Sunday, 20/8/2017 | 4:10 UTC+0
රාවය
  • ‘ක්‍රිකට් ඒඞ්’ සහ කට්ටියගේ කේස්

    ඒ. වික්‍රමසූරිය එක අත්තේ වසනුයේ එක වර්ගයේ කුරුල්ලෝ යැයි කතාවට කියති. මෙවර ක්‍රිකට් නිලවරණයේදී අර්ජුන රණතුංග පරාජය කරන්නට එතෙක් ප්‍රතිවාදීන්ව සිටි තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස අත්වැල් බැඳගන්නට විය. කලක් ක්‍රිකට් පරිපාලනයේ විරුද්ධවාදීන් වූ මේ දෙපළට බලය සඳහා එකට හිඳ ගැනීමට මහා කජ්ජක් නොවීය. අප කෙසේ කීවද මේ එකම වර්ගයේ කුරුල්ලන්ය. බලයට එලෙස එක් වුවද

    Read more
  • ඔලිම්පික් බලලා එන්න

    ඒ වික්‍රමසුරිය. මේ දිනවල ක්‍රීඩා අමාත්‍යවරයාට ඉස්පාසුවක් නැති තරම් ය. ඔහු රියෝ ඔලිම්පික් බලා ගොස් ඇත්තේ ලංකාවේ ක්‍රීඩා වැඩපිළිවෙළක් නිර්මාණය කරන්නට දැනුම ගන්නටය. ඒ සඳහා ඔහු වෙහෙසෙන ප්‍රමාණය කෙසේ වෙතත් පොටෝවලට පෙනී සිටිමින් නළු රංගනයක යෙදෙනු පෙනේ. ඔහුගේ ආශාව අපට ප්‍රශ්නයක් නොවන මුත් ඔහු මේ ජවුසන් හරහා කුමන ඉටි ගෙඩියක් කරන්නේ ද? යන්න හිතා ගන්නටවත්

    Read more
  • ඔලිම්පික් වාර්තා තියන මෙරට මාධ්‍ය වාර්තා

    ඒ. වික්‍රමසූරිය මේ දිනවල ක්‍රීඩා පිටු පිරෙන කතා බහ ඔලිම්පික් ගැනය. එද ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩීකාවන් නව දෙනා ගැනය. මේ අතරින් ද දෙදෙනකුට විශේෂ සැලකිල්ලක් දක්වන අතර ඉන් එක් අයෙක් සුවිශේෂි වී ඇත. දෙදෙනා කිමිකෝ රහිම් සහ මැතිව් අබේසිංහය. සුවිශේෂි කතා බහා මැතිව් අබේසිංහය. මැතිව් අබේසිංහයට ඉහළ ඉඩක් ක්‍රීඩා මාධ්‍ය හරහා වෙන්

    Read more
  • නාමල්ගේ රගර් ගැන රෝහිත කියුවේ ඇත්තක්ද?

    ඒ වික‍්‍රමසූරිය රිමාන්ඞ්ගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මහත්වරුද පසුගියදා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේ රෝහිත රාජක්ෂ මහතා පැවසූයේ සිරගත වන්නට තරම් චෝදනාවක් යාන්තම් මේ වනතෙක් තමන්ට එල්ලවී නැති බවයි. එහිදී ඔහු නගරයට පමණක් සීමා වී තිබූ රගර් ක‍්‍රීඩාව ගමට ගෙන යාමට ගොස් තම සොයුරාට මේ ඉරණම අත්වූ බව

    Read more
  • ඇමති රියෝ යයිද?

    ඒ වික්‍රමසූරිය මේ දිනවල දයාසිරි ජයසේකර අමාත්‍යවරයා රියෝ ඔලිම්පික් නැරඹීම සඳහා සිහින මවනවා සැබැවිය. ක‍්‍රීඩා ඇමැත්තෝ ආ පසු අත්විඳින අත්දැකීම් අතර විදෙස් සංචාර අංක එකය. එලෙස රට සවාරි නොගැසූ ක‍්‍රීඩා ඇමැත්තෙකු අප දන්නේ නම් ඒ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පමණය. ඔහු ඔහුගේ කාලය තුළ විදෙස් සංචාර ගියා අමතකය. දයාසිරි අමාත්‍යවරයා ක‍්‍රීඩා ඇමති ලෙස කල් ගෙවන වසර එකහමාර

    Read more
  • ක‍්‍රීඩා අමාත්‍යාංශය ට‍්‍රැවල් ඒජන්සියක්ද?

    ඒ. වික‍්‍රමසූරිය මේ දිනවල ක‍්‍රීඩා අමාත්‍යාංශය එක සීරුවට පිස්සු නටමින් සිටී. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට වෙන්කරනු ලබන මුදල් ක‍්‍රීඩාවේ සංවර්ධනයට යෙදවීම වෙනුවට ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ රට සවාරි සඳහා වෙන් කරමින් සිටී. ක‍්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් රට සවාරි යමින් සැපවත් ජීවිතයක් ගතකරන අතර ගමේ වෙහෙසෙන අහිංසක ක‍්‍රීඩකයෝ සපත්තු ජෝඩුවක් නොමැතිව ළතැවෙති. මෙවන් අභාග්‍යයක් වන තෙක් ක‍්‍රීඩා ඇමැත්තෙකුට බලා

    Read more
  • ඩන්කන් වයිට් සහ පදනම

    ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍ය දයා සිරි ජයසේකර ගේ සම්මාන උළෙලින් හැලූණු ඩන්කන් වයිට් පිළිබඳ මතකය ඇවිස්සීමක් අපි ගිය සතියේ කළෙමු. ඒ පිළිබඳ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙන් අපට ලද සුබ පැතුම් විශාලය. ඩන්කන් වයිට් සමග සිහිකැඳවූ සෙසු නම් පිළිබඳවද හීල්ලූ බොහෝ අය ඩන්කන් වයිට් අමතක කළේ නම් සෙසු නම් අමතක වීම අරුමයක්දැයි විස්මයාර්ථය පළ කළහ. ඩන්කන් වයිට් අමතක

    Read more
  • දයාසිරි සමග බොරුවට හිනාවෙමුද?

    ඒ වික‍්‍රමසූරිය ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලෙන් අනතුරුව සියල්ලෝ කසළාස්වාදයක ගිලී ගියා මිස ඉන් එහා මල් පිපීමක් සිදුවූවායැ’යි කාට සහතික දිය හැකිද? සම්මානලාභී නම් ලැයිස්තුවේ ඇතැම් නම් සම්මාන ලැබිය යුත්තන්ම වන විට ඇතැම්හු සම්මානයෙන් දමා ගැසිය යුතු අය වූහ. ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල ගැන නැවත නැවත ලියනුයේ එයින් ක‍්‍රීඩාවට ගෙනා හානිය විශාල වූ බැවිනි. බොහෝ අය

    Read more
  • සම්මාන ටිකයි සෝබන ගොඩයි

    ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර තම අමාත්‍ය ධුරයේ ලොකුම හපන්කම මේ වනවිට ප‍්‍රදර්ශනය කොට අවසන්ය. ඒ ප‍්‍රථමවරට ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල පවත්වමිනි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂට දයාසිරි වන් ඇමති කෙනෙකු ක‍්‍රීඩාව භාරව නොසිටි නිසා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රාජපක්ෂලා පන්නයේ ආතල් ගැනීමට අවස්ථාවක් උදාවිය. ඒ අනුව මෙය ප‍්‍රථම ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල බවට පත්විය. එහි

    Read more
  • දයාට සිරි වන්නට නම්….

    ඒ වික‍්‍රමසූරිය සාග් ක‍්‍රීඩා උළෙලට පෙර තිබූ උනන්දුව සාග් ක‍්‍රීඩා උළෙලින් පසු දෙගුණ තෙගුණ වෙතැ’යි සිතුවද ඒ කිසිවක් සිදු නොවුණි. ඒ ලංකාවේ හැටිය. මීට පෙරද තත්ත්වය මෙසේමය. හැමදේකම හාහූව ඇත්තේ හරි ටික මොහොතකටය. සාග් ක‍්‍රීඩා උළෙලට පෙර ක‍්‍රීඩා ඇමති, ක‍්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ කඩිසරකම ඉන්දීය සවාරියෙන් පසු ගොඩ ගසාගෙන ආ තෑගි බෝගවලින් කෙළවර වී ඇති ගාණය.

    Read more
  • ඇමතිට හරි හිනා

    ඒ. වික‍්‍රමසූරිය ක්‍රීඩා අමාත්‍යවරයා තනිකරම ක‍්‍රිකට් ඇමතිවරයා බවට පත්වී ඇත. ක‍්‍රිකට් අතුරු කමිටු සාමාජිකයන්ගේ රැුස්වීමට පවා සහභාගි වන ක‍්‍රීඩා ඇමැත්තා ඔවුන්ගේ ඇතැම් ප‍්‍රකාශවලට ඉළ ඇදෙන තෙක් සිනහ වේ. වැඩකට ඇතිව හෝ නැතිව සිනහ වීම ක‍්‍රීඩා ඇමතිගේ ප‍්‍රධානතම කාර්යයක් වී ඇත. ක‍්‍රීඩා පනස් ගණනක් ඇති රටේ එක් ක‍්‍රීඩාවක් බදාගෙන එහි දංකුඩ පවා වළඳන්නට යන ක‍්‍රීඩා ඇමතිවරයෙකු

    Read more
  • ක‍්‍රිකට් ආයතනය රේස් බුකියක්ද?

    ඒ. වික‍්‍රමසූරිය රාජපක්ෂලාගෙන් නන්නත් තාර වූ ක‍්‍රිකට් පරිපාලනය නැවත යහපාලනයෙන් අනාථ වී ඇත. යහපාලන ක‍්‍රිකට් කෙරුවාවේ තරම වූයේ රාජපක්ෂලා කුස්සිය මුල්ලට විසි කළ තිලංග – සුමතිපාල සාලයට ගෙන්වා ඉන්දවා ගැනීම පමණි. කුස්සියේ සිටියද සාලයේ සිටියද වෙනසක් නැති තරමට සියල්ල කක්කුස්සිකරණය වී ඇත. ක‍්‍රිකට් මේ මොහොතේ ජරා වළක් වී හමාරය. ඉන් වහනය වන දුගඳ යහපාලන චින්තනයෙන්

    Read more
  • දයාසිරි ඉන්දියාවේ ගියා වගේ

    ඒ වික‍්‍රමසූරිය කලාව සංස්කෘතිය මෙන්ම ක‍්‍රීඩාවද එක් අමාත්‍යවරයකුට අමාත්‍යාංශයකට ලඝු කොට දියුණුවක් පැතිය හැකි දෙයක් නොවේ. එයට රටක් ලෙස සියලූදෙනා එකාවන්ව දායකත්වය දිය යුත්තක් වේ. සාග් ක‍්‍රීඩා උළෙලින් පසු පදක්කම් දිනුවෝ පිළිගැනීම ඒ ඒ පළාත්වල ජයට සිදු කෙරේ. එය පෞද්ගලික මට්ටමින්ද සැමරේ. පොදුවේ රට වෙනුවෙන් ගෙනා පදක්කම් මෙරටට ගොඩ බැස්ස මොහොතේ සිට ප‍්‍රාදේශීය වී ඇත.

    Read more
  • සුසන්තිකාගේ සංකීර්ණය හදයිද?

    ඒ. වික‍්‍රමසූරිය ඉන්දියාව බලා යන මලල ක‍්‍රීඩා කණ්ඩායම දිරි ගැන්වීමේලා දිරි වදන් මුදාහැරියේ සුසන්තිකා ජයසිංහය. අද දවසේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සාග් ජයගෙන ඔලිම්පික් දක්වා දුර ගොස් ඔලිම්පික්ද ජයගෙන තමා රටට ගෙන දුන් කීර්තිය අබිබවා යන ලෙසටද ඇය ඔවුන්ට ඔවදන් දුන්නාය. සැබැවින්ම සුසන්තිකා තරම් මේ මොහොතේ මලල ක‍්‍රීඩිකාවන්ට උත්තේජන සැපයිය හැකි උදාහරණයක් නැති තරම්ය. ඒ ලොව ඉහළම

    Read more