒ නිසා ඇතිවූ…


ජයග‍්‍රහණයේ උභතෝකෝටිකය

පොදු විපක්ෂයේ  ජනාධිපති අපේක් ෂක මෛත‍්‍රීපාල සිරිසේන අතින් ජනාධිපතිවරණයේදී ලොකු යුද ජයග‍්‍රහණයකට හිමිකම් කී, යටිතල පහසුකම්වලදී රට කැපී පෙනෙන තරමේ නවීකරණයකට ලක් කළ ඉතාමත් දූෂිත හා දරදඬු පාලකයකු ලෙස සැලකිය හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට…


ඉදිරිය කුමක්ද?

ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීගේ ප‍්‍රතිවාදියා ලෙස ක‍්‍රියා කළ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ‍්‍රීලනිපයේ නායකත්වය ජනාධිපති මෛත‍්‍රීට පවරාදීමෙන් පසුව බල තරගය එතෙක් පැවති සරල ස්වරූපයෙන් වෙනස් වී සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබෙන්නේයැ’යි කිව හැකිය. ජනාධිපතිවරණ තරගය පැවතියේ ප‍්‍රධාන…


ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වී සිරිසඟබෝ කෙනකු ලෙස වෙස් ගනිමින් ගෙදර ගියේ රට වර්ගවාදී දිය සුළියකට තල්ලූ කරමිනි. දෙවැනි ධුර කාලය සම්පූර්ණ වීමට තවත් වසර දෙකක් තිබියදී හදිසි ජනාධිපතිවරණයක් කරළියට ගත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය විසින්…


මෛත‍්‍රී පාලනයෙන් නිර්වාණය අපේක්ෂා කළ හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ මෛත‍්‍රී පාලනය තුළ සතියක් ගෙවී ගියේ ය. සතියක් යනු එතරම් දිගු කාලයක් නො වේ. එහෙත්, මේ සතිය තුළ අනාගතය ගැන වැදගත් සංඥා කීපයක් ම දකින්නට ලැබිණි. එම සංඥා මෙසේයි: මෙය විප්ලවයක් නොව…


විසඳාගත යුතු අංක එකේ ප‍්‍රශ්නය අධිකරණය

අධිකරණයේ දක්නට තිබෙන අන්ත දූෂිත හා අවුල්සහගත තත්ත්වය ආණ්ඩුකරණයට හා යහපාලනයට අදාළව අපේ රටේ තිබෙන අංක එකේ ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එය බලයට පත්වන නව ආණ්ඩුවට බලයට පැමිණි මොහොතේ සිට ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන ලොකුම…