Wednesday, 23/8/2017 | 12:26 UTC+0
රාවය
  • ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

    අලූත්ගම ලජ්ජාසහගත ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවී ගොසිනි. මේ සති දෙක තුළ සිදු වූ කරුණු කාරණා දෙස විමසිල්ලෙන් බලන විට ද මැනැවින් තහවුරු වන සත්‍යය නම් පරණ එක ම ය. එනම්, බොදු බල සේනාව ආණ්ඩුවේ ම එක් පෙරමුණක් බව යි. එය ඇති කරන්නට අවශ්‍ය වටාපිටාව සැකසුවේ ද, එය පවත්වාගෙන යන්නේ ද, නීතිය නිහඬ කොට එහි පාදඩ

    Read more
  • ගෝඨාභයගේ හෙවණැල්ල

      ගෝඨාභය රාජපක්ෂ කෙනකු ලංකා දේශපාලනයට එකතුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. ඔහු හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු දශක එකහමාරක පමණ කාලයක් ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේය. ඔහු ප‍්‍රකට හෝ බලවත් පුද්ගලයකු බවට පත්වන්නේ සහෝදරයා ජනාධිපති ධුරයට පත්වීමත් සමග සිදුවන ආගමනයෙන් පසුවය. ඒ සමග ඔහුට ඉතා බලවත් තනතුරක් ලෙස සැලකිය හැකි ආරක්ෂක ලේකම් ධුරය හිමිවූ

    Read more
  • අලූත්ගම අලූත්වෙයිද?

      අලූත්ගම, බේරුවල ප‍්‍රදේශයන්හී ඝන අන්ධකාරය පහව ගොස් ආලෝකය මතුව ඇතැ’යි බෙන්තර ගඟින් මෙපිට හා හූවය. එහෙත් ඒ පැත්තෙහි තවමත් මීයට පිම්බාක් මෙනි. දහවලේ වුව එහි වෙසෙනවුන්ගේ ජීවිත කට්ට කරුවලේමය. බුර බුරා නැගුණු කළු දුමාරයට හසුවූවන්ගේ ඇස් තවමත් නිලංකාර වූ සේමය. ‘‘දැන් මොනවා කතා කළත් වැඩක් නැහැ. අපිට ඉතිරි වුණේ මේ පිච්චිච්ච බිත්ති විතරයි. මේවා

    Read more
  • අන්තවාදීන්ට එරෙහි නීති ජනාධිපති ළඟ හිරවේ

      බොදුබල සේනා වැනි ජාතික ආගමික හෝ වෙනත් කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයට හෝ එදිරිවාදිකම්වලට හේතුවන හෝ පොළඹවන ක‍්‍රියා සාපරාධී ක‍්‍රියා ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කරන ලෙසට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින් ඉදිරිපත් කරන ලද හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත්

    Read more
  • මේ ඇයගේ හඩයි එය ඔබට ඇසෙනවාද?..

      යටත්විජිත රබර් වගාවක මතක සේයාරුවක් මැදින් කඳුකරයට වක ගැසුණු පාරක්. වියළි නෙත් අතර මැදක නතර වුණු ස්වභාව දහමක්. කාපට් පාරෙන් මහ පාරට. තාර පාරෙන් කොන්කී‍්‍රට් පාරට. පස්සේ ඉලූක් ගාලක් දෙපළු කර ගෙන කැලය ඇතුළට. වාහනය නතර කළ යුතු සීමාව. දැන් පයින් යා යුතුයි. සැඳෑ අඳුර ගලන වෙලාවට කවුළු පියන් වැසෙන වෙලාවට කවුළු පියන් ඇරලා

    Read more
  • දැල්පන්දුවේ කෙහෙවලූ පැටලීම

    ආසියානු දැල්පන්දු තරගාවලියට තවත් මාස තුනක් පමණක් තිබියදී ජාතික පුහුණුකාරිනී දිප්ති අල්විස් පසුගියදා එම තනතුරින් ඉවත් කර තිබීම දැල්පන්දු ක්ෂේත‍්‍රයේ කැළඹීමක් නිර්මාණය කරන්නක් ව තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මස දක්වා දැල්පන්දු ජාතික පුහුණුකාරිනිය ලෙස පත්වීම ලද අල්විස් මහත්මිය හිටිඅඩියේ ම ශ‍්‍රී ලංකා දැල්පන්දු අතුරු කමිටුවේ ලේකම් දමයන්ති ජයතිලකගේ අත්සනින් යුත් ලිපියක් මගින්

    Read more
  • බොඩිද? බිල්ඩින්ද?

    දේශපාලකයන්ගේ ආරක්ෂාවට සින්න වූ කායවර්ධන ශරීරවලට කී‍්‍රඩාමය ගුණයක් එකතු වූයේ මෑතකදීය. එය මෙරට ජාතික කී‍්‍රඩා ගොන්නට එකතු වූයේ පවා වත්මන් සභාපති කපිල කුමාර නිසාවෙනි. කපිල කුමාරගේ සභාපතිත්වය යටතේ අඩු පාඩු ඕනෑ තරම් තිබිය හැකි වුවත් ඒ අඩුපාඩු සියල්ල මකාගෙන යකා මෙන් වැඩ කිරීමේ හැකියාවද ඔහු සතුය. යමක් නිවැරදියැ’යි සිතන්නේ නම් එකී රාමුව තුළ කවුරු විරුද්ධ

    Read more
  • දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය

    ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනමාධ්‍යවේදීන් පසුපස එළවා යමින් හෝටල්වලින් ඔවුන් මහ පාරට ඇද දමමින් පසුගිය සතියෙහි තරමක කළු ජූලියක් මෙරට කි‍්‍රයාත්මක විය. විසිදෙනෙකු පමණ වූ එම ජනමාධ්‍යවේදීන් පිරිස තෙදින වැඩමුළුවක් පිණිස පළමු වතාවේ නවාතැන් ගත්තේ පොළොන්නරුව ගිරිතලේ ඩියර් පාර්ක් නම් හෝටලයේ ය. ඒ පසුගිය අපේ‍්‍රල් මාසයේ 22දා ය. වැඩමුළුව සංවිධානය කරන ලද්දේද එසේ

    Read more
  • දමිළ වීම අනාරක්ෂිතය අඳුරු දූපතේ මේ

    නිදහසේ හිතන්න, නිදහසේ අධ්‍යයන කටයුතු කරන්න අපට ඉඩක් නැද්ද? අපේ සිසුන්ට බුද්ධිමත්ව හිතන්න ඉඩහැරීම අපේ වගකීමක්. ඒත් යාපනය නමැති අඳුරු අර්ධද්වීපයේ ඒ නිදහස නැතැ’යි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා ජූනි 10 වැනිදා කොළඹ දී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කර තිබුණි. යාපනයට හා යාපනය සරසවියට එසේ වීමට හේතුව එම ප‍්‍රදේශය

    Read more
  • දඩ කොළයක් කළ හදියක්

    නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර ගමන්ගත් වාහනයට දකුණු අධිවේගී මාර්ගයේදී දඩ කොළයක් ලිවීමත්, එය එතැනින් නොනැවතී ඇමති බලතල දක්වා දික්ගැසීමත් ඊට ටික දිනකට පසු දඩ කොළය ලියූ කොස්තාපල්වරයා ගමන්ගත් වාහනයට කිසියම් පිරිසක් ගිනිතැබීමත් කොස්තාපල්වරයාට පහරදීමත් යන කරුණු මත දඩ කොළයේ කතාව කරළියට ආවේය. සියල්ල සිදුවනුයේ දඩ කොළයට මුවාවීදැ’යි පොලිස් කොස්තාපල්වරයාගේ මුවින් ගිලිහෙන තැන සිට කතාව අමුතු

    Read more
  • ඊජිප්තුවේ කාන්තා හිංසනය දැන් අපරාධ වරදක්

    ධූරය හැරගිය ඊජිප්තු ජනාධි පති අද්ලි මන්සුර් විසින් පසුගිය 05 බ‍්‍රහස්පතින්දා සිට කි‍්‍රයාත්මක වන පරිදි කාන්තා හිංසනය අපරාධ වරදක් බව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව කාන්තා හිංසනය ඔප්පු වුවහොත් පුද්ගලයකුට මාස හයේ සිට වසර 5 දක්වා සිරදඩුවමක් හෝ පවුම් 400 සිට 7,000 දක්වා දඩයක් හෝ නියම වනු ඇත. (ඊජිප්තු පවුමක් ඇඩො ශත 14 පමණ

    Read more
  • ලොව පුරා ත‍්‍රස්තකි‍්‍රයා සහ මනුෂ්‍ය ඝාතන

      පසුගිය 09 සඳුදා පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටට බරපතළ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවිය. එයින් 29ක් මරණයට පත් ව තවත් 30කට බරපතළ තුවාල සිදුවිණැ’යි වාර්තා වෙයි. ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තයන් 10ම මරණයට පත් ව ඇති අතර ගුවන්තොට ආරක්‍ෂක හමුදාවේ 10ක් ද පොලීසියේ 2ක් සහ වෙනත් සේවා සපයන ආයතනවල 7ක් ද මරණයට පත් වූ බව වාර්තාවෙයි. කෙසේවෙතත්

    Read more
  • ගෝඨාභය දේශපාලන ආගමනය

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේශපාලනයට ඒමට ජනාධිපතිවරයා ආරාධනා කරන තෙක් සිටින බවක් පසුගිය සතියේ ‘දේශය’ පුවත්පත වාර්තා කළේය. මෙතෙක් රාජ්‍ය නිලධාරියකු වශයෙන් සිටි ඔහු ප‍්‍රසිද්ධ දේශපාලනයට එළැඹීම අංශ දෙකකින් වැදගත් වෙයි. පළමුවැන්න ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්නකිරීමට ලක්වීමය. හෙවත් වගඋත්තර කීමට ඔහුට සිදුවීමය. දැන් ඔහු සිටින්නේ ආරක්‍ෂක ලේකම් නමැති සියලූ පවුරුවලින් ආරක්‍ෂා වෙමින් සහ ඉඳහිට එළියට පැමිණ අනුන්ට

    Read more
  • එක්සත් ජාතීන්ගේ තොණ්ඩුව පාර්ලිමේන්තුවේ බෙල්ලට

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් 2002 සිට 2009 දක්වා කාලය තුළ ලංකාවේ යුදගැටුම් කාලය තුළ රජය සහ එල්ටීටීඊය යන දෙපාර්ශ්වයෙන්ම සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සොයාබලා වාර්තාකිරීම කිරීම සඳහා පැවැත්වීමට නියමිත විමර්ශනය ලබන ජූලි මස සිට නොවැම්බර් දක්වා පවත්වන්නට නියමිත බව දැනටමත් ලංකාවට නිල වශයෙන් දැනුම් දී තිබේ. එම විමර්ශන කණ්ඩායම මූලික වශයෙන්

    Read more