Saturday, 19/8/2017 | 5:21 UTC+0
රාවය
  • රට කරවන්න මධු බඳුනක් ඕනෑය

    රනිල් හා මෛත‍්‍රී බලයට පත්වුණාට පසු වෙනස් වෙලාද? මේ වනවිට 19 වැනි සංශෝධනය, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම මෙන්ම විධායකය ගැන සිදුවන ඇතැම් කතිකාවන් නිරීක්ෂණය කිරීමේදී එසේ සිතෙයි. ඇතැම් විට විපක්ෂයෙන් අභියෝගාත්මක තත්ත්වයක් මතුවන විට බලය තර කරගත යුතුය යන අදහස ප‍්‍රතිපාර්ශ්වය තුළ මතුවන්නට පුළුවන. එය ස්වාභාවිකය. එහෙත් තමන් ප‍්‍රකාශ කළ ප‍්‍රතිපත්තිවලට පටහැනිව ක‍්‍රියාකිරීමද මහජන විශ්වාසය

    Read more
  • සිතුවිල්ල ඉදිරියට ගෙන යන්න ගණිතාගාරයට එන්න

    ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා.’ ‘ගහ වටේ මිස ලේනා වටේ නෙවෙයි.’ ‘ලේනා හිටියේ ඒ ගහේ.’ ‘ඉතින්.’ ‘ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරකුණා.’ ‘හොඳයි කැරකුණා. ලේනාගේ පිට එක වතාවක්වත් දැක්කේ නැහැ.’ ‘පිට මොනවටද? ලේනා හිටියේ මැද. ඔබ වටේට කැරකුණා. ඒ කියන්නේ ඔබ ලේනා වටෙත් කැරකුණා.’ මේ කොටස උපුටා ගත්තේ වයි. පෙරෙල්මාන්ගේ ගණිත

    Read more
  • ජීවිත පර්යාවලෝකනයට කුරිරු සුරංගනා කතාවක්

      හුදු ජීවිත පර්යාවලෝකය යන්න ගල් ගැසුණු කොතැනින් හරස්කඩක් කපා ගත්තත් වෙනසක් නොදැනෙන තත්ත්වයකි. එහෙත් මිනිස් ජීවිතය විශ්ලේෂණාත්මකව පර්යාවලෝකනය කිරීම සංකීර්ණ ක‍්‍රියාවලියකි. පියල් කාරියවසම්ගේ කුරිරු සුරංගනා කතාවක් කෙටි කතා සංග‍්‍රහයේ එන කතා කිහිපයක්ම පළල් ජීවිත පරිඥානයක් අත්කර දෙයි. චරිත හා සිදුවීම්වලට ලෞකික හා ආධ්‍යාත්මික පරිමණ්ඩලයක මිනිස් හැඟුම් සමුදායක් ලබාදී තිබීම එහි ඇති එක් විශේෂත්වයක් බවද

    Read more
  • සාන්තුවර පාද චාරිකාව

      අත්වැල් යුගලයකින් සීමාවූ ගමන් පථයක එහා මෙහා ඇවිදිමින් සිටි තරුණයකු අප ඒ ගෘහ අභ්‍යන්තරයේදී දුටු පළමු දසුන වූයේය. ඔහු සිටියේ කෘත‍්‍රිම පාදයක ආධාරයෙන් ඇවිදීම පුරුදු පුහුණුවෙමිනි. ‘අවුරුදු දෙකකට විතර කලින් මෝටර් බයිසිකල් ඇක්සිඩන්ට් එකකින් දකුණු කකුල දණහිසට ටිකක් උඩින් අයින් කරන්න වුණා.’ තිස්විය නොඉක්මවූ තරුණයා අපගේ විමසීමට පිළිතුරු වශයෙන් කීවේ උපේක්ෂාවෙන් ඉරණම භාරගනිමිනි. තරුණයා

    Read more
  • නායකයිනි ස්ලිප් ක‍්‍රීඩකයන් වෙන්න එපා

    මෛත‍්‍රී පාලනයෙන් මෙරට සාමාන්‍ය ජනයා බොහෝ දේවල් බලාපොරොත්තු වූයේ නැත. රාජපක්ෂ පාලනයෙන් ආර්ථිකමය වශයෙන් අන්තයටම පිරිහී සිටි ජනතාව බලාපොරොත්තු වූ එක් දෙයක් වූයේ ජීවන වියදම යම් පමණකට හෝ අඩුකර දීමය. එය එසේම සිදුවිය. භාණ්ඩ මිල අඩු කිරීම හරියටම ක‍්‍රියාත්මක වනවාදැ’යි පරීක්ෂා කර බැලීම සඳහා පසුව යාන්ත‍්‍රණයක්ද බිහිවූයේ ඇතැම් වෙළෙඳුන් පැරණි මිලටම භාණ්ඩ අලෙවි කරමින් සිටි

    Read more
  • නුගේගොඩ ගිය මිතුරනි, මහින්ද නැති ලෝකයකට හිත හදාගන්න

    වීරයා මැරුණේ නැහැ, කාල්ටන් නිවසේ ඉන්නවා.’ යනුවෙන් පසුගිය දවසක ගම්මන්පිල ජනප‍්‍රිය ප‍්‍රකාශයක් කළේය. එය සැබෑවකි. රාජපක්ෂ මහතා ස්වාධීනව කිසිවක් කර කියාගත නොහැකි දුබලයන්ගේ වීරයා බවට අද වනවිට පත්ව තිබේ. එහෙත් සමාජය වෙනස් කරන්නට තරම් ධෛර්යසම්පන්න, එනම් සැබෑ වීරත්වය යනු කුමක්දැ’යි යන්න ගැන අදහසක් ඇති ජනයාගේ වීරයා බවට පත්වන්නට ඔහුට කිසිදු හැකියාවක් නැත. යෙව්ගිනි ෂ්වාට්ස්ගේ The

    Read more
  • කලාකරුවන්ගෙන් ජනපති බේරා ගනිමු

    හිටපු ජනාධිපතිවරයා වටා වන්දිභට්ට කලාකරුවෝ පිරිසක් හැමවිටම පාහේ රොද බැඳගෙන සිටියහ. වන්දීන් නොවන කලාකරුවන්ට ඔහුට කිට්ටුවීමටවත් නොහැකි විය. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ළඟට මේ දක්වාම රාජපක්ෂ මහතා වටා සිටි වන්දීන් කිට්ටු වී නැත. රාජපක්ෂට විරුද්ධ වී නව ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමට ඇප කැපවූ කලාකරුවන් පවා මෛත‍්‍රීපාල ජනපතිවරයා අසල රොඳ බැඳ නැත. ඔවුන් සිටින්නේ ජනපතිවරයාට දුරිනි.

    Read more
  • කිම්මන්තුඩාවේ බටපැළලි සන්නාහය විනිවිදීම

    ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර කොයි වෙලාවක බැලූවත් ජය සේන අතේ තියුණු පිහියක් තිබුණි. විටෙක ඔහු එය පිටුපසින් ඉනේ ගසා ගනී. යළිත් මඳවේලාවකින් පිහිය දකුණතින් ගෙන වමතෙහි මහපට ඇඟිල්ලෙන් එහි තියුණු බව ස්පර්ශ කර බලයි. ඇතැම් අවස්ථාවක පිහිය එක්විටම කිසිල්ල සහ අත්ගොබය අතර සිරවී තිබෙන අයුරු දක්නට ලැබෙයි. මේ එකක්වත් හිතාමතා කරන දේවල් නොවන බව පෙනුණි.

    Read more
  • මමත් කුරුල්ලෙක් වගේ අන්තිමට කූඩුවට යනවා – නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු (ආසියානු මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ)

    නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා දෙස් විදෙස්හි ප‍්‍රකට මානව හිමිකම් නීතිවේදියෙකි. තත් විෂයෙහි ව්‍යාවෘත වීම හේතුවෙන් ඔහුට 2014දී ජර්මනියෙන් විකල්ප නොබෙල් ත්‍යාගය හිමිවුණු අතර වසර 2000දී මිනිස් නිදහස වෙනුවෙන් නොනැවතී අරගල කිරීම උදෙසා පිදෙන කොරියාවේ kwanju සම්මානයෙන් පිදුම් ලැබුවේය. හෙතෙම ශූර කවියකු හා ගත්කතුවරයකුද වෙයි. මිනිස් ජීවිතය යනු දාර්ශනිකව තේරුම්ගත යුතු දෙයක්ද? නැතහොත් සරල පැවැත්මක්ද? මිනිස් ජීවිතේ

    Read more
  • රුදුරු ආර්ථික සැකැස්මේ සිරිවර්ධන පවුල

     සමාජීය මිනිසාට නූතන සමාජයේ ආර්ථික සැකැස් මෙන් ගැලවුමක් නැත. නූතන ආර්ථික සැකැස්ම වනාහී වැරදීම්වලට යළි අවස්ථාවක් දෙන එකක් නොවේ. වැරදුණොත් පරාජය නියතයකි. මෙගා ස්ටාර් තරගයෙන් සුපුන් දිනුවහොත් මිස අතරමැදි තර්කයක් පිළිගැනීමට සමාජයේ කිසිවකුත් සූදානම් නැත. සුපුන්ගේ දෙමාපියන් පවා අතරමැදි තර්කයක් පිළිගැනීම අපේක්ෂා කරන්නේ නැත. මේ වනාහී do or die  සංස්කෘතියයි. ඒ අතරමැද තුවාලකාරයකුට පැවැත්මේ ඉඩක්

    Read more
  • ජීවිතේ මහ දෙයක් නැහැ පොඩි උත්තේජනයක් විතරයි – මහාචාර්ය ඩබ්.ජී. කුලරත්න (කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති)

    ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර ශාස්ත‍්‍රාලයීය දැනුම සහ ජීවන පරිචය මිනිස් ජීවිතය ගොඩ නගන සංරචක දෙකක්. ඔබට මේ කාරණා දෙක දැනෙන්නෙ කොහොමද? පැරණි යුගයේ ඉඳන් ආපු මිනිසා ජීවත් වුණේ අත්දැකීම්වලින්. පසුව පාසල ඇතිවෙලා අධ්‍යාපනය හරහා විධිමත් දැනුමක් ලබාගැනීමේ අවශ්‍යතාව මිනිසාට ඇති වෙනවා. මේ දෙකම අවශ්‍යයි රටවල් දියුණු වුණේ ශාස්ත‍්‍රාලයීය දැනුම විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හරහා ගමන් කිරීමෙනුයි. බටහිර ඒක

    Read more
  • මහරජ ගැමුණු ජනප‍්‍රිය ඉතිහාසයෙන් මතුවන ගැටලූව කුමක්ද?

    මහරජ ගැමුණු’ චිත‍්‍රපටය තිරගත වන්නේ රජ සංකල්පය මතකයෙන් පවා හැකිතරම් දුරස් කළයුතු අවදියකදීය. ඒ රජතුමා යන හැඳින්වීමෙන් මුළු මහත් සමාජයක් විසින් එක් මිනිසකු අන්ද මන්ද කර අනතුරුව දූරිභූත කර දැමූ නිසාය. එහෙත් මහරජ ගැමුණු තුළ වන අර්ථසම්පන්න ලක්ෂණ එකක් දෙකක් අමතක නොකළ යුතු නිසා මහරජ ගැමුණු සාකච්ඡුාවට බඳුන් කිරීම වැදගත්ය. මහරජ ගැමුණු අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි

    Read more
  • නළු ගැමියා වෙනුවට ඇත්ත ගැමියාට ළංවෙමු

      නව ආණ්ඩුව කියූ පරිදිම ජන. 21දා වන විට ඉන්ධන මිල ඇඟට දැනෙන ප‍්‍රමාණයකින් අඩු කළේය. මැතිවරණ අල්ලසක් වෙනුවෙන් පවා රාජපක්ෂ මහතා පෙට‍්‍රල් මිල අඩු කළේ රු. 10කින් පමණි. මෙවර අඩුවීම රු. 33කිි. රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කෙතරම් දුරට මහජනයා මත බදු බර පටවා තිබුණේද යන්න මෙවැනි කාරණයකින් පවා තහවුරු වෙයි. තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි 20

    Read more
  • පිළිවෙත් රකින මාධ්‍ය සම්ප‍්‍රදායක් ඕනෑ – ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක

      ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ගැන ඔබ දරන අදහස මොකක්ද? ජනමාධ්‍ය නිදහස සම්බන්ධ යෙන් ද අපි ඉතා පල්ලම් බැහැපු රටක්. ලෝකයේ රටවල් 180ක් අතරින් ඒ විෂයේදී අපි ඉන්නේ 165 වැනි බරපතළ තැනක. ප‍්‍රසිද්ධියේම මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වුණා, අතුරුදන්වුණා, පහරකෑම්වලට ලක්වුණා, ඔළු පැලූවා, රැුවුල් කැපුවා, අතපය කැඩුවා, සුදුවෑන් සංස්කෘතියක් රටේ ඇතිවුණා. බොහෝ මාධ්‍යවේදීන් අවසානයේදී ජීවිත තර්ජනවලට මුහුණදීගත නොහැකිව

    Read more