Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය
  • බල ලෝභයට රටක් උගස් තැබිය යුතු නැත

      1978 ට පෙර ලංකාවේ ජනතාව වසර පහකට පමණ වරක් ආණ්ඩු මාරුවක් කළ හ. ආණ්ඩුවක ධුර කාලය තුළ කිසියම් අත්තනෝමතික ක‍්‍රියා සිදුවුවත්, දශක ගණනක් එක දිගට ඇදී යන තත්ත්වයට ඒවා පත් නොවූයේ ආණ්ඩු මාරු වරින් වර සිදුවීම නිසා ය. එහෙත්, 1978න් පසු එය වෙනස් විය. එක් පුද්ගලයකුගේ ආධිපත්‍යයට ඉන්පසු මුළු රටක් යටත් කෙරිණි. එහෙත්, රටේ

    Read more
  • ඌවේ නිදිගත් මැතිවරණ නීතිය

    ඌව පළාත් සභා මැතිවරණ  ක‍්‍රියාවලිය දිනෙන් දින  ප‍්‍රචණ්ඩත්වයේ අගාධය වෙත ගමන් කරමින් සිටින බව පෙනෙයි. ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරය හැර අන් කිසිදු පක්‍ෂයක ඡුන්ද ව්‍යාපාරයක් නිදහසේ කරගන්නට ඉඩ නොදෙන බිහිසුණු වාතාවරණයක් දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් එහි නැග එමින් තිබේ. ආණ්ඩුවට ඌවේ පළාත් සභා මැතිවරණය කිහිප අතෙකින් වැදගත් ය. පළමුවැන්න, එහි පළාත් සභා නියමුවා රාජපක්‍ෂ පවුලේ කෙනෙකි. ඔහු

    Read more
  • ජනාධිපති ක‍්‍රමය තිබුණොත් ජාතික ප‍්‍රශ්නයට විසඳුම්ද නැත

    නැවතත් කිවහොත් කතාව කෙටියෙන් මෙසේය. විධායක ජනාධිපති ධුරය ශීඝ‍්‍රයෙන් ඒකාධිපතිත්වය කරා යමින් තිබෙන ව්‍යවස්ථාපිත අර්ධ ඒකාධිපතිත්වයකි. මේ ධුරය තිබෙන තාක් සිදුවනු ඇත්තේ රට මුළුමනින්ම අධිකාරිවාදයේ ග‍්‍රහණයට යටත්ව සෑම අතින්ම විනාශය කරා යෑමය. මේ බල ආධිපත්‍යය යට රටේ සමාජ, දේශපාලන, ආර්ථික ගැටලූවලට පිළිතුරක් නැතිවා සේම ජාතික ගැටලූවටද පිළිතුරක් නැත්තේය. තමන්ගේ අතටත්, තම පවුලේ හා ගජමිතුරන්ගේ අත්වලටත්

    Read more
  • නියඟයෙන් වාර්ෂිකව අසමත්වීම

    නියඟය අවසන් නැත. අක්කර ලක්‍ෂ ගණනක ගොවිබිම් හා වගාවන් විනාශ කරමින් හා ලක්‍ෂ අටත් දහයත් අතර ගණනක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි පීඩාවක් ගෙන දෙමින් නියඟය තවමත් එක සේ පවතියි. සමහර ප‍්‍රදේශවල ජනයා පවුල් පිටින් සිය උන්හිටි තැන් අතැර ජලය ඇති තැන් සොයා යන සරණාගතයන් වන තරමට තත්ත්වය උග‍්‍ර වී ඇති බව දිනපතා මාධ්‍ය වාර්තාවලින් පෙනෙයි. මේ

    Read more
  • පොදු අපේක්ෂකයා දිනවන්නේ ඒකාධිපතියා පරාජය කිරීමටය

    පසුගිය සතියේ කුසල් පෙරේරා මහතා ‘පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමටද?’ ලිපිය ලියා තිබුණේ මා රාවයෙහි පොදු අපේක්‍ෂකයකු පිළිබඳව දැක්වූ අදහස් හා ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රැස්වීමේදී කියූ අදහස් පදනම් කරගෙනය. වික‍්‍රමරත්න මහතා ඒ සම්බන්ධයෙන් කවර පිළිතුරක් දේදැ’යි අප නොදන්නා නමුත් කුසල්ගේ අදහස්වලට කිසියම් ප‍්‍රතිචාරයක් දැක්වුව මනායැ’යි සිතමි. ඊට පෙර පහත

    Read more
  • පිටකොඳු ඇති සිසුවියෝ සහ පිටකොඳු නැති විදුහල්පතිවරු

      පසුගිය සතියේ ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ගායකයකු ද සමග ඞීඑස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප‍්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් විසින් සංවිධානය කරන කාල්ටන් රගර් තරගාවලිය පාසල්වල ප‍්‍රචාරණය කරන්නට ය. පළමු ප‍්‍රශ්නය, කාල්ටන් රග්බි තරගාවලිය පාසල්වල ප‍්‍රචාරණය කරන්නේ කුමකට ද යන්න

    Read more
  • නීතිය වනසන පොලිසිය

    පසුගිය සතියේ එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරන ලදුව, ’83 කළු ජූලියත්, ’14 කළු ජූනියත් සැමරීම සඳහා කොළඹ සිට අලූත්ගම දක්වා යමින් සිටි සාමය උදෙසා වූ මෝටර් බයිසිකල් චාරිකාවක් අන්තවාදී භික්‍ෂූන්ගේ තර්ජන නිසා අතරමග දී නවත්වන්නට සිදු විය. මහමඟ දී අන්තවාදීන්ගෙන් බාධා එල්ල වූ අවස්ථාවේ දී එහි පැමිණි පොලිසිය උපදෙස් දුන්නේ ආරක්‍ෂාව සහතික කළ නොහැකි නිසා සාම චාරිකාව අතරමග නවතා චාරිකාකරුවන්ට ආපසු හැරී යන ලෙස

    Read more
  • නැවත කළු ජූලියක් එපා

      කළු ජූලිය ලෙස ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් අප විසින් ලියනු ලැබ ඇති 1983 ජූලි ඛේදවාචකයේ තිස් එක් වැනි සිහි ගැන්වීම පසුගිය සතියට යෙදී තිබිණ. ආණ්ඩුව සිටියේ එවැනි දිනයක් මතක වත් නැති ලෙස ය. එහෙත්, කළු ජූලිය ගැන විවිධ අදහස් මතු කිරීම්, සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, ක‍්‍රියාකාරකම්, දෘශ්‍ය කලා ප‍්‍රදර්ශන අග නගරයේත්, ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවලත්, තැන් තැන්වල යහමින්

    Read more
  • රාජ්‍ය සේවයේ බර

      මීට වසර දෙකකට පමණ පෙර රේගු දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ පිහිටි නව මූලස්ථාන ගොඩනැගිල්ලේ සිය රාජකාරි කටයුතු ඇරඹූ නමුත්, පසුගිය සතියේ නැවතත් ජනාධිපතිවරයා ගෙන්වා ගොඩනැගිල්ල විවෘත කළේ ය. මේ සිදුවීම හා ජනාධිපතිවරයා එහිදී දැක්වූ ඇතැම් අදහස් ද සලකා බලන විට රට පාලනය කෙතරම් අදූරදර්ශී ව සිදුවන්නේදැ’යි පැහැදිලි කර ගත හැකි ය. වසරකට වැඩි කාලයක් නිලධාරීන්

    Read more
  • අධිකාරවාදයේ තවත් පැත්තක්

      ලංකාවේ සංචාරයකින් පසු ව වරෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, නවි පිල්ලෙයි කීවා, ලංකාවේ පවතින්නේ අධිකාරවාදී රාජ්‍ය පාලනයක් බව ය. ඇගේ ඒ ප‍්‍රකාශයෙන් මහත් සේ කිපුණු ලංකාවේ රාජ්‍ය පාලකයෝ ඇයට නොයෙක් අවලාද නැගූහ. එහෙත් ඈ කී දේ සත්‍යය ම මිස අසත්‍යයක් නොවන බව ඒ කාලයේත් අදත් අපේ රාජ්‍ය පාලකයන් විසින් ම ක‍්‍රියාවෙන් ම ඔප්පු

    Read more
  • තවමත් කල් පසුවී නැත

      මෙතෙක් කලක් පැවතුණාට වඩා වැඩි පීඩනයක් මේ දිනවල ආණ්ඩුවට එල්ල වී තිබේ. ඒ ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්ගේ විමර්ශන කමිටුව නම් කිරීමත්, ඔවුන් සිය විමර්ශන කටයුතු ජූලි මාසයේ දී අරඹන බව ප‍්‍රකාශයට පත්කිරීමත් නිසාය. එම කමිටුව පිළි නොගැනීමටත්, රට තුළට ඇතුළු වීමට ඔවුන්ට වීසා නිකුත් නොකිරීමටත් ආණ්ඩුව තීරණයක් ගත්තේ ය. එහෙත්, තවමත් කමිටුව

    Read more
  • ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

    අලූත්ගම ලජ්ජාසහගත ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවී ගොසිනි. මේ සති දෙක තුළ සිදු වූ කරුණු කාරණා දෙස විමසිල්ලෙන් බලන විට ද මැනැවින් තහවුරු වන සත්‍යය නම් පරණ එක ම ය. එනම්, බොදු බල සේනාව ආණ්ඩුවේ ම එක් පෙරමුණක් බව යි. එය ඇති කරන්නට අවශ්‍ය වටාපිටාව සැකසුවේ ද, එය පවත්වාගෙන යන්නේ ද, නීතිය නිහඬ කොට එහි පාදඩ

    Read more
  • ආණ්ඩුවේ අනුමැතිය ලබන අන්තවාදියෝ

    අලූත්ගම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනාත්මක ව බලන සියලූ දෙනා එකඟවන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, රටේ නීතිය හා සාමය රැුකීමට සිටින රජයේ ආයතන මේ සිදුවිමේ දී -හැමදාමත් කළාක් මෙන්- සිය වගකීම ඉටු නොකළ බව ය. පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා හමුදාවේ සාමාජිකයන් දහස් ගණනක් ආරක්‍ෂාව සඳහා යොදා තිබෙද්දීත් පහර දීම්, දේපළ විනාශ කිරීම්, ගිනි තැබීම් හා මනුෂ්‍ය

    Read more
  • විධායක ජනාධිපතිධුරය අවසන් කළ යුතුය

    ජනාධිපතිවරණයක උණුසුම දැනීමත් සමග පොදු අපේක්‍ෂකයා සහ විධායක ජනාධිපතිධුරය අවසන්කිරීම ගැන සිත්ගන්නාසුලූ විවාදයක් ඇතිවී තිබෙන බව පෙනෙයි. එය යහපත්ය. ඵලදායීය. බලාපොරොත්තු විය හැකි පරිදිම ආණ්ඩුවේ අපේක්‍ෂකයා නිරුපද්‍රිතව සිටින අතර, විසංවාදය ඇතිවී තිබෙන්නේ විරුද්ධ කඳවුරෙහිය. ඒ තත්ත්වයේ තර්කානුකූල ප‍්‍රතිඵලයක් ලෙස ‘පොදු අපේක්‍ෂකයා’ යන්න ආණ්ඩුවද, ආණ්ඩුවේ හා ආණ්ඩු හිතැ’ති මාධ්‍යද, ඒවායේ කාටුන් ශිල්පීන්ද එක්තරා ප‍්‍රමාණයක විහිළුවක් බවට

    Read more