Wednesday, 23/8/2017 | 2:22 UTC+0
රාවය
  • බොකෝහරාම් කප්පම් ඉල්ලයි

      පසුගිය සතියේ බොකෝහරාම් තමන් විසින් අල්ලා ගන්නා ලද පාසල් සිසුවියන් 238 දෙනාගෙන් 138 දෙනෙකු සිටිනා වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කළේය. ඔවුහු අ`ඵ හෝ ක`ඵ හෝ පැහැති නිකාබ් ඇඳුමින් සැරහී ඉතා කීකරු සාම්ප‍්‍රදායික මුස්ලිම් යුවතියන් සේ පෙනී සිටියෝය. සාම්ප‍්‍රදායික ලෙස මේ පැහැයන් සැලකෙන්නේ හිරු මුවා කරන වලාකු`ඵවල පැහැය ලෙසයි. දැරියන් පෙන්වා එහි නායක අබුබකර් ශෙකාඋ කියා

    Read more
  • තායිලන්ත ව්‍යවස්ථාපිත නාටකය

      තායිලන්තයේ ව්‍යස්ථාදායක අධිකරණය පසුගිය 07දා එරට අග‍්‍රාමාත්‍ය යිංලක් ශිනවාත‍්‍රා එදින සිට සිය ධුරයෙන් ඉවත්ව යා යුතුයැ’යි නියෝග කළේ ය. ඇය සමග ඇගේ කැබිනට් සගයන් නව දෙනෙකුට ද එලෙස නියෝග කැරිණි. මේ සමගම තායිලන්ත භාරකාර ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යධුරයට නියෝජ්‍ය අගමැතිවරයාව සිටි නිවත්තුම්රොං බූන්සංපයිසාන් පත්කැරිණි. ශිනවාත‍්‍රා හිතවාදී ‘ඒකාධි පතිත්වයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ‘ හෙවත් රතු කමිස ව්‍යාපාරය

    Read more
  • යුද්ධයෙන් පසු බිහිවුණු රට

      මැයි 18වැනිදා යුද්ධය අවසන් කරන විට ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ජාතියේ වර්ණවත්ම නායකයා ලෙස විරුදාවලි ලත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන් හරියටම අවුරුදු 5කට පසු පැවැත්වෙන ‘විජය ග‍්‍රහණයේ සැමරුමට’ සහභාගිවන්නේ ආයාස යෙන් තවරාගත් බාහිර ඔපයක් සහිත දුර්වර්ණිත නායකයකු ලෙසිනි. එදා ඔහු වර්ණනාවට ලක් කළ පිරිසෙන් විශාල කොටසක් අද ප‍්‍රසිද්ධියේම ඔහු විවේචනය කරති. තවත් විශාල කොටසක් ඔහු

    Read more
  • ජනාධිපති මස්සිනාගේ ශ‍්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි හයයි

      2012 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252 ක් පමණ වන බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලූවහොත් රුපියල් කෝටි 6.169කි. ශ‍්‍රී ලංකන් සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 1,721ක හෙවත් රුපියල් මිලියන 17,208.38ක පමණ අලාභයක් ලබා තිබේ. එය දිනකට රුපියල් කෝටි 4.71කි. 2012 වසරේදී එම අලාභය සියයට

    Read more
  • කරුංකා ජාවාරම පිටුපස ඇමතිවරු හා නිලධාරීන්

      වංචා දූෂණයන් සිදුවන්නේ නීත්‍යනුකූල නොවන තත්ත්වයක් යටතේ බව බොහෝවිට අපගේ විශ්වාසයය. එහෙත් නීත්‍යනුකූල තත්ත්වයන් යටතේද වංචා දූෂණයන් සිදුවන බව බැහැර කළ නොහැකි සත්‍යයකි. පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුංකා ආනයනයන්ද අපට සැලකිය හැක්කේ නීත්‍යනුකූල තත්ත්වයන් යටතේ සිදුවූ මහා පරිමාණ ජාවාරමක් බවය. මේ ජාවාරමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ද අඩු වැඩි වශයෙන් මෙන්ම

    Read more
  • අලූත්ගම ගිනිගන්නට පෙර

    බස්නාහිර – දකුණ  සීමාවේ අවසන්  වෙළෙඳ නගර යයි, මේ අලූත්ගම. හැමතැනම පොලිස් මුරභටයෝය. හැමතැනම රංචු රංචු පොලිස් විශේෂ බලකා සෙබළු ය. ආණ්ඩුව සුපුරුදු ලෙසම අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා ඇත. අෂ්මියා මහල් වෙළෙඳ සංකීර්ණය අළු දූවිලි බවට හැරී ඇත. ෆීනික්ස් පක්ෂියකු තවමත් පෙනෙන්ට නැත. මම ඡුායාරූපයක් ගතිමි. අඩෝ පොටෝ ගන්නේ කවුද? කොණ්ඩය වවාගත් කරාබු පැළඳ ගත්

    Read more
  • සමසෞඛ්‍යය හා අපේ රට

      සම සෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාල සීමාව වසර හතරක් වන ලෙසට ම ඉදිරියටත් පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණවල යෙදුණු සරසවි සිසුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ ව වූ පසුගිය සිදුවීම් අප ජීවත් වන්නේ කුමන රටකදැ’යි අපට කියා දෙන කැඩපතක් වැන්න. පළමුවැන්න, විශ්ව විද්‍යාල හා වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ විද්වතුන් විසින් දේශීය අවශ්‍යතාව හා ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ගැන මැනැවින් කරුණු සලකා බලන ලදුව අවුරුදු

    Read more
  • ව්‍යවස්ථා සම්පාදනයේ දකුණු අප‍්‍රිකානු ආදර්ශය ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය – 8

      ස්පාඤ්ඤ ජාතික ව්‍යවස්ථා  විචාරකයකු වන ටෝනියෝ  ගෑස්ගේ මතය අනුව ලෝකයේ සියලූම ව්‍යවස්ථා අතුරින් වඩාත්ම ලිබරල් හා වඩාත්ම නවීන ව්‍යවස්ථාව ලෙස සැලකිය හැක්කේ දකුණු අප‍්‍රිකානු ව්‍යවස්ථාවය. ඊට ඇතුළත් මානව හිමිකම් ලේඛනය සම්භාව්‍ය ලිබරල් මානව හිමිකම් ලේඛනය ඉක්මවා ගිය දියුණු තත්ත්වයක පවතී. එහි සමානතාවාදී සංකල්පය අර්ථකථනය වී තිබෙන්නේද ඉතාමත් නිර්මාණශීලී හා නවීන ආකාරයකටය. සීමිත ආණ්ඩුව පිළිබඳ ලිබරල්

    Read more
  • විමල්ගේ කැරැල්ල යන්නේ කොහිද?

      මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස  භංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීමේදී ඇමති විමල්  වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්‍ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ ආණ්ඩුව සමග එක්ව ඡුන්දය දුන් නමුත් ඇමතිවරු දෙදෙනා ඡුන්දය දීමෙන් වැළකී සිටියහ. ‘කැසිනෝවලට විරුද්ධ නමුත් ආණ්ඩුව කඩාවැටෙන නිසා හෝ එජාපය

    Read more
  • විජයග‍්‍රහණය හා පරාජය

      රජය මේ වසරේ දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ පස්වැනි සංවත්සරය වෙනදා මෙන් ම මහ ඉහළින් සමරයි. ඒ සඳහා මාතර නගරය සූදානම් කොට ඇති අතර, ප‍්‍රදේශයේ පාසල්වලට දින ගණනක් නිවාඩු ද දී මේ උත්සවය උත්කර්ෂවත් ව පවත්වන්නට සෑම පියවරක් ම ගෙන තිබේ. ඒ අතර වාර්තා වන්නේ යාපනය විශ්වවිද්‍යාලයද මැයි 16 සිට 20 දක්වා

    Read more
  • ලිඛිත ව්‍යවස්ථා ඇති රාජ්‍යයක් ඇතිවීම (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය 7)

    දීර්ඝ කාලයක් දේව ධර්ම ආධිපත්‍යය තුළ හිරවී එකතැන පල්වෙන තත්ත්වයක තිබූ යුරෝපය වේගයෙන් ඉදිරියට ඇදී යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන පුනරුද යුගයට අවතීර්ණ වන්නේ 15 වන සියවසේදීය. ඉන්පසු 17 වැනි සියවස දක්වා ඇතිවන මහා සිදුවීම් යුරෝපය මුල්කරගත් නූතන ලෝකයක් ඇති කිරීමට හේතුවීයැ’යි කිව හැකිය. දේව ධර්මයට තිබූ ආධිපත්‍යය බිඳවැටී නවීන විද්‍යාව ඒ තැන ගත්තේද කාර්මිකකරණය

    Read more
  • වැට් වංචාවේ හෙළි නොවූ රහස්

      වැට් බදු වංචා නඩුව පසුගිය සතියේ අවසන් වූයේ, චෝදනා ලැබ සිටි චූදිතයන් 13 දෙනකු අතරින්, අත්අඩංගුවට ගනු ලැබූ පස්දෙනාගෙන් වරද පිළිනොගෙන සිටි, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වූ ඥානසිරි ද සොයිසා ද අවසානයේ වරද පිළිගැනීම නිසා අවුරුදු තුනකින් ගෙවෙන ලෙස 102 අවුරුදු දඬුවමක් හා රුපියල් කෝටි 1198ක දඩයක් ඔහුට නියම කිරීමෙනි. පනවන ලද

    Read more
  • ජවිපෙ සහාය නිර්පාක්ෂිකයකුට

      ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව හා එම අපේක්ෂකයා නිර්පාක්ෂිකයකු වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇතැ’යි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් රාවය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගෙන් කරන ලද විමසීමකදී එම මන්ත‍්‍රීවරයා පැවසුවේ සමස්ත සමාජ ආර්ථික ක‍්‍රමයේම වෙනසක් විය යුතු බවට වූ සාකච්ඡුා

    Read more
  • ජීවිතය සහ මරණය අතර කතා තුනක්

      පළමු කතාව මම හැම වෙලාවෙම දෙවියෝ විශ්වාස කළා. බයිබලයෙත් මේ වගේ ගමනක් ගැන කියලා තියෙනවා. මට හැමවෙලාවෙම බයිබලය මතක් වුණා. මම, මගේ බිරිඳ, මගේ දරුවෝ තුන්දෙනා, මේ ගමන පටත් ගත්තේ විෂ්ව මඩුවල අපේ ගෙදරින්. අතට අහුවෙන හැම දෙයක්ම ගත්තා. සමහර දේවල් වළ දැම්මා. එක පැත්තකින් ස්පී‍්‍රකර් දාල අපිට යන්න එපා කියනවා. අනෙක් පැත්තෙන් පති‍්‍රකා

    Read more