Monday, 21/8/2017 | 3:50 UTC+0
රාවය
  • බණ්ඩාරවෙල විලාපය ජනපතිට ඇහේවිද?

    තරිඳු උඩුවරගෙදර ප්‍රංශයේ ලොයිරේ ගංගාවේ වේල්ලක් නිසා සිදුවන පරිසර හානිය සහ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන හානිය පිළිබඳව දිගු කාලයක් සිදුකළ සටනකින් පසුව එම වේල්ල ඉවත්කිරීමට ප්‍රංශ රජය තීරණය කළේය. ව්‍යාපෘතියට කෝටි ගණනක වියදමක් කර තිබුණත් ඒ වියදමට වඩා පරිසරයට සිදුවන හානිය ගැන ප්‍රංශය සැලකිලිමත් විය. තායිලන්තය ලෝක බැංකු ණයක් රැගෙන සිදුකළ විශාල ව්‍යාපෘතියක් වන පාක්

    Read more
  • වෛද්‍ය සංගමයේ සටන අවසන්! සයිටම් සටන කොයිබටද?

    තරිඳු උඩුවරගෙදර අමාත්‍යාංශවලට බලෙන් ඇතුළුවීම් සිදුවුණේ පළමු වතාවට නොවේ. පසුගිය කාලයේ බෞද්ධ භික්ෂූන් අමාත්‍යාංශවලට අරක්ගත් අවස්ථා බොහෝය. ඒවා පාලනය කරන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණයේ නැත. ජනාධිපතිවරයා පසුගි ය දිනෙක කීවේ සයිටම් විරෝධී උද්ඝෝෂණවලට යන සිසුන් වැරැද්දක් නොකරන බවයි. ඒ සිසුන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් බලහත්කාරයෙන් උද්ඝෝෂණවලට මෙහෙයවන බවයි. සයිටම් විරෝධී සටන සමඟ ප්‍රතිපත්තිමය

    Read more
  • ජනතාව බජිරි වපුරලා බාස්මතී හොයනවා -සුනිල් හඳුන්නෙත්ති

    තරිඳු උඩුවරගෙදර ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ උපරිමය කරනවාද? මේ ආණ්ඩුවටත් ඩෙංගු පරද්දන්න පුළුවන්ද? ඩෙංගු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. කරන්න පුළුවන්කමක් තියෙන බවක් පෙනෙන්නේත් නැහැ. හැබැයි මේක විතරක් කිව්වොත් සමහරු හිතයි ආණ්ඩුවට වෙන දේවල් කරන්න පුළුවන් කියලා. ආණ්ඩුවට අනෙක් හැමදේම බැහැ වගේ, ඩෙංගු මර්දනය කරන්නත් බැහැ. ජනතාව ගැන තියෙන අවධානයයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වුවමනාවයි

    Read more
  • රූප එකතුවෙලා අලුත් අර්ථ ගේනවා | ලාල් හෑගොඩ

    තරිඳු උඩුවරගෙදර ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩගේ සිව්වැනි ඡායාරූප ප්‍රදර්ශනය වන ‘සොළොසක් රූ’ ප්‍රදර්ශනය ජුනි 23, 24, 25 දිනවල කොළඹ ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වෙයි. මේ ඒ වෙනුවෙන් ඔහු සමඟ කළ සංවාදයකි. අවුරුදු දොළහකට පස්සේ තමයි අලු‍ත් ඡායාරූප ප්‍රදර්ශනයක් කරන්නේ. එපමණ කාලයක් ගෙවීගියත් ඡායාරූප දහසයක් පමණයි ඔබ ඉදිරිපත් කරන්නේ? අවුරුදු දොළහෙන් අටක් අසනීප වෙලා, දෙවරක් අංශභාගය හැදිලා

    Read more
  • අධිනිශ්චය වෙලා තියෙන්නේ දේශපාලනය නෙවෙයි | නීතිඥ ශිරාල් ලක්තිලක

    තරිඳු උඩුවරගෙදර කැබිනට් සංශෝධනය විහිළුවක් කියලායි හැමෝම කියන්නේ. විශේෂයෙන් ආයතන බෙදලා තියෙන්නේ කිසිම විද්‍යාත්මක පදනමකින් නෙවෙයි. මේ දේවල් ඔබ දකින්නේ කොහොමද? වැදගත් වෙන්නේ ආයතන වෙන්කිරීම කළේ කවුද කියන එක නෙවෙයි, කවුද මේවා ඉල්ලන්නේ කියන එකයි. මේ ඉල්ලන දේවල් නොදුන්නොත් ඇතිවෙන්නේ හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා තමයි මේ ඉල්ලන දේවල් දෙන්න වෙන්නේ. සමාජය ඇඟිල්ල දිගුකළ යුත්තේ

    Read more
  • ආදි කාලීන උපකරණ තියාගෙන වික්‍රම කරන්න අපට බැහැ | අනුර ප්‍රියදර්ශන යාපා

    තරිඳු උඩුවරගෙදර ගංවතුරෙන් ආපදාවට ලක්වුණු අයට තවමත් රක්ෂණ මුදල් දීලා නැහැ. ඒ ගැන ආපදා කළමනාකරණ ඇමතිවරයා විදියට ඔබට කියන්න තියෙන්නේ කුමක්ද? දීලා තියෙනවා මිලියන 3.2ක මුදලක්. ඒකෙදී සමහර අයට ලැබිලා නැත්තේ හානි පිළිබඳ වාර්තා ලැබිලා නැති හින්දා. වාර්තා ලැබිලා තියෙන සියල්ලන්ටම අපි දීලා තියෙනවා. එක්කෝ හරියට වාර්තා දීලා නැතිව හෝ ග්‍රාම නිලධාරීවරුන්ගේ ප්‍රශ්න වැනි හේතු

    Read more
  • බුදුපිළිමයට මුවාවුණු අන්තවාදීන් සහ කුරාණයට මුවාවුණු අන්තවාදීන් ඉන්නවා |පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

    තරිඳු උඩුවරගෙදර මේ වෙද්දී ලෝක දේශපාලනය උණුසුම් වෙලා. මේ තත්ත්වය ලංකාවේ දේශපාලනඥයෙක් විදියට ඔබ දකින්නේ කොහොමද? මට පේන විදියට ට්‍රම්ප් ජනාධිපතිවරයා සියුම් ලෙස වැඩ කරනවා නව ලෝක වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න. කටාර් අර්බුදය දිහා බැලු‍වාමත්, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ හරහාත් පෙනෙනවා මේ වෙද්දී මැද පෙරදිග ලොකු බෙදුම්ඉරක් නිර්මාණය වෙනවා. ලෝක දේශපාලනය සංකීර්ණ සහ තීරණාත්මක තැනකට ඇවිල්ලා.

    Read more
  • ව්‍යවස්ථා ප්‍රමාදය නිමල් නිසා

    තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිප ස්ථාවරය ඉදිරිපත් කිරීම ප්‍රමාදවීමට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයා 2015 ජනවාරි අටවැනිදාට පෙර ලබා දුන් පොරොන්දුවලට විරුද්ධ ස්ථාවරයක අමාත්‍ය නිමල් සිරිපාල ද සිටීම නිසා බව වාර්තා වේ. ශ්‍රීලනිප උපසභාපතිවරයෙකු හා ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වන නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම සඳහා

    Read more
  • කැබිනට් වෙනස ඉටුවුණා. දෙවැන්න තමයි ව්‍යවස්ථාව – නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

    තරිඳු උඩුවරගෙදර ඒකාබද්ධ විපක්ෂය බදුල්ලේ සංවිධායකවරයා විදියට කුමාර වෙල්ගම පත්කරලා තියෙනවා නේද? බදුල්ලෙන් පත්වුණ දේශපාලන නායකයන් බුද්ධිමත් විදියට දේශපාලනය කළ, දේශපාලනය ගැන අවබෝධයක් තිබුණු අය. වෙනසක් කරන්න පුළුවන් කියලා පෙන්නුවේ ඌව. ඌව වෙල්ලස්සෙන් එන්නේ දීප්තිමත් මහජන නියෝජිතයෝ. එහෙම පසුබිමක කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කුමක් කරන්නද. වෙල්ගම මහත්තයාම වරක් කීවා එතුමාගේ ගම හඳට ගල් ගහපු මිනිස්සු ඉන්න

    Read more
  • මී ලග ආපදාවට පෙර

      තරිඳු උඩුවරගෙදර ලංකාවේ මෑතකාලයේ දරුණුතම ගංවතුරට අප මුහුණදී සතියකි. දැන් ටිකෙන් ටික ආපදාවට ලක්වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත්වෙන බව පෙනේ. සුනාමියෙන් පසුව මෙවන් දැවැන්ත ආපදාවකට මුහුණ දුන් ලංකාව පසුගිය ගංවතුර තත්ත්වයේදී ආපදාව කළමනාකරණය කරගත් ආකාරය සතුටුදායකද? ආණ්ඩුව, රජය, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කටයුතු කළේ කෙසේද. මේ ඒ පිළිබඳව කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය. ජාතික වැඩපිළිවෙලක් ඕනෑ

    Read more
  • උද්ඝෝෂණවලට පහර දීම – යහපාලන ආණ්ඩුව මහින්ද ගිය පාරේමද?

    තරිඳු උඩුවරගෙදර “එකෙක් නෑර හැමෝටම ගහන්න. ආයේ පාරට බහින්න බැරිවෙන්න ගහන්න. අපිත් මර්දනය කරන්න දන්නවා කියලා පෙන්වන්න ඕනෑ.” මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයකට පසුගිය මැයි 17දා පොලීසියෙන් එල්ලකළ ප්‍රහාරය පසුපස තිබූ තර්කනය විය හැකිය. මීට පෙර එච්එන්ඩීඒ සිසුන්ට මෙවැනිම ප්‍රහාරයක් එල්ලකර තිබුණේ මේ ආණ්ඩුව සමයේය. එය මහදවල් එළිපිට මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විය.

    Read more
  • පාකිස්ථානයේ ටෙස්ට් කතාන්දරය

    තරිඳු උඩුවරගෙදර පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ප්‍රබන්ධවලට වඩා පුදුමාකාර දේවල් සැබෑ ලොවේ සිදුවන බවට ජීවමාන සාක්ෂියකි. පාකිස්ථානය වසර හතකට පෙර සියල්ල අහිමිවූ කණ්ඩායමකි. කිසිවක් ඔවුන්ට නොවීය. ත්‍රස්තවාදය විසින් පාකිස්ථානු ක්‍රිකට් මිනීපෙට්ටියේ දමා අවසන් ඇණයත් ගැසීමට සූදානම් වී සිටියේය. එහෙත් ඒ කතාව වීරයන් කිහිපදෙනෙකු විසින් සම්පූර්ණයෙන් වෙනස් කරන ලදි. වසර හයක් තුළ පාකිස්ථානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක

    Read more
  • ටී එන් ඒ ඒකීයට එකගයි

    තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පැවතීම ගැන ගැටලුවක් නොමැති බවත්, ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේද සිංහලෙන් භාවිත කරන ‘ඒකීය’ යන වචනය පැවතිය යුතු බවත් ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවට දෙමළ ජාතික සන්ධානය දන්වා ඇත. මැයි 22, 23 හා 24 දිනවලදී නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව

    Read more
  • මේ වෙලාවෙ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්

    තරිඳු උඩුවරගෙදර මේ වෙද්දීත් ආණ්ඩුව කරමින් ඉන්නේ බලයට පත්වෙද්දී පොරොන්දු වුණ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවට ආර්ථික ප්‍රතිසංස්කරණ. ආර්ථික ප්‍රතිසංස්කරණවලට මුල් තැන දෙන්න ගිහින් ආණ්ඩුව ජනප්‍රියත්වය නැති කරගෙන තියෙනවා. මේ තත්ත්වය ගැන අදහස මොකක්ද? ආණ්ඩුව තමන්ගේ එදා වේල බේරාගන්න කරන දේශපාලන කටයුතු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ආණ්ඩුව මහලොකු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන බව අපි දකින්නේ නැහැ. ඔවුන් කරන්නේ ජේ.ආර්.

    Read more