Friday, 18/8/2017 | 10:09 UTC+0
රාවය
  • ජන්ද කල්දැමීමේ සොහොන් ලකුණු

    රනිල්-මෛත්‍රී ආණ්ඩුව මහජනයා හමුවට ගොස් ඡන්දයකට මුහුණදීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිලි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර් මාසයට නියමිත සබරගමුව, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් සභා මැතිවරණයන්ද දෙවසරකින් කල් දැමීමටය. පළාත් පාලන මැතිවරණ මෙම දෙසැම්බරයේදී පැවැත්වෙන බවට ආරංචි ඇතත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත

    Read more
  • සයිටම්: මෝඩ චූන් අරගලය

    සයිටම් විරෝධී අරගලය තරම් මෝඩ චූන් අරගලයක් මෑත කාලීන ලංකාවේ තිබී නැත. මන්ද යත් දිනුවත් පැරදුණත් ඉන් කිසිදු දීර්ඝ කාලීන හෝ තීරණාත්මක වෙනසක් සිදු නොවන නිසාය. සයිටම් සටන වනාහි, දැන දැනම වළගම්බා ක්‍රමයට උණු කිරිබත් (නො)කෑමට දැරෙන වංචාවකි. සයිටම් තිබුණත් නැතත් මෙරට නිදහස් අධ්‍යාපනය දුර්වල කරමින් පුද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ඉදිරියටම යනු ඇත.

    Read more
  • කබලෙන් ළිපට: උතුරු ගමනක කටුසටහන්

    ජයකුමරන්ට ෂෙල් වෙඩිල්ල වැදුණේ සතර දෙසින්ම ගිනිබිඳුණු ඒ භයංකාර 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ආසන්නයේදීය. උරහිස ආසන්නයෙන් සිරුරට කාවැදුණු ෂෙල් කැබැල්ල ජයකුමරන් සදාකාලික ආබාධිතයකු බවට පත්කළේය. ඔහු දැන් වසර හතක් පුරා ජීවිතය ගෙවන්නේ ඇඳෙහිය. යකඩින් තැනූ මේ ඇඳහිසට ඉහළින් මැදින් සවිකරන ලද බටයක්ද සහිතව සකස් කරදී ඇත්තේ එකල මෙරට ක්‍රියාත්මක වූ ‘දේශසීමා නැති වෛiවරු’ නම් පැරිසිය

    Read more
  • ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද?

    ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන හවුල බිඳී විසිරී යෑම, එය කුමන අවස්ථාවකදී සිදුවුවත් දැන් ස්ථිරය. එම පෙරළියට නොබා නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන දැන් මුහුණ දෙන්නේ ගෙදර ගියොත් අඹු නසී; මඟ සිටියොත් තෝ

    Read more
  • ආණ්ඩුවේ මුල අමතක වීමේ රෝගය නොහොත් සිවිල් සමාජ විරෝධය

    රනිල්-සිරිසේන ආණ්ඩුවට දැන් බොහෝදේ අමතකය. එක් අමතකවීමක් නම් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේනද, අගමැති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහද එම අවස්ථාවන්හිදී සිවිල් සමාජ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඇතිකරගත් එකඟතාවන්ය. එමගින් මෙම ආණ්ඩුව බලයට ගෙනඒමෙහිලා රාජපක්ෂ භීෂණයට මුහුණදෙමින් මෙරට රාජ්‍ය නොවන සිවිල් සමාජය මහත් වැඩ කොටසක් ඉටුකළේය. ඔවුන් සිය කටයුතු සඳහා සම්පත් ලබාගත්තේ මෙරටින්ද එතෙරින්ද යන්න එහිලා

    Read more
  • ඥනසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ!

    එකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චර්යයන්හි කෙළ පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර නම් තෙරනමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටම කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිණිස ලියා දක්වම්හ. ඍද්ධි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ හැකි ඥනසාර ආශ්චර්යෙන් ගිනි කණ වැටුණු

    Read more
  • ආණ්ඩුවේ සමාජ ජාල සටන

    අන්තර්ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණු පොත හරහා පතුරුවා හැරෙන අතේරෝල් පුවත් මෙන්ම අසත්‍යය මත පදනම්වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ දුර්මත පැරදවීම දැන් ආණ්ඩුවේද අභියෝගයක් බවට පත්ව තිබෙන බව පෙනේ. ජලගැල්ම අවස්ථාවෙහි ගංගා හරහා බැඳ ඇති බැමි පුපුරුවා හැරීමට යන බවට මුහුණු පොත හරහා ප්‍රචාරයක් දියත් විය. ජනයා බියගැන්වීම හරහා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම

    Read more
  • ලැසිල් බෝම්බය

    ලැසිල් බෝම්බය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදි. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසිකරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි. ඔහු කීවේ මෙයයි: “මගේ සේවය අහෝසි කැරැණේ ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේදී සිදුවී ඇති

    Read more
  • සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම

      2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයන් කළයුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නොයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශක්‍යතාව ගොඩනංවා ගැනීම’ බවත් අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ. මට තේරුම් යන අන්දමට නම් බොරුවට ශක්තිය අපතේ යැවීම යනුවෙන් ඔහු අදහස් කරන්නේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගරුකැරෙන දේශපාලනයක්

    Read more
  • මැයි දිනේ! මෙතැනින් කොතැනටද?

    අපි යන්නේ ගෝල්පේස් – එන්න යන්න ගෝල්පේස්” කියමින් අප හැමෝමද රතු ඇඳගෙන පෙළපාළියේ ගියේ 1963දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමිස දෙකක් අම්මා මසා දී තිබුණි. ඇය ඇන්දේ රතු සාරියකි. තාත්තාට රතු බුෂ් කෝට් එකක් තිබුණි. සමසමාජ, කොමියුනිස්ට් සහ මහජන එක්සත් පෙරමුණ යන වමේ පක්ෂ එක්ව පැවැත්වූ ඒ මැයි රැලිය වැන්නක් එදාමෙදා තෙක් යළි

    Read more
  • මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව

    මීතොටමුල්ල ඛේදවාචකය සියැසින් දැක වාර්තා කිරීමට මා එහි ගියේ 15දින දහවල්ය. විනාශයට පත් ජනයා විසූ පෙදෙස්ද, යුද හමුදාව මිහිදන්වූවන් සෙවීම් කරගෙන යන ඉසව්ද පැමිණිලි බාරගැනීමේ ස්ථානය වූ රාහුල විදුහලද හරහා මම ඇවිද්දෙමි. ශිෂ්ට රටක මෙවැනි ඛේදවාචකයක් වූයේ නම් ප්‍රථමයෙන්ම ඉදිවන්නේ ප්‍රථමාධාර මධ්‍යස්ථානයයි. එවැනි ස්ථානයක් හෝ ප්‍රථමාධාර ලකුණක් හෝ මම ඇවිද ගිය මඟ නොදිටිමි. කිසිම තැනක

    Read more
  • අප්‍රේල් 5 සහ තෙවැනි දේශපාලනය

    අප්‍රේල් කැරැල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැපකළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැඳෑසමය ගතකරයි. එම පරම්පරාවෙහි සුළුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය දායකත්වය ලබාදෙමින් සිටිත්. අද මෙරට දේශපාලනය එක්තරා අන්දමකින් 1971ට සමානය. ඒ විකල්ප දේශපාලනයක් සඳහා ඇති අවකාශය අතිනි. එජාපයට සහ ශ්‍රීලනිපයට බැහැරින් තෙවැනි දේශපාලනයක අවශ්‍යතාව එළැඹෙන

    Read more
  • ජිනීවා ආ අද්මිරාල් සරත් වීරසේකරට සැලියුට් එකක්!

    අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා පටන්ගනිමි. වීරසේකර පැමිණියේ අඬබෙර ගසාගෙනය. ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හඳුන්වන ලද්දේ රාජපක්ෂගේ සොල්දාදුවන් වැඩ පෙන්වීමට ජීනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණනෙ බවට හෑලි ලියමිනි. ජිනීවාහිදී අද්මිරාල් වීරසේකගේ බච්චා කොලුවා ලෙස හැසිරුණූ දිවයින

    Read more
  • රනිල්-සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?

    ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටුකැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා ශ්‍රී ලංකාණ්ඩුව ඉල්ලා සිටි දෙවසරක කාලය එමගින් ලබාදෙන ලද නිසාය. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ වාර්තා සහ සමාන්තර රැස්වීම් ගණනාවක් විසින් එක්තරා අන්දමක ශ්‍රී ලංකා සැසිවාරයක්

    Read more