Monday, 21/8/2017 | 3:53 UTC+0
රාවය
  • මාවන්

    යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය යනුවෙන් බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවැසූ බැව් අප දන්නේ හුණුවටයේ කතාව කරලියට පිවිසීමෙන් අනතුරුව ය. එතෙක් එවැනි දෙයක් ගැන දැන සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් අප තූළ තිබෙන්නට නැත. එමෙන් ම අප අපට වාසි ලෙස සිතන තාක් කල් එවැනි දේක වැදගත්කමක් ගැන සිතන්නේ ද නැත. ශ‍්‍රී ලංකාවේ දී

    Read more
  • උඳු වපුරා මුං පැතූ දැල්පන්දු අතුරු කමිටුව

      ආසියානු දැල්පන්දු තරගාවලියට මහත් බලාපොරොත්තුවෙන් සහභාගි වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පිවිසියේ ඉතිහාසයේ දරුණුතම පරාජයද සිංගප්පූරුව වෙතින් උරුමකර ගනිමිනි. පසුගිය ආසියානු තරගාවලියේදීද අනුශූරයන් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ මෙවර ද එපමණකින්ම සෑහීමකට පත්වන්නෝය. මෙය දැල්පන්දු අතුරු කමිටුවට අනුව නම් ජයග‍්‍රහණයකි. එහෙත් පසුගිය වසරේදී සිංගප්පූරුව වෙතින් මේ ක‍්‍රීඩිකාවන් පරාජය වූයේ එක් ලකුණකිනි. ඒ අනුව එය

    Read more
  • දමා ගැසීමේ කලාව

      මුත්තයියා මුරලිදරන්ගෙන් මතුවූ පන්දුව දමා ගැසීමේ චෝදනාව සචිත‍්‍ර සේනානායකගෙන් පුපුරා ගියේ ය. පළමු ව සෑම කෙනෙකු ම සිතුවේ මෙය පුස්වෙඩිල්ලක් වනු ඇත කියා ය. එහෙත් එය සැබැවින් ම සිදුවූයේ ය. මේ කාලයේ දී තවත් බොහෝ දෙනෙක් මීට ගොදුරු වූහ. ඒ අතරට ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක‍්‍රීඩකයෙක් ද ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක‍්‍රීඩකයෙක්

    Read more
  • මහේල ආයුබෝවන්

      එවකට විසි හැවිරිදි වියේ පසුවූ දෙනගමගේ ප‍්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන ශ‍්‍රී ලංකා ටෙස්ට් වරම් දිනා ගත් 69 වැනි ක‍්‍රීඩකයා ලෙස ඉන්දියාවට එරෙහිව කරලියට පිවිසෙන්නේ ය. මහේල, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සමුගත් විගස ම වූ මේ ප‍්‍රවිෂ්ඨය එවකට බොහෝ දෙනෙකුගේ විවේචනයන්ට සේ ම පැසසුමට ද ලක් වුණි. අද සේ ම එදා ද අභියෝගයන් නොපැකිලව බාර

    Read more
  • මාලිංග යයි

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ නිරතුරු ප‍්‍රවෘත්ති මවන්නෙකු වන ලසිත් මාලිංග නැවත වතාවක් පුවත් මවන්නෙකු බවට පත් වී ඇත. අන් දිනවල තමා විසින් පුවත් මැවූව ද මෙවර ඒ ස`දහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද ඇති පදමට රසකාරක යොදා ඇත. ඒ එළැඹෙන සැප්තැම්බර් මස 13දා සිට ඔක්තෝබර් මස 4 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන චැම්පියන්ස් ලීග්

    Read more
  • දොඩන්දූව ධීවරයන්ට ආණ්ඩුවෙන් පොල්ලක්

      පැරැණි ධීවර වරායන් අලූත් වැඩියා කිරීම ටත්, දැනට ඉදිවන සිලාවතුර, ගුරුනගර්, ගන්දර සහ කලමැටිය ධීවර වරායන් ඉක්මනින් නිම කිරීමටත් වෙනනප්පුව, හලාවත, කප්පරතොට, දොඩන්දූව ධීවර වරාය හා මීගමුව කලපුව සංවර්ධනය කිරීමටත් මසුන් ඇල්ලීමේ ධීවර යාත‍්‍රා ප‍්‍රමාණය තව දුරටත් වැඩි වැඩිකර ගැනීමටත් 2014 දී ප‍්‍රමුඛත්වය දෙනු ලබනවා. මෙම ප‍්‍රමුඛතාව ඉටුකර ගැනීම ස`දහා වෙන්කර ඇති ප‍්‍රතිපාදන මිලියන

    Read more
  • දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

    ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය ලෙස පත්වීම ලද අල්විස් මහත්මිය හිටිඅඩියේ ම ශ‍්‍රී ලංකා දැල්පන්දු අතුරු කමිටුවේ ලේකම් දමයන්ති ජයතිලකගේ අත්සනින් යුත් ලිපියක් මගින්

    Read more
  • සචිත‍්‍රට ප‍්‍රශ්න දෙකක්

    එංගලන්ත – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ ජය 3-2ක් ලෙස සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනාගැනීමත් සමග ජයග‍්‍රාහී කණ්ඩායම ද`ඩුකෙ`ද් ගසන තත්ත්වයක් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇත. සිදුවීම් දෙකක් හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති අතර එම සිද්ධීන් දෙකට ම 29 හැවිරිදි දකුණතින් පිට ද`ග පන්දු යවන සචිත‍්‍ර සේනානායක හේතුවී ඇත. පළමු සිදුවීම 29 හැවිරිදි පිට

    Read more
  • පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සූදුව

      ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගමාලා අන් කවරදාටත් වඩා සූදුවක් බවට පත් කර ගැනීමට බොහෝ ජනප‍්‍රිය පාසල් කටයුතු කර ඇති අයුරක් පෙනෙන්නට තිබේ. ඒ කුඩා පාසල්වලින් ක‍්‍රිකට් පිටියට දායාද වන දක්ෂ ක‍්‍රීඩකයන් ඔවුන් විසින් ‘පහසුකම්’ පෙන්වා තම ඔඩොක්කුවට දා ගැනීමේ මෙහෙයුම් දියත් කරමිනි. පසුගිය වසරවල දී ද මේ තත්ත්වය

    Read more
  • ෆාබ්‍රේස්ට යන්නට ඉඩදී ඇඩම්ස්ට දොළ පිදේනි දීම

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් යන්නට ගියේය. විස්සයි/20 ලෝක කුසලාන ජයග‍්‍රාහි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස විශාල කර්තව්‍යයක් කළ පෝල් ෆාබ්‍රේස් මෙරට ධුරයට සමුදෙන්නේ ලෝක කුසලානයෙන් පසුව තමන් වෙත ලැබූ කීර්තිනාමය හා සමග ආ ඉල්ලූමට මුල්තැන දෙමිනි. ”මේ ආරාධනාව මට ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. අපිට අසීරු අවස්ථාවන්වල අසීරු තීරණ ගන්න සිද්ධ වෙනවා.

    Read more
  • ජයග‍්‍රහණයෙන් පසු….

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය නැවත වතාවක් රන් අකුරෙන් ලියැවුණි. 1996 එක්දින ලෝක කුසලානය දිනා වසර 18ක් තිස්සේ මහත් අභිමානයෙන් සැමැරූ ජයග‍්‍රහණයට දැන් තවත් එක් කුසලානයක් එක්වන්නේ ය. ඒ 2014 විස්සයි/20 ලෝක කුසලානයයි. මෙම ජයග‍්‍රහණය ලබාගැනීම ස`දහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මීට ප‍්‍රථම අවස්ථා දෙකක්ම උත්සාහ දැරුවෝය. ඒ 2009 දී සහ 2012 දී ය. පළමුවර පාකිස්තානය

    Read more
  • බිග් මැච් උන්මාදය

      මෙවර පාසල් මහා ක‍්‍රිකට් තරග ගැටුම් ආරම්භ වන්නේ යාපනයේ දී සිදු වූ අවාසනාවන්ත මරණයක් සමගිනි. එය වඩාත් සාහසික වන්නේ සම වයසේ වුන් අතර සිදුවූ ගැටුමක ප‍්‍රතිඵලයක්ව මේ මරණය සිදුවීම ය. මරණයට හේතුව නොතැකිය යුතු තත්ත්වයේ වුවත් එය නිමා වන්නේ ඝාතනයකින් වීම කෙතරම් නම් ඛේදවාචකයක් ද? ඇරත් මරණය සිදුවන්නේ බිග් මැච් ආරවුලක් ලෙස වීම ද

    Read more