දේශපාලන

විචාරශිලී ඇස අහිමිව රජා තේරීම

විමලනාත් වීරරත්න දේශපාලනයට කවදාවත් නොඑන බව අවසානයේදී කුමාර් සංගක්කාර ප්‍රකාශ කර තිබුණි. ප්‍රස්තුතයට අදාළව මෙතෙක් ඔහු ගැන පළ වූ විවිධ අදහස් ඉතා සැලකිල්ලෙන් කියවූ බව ප්‍රකාශ කර තිබුණු හෙතෙම ලංකාවේ දේශපාලනය මේ තරමට බංකොලොත් තත්ත්වයට…


“කුණුවීම” ජය ගැනීමට කළ යුත්තේ කුමක් ද? (පුනරුදයට පිළිතුරක්)

ජයවික්‍රම සූරියබණ්ඩාර රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතාගේ නායකත්වයෙන් වසර දෙකකට ආසන්න කාලයක් පුරා දියත් වන්නා වූ “පුනරුද ව්‍යාපාරය” සිය මෙහෙවරෙහි නිරවද්‍යතාව අරබයා නිහතමානී ලෙස ඇරයුමක් කොට සිටියේ 2018-08-12 දාතමින් නිකුත් වූ රාවය පුවත්පතේ 09…


බොරු ඇත්ත

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සත්‍ය, අසත්‍ය මෙන්ම හරි දේ කුමක්ද? වැරදි දේ කුමක්ද? යන්න තෝරාබේරා ගැනීමට නොහැකි වන තරමට සියල්ල අවුල් ජාලාවක් බවට පත්ව තිබීම, ශ්‍රී ලංකා ජනතාව අද මුහුණ දී සිටින බරපතළ ඛේදවාචකයකි. මෙයින් අදහස්…


ෂැන්ග්‍රී-ලා දේශපාලනය

ටිරන් කුමාර බංගගමආරච්චි මේ දිනවල දේශපාලනයේ විවාදාපන්න චරිතය කවුද? එකවර විවිධ නම් සිහිවිය හැකිමුත් සැබැවින්ම එතැන හිමිවිය යුත්තේ ආර්. සම්බන්ධන්ටය. විපක්ෂනායක ධුරය සම්බන්ධන්ගෙන් ගලවාගෙන තම පිලට ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය සැබෑ එකකට වඩා ව්‍යාජ යැයි…


අතුරලියේ රතන හිමි කුමකට සැරසෙන්නෙහිද?

විපුල කරුණාතිලක රතන ස්වාමීන්වහන්සේ පසුගිය සතියේ රාවයට සේරම දූෂිතයන් නිසා නව සමාජ ක්‍රමයක් ඕනෑ නම් මාතෘකාවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබුණි. සාකච්ඡාවෙන් උන්වහන්සේ මතුකර තිබුණේ දැනට දේශපාලනයට හසුනොවන පිරිසක් (භාවනා කරන, සංගීතයට සවන් දෙන හා යෝග…


කුණුවීම ජයගැනීම

වික්ටර් අයිවන් රෑ වැටුණු වළේ දවල් ද වැටුණු මිනිසකු සැලකිය යුත්තේ මෝඩයකු ලෙසය. ඒ වළේ නිතර නිතර වැටෙන මිනිසකු සැලකිය යුත්තේ සාමාන්‍ය මෝඩයකු ලෙස නොව උපරිම මෝඩයකු ලෙසය. වළක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ…


තලතා සහ දිස්නා

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ සිටින කිසිදු නිලධාරියෙකුට මේ දිනවල මාධ්‍ය වෙත තොරතුරු ලබාදිය නොහැකිය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සිට බන්ධනාගාර මූලස්ථානයේ මෙන්ම එක් එක් බන්ධනාගාරවල සිටින නිලධාරීහු ද අමාත්‍යංශයේ මේ නියමයට යටත් වෙති. තොරතුරු…


අපේක්ෂාභංගත්වයට පිළිතුර වටිනාකම් අධ්‍යාපනයයි – ගුල්බායි ගුණසේකර

පරිවර්තනය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු රට තුළ සිටින සියලු දෙනා රජය කෙරෙහි සෑහීමකට පත් වී නොමැත. අප ඵල රහිතව බලාපොරොත්තු තැබුවෙමු. ඒ වෙනුවට අපි දුටු දේ මෙයයි. ඔවුන්ගේ ආයෝජන ක්‍රීඩාවේ අතීතය සිහිපත් කරමින් අපි ළමයි ලෙස…


එස්.බී.ඩී.ද සිල්වා: දේශපාලන ආර්ථික විද්‍යාඥයකු ලෙස

ආචාර්ය සමන් පුෂ්පකුමාර දර්ශන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම දේශපාලන ආර්ථික විද්‍යාඥයා අප අතරින් වියෝ විය. ඒ ආචාර්ය එස්.බී.ඩී. ද සිල්වාය. ඔහු මාක්ස්වාදී පසුබිමකින් යුක්තව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන්…


සේරම දූෂිතයො නිසා නව සමාජ ක්‍රමයක් ඕනෑ අතුරලියේ රතන හිමි

සංවාදය – වින්ද්‍යා ගමගේ ඔබ ප්‍රකාශ කර තිබෙනවා පුළුල් ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන බව. මේ වතාවේ ඒ කටයුත්ත කරන්නේ කවුරුන් සමගද? අහවල් පුද්ගලයා සමග ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා යැයි මට එහෙම කිසිදු රේඛාවක්, සීමාවක් පනවාගෙන නැහැ….


ශ්‍රී ලංකාවට ජාතික ජල හා කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

කාශ්‍යප ඒ. එස්. යාපා 1. අපි අවුරුදු 2ක් පමණ යන විට අම්මාගේ කිරිවලින් නිදහස් වෙමු. ඒත් අපට ජලයෙන් නිදහස්වීමට පුළුවන් වන්නේ කවදාද? එහෙමනම්, අපි පිළිගන්න ඕන ජල මාතාව අප පෝෂණය කරනවා කියලා, සදහටම. ඉතින්, ඇයි…


රට සහ බඩ

ටිරන් කුමාර බංගගමආරච්චි එදා රාජපක්ෂලාගේ පාලනය පෙරළන්න ඕනෑතරම් හේතු තිබුණා. හැම හේතුවක්ම රාජපක්ෂලාගේ පරහට හිටියා. රාජපක්ෂලාට තිබුණේ රට ජාතිය විතරයි. යුද්ධය අහවර කිරීම නිසා ජීවිත කාලයටම රට තමන්ට ලැබුණු බූදලයක් කියලා රාජපක්ෂ හිතුවා. රාජපක්ෂගේ හොරණෑව…


ගම හප කිරීම

වික්ටර් අයිවන් ලංකාවේ ක්‍රියාත්මක වන සමස්ත ක්‍රමය කොල්ලකරුවන්ට හැර සාධාරණ ලෙස නැගී සිටීමට උත්සාහ කරන හැම කෙනකුම චප්ප කරන, අතළොස්සක් වන කොල්ලකරුවන්ට සුරසැප ලබාදෙමින් බහුතර ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙන දුෂ්ඨ ක්‍රමයක් ලෙස සැලකිය…


එල්ලුම් ගහ නිර්- රොමෑන්තික කිරීම

ජයදේව උයන්ගොඩ ලංකාවේ දේශපාලනඥයන්ද, ජනමාධ්‍යයද විසින් වරින් වර රොමෑන්තිකකරණයට ලක් කරනු ලබන විවිධ විෂය වස්තූන් තිබේ. ‘එල්ලුම් ගහ’ මේ ලැයිස්තුවට අලුතෙන්ම එකතු වී ඇති සංසිද්ධියයි. බොහෝ පුවත්පත් ලේඛකයන්ද එල්ලුම් ගහ රොමෑන්තික කිරීම වෙත ඇදී යන…