Saturday, 19/8/2017 | 5:20 UTC+0
රාවය
  • හැඟීම් සහ චිත්තවේග මගේ රංගාවේෂයයි – රංගන ශිල්පී වසන්ත කොටුවැල්ල

    ඡායා –  සහන් වික‍්‍රමාරච්චි කිසියම් චරිතයකට නළුවාගෙන් සාධා රණය ඉටුවීම හා චරිතයෙන් නළුවාට සාධාරණය ඉටුවීම සිදුවන්නේ එකට. මෙය අන්තර් හුවමාරුවක්. චරිතයක් ගොඩනැගීමේ ප‍්‍රතිඵලය නළුවා යළි ඉගෙන ගැනීමයි මෙම ක‍්‍රියාවලිය ගැන ඔබේ අදහස මොකක්ද? නළුවා විසින් කරන්නේ චරිතය නිරූපණය කිරීමයි. චරිතය ඔහු විකාශය කරනවා. අනෙක් අතට චරිතය විසින් නළුවා තුළ යම්කිසි වර්ධනයක් සිදුකරන්න පළමුව ඒ චරිතය

    Read more
  • ආණ්ඩුගැති කලාකරුවනි මධුමාධව හරිද?

    මුස්ලිම් ජනයාට පහරදීම ආරම්භ කළ අලූත්ගම බොදු බලසේනා රැුස්වීමේදී සිංහලයාගේ මනුස්සකමට මුස්ලිම්වරුන්ගෙන් කිසිදු සැලකිල්ලක් නැති බව සභාවට මතක් කර දී තිබුණේ මධුමාධව අරවින්ද විසිනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සිය ප‍්‍රකෝපකාරී කතාවේ එක් තැනක මධුමාධව උපුටා දක්වයි. ‘‘මෙහෙම ගියොත් මුස්ලිම් කාරයන් ඉදිරියේ සිංහලයන්ට දණ නමන්න සිදුවෙනවා. ඒ නිසා ඒ ගෙනුදෙනුව බේරාගන්න වෙනවා.’’ මධුමාධව එසේ කියන්නේ ගලගොඩඅත්තේ ඥානසාර

    Read more
  • චිත‍්‍රය සමග ප‍්‍රතිපත්ති වැළඳ ගැනීම සීවලී සහ සුජාතාගේ ලෝකය

      ඔහු ඇරැව්වල මංසන්ධිය පසුකර ගමන් කරමින් සිටියි. මුහුණ පුරා ඝනව වැඩුණු රැුවුලකි. අතක පන් මල්ලකි. ගමන සෙමින්ය. කිසිවකුගේ හෝ විශේෂ අවධානයට හෙතෙම ලක් නොවෙයි. ඔහු කා සමගත් සුහදත්වයේ සාත්වික අභිනය පායි. හේ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහය. සීවලී තනියම ගමන් බිමන් යන එක නැවතුණේ ඔහු හදිසියේම ගිලන්වීමත් සමගය. ඒ මීට වසර දෙකකට පමණ පෙරදීය.

    Read more
  • ජීවිතය හා මරණය අතර ගයානි සවුන්ඞ්ස්

      මගේ මයික්වලින් කතා කරලා නැත්තේ ජේආර් මහත්තයයි, පේ‍්‍රමදාස මහත්තයයි විතරයි. මට යූඑන්පියේ සම්බන්ධයක් තිබුණේම නැහැ. කොහොමටත් අපි ශ‍්‍රී ලංකාකාරයො. මේක බිස්නස් එකක් වුණාට ශ‍්‍රී ලංකා, ජේවීපී, වික‍්‍රමබාහු මහත්තයා වගේ අයට මිසක් යූඑන්පී කට්ටියට සවුන්ඞ්ස් දෙන්න මම උත්සාහ කළෙත් නැහැ.’’ ඇස්වාට්ටුවේ පරාක‍්‍රම රේඩියෝ ඔබට මතකද? නැතහොත් වැල්ලම්පිටියේ පැරකුම් සවුන්ඞ්ස් ඔබට මතකද? මොවුන් අතර තුන්වැන්නා වනාතමුල්ල

    Read more
  • ව්‍යාජ නර්තනය හා විපක්ෂයේ වගකීම

      වීරවංස තම පක්ෂ සම්මේලනයේදී සම්මත වූ යෝජනා මාලාව ජනාධිපතිවරයාට භාර දුන්නේ ඒවා ඉටු කරන්නේ නම් පමණක් යළි ආණ්ඩුව සමග පෑහෙන්නට සිතා බලන බවය. ඔහු ඒ බව කියන්නේ දැනට දරන තනතුරු අත්හැර නොවේ. එහි සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමිනි. සමස්තයක් ලෙස එම යෝජනා මගින් හෙතෙම ආණ්ඩුවට බලකරන්නේ නව ජාතික ප‍්‍රතිපත්තියක් මත පිහිටා ක‍්‍රියාකරන ලෙසය. එහෙත් ආණ්ඩුව

    Read more
  • කාටුන් චිත‍්‍රපට බිහිනොවන්නේ තාක්ෂණය නොදන්නා නිසයි – ප‍්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද්

    ශිවන්ත අර්ථසාද් ලංකාවේ ප‍්‍රමුඛතම කාටුන් චිත‍්‍රපටකරුවාය. අන්දරේ (1971) දුටුගැමුණු (1979) යන නිර්මාණ ඔහුගේ සිනමා කලාවේ මං සලකුණුය. චිත‍්‍රපට අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, විශේෂ ප‍්‍රයෝග හා කාටුන් සිනමාව යන විෂයයන් සයටම බලපත‍්‍රධාරියකු වන හෙතෙම ග‍්‍රැෆික් නිර්මාණ කලාව හා සජීවීකරණය විෂය පිළිබඳ ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වෙයි. ජීවිකරණය නම් වූ විෂය පිළිබඳ

    Read more
  • දුඹුරුවන් මිනිසුන් ඉතිරි කළ ටං ටං ගාන මතකය

    දයාරත්න අමු ගඩොල් කැටයක් දයාවෙන් යුතුව පිරිමැද්දේය. මාසේ පොහොයත් අවසන්ය. දුර ඉඳන් එන වැහි කළුව ළං වෙමින් තිබේ. ඉදින් මැයි මාසේ ඉඳන් දිගටම වැස්සය. දයාගේත් අත ඉක්මන් වෙයි. අනාගත් මැටි කැට අතින් කඩාගෙන එකසේම දයාවෙන් අච්චුවෙහිලා ගඩොල් කැට පහ බැගින් සාදා ගන්නා දයාරත්න ඒවා සීරුවට ගෙන ගොස් වේලෙන්නට තබයි. ගඩොල් පෝරණුවෙන් එළිමහනේ භූමියක ඒවා වේළෙන්නට

    Read more
  • ආදර ගඟ මතින් මිතුරු වැල්ලට පිම්මක්

      වර්ෂාව ඇද වැටෙමින් තිබිණ. වෙලාව සවස තුනටත් ආසන්නය. එහෙත් දුෂ්කර ක‍්‍රියාව නොනැවැත්වූ ඔවුහු බෝට්ටුවේ තිබුණු වැලි, කට ලොකු පිරමීඩාකාර බාල්දිවලට පුරවා ගං ඉවුරෙන් ඔබ්බෙහි ගොඩ ගැසූහ. තෙත සමග වැලි බර දෙගුණ තෙගුණ වී තිබුණත් බෝට්ටුවේ වැලි අවසන් වනතුරුම ගංදියත් වැලි තොටුපළත් අතර වෙහෙසකර ගමන නතර නොවුණි. ඒ කොච්චර වුණත් ජීවිතේ තරම් වැලිබර නැති නිසා

    Read more
  • කිනිහිරේ දිවිසැරිය

    ලොකු යකඩ කෑල්ලක් තුනී කර ගන්න නම් දෙන්නෙක් කුළු ගහන්න ඕනෑ. එක්කෙනෙක් පොඩි මිටියෙන් යකඩෙට තැන පෙන්වනවා. ලොකු මිටියෙන් ගහන අනෙක් එක්කෙනා තමයි යකඩෙ තලා ගන්නෙ. වැරදිලාවත් මිටි දෙක එකට වැදුණොත් මිටිපාර කරකැවිලා එන්නේ දෙන්නගේ ඔළුවලට. දෙන්නෙක් එක්ව යකඩයක් හෝ වානේ කෑල්ලක් තුනී කිරීම රිද්මයානුකූල වැඩකි. අපිට පැත්තක සිට බැලූ බැල්මට පෙනෙන්නේ යකඩය තුනී කරන

    Read more
  • ගලක් ගැසිය හැකි තැනක සිට…

      මම ඉස්සෙල්ලාම වරායේ වැඩට යන්නේ 48දී. ඒ කාලේ වරාය ඇතුළේ බලය අල්ලගෙන හිටියේ පරවරුයි, කොච්චියි කට්ටිය. පරවරු සිංහලයන්ට නියම රැුග් එකක් දුන්නා. උන් සරම උස්සගෙන ඉන්නවා. අපේ එවුන් දණ ගහගෙන වැඳගෙන ඉන්න ඕනෑ. හැබැයි මරදානේ වනාතේ, ආමර් වීදියේ සිංහලයන්ට පරවරු පාට් එක දැම්මේ නැහැ. කොළඹ එවුන් මගදි රිටන් එක දෙයි කියලා බයයි. ඒත් දුර

    Read more
  • ජීවිතේ නිදහස්ම ගමන ගියේ ත‍්‍රිකුණාමලයට – ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල

      මිනිහෙකුට අතීතය කොච්චර වැදගත්ද? අතීතය වැදගත්වන්නේ ඒ මිනිහා අනාගතයට ගියාමයි. අතීතයේ ඉන්න කාලේ ඒ යුගය පිළිබඳ එච්චර බරක් පතලක් නොතේරෙන්න පුළුවන්. අරමුණක් නොතිබෙන්න පුළුවන්. මිනිහෙකුට අරමුණක් ඇති වන්නත් ඒ කාලය තුළ ලබන අත්දැකීම් තමයි බලපාන්නේ. මට අරමුණක් හැදෙන්නෙ පොඩි කාලෙ ඉඳන් ලබපු අත්දැකීම් සමග. ඒකෙන් ගැලවිය යුතුයි කියන හැඟීමත් එක්ක. අමාරුවෙන් ළිං ගැට්ටට ගොඩවුණාට

    Read more
  • සියවසක මිනිස් ගුමුගුමුව දෙල්කඳ පොළ

    මහරගමත් නුගේගොඩත් අතර දිවෙන පටු පාරේ එකල නිබඳ කරත්ත කවි ඇසුණි. ? පානේ නම් මං පහරන්නෝද සිටියහ. එහෙත් දහවල මනස්කාන්තය. මනස්කාන්ත බව වැඩි කළේ පටු මාවත දෙපස වූ වන ගහනයයි. මහරගම සිට නුගේගොඩ දක්වා අතරමැද දුරින් දුර පෙනෙන නිවාස පිහිටා තිබුණි. ඔවුහු සිය පාරිභෝගික අවශ්‍යතා පිරිමසා ගත්තෝ එක්කෝ නුගේගොඩට යෑමෙනි. නැතහොත් මහරගමට පැමිණීමෙනි. විජේරාමට මඳක්

    Read more
  • ලූම්බිණි සල් උයනේ සේන අයියා

      අර රතු ළමයා ලයිට් බෝඞ් එකට එවන්න. එයා ඒ වැඬේ හොඳට කරනවා.’’ මෙසේ ලියා තිබුණේ 70 දශකයේ දවසක නාට්‍ය විදුලි ආලෝක ශිල්පියකු වූ උපාලි රූපසිරිට ලැබුණු තැපැල්පතකය. තැපැල්පත එවා තිබුණේ දයානන්ද ගුණවර්ධන මහතාය. ලූම්බිණිය ‘සැකසෙමින් තිබුණේ’ දයානන්දගේ මධුර ජවනිකා රංගගත කිරීමටය. රතු ළමයා එවකට යාන්තම් විසිවිය ඉක්මවා සිටි සේන අයියාය. ලූම්බිණියේ සේන අයියා නමින්

    Read more
  • එක්ටැමෙන් බැස උපයෝගීතාවාදී සමාජයට එන්න

    නීතිඥ ශිරාල් ලක්තිලක ඔබ ඇතුළු පිරිසකගේ අපේක්ෂාව වුණේ එජාපයට විකල්ප නායකත්වයක් තෝරාගැනීමයි. එජාපය සාම්ප‍්‍රදායික රාමුවෙන් ගලවාගෙන එය නූතන පක්ෂයක් බවට හැරවීමේ වැඩපිළිවෙළකුත් ඊට සමාන්තර විය යුතුයි. මේ ගැන ඔබේ අවධානය යොමුවෙන්නෙ කොහොමද? කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන විට අපි අපේක්ෂා කළ පළමු දේ තමයි යහපත් දේශපාලන සංස්කෘතියකට යෑම. ඒක හොඳ මහත්තුරුන්ගෙන් බිහිවන එකක් නෙවෙයි ව්‍යුහය,

    Read more