දේශපාලන

සුත්තර පුංචාගෙන් ප්‍රවේසම් වෙනු

ටිරන් කුමාර බංගගමආරච්චි මේ මොහොතේ මෙරට දේශපාලනයේ වඩාත් සතුටුවන්තයා, වාසනාවන්තයා කවුද යන්න ගැන හිතුවහොත් විවිධ නම් ඔළුවට ආ හැකි වුවත් මාගේ නිගමනය නම් ඒ අන් කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ බවය. අද ඇතිවී ඇති දේශපාලන ව්‍යාකූලතාවයේ…


රාජ්‍ය මූල්‍ය විනයට පෙරවදනක්

විපුල කරුණාතිලක මේ ලිපියට ප්‍රස්තුත වන්නේ පසුගිය සතියේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදනකු වූ මහාචාර්ය සරත් විජේසූරිය හා දඹර අමිල හිමි ලොතරැයි මණ්ඩලයෙන් හා ලිට්රෝ ගෑස් සමාගමෙන් තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය ලබාගැනීමය. මෙය ඉතා…


අත්තිවාරම කපන්න වෙන්නේ බිම් කට්ටි දෙකෙන් එකකයි – මහාචාර්ය සරත් විජේසූරිය

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න අගමැති මාරුවෙන් හටගත් දේශපාලන අර්බුදය නිමාකර ගැනීමට අධිකරණයේ යහපත් මැදිහත්වීමක් සිදුවෙමින් තිබුණත්, අධිකරණ තීන්දුවලට පවා හිස නොනමන තත්ත්වයකට අර්බුදයේ නිර්මාණකරුවන් දරදඬු වී ඇති බවක් පේනවා. මෙහි අවසානය කෙසේ විය හැකිද? ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම…


අරාජිකත්වය හා රාජ්‍යයේ බිඳ වැටීම

වික්ටර් අයිවන් රාජ්‍යයද විශේෂ වර්ගයක යන්ත්‍රයක් ලෙස සැලකිය හැකිය. එම යන්ත්‍රය හා එහි ක්‍රියාකාරීත්වය හොඳින් පරීක්ෂා කරන කෙනකුට එහි ඇති දෝෂ හා කල් පැවැත්ම කල්තියා ප්‍රකාශ කිරීම දුෂ්කර දෙයක් වන්නේ නැත. එල්ටීටීඊ කැරැල්ල අවසාන වනවිට…


ඇඟිලි 999ක් කපන මිනිසා

විමලනාත් වීරරත්න එළැඹෙන 11 වැනිදා රාත්‍රිය වනවිට රටෙහි දැනට උද්ගතව පවතින සකල දෝෂ හෙවත් දේශපාලන අර්බුදය මුළුමනින්ම නිවාරණය කර දමන බව ජනාධිපතිවරයා 04 වැනිදා ශ්‍රීලනිප විශේෂ නියෝජිත සමුළුවේදී කීවේය. ඔහු එහිදී වැඩිදුරටත් කීවේ පවතින අර්බුදය…


ප්‍රජාතන්ත්‍රවාදය පත්වී ඇති අනතුර

ජයදේව උයන්ගොඩ ලංකාවේ දැනට උග්‍රවන දේශපාලන අර්බුදය තුළ ක්ෂණිකව අනතුරට පත්වෙමින් පවතින්නේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා දියත් කර ඇති වියරු ව්‍යාපෘතියට එරෙහිව සටන් කරන දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ව්‍යාපාර…


කුමාරතුංගගේ ජාත්‍යන්තරවාදයට එරෙහි ගෙවිඳු කුමාරතුංගගේ ළිං මැඬි චින්තනය

චින්තක රණසිංහ කුමාරතුංග මුණිදාස පඬිවරයාගේ ඥාති පුත්‍රයකු යැයි හඳුන්වා ගන්නා ගෙවිඳු කුමාරතුංග නමැති මහතෙක් මේ දිනවල යුතුකම අධ්‍යයන කවය නම් සංවිධානයක් මුල් කොට ගනිමින් මෛත්‍රී – රාජපක්ෂ (දැනටමත් අධිකරණය මගින් නෛතිකව බලයෙන් නෙරපන ලද) බල…


වෙළඳපල ආර්ථිකයේ අදිසි හස්තය

ප්‍රභාස්වර රටක ජාතික ආර්ථිකයක් මෙහෙයවීමේදී එදිනෙදා ගත යුතු තීන්දු තීරණ දශලක්ෂ ගණනාවක් ඇත. ඒ අනුව, අප නිෂ්පාදනය කළ යුතු භාණ්ඩ මොනවාද? පොදු ජනයා වෙත කුමන සේවාවන් ලබා දිය යුතුද? කෙතරම් භාණ්ඩ හා සේවාවන් නිපැයිය යුතුද?…


අනාගතයට අබ සරණයි

එස්. නන්දලාල් පසුගිය සතියේ පළ වූ ලිපියේ ම දිගුවකි. පසුගිය දෙවැනිදා එක්සත් ජාතීන්ගේ දේශගුණ සමු`ඵව පෝලන්තයේ කැටොවයිස් නගරයේදී ඇරැඹිණි. එම සමු`ඵවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ ප්‍රවීණ පරිසරවේදී සහ පරිසරය පිළිබඳ විවිධ රූපවාහිනී වැඩසටහන් මෙන් ම…


අගමැති ධුරයටත් සීමාවක් ඕනෑ

එරාන් වික්‍රමරත්න – එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද? බලකේන්ද්‍ර දෙකක් තියෙනවා. එකක් පාර්ලිමේන්තුව අනෙක විධායක ජනාධිපතිතුමා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පාර්ලිමේන්තුවේ බලතල…


රවින්ද්‍රගේ රෙදි ගැළවුණු නිශාන්තගේ ‘බී’ වාර්තාව

රසික ගුණවර්ධන කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරු හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට රැකවරණය ලබා දුන්නා යැයි චෝදනා ලැබ රිමාන්ඞ් භාරයට පත් කර සිටින වත්මන් ආරක්ෂක මාණ්ඩලික…


පිහි ඇනුමකට පෙර

ටිරන් කුමාර බංගගමආරච්චි නොවැම්බර් 24දා දහවල් මාතර ඇලවේල්ල ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී 19 හැවිරිදි පාසල් සිසුවකුට තවත් සිසුවකු එල්ල කළ පිහි පහරින් මරුමුවට පත්විය. මෙය රටේ කාගෙත් කතාබහ අලුත් කළ අතර රටේ ප්‍රශ්න බොහොමයක් හීනියට…


වසන්ත ඩී.එස්.ගේ පරපුරේද? ඩී.එස්.ගේ අශ්වයාගේ පරපුරේද?

ටිරන් කුමාර බංගගමආරච්චි එක් ගමක සිටි උගතකු සහ මෝඩයකුට තම දෙපළගෙන් වඩා දැනමුත්තා කවුද යන ප්‍රශ්නය මතුව ඇත. එය තීරණය කිරීම ගම්මුනට භාර දුන් මේ දෙපළ ජනමතය විමසීම සඳහා ප්‍රසිද්ධියේ වාදයක් ආරම්භ කර ඇත. වාදය…


අර්බුදයේ මුල තේරුම් ගැනීම

වික්ටර් අයිවන් මේ වනවිට අපේ රටේ රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය තිබෙන්නේ දූෂණයෙන් කුණුවී ජරාජීර්ණ තත්ත්වයකට පත්වීම තුළ රාජ්‍යයක තිබිය යුතු ක්‍රියාකාරී ශක්තිය මුළුමනින් අහිමි කර ගනිමින් රාජ්‍යය අභාවයට යන තත්ත්වයකය. එම අර්බුදයේ තවත් වැදගත්ම…