Wednesday, 23/8/2017 | 2:08 UTC+0
රාවය
  • දේශපාලකයන්ට බලය පවත්වාගෙන යන්න ජනවාර්ගික අර්බුදය අවශ්‍ය වෙනවා |එම්. රිෂාන් ෂෙරීෆ

    තක්ෂිලා ස්වර්ණමාලි ඉන්දියාවේදී 2010 වර්ෂයේ ප්‍රකාශයට පත්කෙරුණු රිෂාන්ගේ මුල්ම පොත ගැන මතක් කළොත්… ඒක කවි පොතක්. මගෙ කවි පොතේ නම ‘වීල්දලින් නිළල්.’ ඒකෙ තේරුම ‘වැටෙන එකේ හෙවණැල්ල.’ උස තැනක ඉඳලා මොනවා හරි වැටනකොට තත්පර ගණනකට හෙවණැල්ලක් තියනවා නේද? ඒක වැටුණාම ඒ හෙවණැල්ල අතුරුදන් වෙනවා. ඊලාම් යුද්ධයත් එහෙමයි. ගොඩාක් උස තැනක ඉඳලා බිම වැටුණා. ඒක උස

    Read more
  • සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර සමර

    මාලතී කල්පනා ඇම්බ්‍රොස් ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලු‍ණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා ගනු පිණිස ස්පර්ශ කළ හැකි වේ දැයි වරින් වර අතගා බලන නමකි. ඒ එක කවිය වරක් කියවූවොත් සිය වරකි. සිතෙයි නම් දොර කවුළු වසාගෙන සිටිය යුතු යැයි එසේ කළ මැන මම සිටින්නෙමි

    Read more
  • සතා

    මංජුල ලන්දෙකුඹුර බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයේ අවසන් කාල වකවානුව වූ එකල මෙරට වැසියන් නිදහස් දේශයක සිහින හදවතේ පොදි ගසමින් සිටි කාලයයි. සුද්දාගෙන් ඇහිඳගත් ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටාවට තවාන් දමන්නට පෙරුම් පිරූ කාලයත් එයයි. සිලෝන් නමින් එවකට ලෝකය හඳුනන මේ පුංචි රටේ ක්‍රිකට් පිල අසල්වැසි ඉන්දියාවේ මදුරාසි නගරයේ දී දකුණු ඉන්දීය ක්‍රිකට් පිල සමග සුහද තරගයකට

    Read more
  • ගැහැණු කවුරුදු දුක් නොවිදින

    සටහන /ඡායා රේඛා නිලු‍ක්ෂි හේරත් “මගේ පොඩි පුතාට ෂෙල් එකක් වැදුණේ මගේ ඇස් ඉස්සරහමයි. ඒ ෂෙල් එකෙන්ම තමයි මගේ පුතා එක්ක හිටපු අපේ එහා ගෙදර පදිංචි නංගිත් මියගියේ. මගේ මහත්තයායි මමයි එහා ගෙදර මල්ලියි ඉතිරිවෙලා හිටපු මගේ ලොකු පුතායි එහා ගෙදර දුවයි තමයි ඉතිරිවුණේ. අන්තිම යුද්ධයේදී අපි එක දිගට මාරාන්තික ගමනක් ගමන් කළා. ආමි එක

    Read more
  • විජේදාස රනිල්ගේ පක්‍ෂයේ නෙවෙයිද?

    කේ ඩබ්ලිව් ජනරංජන පැනනගින වැදගත්ම ප්‍රශ්නය නම් විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයාගේ වැඩ ගැන එජාපයටවත්, එහි නායක රනිල් වික්‍රමසිංහටවත් ලජ්ජාවක්, අපුලක් නැද්ද යන්නයි. ලක්‍ෂාන් ඩයස් නම් නීතිඥවරයා ලංකාවේ ආගමික සහජීවනය, සුළු ජාතික හා ආගමික අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය හා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කර තිබෙන දායකත්වය අගමැති රනිල් නොදැන සිටින්නට විදියක් නැත. නොදැන සිටිනවා නම් ඔහු වටා

    Read more
  • රාමුවෙන් බැහැර රැකියා ජනනය

    පන්නරය භූතානයට හා බංගලිදේශයට මායිම් ව පිහිටි, ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්තය හැඳින්වෙන්නේ ඇසෑම් යන නාමයෙනි. ඇසෑමයට අයත් සිබ්සගාර් දිස්ත්‍රික්කයේ නව දිසාපතිවරයා ලෙස 2014 නොවැම්බර් මාසයේදී වැඩ භාරගත්තේ ඉන්දියානු පරිපාලන සේවයේ කීර්තිමත් හා අවංක නිලධාරියෙකු සේ සැලකෙන විරේන්ද්‍ර මිටල්ය. මිලියන 1.2ක ජනගහලයකින් යුතු සිබ්සගාර්හි බහුතරයක් ජනතාව පාරවල් අද්දර සහ කාණු අයිනේ මලපහ කරනු දුටු විරේන්ද්‍ර මොවුන්ට

    Read more
  • ඉල්ලන්නේ සිසු බිල්ලක් ද?

    ඇත්ත. උද්ඝෝෂණවලට එරෙහි ව අධිකරණ නියෝග ගැනීම රාජපක්‍ෂ ආණ්ඩුවේ මර්දන උපක්‍රමයකි. දැන් මේ ආණ්ඩුව ද එය ම කරයි. එය වැරදිවා පමණක් නොව, දැන් විකාරයක් බවටත් පත් ව තිබේ. විරෝධතාකරුවන් විසින් නොසැලකෙන අධිකරණ නියෝග දිගින් දිගට ම දීමෙන් හා ගැනීමෙන් අවසානයේ අවමානයට පාත්‍ර වන්නේ අධිකරණයත් පොලිසියත් ය. පොලිසිය ඉල්ලන ඉල්ලන පළියට අධිකරණ නියෝග දෙන්නට නම් විනිසුරුවරුන්

    Read more
  • අධ්‍යාපන නිදහසේ කතාව ඕනෑ බබෙකුට තේරෙන විදියට

    අජිත් පැරකුම් ජයසිංහ සමාජයක පැවැත්ම සඳහා සියලු‍ දෙනාට ම මූලික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි සෑම දරුවෙකුගේ ම මූලික අධ්‍යාපනය වෙනුවෙන් සමාජය සමස්තයක් විදියට බදු මුදලින් වියදම් දරා ගැනීම සාධාරණ වෙන්නේ. ලංකාවෙ නම් මේ වන විට අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්නට රජය පියවර ගනිමින් ඉන්නවා. ඒ කියන්නෙ මේ රටේ මහජනයා සෑම දරුවකු ම

    Read more
  • බොමුද සීතල වතුර වීදුරුවක්

    රජිඳු කාශ්‍යප ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය නැවතත් උණුසුම් වීමට ආසන්න ය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ පැමිණීමත් සමඟ ය. පළමුව ආරම්භ වන එක්දින තරගයේ පළමු තරගය මේ මස 30දා ආරම්භ වේ. එහෙත් අපේ අයගේ තවමත් කතාව ඉන්දියාව පරදා පාකිස්තානය චැම්පියන්ස් කුසලානය දිනූ එක ගැන ය. සැබැවින් ම එය විශිෂ්ට ජයග්‍රහණයකි. එය විශිෂ්ට වන්නේ එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්

    Read more
  • ජේආර්ගේ ව්‍යවස්ථාව රැකගන්න කරන ව්‍යාජ තර්ක හා නන්දෙඩවිලි

    මහින්ද රත්නායක රාජපක්ෂ රෙජීමයට නායකත්වය සැපයූ පසුගාමී සමාජ බලවේගයට අයත් බුද්ධිමය ශ්‍රේණිය දේශපාලන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ බව ප්‍රකටය. මොවුන්ගෙන් ඇතැමෙකු එයට එළිපිට විරුද්ධ වන අතර පක්ෂ බව අඟවා එයට විරුද්ධවන පිරිසක් ද ඔවුන් අතර සිටිති. දෙවැනියට කී ගණයේ කෙනෙකු වූ ශිරාල් ලක්තිලක මහතා, බලය බෙදීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැති බව කියන නමුත් පවතින යථාර්ථය තුළ

    Read more
  • ඈලියාවට ගිය මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව

    ලසන්ත ද සිල්වා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාවගේ අවධානය තීව්‍ර නොවන්නේ එහි සේවාවන් සෘජුවම මහජනයා හා නොබැඳෙන නිසාය. එහෙත් තිරය පිටුපස මෙම දෙපාර්තමේන්තුව මගින් ඉටුවන මහජන සේවාව වෙනත් කිසිදු දෙපාර්තමේන්තුවකට හෝ රාජ්‍ය ආයතනයකට නොදෙවෙනි වේ. වෙළඳපොළෙන් මිලදී ගන්නා සීනි හෝ පරිප්පු 250 හරියටම නිසි බරට තිබේද යන්න වැනි සරල කාරණාවක සිට රෝගියෙකුගේ

    Read more
  • නායයෑමේ අවදානම් ගැන කළහැක්කේ මොනවාද?

    රොහාන් සමරජීව නායයෑම් නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දුකට පත්වී ඇති අවස්ථාවක මෙම සංකීර්ණ ගැටලු‍වට විසඳුම් සෙවීමට අපේ නායකත්වය වෙහෙසෙන අවස්ථාවක කොස්ලන්ද ව්‍යසනය ආශ්‍රිතව ලියන ලද පහත ලිපිය වත්මන් සාකච්ඡාවට ප්‍රයෝජනවත් වෙතැයි සිතමි. සුනාමියෙන් අනතුරුව නැවත වරක් එවන් ව්‍යසනයක් සිදු නොවන්නට සිදු කළ හැක්කේ කුමක්දැයි අපි අපෙන් ප්‍රශ්න කළ අතර ඒ ප්‍රශ්නයට සෑහෙන පමණ පිළිතුරක් අද

    Read more
  • කුරුසියේ ඇණ ගසන්නට පෙර

    මනුවර්ණ සතිය අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පළමු වටයේදී පරාජය වී අවමානයට ලක්විය. නීතිඥ ලක්‍ෂාන් ඩයස් පැය 24ක් තුළ සමාව ගතයුතුයැයි විජේදාස රාජපක්‍ෂ මහතා කිව්වත් ලක්‍ෂාන් ඩයස් මහතා සමාව ගත්තේ නැත. දැන් එළැඹී ඇත්තේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ වාරයයි. ඔහු කී අන්දමට දැන් සතියක් ඇතුළත ලක්‍ෂාන් ඩයස් නීති වෘත්තියෙන් ඉවත්කිරීමට පියවර ගත යුතුය. හැමෝම බලා සිටින්නේ අධිකරණ

    Read more
  • දූෂණ, වංචාවලට එරෙහි නඩු වේගවත් කිරීම

    ආණ්ඩුවේ ධුර කාලයෙන් බාගයක් ම ගෙවී යද්දීත්, පසුගිය ආණ්ඩුවේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් විසින් කරන ලදැයි කියන පොදු දේපළ මංකොල්ලකෑම් සම්බන්ධ නඩුවලින් අවසන් වන්නට නියමිත ව ඇත්තේ එක ම එක නඩුවක් පමණකි. ඒ රුපියල් කෝටි හයක, විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදලක් යොදවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා සිල් රෙදි බෙදා දීමේ

    Read more