Wednesday, 23/8/2017 | 2:20 UTC+0
රාවය
  • අලි බොරු කියන උඩුවේ හාමුදුරුවෝ

    ටිරන් කුමාර බංගගමආරච්චි උඩුවේ ධම්මා ලෝක හාමුදු රුවෝ පහුගිය කාලයේ කී බණවලටද මුදල් අයකිරීමට පටන් ගෙන ඇත. එය රුපියල් දහයක් තරම් සිල්ලරින් පටන් ගත්තද උන්වහන්සේ ඒ හරහා විශාල මුදලක් අපේක්ෂා කරති. ධම්මාලෝක හාමුදුරුවෝ මුදල් හිඟනුයේ නඩු කියන්නටය. ඒ උන්වහන්සේ වැටී ඇති අලි කරදරයෙන් බේරීමටය. උඩුවේ හාමුදුරුවන් වැටී ඇති අලි ප‍්‍රශ්නය උන්වහන්සේ වදාරන අයුරින්ම වටහා ගැනීම

    Read more
  • දයාසිරි ඉන්දියාවේ ගියා වගේ

    ඒ වික‍්‍රමසූරිය කලාව සංස්කෘතිය මෙන්ම ක‍්‍රීඩාවද එක් අමාත්‍යවරයකුට අමාත්‍යාංශයකට ලඝු කොට දියුණුවක් පැතිය හැකි දෙයක් නොවේ. එයට රටක් ලෙස සියලූදෙනා එකාවන්ව දායකත්වය දිය යුත්තක් වේ. සාග් ක‍්‍රීඩා උළෙලින් පසු පදක්කම් දිනුවෝ පිළිගැනීම ඒ ඒ පළාත්වල ජයට සිදු කෙරේ. එය පෞද්ගලික මට්ටමින්ද සැමරේ. පොදුවේ රට වෙනුවෙන් ගෙනා පදක්කම් මෙරටට ගොඩ බැස්ස මොහොතේ සිට ප‍්‍රාදේශීය වී ඇත.

    Read more
  • ජනවාරි 8 වෙනස මෛත‍්‍රීගේත් ශ‍්‍රීලනිපයේත් වාසනාව

    කේ. සංජීව   මේ වෙනකොට ශ‍්‍රීලනිපය තුළ විශාල අර්බුදයක් තියෙන බව පේනවා. නැහැ. පක්ෂය ඇතුළේ එහෙම අර්බුදයක් නැහැ. මන්ත‍්‍රී කණ්ඩායම සහ පාක්ෂිකයෝ අතර තමයි පොඩි අර්බුදයක් තියෙන්නේ. ඒකෙන් පක්ෂයට ලොකු බලපෑමක් තියෙනවා. මම ඒක නැහැ කියලා කියන්නේ නැහැ. මම හිතන්නේ මේ තියෙන අර්බුදයත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේදී විසඳයි. සමහර ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ ඉඳලා මිතුරු ප‍්‍රතිවිරෝධතා

    Read more
  • සම්මුති ආණ්ඩුව පෙරළන බෝල්ෂෙවික් හා ලිබටේරියානු දෘෂ්ටිය

    ශිරාල් ලක්තිලක වර්තමාන ජනාධි ප ති ව ර යා තමන්ට ලැබුණු ජනවරම අනුව නව රාජ්‍ය පාලන ක‍්‍රමවේදයක් අත්හදා බලමින් සිටී. එකී පාලන ක‍්‍රමවේදය හඳුන්වාදිය හැක්කේ සම්මුතිබද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිර්ණායක යන්ට අනුකූලවය. අපට අනුව එකී අත්හදා බැලීම වඩා ප‍්‍රගතිගාමී උත්සාහයකි. ඒ නිසාම එය පරාජය වීම රටට අවැඩකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු දැනට මානව ශිෂ්ටාචාරය විසින් ගොඩනගාගෙන ඇති දියුණුව තීරණය

    Read more
  • ඉන්දියානු භීතිකාව

    වික්ටර් අයිවන් මිනිසුන් අතර ලොකු භීතියක් ඇති කොට ඒ ඇතිවන්නට යන ව්‍යසනයෙන් මිනිසුන් ගලවා ගැනීමේ හැකියාව තමන්ට ඇති බව පෙන්නුම් කිරීම නායකයකුට අනුගාමිකයන් දිනාගැනීම සඳහා යොදාගත හැකි පහසු මාර්ගයක් ලෙස සැලකිය හැකිය. මාගේ ගැටවර කාලයේදී මමද විජේවීරගේ දේශපාලන අනුගාමිකයෙක් වීමි. 1970ට පෙර ඔහු අප වැනි අයට භීතිකා දෙකක් මවා පෑවේය. එකක් ඇමරිකන් භීතිකාවය. අනෙක ඉන්දියානු

    Read more
  • නව ව්‍යස්ථාවේ මූලික අයිතිවාසිකම්

    තරිඳු උඩුවරගෙදර මානව හිමිකම් යනු ලෝකයේ මිනිසුන් ලෙස උපත ලැබූ පුද්ගලයෙකුට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා තිබිය යුතු පසුබිම පිළිබඳව ලෝකයේ ඇතිව තිබෙන සංවාදය වන අතර, මූලික අයිතිවාසිකම් යනු ව්‍යස්ථාවකින් මානව හිමිකම්වලට නීතිමය වටිනාකමක් ලබා දෙමින් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර වේ. මේ වත්මන් ව්‍යවස්ථාවේ මානව හිමිකම් පිළිබඳව හා නව ව්‍යවස්ථාවේදී මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කෙබඳු

    Read more
  • තිබෙන ව්‍යවස්ථාව කුණුකූඩෙට දාලා ජනතාවාදී ව්‍යවස්ථාවක් හැදිය යුතුයි |විදුර වික‍්‍රමනායක කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී

    රුක්මාල් සිල්වා ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව මොනවාද හිතන්නේ? රටේ ගමන පිළිබඳව මගේ මතයට වැඩිය ජනතාවගේ මතයට අනුව, රට යන්නේ අගාධයටයි. එහෙම කියන්නේ ඇයි? දේශපාලනික වශයෙන්, ආර්ථික හා සමාජයීය හා පාරිසරික වශයෙන් ගත්තාම මේ හැම ක්ෂේත‍්‍රයක්ම අවුලෙන් අවුලට පත්වෙනවා මිසක් අවුල ලෙහෙන්නේ නැහැ. දේශපාලනමය වශයෙන් අද අපේ රටේ නායකයා කවුද කියලා මට කියන්න. ඇත්තටම රටට නායකයෙක්

    Read more
  • වෙල්ගම බය ඇයි? III, කොමිස් මුදල රු.මිලියන 255ක්

    ලසන්ත රුහුණගේ ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ ඇති කරගත් වැඩපිළිවෙළ තුළ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳ වූ සිදුකෙරුණාවූ රේගු පරීක්ෂණය නවතා දැමීම සඳහා රුපියල් මිලියන 125ක අල්ලස් මුදලක් ලබාගත්තේයැ’යි කියන සිදුවීම දිනෙන් දින අලූත්වෙමින් අලූත් මාතෘකා සපයමින් තිබේ. ඊට අදාළ අලූත්ම සිද්ධිය වාර්තාවන්නේ පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා

    Read more
  • නාමල්, කැප්ටන් තිස්ස ළඟදීම අත්අඩංගුවට

    කේ. සංජීව රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළ පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම ඉදිරි දින කිහිපය තුළදී මෙම ඝාතනයට සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂගේ රියදුරු වශයෙන් කටයුතු කළ කැප්ටන් තිස්ස යන අය අත්අඩංගුවට ගනු ඇතැයි රාවයට වාර්තා වෙයි. රටේ ඉහළම පුද්ගලයන් පාවිච්චියට ගන්නා විශේෂ දුරකථන ත‍්‍රිත්වයක් එසමයේ රට තුළ භාවිත වී ඇති

    Read more
  • පින්නවලදී යකා නැටූ තිළිණ ගමගේ තාමත් නඩු අහයි. අධිකරණ සේවා කොමිසම නිදි

    කේ ඩබ්ලිව් ජනරංජන කොළඹ මහේස් ත‍්‍රාත් තිළිණ ගමගේ පින්නවල අලි අනාථාගාරයට අනවසර යෙන් ඇතුළු වී කළ යකා නැටීම ගැන පසුගිය රාවය මුල් පිටුවේ පුවතකින් අනාවරණය කළේය. එහි සඳහන් වූයේ, පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට බලහත් කාරයෙන් හා අනවසරයෙන් ඇතුළු වූ මේ මහේස්ත‍්‍රාත් වරයා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැනය. පුවත්පත්වල පළවූ ආකාරයට, ප‍්‍රවේශ

    Read more
  • මහජන දුක්ගැනවිලි ආශ‍්‍රයෙන් රට දැකීම

    වික්ටර් අයිවන් පුවත්පත් කතු වරයකු වශයෙන් වැඩකර තිබෙන දීර්ඝ කාලය තුළ මාගේ කාලයෙන් වැදගත් කොටසක් වැයකර තිබෙන්නේ අනුන්ගේ දුක්ගැනවිලිවලට සවන්දීම සඳහාය. එසේ අසන්නට ලැබෙන කතා මා සටහන් කරගත්තේ නම් හා ලියා එවන කතා ආරක්ෂා කරගත්තේ නම් ඒ ආශ‍්‍රයෙන් මට ශ‍්‍රී ලංකාව පිළිබඳව කදිම පොතක් ලියන්නට හැකිවන්නට ඉඩ තිබුණි. මේ දීර්ඝ කාලය තුළ දුක්ගැනවිලි ඇති විශාල

    Read more
  • රාජපක්ෂ යුගයේ වංචනිකයන් දැන් යහපාලනයේත්

    කේ. සංජීව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් කර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට ඔසවා තැබුවේ වංචාවට, දූෂණයට, නාස්තියට තිත තබන්නටය. රාජපක්ෂ යුගයේ හොරකම්වලට, දූෂණවලට, මිනීමැරුම්වලට, රාජ්‍ය සම්පත් අවභාවිතය කළ අයට දඬුවම් දී රට නිවැරදි මාර්ගයට ගැනීම එම තනතුරට මෛත‍්‍රීපාල මහතා පත්කිරීමේදී ජනතාවගේ බලාපොරොත්තුව විය. මේ වනවිට අවුරුද්දක පමණ කාලයක් ඉක්ම ගොස් ඇති

    Read more
  • රටේ පුතුන් ගැන කියමින් තමන්ගේ පුතුන් ගොඩ දැමූ ජනාධිපති තාත්තා

    ටිරන් කුමාර බංගගමආරච්චි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු පස්දෙනෙකුට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා ලබාදුන් තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයට යෑමට රාජපක්ෂලා තීන්දු කළෝය. මේ පිළිබඳ සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව යෝෂිත ඇතුළු සිව් දෙනාට ඇප දීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 29 වනදාට අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි වගඋත්තරකරුවන්ට නියම කළේය. මෙම

    Read more