Wednesday, 23/8/2017 | 12:23 UTC+0
රාවය
  • අධිකරණයට සිදුවී තිබෙන වින්නැහිය

    වික්ටර් අයිවන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට හේතුවන ලෙස ලබාදී තිබෙන තීන්දුව සේ ම එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අභියාචනය සම්බන්ධයේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය නිසා දැන් නැවත වරක් අධිකරණය උණුසුම් කතාබහකට හේතුවී තිබෙන මාතෘකාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ගීතා කුමාරසිංහ ගීතා කුමාරසිංහගේ නඩුව පිළිබඳව රාවය කතුවරයා විවරණයක් ලියා

    Read more
  • උද්ඝෝෂණවලට පහර දීම – යහපාලන ආණ්ඩුව මහින්ද ගිය පාරේමද?

    තරිඳු උඩුවරගෙදර “එකෙක් නෑර හැමෝටම ගහන්න. ආයේ පාරට බහින්න බැරිවෙන්න ගහන්න. අපිත් මර්දනය කරන්න දන්නවා කියලා පෙන්වන්න ඕනෑ.” මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයකට පසුගිය මැයි 17දා පොලීසියෙන් එල්ලකළ ප්‍රහාරය පසුපස තිබූ තර්කනය විය හැකිය. මීට පෙර එච්එන්ඩීඒ සිසුන්ට මෙවැනිම ප්‍රහාරයක් එල්ලකර තිබුණේ මේ ආණ්ඩුව සමයේය. එය මහදවල් එළිපිට මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විය.

    Read more
  • කොන්දක් නැති ආණ්ඩුවක රෝග ලක්ෂණ දෙකක්: ගීතා කුමාරසිංහ සහ ගලගොඩඅත්තේ ඥානසාර

    යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට රටට දැනෙන වැඩ කොටසක් කළ කාලය වශයෙන් තවමත් සටහන් වන්නේ පළමු දින 100 වකවානුවයි. ඒ කාලය තුළ, ඓතිහාසික වැදගත්කමක් ඇති කාර්යයන් කිහිපයක් කෙටි කාලයක් තුළ සාර්ථක කර ගැනීමට මේ ආණ්ඩුව සමත් විය. ඒ අතරින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය කැපී පෙනේ. එහෙත් එම දින

    Read more
  • මං රජෙක්. දුව කුමාරිකාවක්.

    රේඛා නිලු‍ක්ෂි හේරත් කාශ්වර් හුසේන් බංග්ලාදේශයේදී බංග්ලාදේශ් ජාතික ඡායාරූප ශිල්පී ජී.එම්.බී. ආකාශ්ට හමුවී තිබෙන්නේ බංග්ලාදේශයේ උද්‍යානයකදීයි. මේ ඡායාරූප ගැනීමෙන් පසුව ආකාශ් සමඟ කාශ්වර් කළ කතාබහයි. ‘අවුරුදු දෙකහමාරකට පස්සේ ඊයේ මට පුළු‍වන් වුණා මගේ දුවට අලුත් ඇඳුමක් අරන් දෙන්න. ටකා හැටකට. මම වෙළෙන්දාට වැඳලා කිව්වා මම යාචකයෙක් නිසා මට අඩුකරලා ඇඳුම දෙන්න කියලා. ඒ වෙලාවේ දුව

    Read more
  • පාකිස්ථානයේ ටෙස්ට් කතාන්දරය

    තරිඳු උඩුවරගෙදර පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම ප්‍රබන්ධවලට වඩා පුදුමාකාර දේවල් සැබෑ ලොවේ සිදුවන බවට ජීවමාන සාක්ෂියකි. පාකිස්ථානය වසර හතකට පෙර සියල්ල අහිමිවූ කණ්ඩායමකි. කිසිවක් ඔවුන්ට නොවීය. ත්‍රස්තවාදය විසින් පාකිස්ථානු ක්‍රිකට් මිනීපෙට්ටියේ දමා අවසන් ඇණයත් ගැසීමට සූදානම් වී සිටියේය. එහෙත් ඒ කතාව වීරයන් කිහිපදෙනෙකු විසින් සම්පූර්ණයෙන් වෙනස් කරන ලදි. වසර හයක් තුළ පාකිස්ථානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක

    Read more
  • රෝස්වුඞ් හරහා පැමිණි රේගුවේ අලුත් සෙල්ලම

    ලසන්ත රුහුණගේ ශ්‍රී ලංකා රේගුව විසින් රෝස්වුඞ් හෙවත් රෝස් දැව ටෙන්ඩර් මගින් විකිණීමේ ක්‍රියාවලිය ආන්දෝලනයකට තුඩුදී තිබේ. එම ආන්දෝලනයට හේතුවී ඇති මතුපිට ජනප්‍රිය කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල හා සැසඳීමේදී ඉතා අඩු මුදලකට මෙම රෝස් දැව විකුණා ඇති බවයි. එම මතුපිට ජනප්‍රිය කතාව ඇත්තය. මෙම රෝස්වුඞ් විකුණා ඇත්තේ කිලෝවක් ඇමරිකානු ඩොලර් 7.50ක් හෙවත් මෙටි්‍රක් ටොන්

    Read more
  • බතික් බතික් සලාපුරේ බතික්

    කේ සංජීව බතික් කිව්වාම එන්නේ වර්ණවත් බව ගැන හැඟී මක්.. අනෙක් පැත්තෙන් සුවදායක සිසිලසක මතකයක්.. ඒ බතික් බවට පත්වෙන්නේ කපු රෙද්ද නිසා. ලංකාව සමකය ආසන්න රටක් හින්දා අවුරුද්ද පුරාවටම නොකඩවා හිරු අපිත් එක්ක ඉන්නවා.. ඒ නිසා මාස දෙකතුනක ඇරෙන්න අනෙක් කාලවල ඇඟට දැනෙන්නේම දාහය. හැබැයි මේ දාහයට ඔරොත්තුදෙන ඇඳුම් අපි අඳින්නේ නැහැ. කාට හරි වුවමනා වුණොත්

    Read more
  • මේ යක්‍ෂයා බැඳ දමනු

    අවුරුදු තිහක යුද්ධයකින් පසු ව තව ගෙවී ඇත්තේ අවුරුදු අටක් පමණෙකි. මේ අවුරුදු අටක කාලය තුළ දී වත්, පෙනෙන්නට තිබෙන පරිදි ඉදිරි දශකයක කාලයක දී වත්, අවුරුදු තිහක යුද්ධයෙන් හා ඒ හා බැඳුණු වාර්ගික ප්‍රශ්නයෙන් සතුටුදායක ලෙස ගොඩ එන්නට ලංකාවට හැකි වන බවක් පෙනෙන්නට නැත්තේ ය. ඒ අතර තවත් යක්‍ෂයා අලුත් වටයකින් ගමන් ආරම්භ කොට

    Read more
  • අන්තවාදීන්ට ඕනෑ තවත් ලේ හැලීමක්ද?

    රේඛා නිලු‍ක්ෂි හේරත් මැයි 17 වැනිදා සහ මැයි 24 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පාගමන්වලට පොලිස් කැරලි මර්දන ඒකකය පහරදී විසුරුවා තිබුණි. මැයි 18 වැනිදා වෙල්ලමුල්ලි වයික්කාල්හි දෙමළ ජනතාව මියගිය ඥාතීන් සමරා පැවැත්වූ සැමරුමක් සම්බන්ධයෙන් මුලතිවු අධිකරණය වාරණයක් නිකුත් කර තිබුණි. වාරණයෙන් කියා තිබුණේ එම අවස්ථාවේ මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් තැනීමට

    Read more
  • ටී එන් ඒ ඒකීයට එකගයි

    තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස පැවතීම ගැන ගැටලුවක් නොමැති බවත්, ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේද සිංහලෙන් භාවිත කරන ‘ඒකීය’ යන වචනය පැවතිය යුතු බවත් ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවට දෙමළ ජාතික සන්ධානය දන්වා ඇත. මැයි 22, 23 හා 24 දිනවලදී නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව

    Read more
  • වනාන්තර හා දේශගුණය රැක ගන්නට ජාතික වැඩපිළිවෙලක් සැකසෙයි

      වනාන්තර හා දේශගුණය අතර සම්බන්ධයක් තිබෙනවා. හැබැයි එය “කැලෑ කැපුවාම වැස්ස නැති වෙනවා.” යැයි සමහරුන් සිතා සිටින ආකාරයේ සරල හෝ සෘජු සම්බන්ධයක් නොවෙයි. ගෝලීය උණුසුම් වීමට දායක වන හරිතාගාර වායුන් (greenhouse gases) අතරින් වඩාත් ප්‍රකට කාබන් ඩයොක්සයිඞ් වායුවයි. සියලු‍ම හරිත ශාක වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඞ් උරා ගෙන, ප්‍රභාසංස්ලේෂණය හරහා ඒවා ශාකවල වර්ධනයට හා පලවලට

    Read more
  • කෙටිකතාව බිහිවන්නේම ඉලක්ක පාඨකයෙක් වෙනුවෙන් – ජයතිලක කම්මැල්ලවීර

    ජනප්‍රිය කෙටි කතාකරණයේ අනවරතව යෙදුණු කෙනෙක් හැටියට ඔබේ නිර්මාණ ප්‍රවාහය ඇතුළේ යථාර්ථවාදයෙන් පිට ගිය අවස්ථා අපට හමු වෙන්නේ සීමා සහිතවයි. යථාර්ථවාදී අධියථාර්ථවාදී ආදි වශයෙන් වන බෙදීම් අතර විශාල පරතරයක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. මට හිතෙන විදියට අධියථාර්ථවාදය හෝ මායා යථාර්ථවාදය කියන්නේත් යථාර්ථවාදයේම දිගුවක්. ඒකනේ මේවා ඇතුළේ යථාර්ථවාදී කියන කෑල්ලත් හැලෙන්නේ නැතිව තියෙන්නේ නේද?

    Read more
  • ඬේවිඞ් බෝවි, ඇන්ඩි වහෝල් හමුවෙන්න තිබුණ ආසාව නිසා මම ඇමෙරිකා ගියා | බුද්ධික කීර්තිසේන

    ඉදුනිල් උස්ගොඩ ආරච්චි ‘සමහර වෙලාවට අපි දකින සිදුවීම් / දේවල් අපි දකින්නේ ඇත්තටමද? සැබැවින්ම එය සැබෑවක්ද? එහෙම නැත්නම් එය අපේ හිතේ ඇති වුණු මනඃකල්පිතයක්ද කියලා හිතෙනවා: නිම්නයක හුදෙකලාව’ මේ විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බූඩි නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලාංකේය සිනමාවට නැවතත් එක් කරන නවමු වෙනසයි. ලෝක සිනමාව තුළ මෙවන් ආකෘතීන් මත නිර්මාණය වූ The Butterfly effect

    Read more
  • මේ සිංහල බෞද්ධ රටේ

    රේඛා නිලු‍ක්ෂි හේරත් “මේක සිංහල බෞද්ධ රට කියලා පිළිගන්නවාද?” පසුගිය සතියේ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් සමඟ තර්ජනය කොට සාකච්ඡාවක් ඉල්ලාගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අමාත්‍යවරයාගෙන් එසේ ඇසීය. “මේක සිංහල, මුස්ලිම්, දෙ….” අමාත්‍යවරයා කියන්නට උත්සාහ කරද්දී ඥානසාර හිමි නැවත තර්ජනය කළේ “නෑ. මේක සිංහල බෞද්ධ රට”යැයි කියමිනි. මේක සිංහල බෞද්ධ රටක් බව හැබෑය. ඒ නිසාය නීතිය

    Read more