Monday, 21/8/2017 | 3:36 UTC+0
රාවය
  • ළමා විවාහද? ජීඑස්පී ප්ලස්ද?

    කේ. සංජීව ඡායා: සමීර වීරසේකර පසුගිය නොවැම් බර් මස තුන්වැනි දින කොළඹ මාලිගාවත්තේදී අපූරු උද්ඝෝෂණයක් පැවැත්විණි. එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ තව්හිඞ් ජමාත් නම් මුස්ලිම් සමාජය විසිනි. මෙහි හරි අපූරු සටන් වැකි බොහෝ තිබුණි. ‘විවාහයට වයස් සීමාවක් පැනවීම ප්‍රයෝගික නැත, මුස්ලිම් කාන්තාවක වැඩිවිය පත්වුවා නම් විවාහවීමට කැමති නම්, සහකරුවෙකු සිටී නම් ඇයට විවාහය

    Read more
  • රා හොඳයි කතා ගොඩයි

    කේ. සංජීව මේක අහම්බ ගමනක්. හද්දා වැස්සක් වගේ කඩන් වැටිලා තුරුපත් අස්සේ කඳුළු හංගාගෙන ඉන්න හිමිදිරියක හිනිදුමට යන්න බයික් එකට නැග්ගා. “මෙහෙත් හොඳටම මීදුම. අද හිනිදුම ලස්සනට ඇති.” එස්එම්එස් එකක් එනවා. පොළොව හොඳටම තෙත බරිතයි. දියකඩිති හැමතැනම. චිරිචිරියත් එක්ක ටික දුරක් එනකොට පිටිගලට වැටුණ මග ගංවතුර බදු අරං. මිනිස්සු උදේ පාන්දරම බිලීකොකු එක්ක පාරේ. කවදාවත්

    Read more
  • ගිං ගඟ අයින දිගේ දිය ඇලි ගමට

    කේ. සංජීව උඹ ඔච්චර ගම්වලට යනවා ලංකා ගමට යන්නේ කවද්ද?. මරු ගම මචං. ගිං ගඟ අයින දිගට ගම උඩින් සිංහරාජේ. කිතුල් රා නාන්න තියෙනවා. පිස්සු හැදෙනවා.’ ගමට යන්නම ඕනෑ කියලා හිතෙනවා. මම ගම ගැන හොයනවා. ‘ඒ ගමට අල්ලපු ගමේ තමයි මචං විජේබාහු රජ්ජුරුවෝ සේනා සංවිධානය කරනකොට ආයුධ හදලා තියෙන්නේ. තබලගම.’ මෙහෙම කතා අස්සෙන් කාලයක් ලංකාගමට

    Read more
  • තාජුඩීන් ඝාතනය ගැන තවදුරටත්

    කේ. සංජීව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළීමේ පොලිස් නාටකයේ යම් ප්‍රමාණයක් පසුගිය සතියේ තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව නමින් ලීවෙමු. මේ එහි තවත් දිගුවකි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ට සාධාරණය ඉටුවේදැ’යි කියන්නට තවම කල් වැඩිය. එහෙත් ලංකාවට මෙවැනි ඝාතන ඉතිහාසයක් තිබුණායැ’යි සටහන් කර තැබීම හොඳය. අනුර සේනානායකගේ ප්‍රකාශය කොළඹ දිසාව භාර හිටපු ජ්‍යෙෂ්ඨ

    Read more
  • තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව

    කේ.සංජීව 1984 ජූනි 13 වැනිදා උපත ලද මොහොමඞ් වසීම් තාජුඩීන් 2012 මැයි මස 17 වැනිදා මිය යනවිට 28 වියේ තරුණයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙකි. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා මෙන්ම ලංකා රග්බි කණ්ඩායමේද ඔහු හිටපු සාමාජිකයෙක් ය. 2012 මැයි 17 නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලින් අඩක් ගිනිගෙන දැවුණු ඔහුගේ රථය සහ

    Read more
  • සිත්තර හදවතක් මල් කැකුළු අතර හිඳ

    කේ. සංජීව කොහොමද මේ කතාව පටන් ගන්නේ? හිත එහෙට මෙහෙට රවුම් ගහනවා. ළඟ ඉඳන් බලන් ඉන්න කෝපි කෝප්පේ දුම් මුහුණට විසිකරනවා. ලොකු සරසරයකුත් එක්ක මහා වැස්සක් කඩං වැටෙනවා. ඔන්න මගේ හිත දුම්බර කන්ද දිහාට ගමනක් යනවා. උඩු දුම්බර ඉඳලා නයා වංගු පාරේ තලගුණේ හොයාගෙන පහළට බහින ඇසිල්ලක මතකයක් මේක.. පුංචි මතක කැබැල්ලක්. හරියට එහෙට මෙහෙට

    Read more
  • හමුදාව වැරදිකරුවන් ආරක්ෂා නොකළ යුතුයි | ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

    කේ. සංජීව ඡායා/සමීර වීරසේකර ඔබ පසුගිය දිනයක ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔබේ ඇඟිල්ල දිගුවන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසට. මම හමුදාපති විදිහට වැඩ කරන කාලේ මම කළේ යුද්ධ කරන එක. මට එතැන වැදගත් වැඩ කොටසක් තිබුණා. මේ කාලේ දකුණේ ඝාතන සිද්ධ වුණා. ජනමාධ්‍යවේදීන්ට පහර දුන්නා. සුදු වෑන්වලින් මිනිස්සු පැහැර

    Read more
  • ලසන්ත ඝාතනය විශේෂ අවියකින්

    කේ. සංජීව සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්කළේ බෝල්ට් ගන් :ඊදකඑ ටමබ* සමීපයේ සිට සතුන් මැරීම සඳහා යොදා ගන්නා විශේෂ ආයුධයකින් දැයි පරීක්‍ෂණ අංශ තුළ සැකයක් මතුව ඇති අතර ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය නැවත ගොඩගෙන පරීක්‍ෂණ පත්වන්නේ එම කරුණ තහවුරු කර ගැනීමට බව දැනගන්නට ලැබේ. බටහිර රටවල ගවයන් මැරීම සඳහා විශේෂයෙන්

    Read more
  • ඉතිහාසය ලියැවෙන්නේ ලියන්නාට ඕනෑ විදියට | මොහාන් රාජ් මඩවල

    කේ. සංජීව මුලින්ම මම කැමතියි දැනගන්න මේ නවකතාව කියන සාහිත්‍ය භාවිතාව ඔබ තේරුම් අරන් තියන විදිහ පිළිබඳව.. අපි ලංකාවේ නවකතාව විතරක් අදාළ කරගත්තොත් මුලින්ම කියන්න ඕනෑ හුරුපුරුදු සාම්ප්‍රදායික එකම රාමුවක් අස්සේ තමයි අපි තවම ඉන්නේ. අමුතු අත්දැකීම් ආකෘති එක්ක යන පොත් අපිට කියවන්න ලැබෙන්නේ අතරින් පතර තමයි. සමස්තයක් විදිහට අවුරුදු දෙකක නවකතා අරගෙන බැලුවොත් මේක

    Read more
  • මම ඉපදුණේ මග කියන්න

    කේ.සංජීව මම කාලය ආපස්සට හරවනවා. මම කුරුල්ලෙක් වගේ අතීතයට පියාඹලා යනවා. මේ මඩකළපුව. දාහය නිවන්න පුංචි සරසරයක් එක්ක පොළොව වේලෙන කාලයක් මේක. මම මඩකළපුව සර්වෝදය අසපුවේ මිදුලේ අඹ සෙවණක. ආබාධිතයන්ගේ හමුවක් අද්දර. මිනිස් පෝලිමක් දොර කවුළුවක රෙජිස්ටර් කෙරිල්ලක. අත් දෙකම වැලමිටට ඉහළින් අහිමි මිනිසෙක් දොර කවුළුව දිහාට යනවා. අරයාගේ අත්දෙකට මොකද වෙලා තියෙන්නේ? ළඟ ඉන්න

    Read more
  • යක්ෂයන්ගේ යකාවැව

    කේ. සංජීව යකාවැවට යන්න ඕනෑ, කෝච්චියක් ගන්න ඕනෑ, බස් එකක් ගන්න ඕනෑ වගේ කල්පනා කෝටියක සරන ගමන් කොළඹත් ආවා. එනකොට රාත්‍රී අට පහුයි. කැබිතිගොල්ලෑව පහුකරලා ජනකපුරට යන බස් එකනම් ගිහිං. යකාවැවට මාව කැටුන් යන මලයාට කතා කළා. ‘දැන් එන්න බස් එකක් නැහැ.’ මිනිහාගේ උත්තරේ. හොරොව්පතාන මතකයට ආවේ කොත්තුවක් කනකොට. යකාවැව යකාට යවලා. මල්ලී හොරොව්පතානෙන් එන්න

    Read more
  • ශ්‍රීලනිපය කැඩීමේ උවමනාව තියෙන්නේ බැසිල්ට | ජෝන් සෙනෙවිරත්න කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය

    කේ සංජීව ලබන 2017 අවුරුද්ද ලංකාවෙන් දුප්පත්කම තුරන් කරන වර්ෂය වෙන්න ඕනෑ කියලා පසුගිය දවසක ජනපතිවරයා කැබිනට්ටුවට යෝජනාවක් ගෙනෙනවා. මේ යෝජනාවත් පහුගිය කාලේ වගේ නිකම් හිස් වැඩක්ද? නැතිනම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් මේ පිටුපස තිබෙනවාද? ඔබ නිවැරදියි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය කියලා වැඩපිළිවෙළක් මේ සම්බන්ධව ගෙනාවා. ඊළඟට අපි බලයට ඇවිත් 1995 අවුරුද්දේ චන්ද්‍රිකා මැතිනියගේ නායකත්වයෙන් සමෘද්ධි වැඩපිළිවෙළ ගෙනාවා.

    Read more
  • කුමුදුනී එක්ක ඩෙල්ෆ්ට් යන්න එන්න

    කේ.සංජීව යාපනය කොටුබැම්ම යෝධයෙක් වගේ අපි දිහා බලාගෙන ඔහේ ඉන්නවා. යුද්ධය නිසා එයාට හොඳටම තුවාලයි. එයාව නිර්මාණය කළේ ඕලන්දේ මිනිස්සු නිසා නැවතත් ඒ යෝධයාට පණදෙන්න ඕලන්දේම මිනිස්සුම ඉදිරිපත්වෙලා. කොටුබැම්මට ටිකක් එහායින් මහා මුහුද. අහසේ සුදු මීදුම පොළවට පාත්වෙලා වගේ ඇස්දෙකේ චිත්‍ර අඳිනවා. ඒ චිත්‍රයේ මැදින් වැටුණ පාරේ අපි හීයක වේගයෙන් පියාඹනවා. ඒ කුරිකඞ්ඩුවාන් ජැටිය හොයාගෙන.

    Read more
  • නියපොත්තා ඇල්ලුවා දැන් ප්‍රශ්නේ ඉවරද?

    කේ. සංජීව අපි පසුගිය 13, 14 දින දෙකේම නියපොත්තා සොයා ගියෙමු. ඒ තණමල්විල, බලහරුව, හම්බෙගමුව සීමා මායිම්වලය. නියපොත්තා යනු වල් අලියෙකි. මඬේ ඇවිදින විට, වැල්ලේ ඇවිදින විට එක නියපොත්තක් තරමක් ඉදිරියට සලකුණු වෙන නිසා මේ අලියා නියපොත්තාය. ඒ තණමල්විල පැත්තේ මිනිස්සු මේ අලියාට දාපු නමය. නියපොත්තා පාරට අවොත් ගම්මු ගෙවල්වලට වදිති. නැතිනම් ගස් බඩගාති. දුවති.

    Read more