Sunday, 20/8/2017 | 4:13 UTC+0
රාවය
  • කුණුවූ ආණ්ඩුවක් හා ගල්ගැහුණු නායකයෙක්

    වෙනසක් සඳහා එකතුවන පිරිස දිනෙන් දින සැලකිය යුතු ලෙස ඉහළ යයි. මේ රට තවදුරටත් එක තැන කුණුවෙමින් තිබෙන බව අවබෝධකරගත් ඒ පිරිස ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනසක් සඳහා ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය. ඊට පරස්පරව ආණ්ඩුව තවදුරටත් පවතින්නේ කුණුවෙමිනි. එහි කිසිදු අලූත් දෙයක් නැත. කිසිම අලූත් අදහසක් නැත. දැන් විපක්‍ෂයට හා පොදු අපේක්‍ෂකයාට තැන නොතැන බලා එල්ල කරන

    Read more
  • බැහැයි කියලා බැහැ

    රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දී ඡන්දය දීම නිදහස් ව ද, සමාන ව ද, රහසේ ද විය යුත්තේ ය. ඒ කොන්දේසි සපුරා ලීමට නම්, ඊට ගැළපෙන සාධාරණ ඡුන්ද ව්‍යාපාරයක් රටේ පැවැත්විය යුත්තේය. ජනවාරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අසමතුලිත, අසමාන. අසාධාරණ එකක් බව මේ වන විටත් හොඳින් පැහැදිලි වී තිබේ. ජනාධිපතිවරණය පැවැත්වීමේ තීරණය මුළුමනින්ම

    Read more
  • ඡන්ද අයිතිය කුමන්ත‍්‍රණයක් ද?

    මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද දැන් කුමන්ත‍්‍රණකරුවකු බවට පත් කොට තිබේග 2009 වසරේ දීිජාතික වීරයකු’ වූ ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 වන විටිදේශද්‍රෝහියකු’ බවට පත් කළ අයුරින් ම යග ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික වීරයකුගේ තත්ත්වයේ සිට දේශද්‍රෝහියකු දක්වාත්ල ඇමති මෛත‍්‍රීපාල සිරිසේන දේශපේ‍්‍රමියකුගේ සිට ඩයස්පෝරාවේ කුමන්ත‍්‍රණකාරයකු දක්වාත් පත් කිරීමට යොදාගන්නා ලද නිර්ණායකයන් දෙක ම එක ය. රාජපක්‍ෂවරුන්ට විරුද්ධ

    Read more
  • ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මං පැහැරීම

    බ්‍රහස්පතින්දා උදෑසන වන විටත් රටේ ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කොට නැත. එහෙත් ආණ්ඩුව මුළුමනින් ම ජනාධිපතිවරණ සටනක යෙදී සිටියි. කොළඹ හා අනෙකුත් නගරවල ප‍්‍රධාන හා අතුරු මාර්ගවල ලයිට් කණුවක් කණුවක් පාසා ජනාධිපතිවරයාගේ කටවුට් ය. තාප්පයක්, බිත්තියක්, දැන්වීම් පුවරුවක්, ලංගම බස්රථයක් පාසා ජනාධිපතිවරයාගේ පෝස්ටර ය. හැම රජයේ මාධ්‍යයකත්, ආණ්ඩු හිතැ’ති පෞද්ගලික මාධ්‍යවලත් තුන්තිස්පැයේ ජනාධිපතිවරයාගේ ගුණ

    Read more
  • 18 ගැන

      දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස්පෝරාවත් ඊලාම් ඉල්ලීම අත හරින්නේ නම් තමා විධායක ජනාධිපති ධුරය අත හරින්නේයැ’යි මීට පෙර කී ජනාධිපතිවරයාල 18වැනි සංශෝධනය ගෙනාවේ රටේ ස්ථාවරභාවය ඇති කිරීමට බව දැන් කියයි. ඊලාම් ඉල්ලීම අත හරින්නේ නම් විධායක ජනාධිපතිධුරය අත හරිනවායැ’යි කියන ජනාධිපතිවරයා 2005දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මහින්ද චින්තනයේ ම

    Read more
  • මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නය මක්කම යෑම ද?

      ජනතාව මගේ’යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක කී බව ආණ්ඩුවේ පුවත්පත් වාර්තා කළේය. ජනතාව මගේයැ’යි කියන ජනාධිපතිවරයා ඒ ජනතාවට සලකන්නේ කවුරුන් ලෙස ද යන්න පැහැදිලි වන ක‍්‍රියාකාරකම් ජනාධිපතිවරයාගෙනුත් ආණ්ඩුවෙනුත් සිදුවනු මේ දිනවල අසන්නට දකින්නට ලැබේ. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ඌව ඡුන්දදායකයන් දුටුවේ කීයක් හරි අතමිට මෙලවූවාම තමන්ට වුවමනා විදියට නම්මාගත හැකි පිරිසක් ලෙස

    Read more
  • ගොයම් කන්නේ නියර ම නම්

    ජනාධිපතිවරයා නැවතත් පරණ පුරුද්දක් අරඹමින් සතියකට දින කිහිපයක් ම රාජ්‍ය නිලධාරීන්, සේවකයන් හා විවිධ ජනකොටස් අරලියගහ මන්දිරයේ විශේෂ ශාලාවකට කැඳවමින් ඔවුන් සමග සංවාද පවත්වන බව මාධ්‍ය කියයි. පරණ පුරුද්දක් ය කීවේ හැම මැතිවරණයක් ආසන්නයේදී ම ජනාධිපතිවරයා මේ පිළිවෙත දිගට ම අනුගමනය කළ නිසා ය. එහෙත්, ඇත්ත වශයෙන්ම දැන් එහි සිදුවන්නේ ඊනියා සංවාදයන් නොව, මීළඟ ජනාධිපතිවරණයේ

    Read more
  • කේන්දරයකට යට කරන රට

    ලංකාව දුවන්නේ නක්‍ෂත‍්‍ර පාඨකයන්ට වුවමනා විදියට ද? ඉදිරි ජනාධිපතිවරණය ගැන දැන් තිබෙන අවුල සම්පූර්ණයෙන් ම බලය සඳහා ඇති ජනාධිපතිවරයාගේ වුවමනාවත්, ඒ පදනම් කොටගෙන වන ඔහුගේ නැකැත්කරුවන්ගේ ක‍්‍රියාකලාපයත් නිසා හටගත්තකි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බරපතළ ලෙස ජ්‍යොතිෂ්‍යයට හා මිථ්‍යා විශ්වාසයන්ට යටවූවකු බව ඔහු නිතර කරන කියන දැයින් පැහැදිලි වෙයි. ඔහු මෙන් ම ලංකාවේ සිටි අනෙක් රාජ්‍ය නායකයෝ

    Read more
  • පොදු අපේක්‍ෂකයා සිහිනයක් නොවේ

    මෑත කාලය තුළ සති අන්තයේ සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත් තුන හතරකවත් මුල් පිටුවේ නොවරදවා දක්නට ලැබෙන සුපුරුදු ප‍්‍රවෘත්තියක් වෙයි. එනම්, ‘පොදු අපේක්‍ෂකයා’ පිළිබඳ බලාපොරොත්තුව අත්හැරී ඇති බවය. පසුගිය ඉරිදා ‘දිවයින’ක එය වාර්තා කළේ ‘පොදු අපේක්‍ෂක සාකච්ඡුාවලින් එජාප-ජවිපෙ ඉවත්වෙයි.’ යන හිසිනි. ලංකාදීප කීවේ, ‘ලබන ජනපතිවරණය තුන්කොන් සටනක්’ කියාය. ඒ මහින්ද රාජපක්‍ෂ, එජාප හා ජවිපෙ අපේක්‍ෂකයන් යන

    Read more
  • ආඩම්බරකාර ඉන්දියාව

    තමිල්නාඩු හිටපු මහඇමතිනි ජෙයලලිතා ජයරාම් අයථා වත්කම් ඉපැයීමේ චෝදනා මත සිව් අවුරුදු සිරදඬුවමකට යටත් කිරීම ගැන ලංකාවේ මාධ්‍ය මහත් අභිරුචියෙන් වාර්තා කර තිබෙනු පසුගිය සතියේ දක්නට හැකි විය. ඒ, පසුගිය කාලය පුරා ජෙයලලිතා මහඇමතිවරිය ලංකාව සම්බන්ධයෙන් කළ මැදිහත්වීම් ගැන පොදු ලාංකික ජනමනස තුළ තිබුණු නොපහන් හැඟීමේ ප‍්‍රකාශනයක් බව නො කිවමනා ය. විශේෂයෙන් ලංකාවේ දෙමළ ජනතාවට

    Read more
  • දැන් ආපසු හැරී බැලිය යුතු ය

    දැන් රටේ සියලූ පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා අවසන් ය. මීළඟට පැවැත්වෙන්නට නියමිත ව ඇත්තේ ජාතික මට්ටමේ මැතිවරණ ය. නියමිත කාලයට පෙර නො පැවැත්වුවහොත්, නීතිය අනුව ඒවා පැවැත්වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබේ. එය අවශ්‍ය නම්, සමාජයක් ලෙස අලූතෙන් සිතන්නට ගැළපෙන කාලයකි. ආණ්ඩුව කෙතරම් වරදාන, තෑගි දුන්න ද ඡන්දදායකයන් ඒවා මත ම තමනට අවශ්‍ය පරිදි

    Read more
  • ජනාධිපතිගේ ඡන්ද අල්ලස

    මේ අසීරු අවස්ථාවේ විදුලි බිල සහ ඉන්ධන මිල වහාම ක‍්‍රියාත්මක වන පරිදි අඩු කිරීම ගැන බොහෝ දෙනකු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ස්තුතිවන්ත වනු ඇති අතර, ඊට එරෙහි ව යමක් කියන්නන්ට දොස් පවරනු ඇත. මේ වියදම් දෙක ම කිසියම් ප‍්‍රමාණයකින් හෝ අඩු කිරීම ජීවන වියදම නිසා අනෙක් විධ අපහසුතාවන්ට පත්ව ඇති ජනතාවට විශාල සහනයකි. එහෙත්, ඒ පිටුපස ඇති

    Read more
  • මැතිවරණ අල්ලස් දීම ඉහළින් එන පූර්වාදර්ශයකි

    ඌව පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ අශිෂ්ටතම ඡන්ද විමසීමක් බවට පත්වන ලකුණු දැන් යහමින් ප‍්‍රදර්ශනය වෙයි. එක් පැත්තකින් බහුල වශයෙන් කෙරෙන මැතිවරණ නීති කඩකිරීම් ය. තවත් පසෙකින් ආණ්ඩු පක්‍ෂය විසින් සිය බලය අනිසි ලෙස යොදාගැනීම් හා රාජ්‍ය සම්පත් සිය වාසිය සඳහා පාවිච්චි කිරීම් ය. ජනාධිපතිවරයා කියන්නේ, වරින්වර මැතිවරණ පැවැත්වීම මගින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින බව සංකේතවත්

    Read more
  • වෙන්ව නසින්නට යන එජාපය

    විධායක ජනාධිපති ධුරයටත්, රාජපක්‍ෂ පවුල් පාලනයටත්, රට පුරා පැතිර ඇති විවිධ දූෂණ, නාස්ති, වංචා හා නීතියේ පාලනය බිඳවැටීමටත් එරෙහිව ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ජනතාව තුළ ඇවිළෙමින් ආ උනන්දුව හා අවධානය එක්වරම තමන් වෙත ඇදගන්නට එක්සත් ජාතික පක්‍ෂය සමත්විය. ඒ පක්‍ෂය තුළ ඇති නායකත්ව අර්බුදය නැවත අවුළුවා ඉස්මත්තට ගැනීමෙනි. දැන් විධායක ජනාධිපති ක‍්‍රමය, දූෂණය, රාජපක්‍ෂ පවුල් පාලනය

    Read more