Monday, 21/8/2017 | 3:51 UTC+0
රාවය
  • දන්දෙණියට දන්දුන් බැඞ්මින්ටන්

    හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ සුරාජ් දන්දෙණිය මහතාට බැඞ්මින්ටන් සංගමය දන්දීම නිසා සිදුවූ වරද වත්මන් ක‍්‍රීඩා ඇමති නවීන් දිසානායක තවදුරටත් ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් බැඞ්මින්ටන් ක‍්‍රීඩාව වළපල්ලට යන තත්ත්වයක් උදාවී ඇත. අලූත්ගමගේ ඇමති වරයාගේ ඥාතියකු වන නිසා සුරාජ් දන්දෙණියට බැඞ්මින්ටන් සංගමයේ සභාපතිකම පිරිනැමීය. බැඞ්මින්ටන් ක‍්‍රීඩාව ගැන මෙලෝ මළදානයක් නොදත් සුරාජ් සභාපති වීමෙන් පසු සුහද තරග ක‍්‍රීඩා

    Read more
  • නවීන් නිදිද?

      මෙවර පිහිනුම් නිලවරණයෙන් අහකට විසිවී සිට පැත්තකට විසිවූ හිටපු පිහිනුම් නිලධාරීන් මෙරට පිහිනුම් ක‍්‍රිඩාව විනාශයට ඇද දමද්දී ක‍්‍රීඩා අමාත්‍යංශය බකන්නිලාගෙන සිටිනුයේ ඇයිද යන ප‍්‍රශ්නය පිහිනුම් ක්ෂේත‍්‍රයේ කාගේත් විමතියට හේතු වී ඇත. සිව් වසරක නීතිය ක‍්‍රියාත්මක කිරීමත් සමග බලය අහිමි වූ මේ නිලධාරීන්ට මෙවර නිලවරණයට ඉදිරිපත් කරන්නට හෝ කෙනෙක් සොයා ගැනීමට නොහැකි විය. නේතෘ සහ

    Read more
  • අසංගට රතු කාඞ්පත පෙන්වමුද?

    ක්‍රීඩා පරිපාලකයෝ ද දේශපාලකයෝ මෙන්ම හැරෙන ඕනෑම පිලක පන්දුව ස්ථානගත කිරීමට රුසියෝ වෙති. මේ එවන් පරිපාලකයෙකි. හේ නමින් අසංග සෙනෙවිරත්නය. රග්බි සංගමයේ දිගු කාලයක් සභාපති ධුරය දැරූ ඔහු රග්බි සභාපති පුටුව සින්නක්කර කර ගන්නට දත කෑවෙක් බව මෙරට ක‍්‍රියාත්මක සිව් වසරක නීතියට ද පිටුපෑමෙන් පැහැදිලිය. ක‍්‍රීඩා සංගමයක ප‍්‍රධාන තනතුර සිව් වසරකට වඩා නියැළී ඇත්නම් මෙවර

    Read more
  • ජල ක‍්‍රීඩාවේ මළ පෙරේතයෝ

      අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේල නයේ (ෆීනා) දැනුම්දීම් නොතකා පත්කර ගන්නා ලද ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය තහනම් කර එහි කටයුතු පැරණි සම්මේලනයට පවරා ගන්නා ලෙස ෆීනා මගින් දැනුම් දී ඇතැයි ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු ලේකම් අක‍්‍රිී අමීර් පවසයි. ඔහු මේ බව පවසනුයේ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයට අනුව

    Read more
  • ක‍්‍රීඩාවත් අසාර්ථකයි

    ක්‍රීඩා සංගම්වලට නිදහස ලබා දෙන්න කියලා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් තියෙනවා. මාත් කැමතියි එම සංගම්වලට පූර්ණ නිදහස ලබාදෙන්න’ යනුවෙන් ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පල්ලෙකැලේ පැවති රැස්වීමකදී පවසා තිබුණි. සිව්වසරක නීතිය ක‍්‍රියාත්මක කිරීමත් සමග ඊට උරණ වූ බොහෝ ක‍්‍රීඩා සංගම් ඇමතිවරයා ගත් ක‍්‍රියා කලාපයට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කළේය. සියලූම ක‍්‍රීඩා සංගම්වල මව් සංගම් එකහෙළාම පිළිගනුයේ ඔවුන්ට අනුබද්ධිත

    Read more
  • ක‍්‍රීඩාව ජලයේ ගිල්වීම

      මෙරටට ක‍්‍රීඩා අමාත්‍යාංශයක් අවශ්‍යද? ක‍්‍රීඩා ඇමති ධුරයක් අවැසිද? ක‍්‍රීඩා පනතක් වුවමනාද? මේවා අද බරපතළ ලෙස ප‍්‍රශ්න කළ යුතු ප‍්‍රධාන මාතෘකා බවට පත් වී ඇත. ක‍්‍රීඩාව පිළිබඳ කාලයක් තිස්සේ අඩු ලංසු තැබූ ක‍්‍රිඩා අමාත්‍යවරුන් ඔලිම්පික් සභාපතිවරුන් නිසා මෙරට සමස්ත ක‍්‍රීඩාවටම ලොකු වන්දියක් ගෙවන්නට සිදුව ඇත. වගකිවයුත්තන් කළ යුතු නිවැරදි දේ නිවැරදිව නොකළ නිසා සියල්ල වැරදි

    Read more
  • ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියෙහි සුගත් නොසිටියේ ඇයි?

    මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මුහුණ දුන් පළමු තරගාවලිය ලෙස ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය හැඳින්විය හැකිය. එය සුගත් තිලකරත්න පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ලෙසද අර්ථ ගැන්විය හැකිය. දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ සිව් දිනක් පුරා පැවති ජාතික කනිෂ්ඨ ශූරතාවලිය පැති ගණනාවකින් කතා කළ හැකි මාතෘකා ගණනාවක් බිහි කළේය. එය ක‍්‍රීඩාව අරබයාද සුබ නිමිති

    Read more
  • වොලිබෝලයේ බහිරවයා

    වොලිබෝල් නිල වරණය අත ළඟය. ක‍්‍රීඩා අමාත්‍යවරයා සිව් වසරක නීතිය අකුරට පිළිපදිනවායැයි කීවද එය රැකෙන අයුරක් ද නොපෙනේ. ඇතැම් සංගම් ක‍්‍රීඩා අමාත්‍යවරයා සරණ යමින් සිව් වසරට එකඟවද්දී තවත් සංගම් හිතුවක්කාර වෙමින් සිටී. වොලිබෝල් සංගමය දෙවැනි ගොඩ නියෝජනය කරති. එකළොස් වසරක් සභාපති ධුරය දැරූ ඩිලාන් පෙරේරා මෙවරත් වොලිබෝල් සභාපතිකමට ඒමට නියමිතය. සිව් වසරක නීතිය එහෙයි නම්

    Read more
  • අපි භූතානයටත් පරාදයි ඉතින් මොකද?

    මේ දිනවල ක‍්‍රීඩාව අරබයා ලියන්නට ඇත්තේ ගොන් පොර ගැනය. ස්පාඤ්ඤයෙත් නැති ගොන් පොර සංදර්ශන මෙරට ඇති බව විමසිලිමත් බැල්මකට ඕනෑපදම් හසුකර ගත හැකිය. ඒවා ගැන ලිවීම අනාගතයට භාර කොට වෙන දෙයක් ගැන ලියන්නට ආරම්භය ගත යුතුව ඇත. මේ දිනවල මෙරට ක‍්‍රීඩාව පුරන් කුඹුරකි. එහි ගොන් පොර හැර වෙන දෙයක් නැති කොට තැනින් තැන අමුතු කතාද

    Read more
  • නවීන් නා ගනී ද?

    හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට ඇත්තේ තමා ලෝක අමාරුවක වැටී ඇතැ’යි නවීන් හිතාමතාම අමතක කරන බවය. මහින්දානන්ද මෙන්ම නවීන්ද අඬුව තියෙද්දීම අත පුච්චා ගන්නට රුසියෙකු

    Read more
  • සෙල්ලමට ලිවීම

      ක්‍රීඩාව පිළිබඳ වත්මන් කතාබහ අමුතු මුහුණු වරක් ගෙන ඇත. එහි උපදෙස් දෙන්නෝ අඩුපාඩු දකින්නෝ එමට සිටිති. යහපාලනය යටතේ පත්වූ ක‍්‍රීඩා ඇමතිවරයාට උපදේශකයෝ නම් හිඟ නොවෙති. ක‍්‍රීඩාව කඩා වැටී ඇතැ’යි අද බොහෝ අය පිළිගනිති. කඩා වැටුණු ක‍්‍රීඩාව නගා සිටුවන්නට මොවුහු වලිකති. මේ නම් ක‍්‍රීඩාවේ නාමයෙන්ද? ක‍්‍රීඩා ඇමති සහ සුනිල් ජයවීර යහපාලන ආණ්ඩුවේ ප‍්‍රමාද වී ප‍්‍රසුත

    Read more
  • ක‍්‍රීඩා කවුන්සිලය පිස්සුවක්

      ක්‍රීඩා කවුන්සිලය යනු ක‍්‍රීඩාව අරඹයා ක‍්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ගන්නා තැනය. ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයකුට ක‍්‍රීඩා කවුන්සිලයක් තිබීම අගනේය. වටිනේය. හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා ඒ ගැන එතරම් නොතැකිීය. ක‍්‍රීඩාව ගැන බොහෝ දැනුම් ඇත්තකු බැවින් ඔහුට මොන උපදෙස්දැයි සිතුවා විය හැකිය. එහිදී නව ඇමතිවරයා හොඳය. ඒ ඔහු ක‍්‍රීඩාව වෙනුවෙන් උපදෙස් බලාපොරොත්තු වන බැවිනි. ක‍්‍රිකට්වලට වෙන්වන ක‍්‍රීඩා ඇමති

    Read more
  • බේබිලාගේ රග්බි

      පසුගිය සමයේ රග්බි ක‍්‍රීඩාව ගැන ඇති පදම් කතාවූයේ රාජපක්ෂවරුන් නිසාය. රාජපක්ෂ පුතුන් තුන් කට්ටුව රගර් ක‍්‍රීඩකයන්් වීම නිසා රගර් තරගයක් බලනවා තබා ඒ ගැන හාංකවිසියක් දැන නොසිටි පිරිස් පවා රගර් තරග නැරඹූහ. තම පුතුන්ගේ රගර් තරගයක් අන් සියලූ වැඩ රාජකාරි පවා අතපසු කොට නැරඹූ ජනපති කෙනකු සිටි රටක ලොව රගර් ක‍්‍රීඩාව උපන්නේ ශ‍්‍රී ලංකාවේද

    Read more
  • මනිලාල් සහ කි‍්‍රෂාන්තගේ රජ වැඩ

    කෙනෙකු දැවැන් තයෙකු ලෙස පෙනී සිටින තාක් නොපෙනෙන දෑ නම් ඔහුගෙන් තොරව යමක් පවතීද යන්නය. මෙරට පාපන්දු ඉතිහාසයද එබඳුය. තිස් වසරක් පාපන්දු පරිපාලනයෙහි නියැලූණු මනිලාල් ප‍්‍රනාන්දු පාපන්දුවේ එකම හිමිකරුවා ලෙස පෙනී සිටි කාලය මෙරට පාපන්දුව හැඳින්වූයේ මනිලාල් යන නාමකරණයෙනි. මනිලාල් කී විට පාපන්දුවත් පාපන්දුව කී කළ මනිලාල් යන්නත් දෙකක් නොව එකක් ලෙස මාධ්‍ය ගොඩනගා තිබුණි.

    Read more