Articles by තිවංක සපරමාදු

හොරු රකින්න රනිල්ගෙන් යෝජනාවක්

තිවංක සපරමාදු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවත්වාගෙන යන වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන කටයුතුවලට අදාළ අපරාධ පරීක්‍ෂණ, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යටතට පැවරීමට පොලිස් දෙපාර්තමේන්තුවට නියම කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික කළමනාකරණය පිළිබඳ…


බැසිල්ට, එෆ්සීඅයිඩී නඩු පෝලිමට එයි නඬේසන්ට නඩු

තිවංක සපරමාදු ගම්පහ මල්වානේ නිශ්චල දේපළක් අත්පත් කරගත් ආකාරය සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂට හා ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඬේසන්ට එරෙහිව මාර්තු 9වැනිදා නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ. රුපියල් මිලියන 200ක් වටිනා එම…


ජනපති සාකච්ඡාවේදී හමුදා අපරාධකරුවන් රකින නියෝගයක්

තිවංක සපරමාදු නීතියට පිටින් ගොස් විවිධාකාර අපරාධ සිදුකළැයි කියන ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට කෙරෙන විමර්ශන සඳහා එවැනි හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකිය යුතුයැ’යි පසුගිය පෙබරවාරි 7 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති…


නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම් 2 | රණවිරු ලේබලයට මුවාවී දරුවන් පැහැරගත් තිරිසන්නු

තිවංක සපරමාදු   පසුගිය සතියෙන්.. තමාගේ ඉපැරණි මිත්‍රයකු වන නාගනාදන්ගේ පුත්‍රයා ඇතුළු දරුවන් පස්දෙනකු අතුරුදන්වී ඇති බවත්, ඔවුන් නාවික හමුදා භාරයේ සිටින බව දැනගන්නට ලැබී ඇති බවත් කියමින් හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා නාවික හමුදාපති…


නාවික රණවිරුවන්ගේ තිරිසන් පැහැරගැනීම් හා කප්පම්

තිවංක සපරමාදු නාවික හමුදාවෙන් කළ පැහැරගැනීම් වැළලී යාවිද? යනුවෙන් පසුගිය සතියේ රාවයට නිමල් අබේසිංහ ලියූ සිදුවීම්වලට අදාළ තවත් තොරතුරු දැන් අපට ලැබී තිබේ. මේ ලියැවෙන්නේ ඒ තොරතුරු ආශ්‍රයෙන් නාවික හමුදාවේ ඊනියා රණවිරුවන්ගේ පාදඩ ක්‍රියාවල විස්තරයකි….


මහජන මුදලින් නෑයන්ට වාහන ලබාදීම හෙවත් වීරවංශගේ වාහන දානය

තිවංක සපරමාදු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කිරීම සම්බන්ධ චෝදනා යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැන් සිටින්නේ රක්‍ෂිත බණ්ධනාගාරගතවය. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ…


මිනිසුන්ගේ දුක නිසා කෝටිපතියකු වූ ආසිරි වනිගරත්නගේ ගණ දෙවි ජාවාරම

තිවංක සපරමාදු ජීවිතයේ විවිධා කාර දුක්පීඩා හා ගැටලු තේරුම් ගැනීමටත්, ඒවාට එලැඹ සිටි සිහියෙන් යුක්තව මුහුණ දීමටත් දැනුම් තේරුම්කමක් හා ආත්ම ශක්තියක් නැති මිනිස්සු ලෝකයේ කවදත් ජීවත්වෙති. මේ මිනිසුන්ට තමන් මුහුණ දෙන ජීවිත ගැටලුවලින් මිදීමට…


ටිරාන් මුදාහැරීම අසාමාන්‍යයි

තිවංක සපරමාදු පසුගිය රජය කාලයේ 2006 වසරේදී රාඩා ආයතනයේ සිදුවූ රුපියල් මිලියන 124ක් වටිනා පොදු දේපළ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි, ව්‍යාපාරික හා මව්බිම පුවත්පතේ අයිතිකරු ටිරාන් අලස් රක්‍ෂිත බන්ධනාගාරයෙන් මුදාහරිමින් පසුගිය…


පුරවැසි හඬට ඇහුම්කන් දීම

  කාලය ගෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස් ථාව අනුව 2014 නොවැම්බර් 19 වැනිදායින් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට, තවත් වරක් ධුරය දැරීම සඳහා ජනවරමක් ලබාගැනීමට තම අභිලාෂය ප‍්‍රකාශ කළහැකිය. ඒ අනුව පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය හැකි තරම් ඉක්මනින් පැවැත්වීම…


ආරක්‍ෂක අමාත්‍යාංශය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩයි

  ජූලි 1වැනිදා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ හා රෙජිස්ට‍්‍රාර් ඞීඑම්එස් දිසානායක රාජ්‍ය නොවන සංවිධාන සඳහා තර්ජනාත්මක චක‍්‍රලේඛයක් නිකුත් කළේය. ‘අවසර පත‍්‍රයට ඔබ්බෙන් කටයුතු කරන…


පරාජය සඳහා සියලූ අමුද්‍රව්‍ය දැන් ආණ්ඩුව පැත්තේ

  මේ සතියේ බෙන් තො ට දී ආ ණ් ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කැඳවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගත ජාතික මැතිවරණයකට සූදානම් වන ලෙස ඔවුන්ට කීවේය. ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ජයගන්නා බව සහතික බැවින් සහයෝගයෙන් වැඩ කරන්නැ’යිද…


පොලිස් ඝාතන හා අධිකරණ තීරණ

පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය වීම් ගැන සමාජයෙන් හඬක් නැගුණු නිසා ඒ ගැන පිළිතුරු දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 22වැනිදා පැවැත්විණි. එහිදී පොලිස් අත්අඩංගුවේ සිදුවන ඝාතන සාධාරණීකරණය කරන්නට…


පොලිස් වෘත්තියේ දැලි ගාන පොලිස්පති

  කුරුණෑගලදී පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුද ආයුධ පෙන්වන්නට ගොස්, ‘ග්‍රෙනේඞ් බෝම්බයක් පොලිසිය දෙසට ගසන්නට තැත්කළ විට පොලිසිය තැබූ වෙඩිපහරින් පසුගිය සතියේදී මියගියේය.’ ඒ සිදුවීම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තොල කට නොගෑවී…