Wednesday, 23/8/2017 | 2:20 UTC+0
රාවය
  • බොමුද සීතල වතුර වීදුරුවක්

    රජිඳු කාශ්‍යප ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය නැවතත් උණුසුම් වීමට ආසන්න ය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමේ පැමිණීමත් සමඟ ය. පළමුව ආරම්භ වන එක්දින තරගයේ පළමු තරගය මේ මස 30දා ආරම්භ වේ. එහෙත් අපේ අයගේ තවමත් කතාව ඉන්දියාව පරදා පාකිස්තානය චැම්පියන්ස් කුසලානය දිනූ එක ගැන ය. සැබැවින් ම එය විශිෂ්ට ජයග්‍රහණයකි. එය විශිෂ්ට වන්නේ එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්

    Read more
  • ක්‍රීඩා ඇමති ඉන්දිය ක්‍රීඩාලෝලියකු නොවිය යුතුය

    ඒ. වික්‍රමසූරිය දිනක් වඳුරකු උළු වහලයක් මත රඟනු දුටු ගෙහිමියෙක් අත්පොළොසන් දී ප්‍රීති වන්නට විය. එය දුටු බූරුවෙක් ඊට පසුදින උළු වහලයට නැඟ නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට විය. මෙයින් කුපිත වූ ගෙහිමියා කෙවිටක් ගෙන ඌට තලා බිමට බැස්සවිය. පහර කෑමෙන් ලද වේදනාවත් ලජ්ජාවත් නිසා පරිපීඩිත වූ බූරුවා තම ගෙහිමියා අමතා මෙසේ ඇසීය.

    Read more
  • ජේආර්ගේ ව්‍යවස්ථාව රැකගන්න කරන ව්‍යාජ තර්ක හා නන්දෙඩවිලි

    මහින්ද රත්නායක රාජපක්ෂ රෙජීමයට නායකත්වය සැපයූ පසුගාමී සමාජ බලවේගයට අයත් බුද්ධිමය ශ්‍රේණිය දේශපාලන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ බව ප්‍රකටය. මොවුන්ගෙන් ඇතැමෙකු එයට එළිපිට විරුද්ධ වන අතර පක්ෂ බව අඟවා එයට විරුද්ධවන පිරිසක් ද ඔවුන් අතර සිටිති. දෙවැනියට කී ගණයේ කෙනෙකු වූ ශිරාල් ලක්තිලක මහතා, බලය බෙදීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැති බව කියන නමුත් පවතින යථාර්ථය තුළ

    Read more
  • ඈලියාවට ගිය මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව

    ලසන්ත ද සිල්වා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාවගේ අවධානය තීව්‍ර නොවන්නේ එහි සේවාවන් සෘජුවම මහජනයා හා නොබැඳෙන නිසාය. එහෙත් තිරය පිටුපස මෙම දෙපාර්තමේන්තුව මගින් ඉටුවන මහජන සේවාව වෙනත් කිසිදු දෙපාර්තමේන්තුවකට හෝ රාජ්‍ය ආයතනයකට නොදෙවෙනි වේ. වෙළඳපොළෙන් මිලදී ගන්නා සීනි හෝ පරිප්පු 250 හරියටම නිසි බරට තිබේද යන්න වැනි සරල කාරණාවක සිට රෝගියෙකුගේ

    Read more
  • නායයෑමේ අවදානම් ගැන කළහැක්කේ මොනවාද?

    රොහාන් සමරජීව නායයෑම් නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව දුකට පත්වී ඇති අවස්ථාවක මෙම සංකීර්ණ ගැටලු‍වට විසඳුම් සෙවීමට අපේ නායකත්වය වෙහෙසෙන අවස්ථාවක කොස්ලන්ද ව්‍යසනය ආශ්‍රිතව ලියන ලද පහත ලිපිය වත්මන් සාකච්ඡාවට ප්‍රයෝජනවත් වෙතැයි සිතමි. සුනාමියෙන් අනතුරුව නැවත වරක් එවන් ව්‍යසනයක් සිදු නොවන්නට සිදු කළ හැක්කේ කුමක්දැයි අපි අපෙන් ප්‍රශ්න කළ අතර ඒ ප්‍රශ්නයට සෑහෙන පමණ පිළිතුරක් අද

    Read more
  • ජ්‍යොතිෂ්‍යයත් බුදුදහමත් එකක් නොවෙයි දෙකක්

    නිමල් අබේසිංහ පැරණි ඉන්දිය සමාජය තුළ මුල් බැසගෙන තිබූ මිථ්‍යාවන් බුදුන් පිටු දැක්කේ මොන විදියටද? සොබාව ධර්මයට දේවත්වයක් ආරෝපණය කරලා තමයි වෛදික සාහිත්‍යය සම්පූර්ණයෙන්ම ගොඩ නගලා තිබෙන්නේ. ඊට පෙර වුවත් අදෘශ්‍යමාන බලවේගවලට යම් බියක්, ඒවා කෙරෙහි මිථ්‍යා විශ්වාසයක්, යම් ආකාරයක ගුප්ත හැඟීමක් මිනිස්සු අතර තිබුණ බවට හේතු සාධක තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ එදා යුගයේ මිනිස්සුන්ට විද්‍යාත්මක

    Read more
  • ඥනසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ!

    එකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චර්යයන්හි කෙළ පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර නම් තෙරනමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටම කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිණිස ලියා දක්වම්හ. ඍද්ධි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ හැකි ඥනසාර ආශ්චර්යෙන් ගිනි කණ වැටුණු

    Read more
  • ජනතාව බජිරි වපුරලා බාස්මතී හොයනවා -සුනිල් හඳුන්නෙත්ති

    තරිඳු උඩුවරගෙදර ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ උපරිමය කරනවාද? මේ ආණ්ඩුවටත් ඩෙංගු පරද්දන්න පුළුවන්ද? ඩෙංගු සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිවක් කරන්නේ නැහැ. කරන්න පුළුවන්කමක් තියෙන බවක් පෙනෙන්නේත් නැහැ. හැබැයි මේක විතරක් කිව්වොත් සමහරු හිතයි ආණ්ඩුවට වෙන දේවල් කරන්න පුළුවන් කියලා. ආණ්ඩුවට අනෙක් හැමදේම බැහැ වගේ, ඩෙංගු මර්දනය කරන්නත් බැහැ. ජනතාව ගැන තියෙන අවධානයයි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වුවමනාවයි

    Read more
  • අස්ගිරි නිවේදනයේ නිරුවත

    කේඩබ්ලිව් ජනරංජන අන්තිමට අස්ගිරි විහාරය තමන්ගේ වීරයා වෙනුවෙන් එළිපිට හිටගත්තේය. ඒ වීරයා නම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිය. පසුගිය 11වැනිදා රාවයට ලියමින් අප කීවේ, ‘ඥානසාර භික්‍ෂුව මේ දිනවල රටේ බොහෝදෙනාගේ සවිඥානික මෙන්ම අවිඥානික වීරයෙකි. සමහරුන්ට ඔහු එළිපිටම වීරයකු වන විට සමහරුනට ඔහු රහසේ වීරයෙකි.’ කියාය. දැන් අස්ගිරිය විහාරයට ඔහු එළිපිට වීරයා වී තිබේ. ඒ වීරයා රකින්නට පෙරට

    Read more
  • කුරුසියේ ඇණ ගසන්නට පෙර

    මනුවර්ණ සතිය අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පළමු වටයේදී පරාජය වී අවමානයට ලක්විය. නීතිඥ ලක්‍ෂාන් ඩයස් පැය 24ක් තුළ සමාව ගතයුතුයැයි විජේදාස රාජපක්‍ෂ මහතා කිව්වත් ලක්‍ෂාන් ඩයස් මහතා සමාව ගත්තේ නැත. දැන් එළැඹී ඇත්තේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ වාරයයි. ඔහු කී අන්දමට දැන් සතියක් ඇතුළත ලක්‍ෂාන් ඩයස් නීති වෘත්තියෙන් ඉවත්කිරීමට පියවර ගත යුතුය. හැමෝම බලා සිටින්නේ අධිකරණ

    Read more
  • දූෂණ, වංචාවලට එරෙහි නඩු වේගවත් කිරීම

    ආණ්ඩුවේ ධුර කාලයෙන් බාගයක් ම ගෙවී යද්දීත්, පසුගිය ආණ්ඩුවේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් විසින් කරන ලදැයි කියන පොදු දේපළ මංකොල්ලකෑම් සම්බන්ධ නඩුවලින් අවසන් වන්නට නියමිත ව ඇත්තේ එක ම එක නඩුවක් පමණකි. ඒ රුපියල් කෝටි හයක, විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් මුදලක් යොදවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය සඳහා සිල් රෙදි බෙදා දීමේ

    Read more
  • ලංකාවේ මදුරු උවදුර සහ ඉඩම් ප්‍රශ්නය

    වික්ටර් අයිවන් ලංකාවේ මදුරු උවදුර හා ඉඩම් ප්‍රශ්නය එකම ප්‍රශ්නයක පැති දෙකක් ලෙස සැලකිය නොහැකි වුවද සමහර ඓතිහාසික කාලවකවානුවල ලංකාවේ ඉඩම් ප්‍රශ්නය කෙරෙහි මදුරුවා ඇතිකර තිබෙන බලපෑම අතිවිශාලය. ඒ නිසා එම ප්‍රශ්න දෙක එකට ගෙන කතාබහ කිරීම වැරදි නැත. ලොකු මදුරු උවදුරක් ලෙස සැලකිය හැකි ඩෙංගු මදුරුවා ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ඩෙංගු ප්‍රශ්නය සේ ම ඉඩම්

    Read more
  • ලක් සමාජයේ ඉන්ටර්නෙට් ප්‍රචලිත කළ පුරෝගාමී මාධ්‍ය මෙහෙවරට උපහාරය

    සිවුමංසල කොලුගැටයා ඉන්ටර්නෙට් සඳහා බහුලව යොදන සිංහල වචනය නම් ‘අන්තර්ජාලය’ යන්නයි. මෙය හුදෙක් වචනාර්ථයෙන් පරිවර්තනය කොට තිබෙන බවක් පෙනෙනවා. එහෙත් ඉන්ටර්නෙට් යනු සැබැවින්ම විද්‍යුත් සන්නිවේදන ජාල රැසකින් සමන්විත ගෝලීය ජාලයක්. එනිසා වඩා නිවැරදි සිංහල යෙදුම විය යුත්තේ ‘සුපිරි ජාලය‘ නැතහොත් ‘ගෝලීය ජාලය’ යන්නයි. අරුතින් වැරදි ‘අන්තර්ජාලය’ මගේ සන්නිවේදනවලදී මා භාවිත කරන්නේ නැහැ. වැරදි සිංහල යෙදුමට

    Read more
  • උතුරු පළාත් සභාවේ වුණේ මොකක්ද?

    රේඛා නිලු‍ක්ෂි හේරත් උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් සිව්දෙනා සම්බන්ධයෙන් දූෂණ විමර්ශනයක් සිදුකොට ඉදිරිපත් කරන ලද වාර්තාවක් උතුරු පළාත් දේශපාලනය තීරණාත්මක ලෙස උණුසුම් කරනු ලැබීය. එම වාර්තාවෙන් දූෂණ චෝදනා ඔප්පු වී ඇතැයි කියන්නේ ඇමතිවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පමණක් වුණත් අනෙක් ඇමතිවරුන් දෙදෙනාට තාවකාලිකව ඉවත් වන ලෙස මහ ඇමතිවරයා පැවසීම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට හේතුව වී ඇතැයි කියැවුණි. උතුරු

    Read more