Wednesday, 23/8/2017 | 2:21 UTC+0
රාවය
  • මල්පැණි පොදක්

    නැන්දේ මාමා ඉන්නවද?’ ‘ ඕන් ඔය කිතුල පැත්තට ගියා මයේ හිතේ. ගිහිල්ලා බලාපං.’ මම වත්ත පහළ කිතුල ළඟට යනවා. ඊට තරමක් ඈතින් දොළ කඳුරක්. ඊටත් ඈතින් සිංහරාජ ඝන කැලය. සිංහ ගලත් පේනවා. අහස සොයන කිතුල් ගස් දෙක තුනක් අතරින් මම මට අදාළ කිතුල සොයනවා. හරි හමුවුණා. කිතුල් කඳට රිටක් තියලා ඒ රිට බට පතුරුවලින් ගැටගහලා.

    Read more
  • අලි ආදරය

    ඡායා  – රුක්මාල් ද සිල්වා පැරණි දේවල් හැමවිටකම පැරණි ස්ව රූපයෙන් මැවෙනවා වගේ පෙනුණා. මම ඉන්නේ කෝට්ටේ රජමහා විහාරයට යන පාරේ. පාර පාළුයි. මම විහාර වීදිය දිගේ ගොස් පන්සලට ඇතුළු වීමි. මම හිතුවාට වඩා ඉක්මනින් මාව එතනට එවුණායි සිතමි. පන්සලත් පාළුයි. දහවල හේතුවක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් හුරු පුරුදු මේ පෙදෙස මා සිත තුළ

    Read more
  • මාවන්

    යමක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතුය යනුවෙන් බර්ටෝල් බ්‍රෙෂ්ට් පැවැසූ බැව් අප දන්නේ හුණුවටයේ කතාව කරලියට පිවිසීමෙන් අනතුරුව ය. එතෙක් එවැනි දෙයක් ගැන දැන සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් අප තූළ තිබෙන්නට නැත. එමෙන් ම අප අපට වාසි ලෙස සිතන තාක් කල් එවැනි දේක වැදගත්කමක් ගැන සිතන්නේ ද නැත. ශ‍්‍රී ලංකාවේ දී

    Read more
  • ඉරාකයට ගුවන් ප‍්‍රහාර නීත්‍යනුකූල නෑ

    දැන් දින කිහිපයක සිට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන් ගේ අරාබි සන්ධානය – ‘එක්සත් ජනපද මිලිටරියේ සහ සහාය අරාබි හමුදා‘ – එක්ව ඉරාකය සහ සිරියාව මත ගුවනින් බෝම්බ හෙළීම නොකඩවා කරගෙන යයි. එහෙත් එහි නීත්‍යනුකූලභාවය ගැන ප‍්‍රශ්නයක් ඇතැ’යි විචාරකයෝ පෙන්වා දෙති. මේ කණ්ඩායම ඉරාකයට බෝම්බ හෙළන්නේ ඉරාකයේ ඉල්ලීම නිසා බව ප‍්‍රකාශයට පත්විණි. එහෙත්

    Read more
  • බන්දුල ක‍්‍රීඩාවෙන්ද ඇනගනී

    අධ්‍යාපන අමාත්‍ය වරයාගේ තරම විභාගයක් අවසන මනාව දත හැකි බව සරලම උපහැරණයකි. ඒ තරමට විභාග ඇනගැනීමේ රුසියෙකු බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්ව ඇත. එහි අලූත්ම කතන්දරය විභාග පමණක් නොව නිවැරදිව පිළිවෙළට පාසල් ක‍්‍රීඩා තරගාවලියක් වුව පැවැත්වීමේ ශක්තියක් අමාත්‍යවරයා සතුව නැති බවය. පාසල් ක‍්‍රීඩා තරග පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාරියක් නොවිය හැකිය. එහෙත් හරියාකාරව කාරිය

    Read more
  • වෝල් වීදිය යටවෙයි

    පසුගිය සඳුදා වෝල් වීදියට ගගක් ගලා ආයේ ය. වෝල් වීදිය ඉන් යටවිණි. ඒ වනාහි දිය පහරක් නොවේ, මහා ජන ගගකි. එහි විශාලත්වය මිනිස්-බල 310,000 පමණ විණැයි පැවසේ. ඉන්පසු ප‍්‍රවාහය වෝල්වීදියේ නතර විය. ට්වීටර් විසින් මෙයට දෙන ලද නාමය Flood Wall Street ය. ඉතින් මේ මිනිස් ගංගාව මෙසේ කුමට වෝල් වීදිය වෙත ගියේ ද? ඒ ලොව නසන

    Read more
  • ඌවේ ඡන්ද ප‍්‍රතිඵල ගැන

    ලැබුණු ප‍්‍රතිඵලය කුමක් වුවත් ඌවේ පැවති පළාත් සභා මැතිවරණය 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු පැවති අශීලාචාරම මැතිවරණය ලෙස සැලකිය හැකිය. වයඹදී මෙන් ඌවේදී බලහත්කාරයෙන් ඡන්ද පොළවලට කඩා වැදී ඡන්ද පෙට්ටි පුරවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූයේ නැතත්, එය මහා පරිමාණයෙන් ඡන්ද මිලදී ගැනීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ මැතිවරණය ලෙස සැලකිය හැකිය. ආණ්ඩු පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් ඡන්දදායකයන්ට මහා

    Read more
  • දැන් ආපසු හැරී බැලිය යුතු ය

    දැන් රටේ සියලූ පළාත් සභා සඳහා මැතිවරණ පවත්වා අවසන් ය. මීළඟට පැවැත්වෙන්නට නියමිත ව ඇත්තේ ජාතික මට්ටමේ මැතිවරණ ය. නියමිත කාලයට පෙර නො පැවැත්වුවහොත්, නීතිය අනුව ඒවා පැවැත්වීමට තවත් සැලකිය යුතු කාලයක් තිබේ. එය අවශ්‍ය නම්, සමාජයක් ලෙස අලූතෙන් සිතන්නට ගැළපෙන කාලයකි. ආණ්ඩුව කෙතරම් වරදාන, තෑගි දුන්න ද ඡන්දදායකයන් ඒවා මත ම තමනට අවශ්‍ය පරිදි

    Read more
  • පොදු අපේක්ෂකයෙක් තාම වලංගුයි – සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර

    දෙමළ සන්නද්ධ දේශපාලනයේ දිගු හා අනතුරුදායක ජීවිතයකට පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිස, යුද්ධයෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන පනස් හත් හැවිරිදි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණෙහි (ඊ.පි.ආර්.එල්.එෆ්) වත්මන් නායකයා ය. ඔහු යන්තම් වයස අවුරුදු විස්සක් වන විට, යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය යටතේ ලෙබනනයේදී අවි පුහුණුවද ලැබූවෙකි. දෙමළ සන්නද්ධ අරගලයේත්, ඉන්දු

    Read more
  • ලලිත්-පේ‍්‍රමදාස ඝාතනය II

    පසුගිය සතියෙන් එක්තරා කාලයක සිට මට සුචරිතයෙන් තොරතුරු ලැබෙන වැදගත් මාර්ගයක් පෑදී තිබුණි. සුචරිතයෙන් මේ තොරතුරු දෙන පුද්ගලයා කව්දැයි මුලදී මම දැන නො සිටියෙමි. ඔහු තොරතුරු දුන්නේ දුරකථන මාර්ගයෙනි. ඔහු ගේ අනන්‍යතාව හඳුනාගැනීමට මා උත්සාය නො කළ අතර මා ඔහු හඳුනන්නේ කටහ`ඩින් පමණ ය. සිරිතක් වශයෙන් ඔහු මා දුරකථනයෙන් අමතන්නේ මධ්‍යම රාත‍්‍රී කාලවල ය. ඔහු

    Read more
  • රට ගොනාට අන්දා චීනාට ‘මවුබිමේ’ ඉඩම් විකුණාදමන පෝට් සිටි

    කොළඹ වරාය නගරය (Colombo Port City) හෙවත් කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම චීන ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය අතරතුරදී පසුගිය සැප්තැම්බර් 17 වැනිදා සිදුවිය. එම නිල ආරම්භය සම්බන්ධයෙන් දිනපතා පුවත්පත්වල මුල් පිටුව ඇතුළු පිටු හතරක අතිරේකයක් ආණ්ඩුව විසින් පළකරන්නට යෙදුණු අතර එම අතිරේකවලින් කියැවුණේ මහින්ද චින්තනය නම්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ

    Read more
  • වනාත ෆ්ලැට් කරන අපූරු සෙල්ලම

    දැන් කිසිම විකල්පයක් නෑ. මානව හිමිකම් ගියා. අපි හිතුවා මානව හිමිකම් ගියහම අපි දින්නා කියලා. මානව හිමිකම් තීන්දු බල්ලට මායිම් කරන්නේ නැහැ. පැත්තකට කළා. අන්තිමට අධිකරණයට ගියා. නඩුව එහේ අහනවා, මෙහේ ගෙවල් කඩනවා. නඩුවේ තීන්දුව එනකොට ගෙයක් හොයාගන්නත් නැහැ. ආමි එකේ අය ඊයේ පෙරේදා ඇවිල්ලා කියනවා නඩු දැම්මා කියලා මුකුත්ම වෙන්නේ නැහැ. ඒකෙනුත් අපි දිනනවා.

    Read more
  • ඉන්ධන මිල අඩු කිරීම ඡන්ද ගුණ්ඩුවලින් ඔබ්බට

      දූෂණය, නාස්තිය වපුරා ඉන්ධන බොරදියේ මාළුබෑම’ යනුවෙන් රටේ ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳව පසුගිය සතියේ අවධානය යොමු කළ ලිපියේ අවසානයට අවධාරණය කළේ කොළඹ වරායේ ඩොල්ෆින් ජැටියෙන් කොළොන්නාව ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප නොකර කොළඹ වරායෙන් පිටත මුහුදේ සිට මුතුරාජවෙල ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප කිරීම මගින් විශාල මූල්‍යමය වාසියක් අත් කරගත හැකි බවය. එහිදී අපගේ පැහැදිලි කිරීම

    Read more
  • ඌව පළාත් මැතිවරණය සැණකෙළියකින් ගුටිකෙළියකට

    ඌව පළාත සැණකෙළියක ස්වරූපය ගන්නේයැ’යි අපි පසුගියවර ලිපියෙන් පැවසුවෙමු. දැන් එහි තත්ත්වය කෙබඳුද? දැන් ඌව ගුටිකෙළියක් බවට පෙරළී ඇත. පූර්ව මැතිවරණ ක‍්‍රියාවලිය අපි අදාළ ප‍්‍රදේශ තුළ සිටම නිරීක්ෂණය කළෙමු. පසුගිය දින කිහිපය තුළ අපි පසු මැතිවරණ ක‍්‍රියාවලියද නිරීක්ෂණය කළෙමු. මෙහි පහතින් පළවන්නේ අප කළ එවැනි නිරීක්ෂණ කිහිපයකි. 20 වැනිදා 20 වැනි සෙනසුරාදා දින මම මොනරාගල

    Read more