Wednesday, 23/8/2017 | 2:22 UTC+0
රාවය
  • ද ත‍්‍රීවීලර් ඩයරීස් : සිනමාව ඔබ ආශා කරන දේ ලබා දෙන්නේ නැත

    කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ජනවාරි මස සිනමා හමුවේදී ප‍්‍රදර්ශනය වූයේ ඩෙනිස් පෙරේරා විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ ද ත‍්‍රීවීලර් ඩයරීස් චිත‍්‍රපටයයි. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය අවසානයේ පැවති සංවාදයට චින්තන ධර්මදාස, විදර්ශන කන්නන්ගර, කෞශල්‍යා ප‍්‍රනාන්දු සහ ඩෙනිස් පෙරේරා සහභාගිවූහ. සංවාදය මෙහෙය වූයේ අනෝමා රාජකරුණා විසිනි.  මෙම සටහන එම සංවාදයෙන් උපුටාගන්නා ලද්දකි. සටහන චමිල ප‍්‍රියංකගෙනි. අනෝමා රාජකරුණා: මේ චිත‍්‍රපටයේ

    Read more
  • නිදහස් ශ‍්‍රමය සහ නව තාක්ෂණය

    ප‍්‍රභාෂ්වර ‘හැන්ඩි’ යනු ඇමරිකාවේ ප‍්‍රධාන නගර 29ක් පුරා විහිදී ඇති, විවිධ පාරිභෝගික සේවාවන් ඉතා කාර්යක්ෂම ලෙස අන්තර්ජාලය හරහා සපයනු ලබන පෞද්ගලික ආයතනයකි. හැන්ඩි ආයතනයේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 5200කි. ඇමරිකන් ඩොලර් මිලියන 40ක ආරම්භක ප‍්‍රාග්ධනයකින් 2011 වසරේදී ස්ථාපිත කරන ලද හැන්ඩි සතුව ඇති ස්ථිර සේවකයන් සංඛ්‍යාව 200ක් පමණි. හැන්ඩි සමාගමේ සුවිශේෂත්වය වන්නේ, එහි ස්ථිර

    Read more
  • ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනමාධ්‍ය ප‍්‍රවර්ධනය – අතපසුවූ කතිකාව

    විජයානන්ද ජයවීර ප්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක්ම නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවක් තීරණ ගන්නේ සමස්ත පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සකගේ යහපතට නොවන බවටත් බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව පදනම්කොට පල ප‍්‍රයෝජන ලබා ගත හැකි අවස්ථාවන් ආණ්ඩුව විසින් සපයනු ලබන බවටත් ආණ්ඩුවකින් පාලනය වන සියලූ ජන කොටස්වලට ප‍්‍රායෝගිකව දැනෙන්නේ

    Read more
  • ජීවිතේ මහ දෙයක් නැහැ පොඩි උත්තේජනයක් විතරයි – මහාචාර්ය ඩබ්.ජී. කුලරත්න (කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති)

    ඡායා – රවීන්ද්‍ර පුෂ්පකුමාර ශාස්ත‍්‍රාලයීය දැනුම සහ ජීවන පරිචය මිනිස් ජීවිතය ගොඩ නගන සංරචක දෙකක්. ඔබට මේ කාරණා දෙක දැනෙන්නෙ කොහොමද? පැරණි යුගයේ ඉඳන් ආපු මිනිසා ජීවත් වුණේ අත්දැකීම්වලින්. පසුව පාසල ඇතිවෙලා අධ්‍යාපනය හරහා විධිමත් දැනුමක් ලබාගැනීමේ අවශ්‍යතාව මිනිසාට ඇති වෙනවා. මේ දෙකම අවශ්‍යයි රටවල් දියුණු වුණේ ශාස්ත‍්‍රාලයීය දැනුම විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හරහා ගමන් කිරීමෙනුයි. බටහිර ඒක

    Read more
  • සීමා මායිමෙන් මිදී එනවද යන්න මොහාලි !

    විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි සිංහල ගද්‍ය සාහිත්‍යයේ නව ඉසව්වක් කරා දයාවෙන් අප කැඳවන ‘එනවද යන්න මොහාලි!’ නීල් විජේරත්නගේ නවතම චාරිකා සටහන් කෘතියයි. ‘මදුරාසි කොලූවා’, ‘බෙංගාලි යෙහෙළිය’, ‘කේරළ නළඟන’ හරහා ලේඛකයා මෙතෙක් ආ ගමනේ ඉදිරි පියවරක් සනිටුහන් කරන මේ කෘතිය මෙවර එකී සාහිත්‍ය ශානරයට ද නව ජීවයක් ජවයක් දෙමින් ‘සංචාරාඛ්‍යානයකැ’යි හඳුන්වා දී තිබේ. සිංහල සාහිත්‍යයේ නව දීශානතීන්

    Read more
  • මහරජ ගැමුණු ජනප‍්‍රිය ඉතිහාසයෙන් මතුවන ගැටලූව කුමක්ද?

    මහරජ ගැමුණු’ චිත‍්‍රපටය තිරගත වන්නේ රජ සංකල්පය මතකයෙන් පවා හැකිතරම් දුරස් කළයුතු අවදියකදීය. ඒ රජතුමා යන හැඳින්වීමෙන් මුළු මහත් සමාජයක් විසින් එක් මිනිසකු අන්ද මන්ද කර අනතුරුව දූරිභූත කර දැමූ නිසාය. එහෙත් මහරජ ගැමුණු තුළ වන අර්ථසම්පන්න ලක්ෂණ එකක් දෙකක් අමතක නොකළ යුතු නිසා මහරජ ගැමුණු සාකච්ඡුාවට බඳුන් කිරීම වැදගත්ය. මහරජ ගැමුණු අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි

    Read more
  • පලංචිය උඩ ඉරුම්කාරයන්ගේ පුවත

    නිමල් අබේසිංහ පලංචියේ උඩ ඉඳන් ලී ඉරන ඉරුම්කාරයට තමයි ලී ඉරිල්ලෙදි වැඩියෙන් අමාරු. ලීය ඉරනව වාගෙම රවුම් කොටයක් උඩ සමබරව හිටගෙන කියතත් වාරු කරගෙන ලීයක් ඉරනව කියන්නෙ ලෙහෙසි පහසු කාරියක් නෙමෙයි. නමෝ විත්තියෙන්ම ලී ඉරීම ගැන මනුවෙල් මාම කතාව පටන් ගත්තේ එහෙම. අසූ අට වියැති මනුවෙල් මාමා ජීවිතේ සෑහෙන කාලයක් ලී ඉරිල්ල ජීවන රස්සාව කරගත්තෙකි.

    Read more
  • පිහිනුම් කී‍්‍රඩාවේ ඇන්දිල්ල

    ලංකාව වැනි රටක ඔරුව පෙරලූණු විට පෙරලූණු පිට හොඳයි කීම කතාවට වගේම ක‍්‍රියාව ලෙස ගත්තද සත්‍යයක්. ආණ්ඩු මාරුවීමත් සමග සියලූදෙනා කනපිට ගැසී ඇත්තේ සුබ අනාගතය හාන්සි කොට යහපාලනය කරට ගනිමිනි. ක‍්‍රීඩාවේ සැවොම පසුගිය වසරවල ක‍්‍රියා කළේ සුබ අනාගතයක් වෙනුවෙනි. රාජපක්ෂ වරුන්ගේ කුස්සි අම්මා කෙනකුට හෝ ඥාතිකමක් ගාවා සමහරු ජාමේ බේරා ගත් අතර ඇතැම්හු ක‍්‍රීඩා ඇමතිව

    Read more
  • පරීක්‍ෂණය අවසන් රන්ජනී බ්ලාස්ට්

    ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි මහත්මියට විරුද්ධව දීර්ඝ ලෙස කරුණු දැක්වීමක් පහුගිය කාලවකවානුව පුරාම අපි කළෙමු. ඇයට විරුද්ධව එල්ල වූ චෝදනා බරපතළමුත් හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුහසින් ඇය නිදැල්ලේ විසීය. රන්ජනී ජයකොඩි මහත්මිය ගස් ගියහොත් තමාද ඒ උගුලේ වැටෙතැයි අවිශ්වාසයෙන් ඇමති ඇය ගලවා ගත්තා විය යුතුය. කෙසේ වෙතත් රන්ජනීට එරෙහි පරීක්‍ෂණ දිනෙන් දින කල් ඉකුත් වූයේ

    Read more
  • නළු ගැමියා වෙනුවට ඇත්ත ගැමියාට ළංවෙමු

      නව ආණ්ඩුව කියූ පරිදිම ජන. 21දා වන විට ඉන්ධන මිල ඇඟට දැනෙන ප‍්‍රමාණයකින් අඩු කළේය. මැතිවරණ අල්ලසක් වෙනුවෙන් පවා රාජපක්ෂ මහතා පෙට‍්‍රල් මිල අඩු කළේ රු. 10කින් පමණි. මෙවර අඩුවීම රු. 33කිි. රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කෙතරම් දුරට මහජනයා මත බදු බර පටවා තිබුණේද යන්න මෙවැනි කාරණයකින් පවා තහවුරු වෙයි. තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි 20

    Read more
  • මහින්ද පරාද ද? රට පෙරට ද?

    මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන්ට අනුව නොපැවැත්වුණ බව අද වන විට රටට රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ධර්මතාවන්ට අනුව පරාජය භාර නොගත් බවත් දැන් රටවැසියන්ට පැහැදිලිව අනාවරණය වී ඇත. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය තමන්ට අභිමත අන්දමට වෙනස් කිරීමට හෝ බලය අත් නොහැර සැහැසි කි‍්‍රයාවක නිමග්න වීමට හෝ මහින්ද රාජපක්ෂ කටයුතු කරන්නේ බලය නොමැතිව ඔහුට පමණක් නොව

    Read more
  • එන පොට හොඳ නෑ

    ඒන පොට හොඳ නැත. ඒ නිසා තදබල ආරක්‍ෂක විධිවිධාන අවශ්‍ය ය.‘ එසේ පවසන්නේ යුරෝපා සංගමයේ ත‍්‍රස්ත විරෝ්ධී ඒකකයේ සම්බන්ධීකාරක ගිලෙස් ඩි කර්චොව් ය. පසුගිය 07දා පැරිසියේ චාලි හෙබ්ඩෝ සතිපතා ප‍්‍රකාශනයේ කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරයත් ඒ සමගම එදාම ඊට සම්බන්ධයක් ඇතිව හෝ නැතිව පැරිසියේ ම යුදෙව්වන් වෙසෙන පෙදෙසේ කොෂේර් සුපිරි වෙළෙඳසැලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනත් සමස්ත

    Read more
  • රාජපක්ෂලා ඇටවූ පක්ෂ උගුලෙන් මෛතී‍්‍ර පාලනය බේරා ගනිමු

    ජයතිලක කම්මැල්ලවීර පසුගිය වසරේ මැයි මාසයේ ‘මේ ගෝස්තර වාදයේ සැණකෙළි සමයයි’ යන මාතෘකාවෙන් රාවයේ පළ වූ මගේ ලිපියේ මම මෙසේ ලීවෙමි. ‘‘අද රටේ ප‍්‍රතිපත්ති විරහිත දේශපාලනයේ ප‍්‍රධාන භූමිකාව රඟපාන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. දේශපාලන භූමිය ප‍්‍රතිපත්ති විරහිත තැනක් බවට පත්කිරීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පසුගිය දශකය තුළ දියත් කර ඇත්තේ දැනුවත් සැලසුම් සහගත

    Read more
  • පිළිවෙත් රකින මාධ්‍ය සම්ප‍්‍රදායක් ඕනෑ – ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක

      ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ගැන ඔබ දරන අදහස මොකක්ද? ජනමාධ්‍ය නිදහස සම්බන්ධ යෙන් ද අපි ඉතා පල්ලම් බැහැපු රටක්. ලෝකයේ රටවල් 180ක් අතරින් ඒ විෂයේදී අපි ඉන්නේ 165 වැනි බරපතළ තැනක. ප‍්‍රසිද්ධියේම මාධ්‍යවේදීන් ඝාතනයට ලක්වුණා, අතුරුදන්වුණා, පහරකෑම්වලට ලක්වුණා, ඔළු පැලූවා, රැුවුල් කැපුවා, අතපය කැඩුවා, සුදුවෑන් සංස්කෘතියක් රටේ ඇතිවුණා. බොහෝ මාධ්‍යවේදීන් අවසානයේදී ජීවිත තර්ජනවලට මුහුණදීගත නොහැකිව

    Read more