Wednesday, 23/8/2017 | 12:25 UTC+0
රාවය
  • දේශපාලනඥයන් තමන්ටම බෙදාගැනීම හෙවත් දුරකථන දීමනාව

    ලසන්ත රුහුණගේ රාජ්‍ය පාලනයට අදාළ තීන්දු තීරණය ගනු ලබන්නේ විධායකය හෙවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින්ය. සාමාන්‍යයෙන් සතියකට වරක් පැවැත්වෙන තීන්දු තීරණ ගැනීමේ කැබිනට් මණ්ඩල රැස්වීම් අඟහරුවාදා හෝ බදාදා දිනවල පැවැත්වේ. එම රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කරනු ලැබේ. මෙසේ ප්‍රකාශයට පත්කරන කැබිනට්

    Read more
  • රදලියගොඩ, පැල්පිට මුදාහැරීම ප්‍රශ්නයක්

    තිවංක සපරමාදු පසුගිය ජනාධිපතිවරණ සමයේදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන අපකීර්තියට පත්කිරීම සඳහා දරුවකු සම්බන්ධ කරගෙන ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සැලසුම් සහගතව විකාශය කරන ලද වැඩසටහන සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකුට නඩු පැවරිය යුතු තත්ත්වයක් තිබියදීත් නීතිපතිවරයා විසින් එම පුද්ගලයන් සිවුදෙනා නඩුවෙන් මුදාහැරීමට තීරණය කිරීම නීති ක්‍ෂෙත්‍රයේ කතාබහට ලක්වී තිබේ. මෙසේ මුදාහැර ඇත්තේ ජනක සිසිර කුමාර, විදුලි සංදේශ නියාමන

    Read more
  • ‘ක්‍රිකට් ඒඞ්’ සහ කට්ටියගේ කේස්

    ඒ. වික්‍රමසූරිය එක අත්තේ වසනුයේ එක වර්ගයේ කුරුල්ලෝ යැයි කතාවට කියති. මෙවර ක්‍රිකට් නිලවරණයේදී අර්ජුන රණතුංග පරාජය කරන්නට එතෙක් ප්‍රතිවාදීන්ව සිටි තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස අත්වැල් බැඳගන්නට විය. කලක් ක්‍රිකට් පරිපාලනයේ විරුද්ධවාදීන් වූ මේ දෙපළට බලය සඳහා එකට හිඳ ගැනීමට මහා කජ්ජක් නොවීය. අප කෙසේ කීවද මේ එකම වර්ගයේ කුරුල්ලන්ය. බලයට එලෙස එක් වුවද

    Read more
  • ශ්‍රී ලංකාවේ නෝමන් බොලොග් රංජිත් මුල්ලේරියාව

      පන්නරය මෙක්සිකෝව බලා ගොස් එරට තිරිඟු පර්යේෂණ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හැකිදැ’යි යන යෝජනාව එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඇමරිකානු කෘෂි විද්‍යාඥයකු වූ නෝමන් අර්නස්ට් බොලොග් වෙත ඉදිරිපත් කළේ 1944 ජූනි මාසයේදීය. ඊට එකඟතාව පළකරමින්, ඉහළ වැටුපක් ලැබෙන ඩුපොන්ට් සමාගමේ රැකියාවට මෙන්ම තම ගර්භනී බිරිඳට සහ මාස 14ක් වයසැති දියණියට ද සමුදී 1944 ජූලි

    Read more
  • යාපනයට කිරි වන්නියට කැකිරි තත්ත්වය නැති කළ යුතුයි | ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, බිමල් රත්නායක

    තරිඳු උඩුවරගෙදර පහුගිය දවසක ඇල්ලේ ගුණවංශ හිමියන් කියලා තිබුණා අලුතින් හදන්න නියමිත ව්‍යවස්ථාවෙන් රට බෙදන්න සූදානම් වෙනවා, ඒකට විරුද්ධව දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළයුතුයි, ජවිපෙ එක්ක කළ සාකච්ඡාවලදී හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා කියලා. ජවිපෙ මේ ව්‍යවස්ථාව දකින්නේත් ඇල්ලේ ගුණවංශ හිමි දකින විදියටද? අපි දැනට තියෙන 77 ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ බාධාවක් විදියට දකිනවා. ඒක වෙනස් වෙන්න

    Read more
  • විමල් වීරවංශ මල්වතු විහාරයට යෑම සහ රටේ දේශපාලනය

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය වාදිභසීහ විමල් වීරවංශ දුර්මුඛවීම යනු එකී සිද්ධිය ලඝු කිරීමකි. වීරවංශ මල්වතු මහනාහිමියන් බැහැදැකීම තුළ ඊට වඩා කාලීන සංවාදයක් පවතී. යෝජිත ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති තැන ඉවත් කර ඇත යන දේශපාලන අවලාදය මහින්දවාදීහු රට පුරා පැලකරමින් යති. ජී.එල්. පිරිස් ප්‍රමුඛ ඛණ්ඩායමක් පසුගියදා පන්සල් කරා ගමන් කළහ. මල්වතු මහනාහිමි

    Read more
  • අහස් ගව්වට මෝටර් බයිසිකලෙන්

    බූපති නලින් වික්‍රමගේ සම්භාව්‍ය සිනමාව කී විට එකවරම රාමුගත අධිපති ලක්ෂණ තිබේ. ඒවායේ වැඩි කතාබහක් නැති, දීර්ඝ රූපරාමු සහිත, අන්තර් අසම්බන්ධිත සිදුවීම් වගේ වට්ටෝරුවක් තිබේ. මේ වට්ටෝරුවට චිත්‍රපටි යක් කිරීම කලා ලෝකයේ බලය අල්ලා ගන්න ලේසිම ක්‍රමයකි. එහෙත් ඇත්තටම අමාරු අභ්‍යාසය වෙන්නේ සිනමා සිද්ධාන්ත තුළට අත්‍යන්ත මිනිස් අත්දැකීම් සංගෘහිත කිරීමයි. මේ වගේම පහුගිය වකවානුවේ වැදගත්

    Read more
  • වාමාංශික සයිටම්වාදීන්ගේ ළදරු වලිප්පුව

    රමිදු පෙරේරා මෙම ලිපිය මූලික වශයෙන් පසුගිය රාවයක පළ වූ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ‘සයිටම් වාමාංශිකයෝ’ නම් වූ ලිපිය හා සබැඳේ. කෙසේ වුවද එම ලිපියට පිළිතුරක් ලබාදීමට වඩා මේ වනවිට අධ්‍යාපනය වෙළඳ පොළකරණය කිරීම ප්‍රසාරණය කිරීමට පක්ෂපාතීව පළවන අදහස් පර්යායේ ස්වභාවය විචාරය කිරීමට මෙම ලිපිය තුළ අපි උත්සාහ කරමු. වෙළඳ භාණ්ඩකරණයේ දේශපාලන ආර්ථිකය

    Read more
  • රාජ්‍යයේ අසමත්කම හා අසමත්කම ජයගැනීම

    වික්ටර් අයිවන් රටේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ ඓතිහාසික අර්ථයෙන් තිබෙන්නේ යල්පැන ගිය තත්ත්වයකය. රටේ ජනයා බුද්ධිමය වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබෝධමත් කොට ඔවුන් ක්‍රියාකාරී තත්ත්වයකට ගැනීමේ හැකියාව සියලු දේශපාලන පක්ෂ විසින් බොහෝ දුරකට අහිමි කරගෙන තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ සියලු දේශපාලන පක්ෂ මහජන විශ්වාසය හා ගෞරවය බොහෝ දුරකට අහිමි කරගෙන තිබෙන්නේය. මහජනයාට එම පක්ෂ

    Read more
  • ආතර් මිලර් මායාකාරියන් සොයා ගිය මොහොතක්

    පියල් කාරියවසම් මධ්‍යකාලීන යුගයට පෙර වසර සිය ගණනක් තිස්සේ යුරෝපය පුරා පැවැති වත්පිළිවෙතක් වූයේ නිදහස් ලෙස හැසිරෙන්නටවූ ගැහැනු දරුවන් පොතපත කියවීමට කැමැත්තක් දැක්වූ ගැහැනු දරුවන් වඳවී යන පුරාණ ජාතීන්ට අයිති ආර්ය නොවන දරුවන් යක්දෙස්සියන් ලෙස හංවඩු ගසා ගිනි තබා මරා දැමීමයි. එමෙන්ම මෙම කෘර ප්‍රතිපදාවේ අභ්‍යන්තරික අරමුණ වූයේ නූතනවාදී චින්තනයේ මූලබීජවල හෙවණැල්ලෙන් ගැහැනිය රැකවරණය ලබා

    Read more
  • ඉතිහාසය ලියැවෙන්නේ ලියන්නාට ඕනෑ විදියට | මොහාන් රාජ් මඩවල

    කේ. සංජීව මුලින්ම මම කැමතියි දැනගන්න මේ නවකතාව කියන සාහිත්‍ය භාවිතාව ඔබ තේරුම් අරන් තියන විදිහ පිළිබඳව.. අපි ලංකාවේ නවකතාව විතරක් අදාළ කරගත්තොත් මුලින්ම කියන්න ඕනෑ හුරුපුරුදු සාම්ප්‍රදායික එකම රාමුවක් අස්සේ තමයි අපි තවම ඉන්නේ. අමුතු අත්දැකීම් ආකෘති එක්ක යන පොත් අපිට කියවන්න ලැබෙන්නේ අතරින් පතර තමයි. සමස්තයක් විදිහට අවුරුදු දෙකක නවකතා අරගෙන බැලුවොත් මේක

    Read more
  • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බලපෑම මොකක්ද?

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි දහ අට වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සැප්තැම්බර් දහසය වන දින උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. දින දහයක් පුරා පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනය මෙවරත් දෙස් විදෙස් ග්‍රන්ථ කුටි හාරසිය දහයකින් පමණ සමන්විත වන අතර විවිධ තරග, සංවාද මණ්ඩප පමණක් නොව නොයෙක් විනෝදාත්මක අංගයන්ගෙන් ද මෙම ප්‍රදර්ශනය විචිත්‍රවත්ව තිබෙයි.

    Read more
  • මායිම් ගමේ ඉස්කෝලෙ

    උපුල් කුමාරප්පෙරුම විද්‍යා පීඨයෙන් සමත්වත්ම ඔහුට පත්වීමේ ලිපිය ලැබුණේය. පළමු පත්වීම ත්‍රී/කර්නල් වික්‍රමතිලක විද්‍යාලය, කෝකිලායි ලෙස සඳහන් කොට තිබුණේය. ඔහු මෙහෙම පාසලක් කවදාවත් අසා නැත. කෝකිලායි කළපුව ගැන පාසලේ සමාජ අධ්‍යයනය පොතෙන් කියවා ඇති නමුත් කළපුව හැර වෙන කිසිවක් නොදත්තේය. දන්නා කියන කිහිප දෙනෙකුගෙන් තොරතුරු විමසුවේය. දෙදහස් එක වර්ෂයේ සැප්තැම්බර් මස පළවනදා පළමු පත්වීමෙහි වැඩ

    Read more
  • මම ඉපදුණේ මග කියන්න

    කේ.සංජීව මම කාලය ආපස්සට හරවනවා. මම කුරුල්ලෙක් වගේ අතීතයට පියාඹලා යනවා. මේ මඩකළපුව. දාහය නිවන්න පුංචි සරසරයක් එක්ක පොළොව වේලෙන කාලයක් මේක. මම මඩකළපුව සර්වෝදය අසපුවේ මිදුලේ අඹ සෙවණක. ආබාධිතයන්ගේ හමුවක් අද්දර. මිනිස් පෝලිමක් දොර කවුළුවක රෙජිස්ටර් කෙරිල්ලක. අත් දෙකම වැලමිටට ඉහළින් අහිමි මිනිසෙක් දොර කවුළුව දිහාට යනවා. අරයාගේ අත්දෙකට මොකද වෙලා තියෙන්නේ? ළඟ ඉන්න

    Read more