Wednesday, 23/8/2017 | 12:29 UTC+0
රාවය
  • එන ආයෝජනවල හැටියට ලංකාවේ ඉඩම් මදිවේවි | අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

    තරිඳු උඩුවරගෙදර අධ්‍යාපනයේ විප්ලවයක් ඇතිකරනවා කියලා ඔබ කීවා. එහෙම විප්ලවයක් වෙලා නැති බව බොහෝ අය කියනවා නේද? ඇත්ත වශයෙන්ම විප්ලවයක් ඇති කරලාත් තියෙනවා. ඇතිකරමිනුත් යනවා. මේ රටේ පාසල් හත්දහසක පමණ භෞතික සම්පත් දීලා පහසුකම් වැඩිදියුණු කරන්න මුදල් මේ වෙනකොටත් පළාත් සභාවලට විශාල වශයෙන් යවලා තියෙනවා. අපි ස්මාර්ට් පන්ති කාමර සංකල්පය හඳුන්වා දෙන්නට පාසල් ගණනාවක් තෝරාගෙන

    Read more
  • රාජපක්ෂලාගේ රණවිරු සූත‍්‍රය අර්බුදයට යවන රතුපස්වල පරීක්‍ෂණ

    තරිඳු උඩුවරගෙදර රතුපස්වල ජනතාවට වෙඩි තියා අගෝස්තු පළවෙනිදාට අවුරුදු තුනකි. රතුපස්වලදී සිදුවූයේ කුමක්දැයි අපි මීට පෙර ලියා තැබුවෙමු. වෙඩි තැබීමෙන් පසු වසර තුනක් තිස්සේ රතුපස්වල ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටන ගැන අපි ලීවෙමු. මේ වනවිට අපවිත‍්‍ර ජලය වෙනුවට නලජලය රතුපස්වල ජනතාවට ලැබී ඇත. පහරකෑමට සහ වෙඩි තැබීමට ලක්වූ ජනතාවට සහ මාධ්‍යවේදීන්ට වන්දි ලැබී ඇත.

    Read more
  • ගෝඨයිම්බර කෝලම පිට්ටනියෙන් සංවාදයට

    තරිඳු උඩුවරගෙදර ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම නාට්‍යය පිළිබඳව විචාරකයන් කිහිපදෙනකුගේ අදහස් රැුගත් වැඩසටහනක් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වුණි. වැඩසටහන මෙහෙයවූයේ නදී වාසලිමුදලිආරච්චිය. මේ එහිදී ඉදිරිපත් කළ අදහස්වල සංක්ෂිප්ත සටහන්ය. සමන් වික‍්‍රමආරච්චි: ස්ත‍්‍රීවාදීන් කෝ? මේක බලද්දී මම හිතුවේ මේ නාට්‍යය අසූව දශකයේදී වගේ පෙන්වුවා නම් ස්ත‍්‍රීවාදී කාරණය අනුව පේ‍්‍රක්ෂිකාව කොයි විදියේ ප‍්‍රතිචාරයක් දක්වයිද කියලා. මේ නාට්‍යය ස්ත‍්‍රී

    Read more
  • මාරයා ලියූ කතා

    තරිඳු උඩුවරගෙදර වකුගඩු රෝගය ගැන කතා බොහෝය. ඒවා කෙළවරක් නැතිව අපි ඇසුවෙමු. ඒ අනුරාධපුරය දිස්ත‍්‍රික්කය තුළ ඇවිද යෑමකදීය. ඒ කතාවලින් මතුවන්නේ වකුගඩු රෝගය සමාජීය සහ ආර්ථික වශයෙන් බලපා තියෙන තරමයි. පවුල විසුරුවා දමන්නට වකුගඩු රෝගය සමත්ය. වකුගඩු රෝගයේ රෝගීන් වඩා බියට පත්වන අවස්ථාව ඩයලයිසීස් කරන්නට සිදුවෙන අවස්ථාවයි. මේ ඩයලයිසීස් කරන්නට යොමුවුණ රෝගීන් තුන්දෙනෙකුගේ පවුල්වල කතාවයි.

    Read more
  • රෝගීන් දැවී යන ඖෂධ ක‍්‍රීඩාව

    තරිඳු උඩුවරගෙදර සෞඛ්‍ය අමාත්‍ය රා ජි ත සේනාරත්න පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළව කරන ලද කතා රැෙසක් වටරවුම් ගසා අවසන් වූයේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් වෙතට පැමිණීමෙන් පසුවයි. එක්තරා සමාගමක් රුපියල් දෙලක්ෂ පනස්දාහ බැගින් ගෙන්වූ ඖෂධයක් රුපියල් අනූදාහ බැගින් ගෙන්වන්නට හැකිවූ බවත් එයින් ලැබෙන ලාභයෙන් ලංකාවේ සියලූ හෘදය රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ ලබාදිය හැකි බවත් ඔහු

    Read more
  • මේ ආණ්ඩුවෙත් සමහරු ඉන්න ඕනෑ හිරේ |වසන්ත සමරසිංහ (දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු)

    තරිඳු උඩුවරගෙදර ඔබේ පක්ෂය පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඒ සමාජ වෙනස සහ දූෂණ විරෝධය අතර තියෙන සම්බන්ධය මොකක්ද? අපි සමාජ වෙනසක් අපේක්ෂා කරන්නේ සමාන අයිතියක් ඇතිව හැම පුරවැසියාම සමාන අවස්ථා සහිතව ජීවත්විය යුතුයි කියලා හිතලා. මහජනතාවට ලැබෙන්න ඕනෑ දේවල් නොලැබෙන්නේ හොරා කන නිසා. බිල්ඩින් එක හදන්න දුන්නාම අවුරුදු විස්සකට හදන එක දහයෙන්

    Read more
  • යාපනයේ ගැටුමෙන් පසු

    තරිඳු උඩුවරගෙදර ආයුබෝවන්….. සුබ අලූත් අවුරුද්දක් වේවා…… අද තිබ්බ බණ වගේ සාර්ථක වැඩ ගොඩක් කරන්ඩ තියනවා… අපි ළඟදිම හම්බුවෙමුද….. ගරු සභාවට යෝජනා කරනවා….’ මේ ජනවාරි දෙවැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ෆේස්බුක් කණ්ඩායමෙහි සාමාජිකයකු අනෙක් සාමාජිකයන් වෙත කර තිබුණු යෝජනාවකි. කතාබහ යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන නම් එය උඩරට නැටුමකට සීමා කර නොතැබිය යුතුය. මේ අවුරුදු හැත්තෑවකට ළං

    Read more
  • ඉඩම් ලැබුණාට පස්සේ

    තරිඳු උඩුවවරගෙදර ෙම්ක ස්මාට්ෆෝන් එකකින් කන්කසන්තුරේදී ලියන්න පටන්ගත්ත සටහනක්. දැන් සටහන් පොත්, කොළ වෙනුවට ඕනෑම තැනක ඉඳන් ලියන්න පුළුවන්. මේ අපට ආපු අදහස් වැලක්. ප‍්‍රමෝදයෙන් ඉන්න මිනිසුන් පිරිසක් ගැන හිතමින් ලියූ සටහනක්. ඈතින් පේන්නේ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාව. ඒක වැඩ නොකර අවුරුදු ගාණක් තිස්සේ නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ. අපි ත‍්‍රීවීල් එකකින් කීරිමලේ පැත්තට යමින් හිටියේ. අපි

    Read more
  • එකතුවෙලා තරග කළොත් ශී‍්‍රලනිපයට ලොකු ජයග‍්‍රහණයක් | මහින්ද යාපා අබේවර්ධන

    තරිඳු උඩුවරගෙදර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්ය කියන්නේ කොහොමද? ඒක විභාගයට ගත් වෙලාවේ මහේස්ත‍්‍රාත්තුමිය අහපු ප‍්‍රශ්න සහ පොලීසිය දුන්නු උත්තර ටික අහගෙන හිටියා නම් ඕනෑ කෙනෙකුට තේරෙනවා මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඒ අය කියන විදියට ඉන්දියාවේ ක‍්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑවක් එවලා තියෙනවා. ඒ රගර් ක‍්‍රීඩාවට. රගර් සංගමයක් තියෙනවා. නාමල් රාජපක්ෂ ඒකේ අධ්‍යක්ෂවරයෙක්. ඒ

    Read more
  • ශ‍්‍රීලනිපයේ එකමුතුකම වෙනුවෙන් හැමදේම කරනවා | ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

    තරිඳු උඩුවරගෙදර පහුගිය සතියේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී නාමල් රාජපක්ෂව රිමාන්ඞ් කළා. ඔහුගේ පක්ෂයේ සාමාජිකයෙක් විදියට ඒ ගැන අදහස මොකක්ද? සාමාන්‍යයෙන් අපට වුණත් ප‍්‍රශ්නයක් වුණාම ඒ සම්බන්ධව පොලීසියට ගිහින් කටඋත්තර දෙන්න වෙනවා. දිගින් දිගටම ප‍්‍රශ්න කරලා වරදක් තියෙනවා නම් දඬුවම් කරනවා. ඒකට ඉතින් විපක්ෂද ආණ්ඩු පක්ෂද කියලා නැහැ. ඩිලාන් පෙරේරා, පියංකර ජයරත්න වගේ අයත් එෆ්සීඅයිඞී ගානේ රස්තියාදු

    Read more
  • බැසිල්, ගෝඨාභය කිසිසේත්ම නායකත්වයකට ආ යුතු නෑ | පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

    තරිඳු උඩුවරගෙදර මහබැංකුව සම්බන්ධ සිදුවීම් ගැන ඔබේ අදහස මොකක්ද? මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශාල සාපරාධී වරදක්. මේ ගැන අපි විවිධ පැතිවලින් මුල ඉඳන්ම ඉදිරිපත් කළ කරුණුවල බලපෑම නිසා මේකට නිල වශයෙන් වගකිවයුත්තා වන අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් කරලා වෙනත් කෙනෙක් පත් කරන්න හැකි වුණා. ඒත් ඉවත් කළේ මේ අපරාධයට මතුපිටින් හේතු වුණ

    Read more
  • ඒකාබද්ධ විපක්‍ෂය ජනතාවගෙන් අවලංගුයි | කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

    තරිඳු උඩුවරගෙදර කෝප් කමිටුව මහ බැංකුවේ බැඳුම්කර පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරනවා. මේ ගැන අදහසක් දක්වන්න පුළුවන්ද? දැනට පරීක්ෂණයක් වෙමින් යන නිසා මට ඒකට බාධාවක් වෙන විදියේ ප‍්‍රකාශයක් නිකුත් කරන්න විදියක් නැහැ. මට දැනට කියන්න වෙන්නේ සීමාවක් යටතේ. දැනට තියෙන තත්ත්වය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලැබිලා තියෙන වාර්තාව පදනම් කරගෙන ඉදිරියට පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නත්, පාර්ලිමේන්තුවට ඒ පරීක්ෂණයේ

    Read more
  • කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් විනාශ කළ වගයි

    තරිදු උඩුවරගෙදර නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින් අප සමග කතාකරන්නට ඔහුගේ පවුලේ අය කැමති වූහ. ඒ අනුව අපි කොටකෙතනට ගියෙමු. මේ කතාවේදී නන්දගේ නම

    Read more
  • රස බෙදන්නට දුක විඳින ගෝල්ෆේස් අවන්හලක

    තරිඳු උඩුවරගෙදර කොළඹට රාත‍්‍රියේදී නිදාගන්නට බැරි ලෙඩක් ඇත. කොළඹ සදා අවදියෙනි. දවාලේ මෙන්ම රාත‍්‍රියේද කොළඹ සුන්දරත්වය, අසුන්දරත්වය, කටුකත්වය සහ වේදනාව සඟවාගෙන ඉන්නේය. ඉන්දියන් සාගරය දෙසට දත නියවාගත් ගෝල්ෆේස් පිටිය නිදිවරන කොළඹ ජීවිතවලට විවේකයක් එක් කරන්නේය. ගෝල්ෆේස් ලස්සන රාත‍්‍රියටයි. දවසේ රාජකාරි නිමවා ඉර ටිකක් නැවතුණු පසු ගෝල්ෆේස් වෙත තද රැුස් විහිඳුවමින් සද්දය දාන්නට කවුරුත් නැත. ඉතින්

    Read more