Wednesday, 23/8/2017 | 12:36 UTC+0
රාවය
  • මම නිර්මාණ කරන්නේ ආගම්, සංස්කෘතික සීමා නැති මිනිස්සු වෙනුවෙන් | ප්‍රසාද් අලු‍ත්වත්ත

    තරිඳු උඩුවර‍ගෙදර ප්‍රසාද් අලු‍ත්වත්ත මෑත කාලයේ සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ විවිධ නිර්මාණ රැසක හිමිකරුවාය. සම්මත කලාගාරයක් වෙනුවට සමාජ මාධ්‍ය වේදිකාවක් කරගනිමින් සමාජය සමඟ සංවාදගත වීමට ඔහුට හැකිවිය. ඔහු කළ ඩිජිටල් කොලාජ්, ඩිජිටල් චිත්‍ර ආදි විවිධ නිර්මාණ සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් දසදහස් ගණනක් අතර හුවමාරු විය. ඊට අමතරව ඔහුගේ කලාත්මක ඡායාරූපද සමාජ මාධ්‍ය තුළ අවධානය

    Read more
  • සාහිත්‍යයෙන් පෙරාගත්තාට ගීතය ඉතාම සරල වෙන්න ඕනෑ | ලූෂන් බුලත්සිංහල

    කේ. සංජීව මුලින්ම ගීත සාහිත්‍යය සහ කලාවෙන් මේ සංවාදය පටන්ගන්න මම කැමතියි…. ඇත්තටම ගීත කලාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණි වෙන්නත් පුළුවන්. මිනිස්සු නොයෙක් අවස්ථාවලදී ගීත ගයනා කළා. ආගමික අවස්ථාවලදී, උත්සව අවස්ථාවලදී, ප්‍රීතිවෙන අවස්ථාවලදී බොන කන අවස්ථාවලදී මිනිස්සු ගීත ගායනය කළා. දැන් බටහිර ගත්තොත් ගීත කලාවේ උපරිම වර්ධන අවස්ථාව තමයි ඔපෙරාව. කටහඬ

    Read more
  • අතිශයින් විවාදිත ලක්ෂපතිආරච්චි

    දිලීප අබේසේකර එක් රැයක අප නිවසේ පිටත බිත්තිය අතිවිශාල රිදී තිරයක් බවට පත්විය. මිදුල සීමිත ප්‍රේක්ෂකාග ාරයක් බවට හැරුණි. අනතුරුව එහි අලුතෙන් එන්නට නියමිතව තිබුණු ‘අජාසත්ත’ (1981) චිත්‍රපටය තිරගත කරනු ලැබිණ. එය සිදුව ඇත්තේ මෙලෙසිනි: ප්‍රකට නිවේදකයකු වූ මගේ පියා ලවා එම චිත්‍රපටය සඳහා ප්‍රචාරක වැඩපිළිවෙළක් සකස් කරගැනීමට එහි නිෂ්පාදන කණ්ඩායමට අවශ්‍ය වීලු. එහෙත් එවකට සිය

    Read more
  • නුවරඑළියට කෝච්චි ගිය කාලයක්

    නිමල් අබේසිංහ සීතල සුළඟට මුසුව කඩාපනින පිනි බිඳු ගතේ වදින්නේ ඇඟ කිළිපොලමින්ය. එය නොතකා ත්‍රීවීල් රථයේ දෙපස වැසි ආවරණ නිරාවරණය කරන්නට රියදුරුට උපදෙස් දුන්නේ දෙපස දසුන මැනැවින් නැරඹීමේ අභිලාෂයෙනි. තවමත් යහමින් හිරුඑළිය වැටී නැතත් ඈතින් පෙනෙන කඳු මුදුන් සේ ම මෑත තේ වතුද එළවළු වගා බිම්ද නෙතත් සිතත් ප්‍රබෝධමත් කරවයි. නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක්

    Read more
  • මට පාරක් කපා ගන්න මම ඒ අයව පාරට දැම්මා| රන්ජන් රාමනායක

    ටිරන් කුමාර බංගගමආරච්චි රන්ජන්ට මාපියන් යොදපු නම දිග වැඩියි කියලා හිතුණේ නැද්ද? හිතුණ වාර අනන්තයි. මම පුංචි කාලේ ඒක ලියද්දී සෑහෙන වෙහෙසක් ගන්නවා. මම හිතන්නේ මට දේවල් මතක තියාගන්න ශක්තිය ලැබෙන්න ඇත්තේ පුංචි කාලේ මගේ නම මතක තියාගත්ත හින්දා වෙන්න ඇති. (හිනා) සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරලාගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු රාමනායක. පුංචි කාලේ

    Read more
  • වසර එකසිය පනහක තේ දල්ලේ අමිහිර

    සටහන හා ඡායා රේඛා නිලු‍ක්ෂි හේරත් අප ඔවුන් හඳුන්වන්නේ කොහොමද? ‘වතු කම්කරු’ දෙමළ, ‘ඉන්දීය’ දෙමළ, ‘ලැයිම්’ දෙමළ වැනි විවිධ නම්වලින් ඔවුන්ව හඳුන්වනවා. ඒ හැම හැඳින්වීමකම අසාධාරණය විසක් මෙන් ගැබ්වෙලා තියෙනවා. එහෙත් ඒ වෙනුවට යෙදිය හැකි මලය දෙමළ ජනතාව කියන යෙදීම හරි ලස්සනයි. මලය දේශය කියන්නේ උඩරට කඳුකරය ඈත අතීතයේ ඉඳන් හැඳින්වූ ලස්සන නම. ලංකාවේ තේ

    Read more
  • ගඟෙන් එපිට සිරවූ සිහින

    සටහන සහ ඡායා/ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඒ උදෑසන අපි ගං ඉවුරට වෙත පැමිණෙද්දීත් එක් ඔරුවක් එගොඩට ළඟාවෙමින් තිබුණි. එතුළ සාරියෙන් සැරසුණු එක් කාන්තාවක ද තවත් කිහිප දෙනෙකු ද සිටිනු ඈතට පෙනුණි. මුරුක්කන්තිවු සිවශක්ති විද්‍යාලයේ ගුරුවරියක හා විදුහල්පතිවරයාත් ඒ ඔරුවෙන් එගොඩට ගිය බව හේනුජන් අප හා පැවසුවේය. අප නැගුණු පසු ඔහු ඔරුව දියඹට හෙමි හෙමින් තල්ලු‍ කර

    Read more
  • අර්ජුනගේ සිහිනය

    ඒ. වික්‍රමසුරිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වන හැම වාරයකම වඩා ආවේශ වන්නේ අර්ජුන රණතුංගය. මෙය ක්‍රිකට් මේනියාවකි. අර්ජුන අදහන එක් සත්‍යයක් ඇත. එනම් ලංකාවේ ක්‍රිකට්හි අයිතිකාරයා ඔහු පමණක් බවය. ක්‍රිකට් ගැන සියල්ල දන්නේද ඔහුම පමණක් වන බවය. ඒ සියල්ල ඔහුටම දුන්නද ක්‍රිකට්වලට සෙතක් වේද? තමා ජනපතිට ක්‍රිකට් ගැන දැනුවත් කොට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්

    Read more
  • රේස් එක දුවන්නේ කවදාද?

    ටිරන් කුමාර බංගගම ආරච්චි මේ දිනවල ක්‍රීඩාව අරබයා කතා කරන්නට ඇත්තේ කුමක්ද? කිසිවක් නැති ගාණට පිට්ටනි පාළුවී ඇත. පහුගිය කාලයේ සුසන්තිකාගේ කට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩ ගැන කතා කරන්නට විය. කටවල්, බඩවල් ගැන කතා කළ පසු සියල්ල විහිළුවකින් කෙළවර විය. ඒ සියල්ල හුදු දේශපාලන කතා බහ විය. මේ දෙකතාවේම කතා නායකයා ක්‍රීඩා ඇමති නිසා විරුද්ධ

    Read more
  • අදූරදර්ශී නායකයෝ විනාශය කරා ගෙනයන රම්‍ය දූපත

    ප්‍රගීත් එක්නැළිගොඩ සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලනඥයකු හැටියට පමණක් නොවේ. ආසියාවේ සිටින අභියෝග ජයගත් ආදර්ශමත් නායකයෙකුද හැටියට ය. එතුමා “දකුණු ආසියාවේ අභියෝග” යන මැයෙන් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකාව ද උදාහරණයකට ගනිමින් සිය අදහස් පළකළේ ය. එහිදී ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබූයේ ලෝකය හෝ කාලය ගැන නොදත් අඩුම තරමින් තම රට

    Read more
  • අලුත්ම හිට්ලර් පිලිපිනයේ දුටර්ටේ

    එස්. නන්දලාල් පිලිපීනයේ මිලියන තුනකට ආසන්න මත්ලෝලීන් ප්‍රමාණයක් සිටින බවත් මත්ද්‍රව්‍යවලට එරෙහි තමාගේ සටන අවසන් වනු ඇත්තේ ඔවුන් සියල්ලන් ඝාතනය කිරීමෙන් පසු බවත් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ වසරක පමණ කාලයක සිට වරින්වර පවසයි. ඒ අනුව මේ වනවිට මරා දමනු ලැබ ඇති පිලිපීන වැසියන්ගේ සංඛ්‍යාව 7,000ක් ඉක්මවන බව අනාවරණය වී තිබේ. පසුගිය 30දා පිලිපීන පොලීසිය අලුයම

    Read more
  • සයිටම්: මෝඩ චූන් අරගලය

    සයිටම් විරෝධී අරගලය තරම් මෝඩ චූන් අරගලයක් මෑත කාලීන ලංකාවේ තිබී නැත. මන්ද යත් දිනුවත් පැරදුණත් ඉන් කිසිදු දීර්ඝ කාලීන හෝ තීරණාත්මක වෙනසක් සිදු නොවන නිසාය. සයිටම් සටන වනාහි, දැන දැනම වළගම්බා ක්‍රමයට උණු කිරිබත් (නො)කෑමට දැරෙන වංචාවකි. සයිටම් තිබුණත් නැතත් මෙරට නිදහස් අධ්‍යාපනය දුර්වල කරමින් පුද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා ඉහළ නැංවීම ඉදිරියටම යනු ඇත.

    Read more
  • අගමැතිවරයාට දෑත් පිරිසිදු බව ඔප්පු කරන්න බැරි වුණා | විජිත හේරත්

    තරිඳු උඩුවරගෙදර කෝප් කමිටුව විසින් බැඳුම්කර ගැන හෙළිකරගත් කරුණු එක්ක ලොකු ආන්දෝලනයක් ආවා. ආණ්ඩුවට එල්ලවුණු මහජන පීඩනය හමුවේ ඒ වාර්තාව මත පදනම් වෙලා බැඳුම්කර කොමිසමක් පත් කළා. පොදුවේ ආණ්ඩුව ගත්ත මේ පියවර ගැන ඔබේ අදහස මොකක්ද? කෝප් කමිටු වාර්තාවෙන් බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවුණු දේ සම්පූර්ණයෙන් හෙළිදරව් වුණා. එතැනින් හෙළිවුණු දේවල් අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නයි තිබුණේ. ඒ

    Read more
  • රවී කරුණානායක ගෙවිය යුතු වන්දිය

    මනුවර්ණ රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව්වී ඇති කාරණා ඉතාම බැරෑරුම් ඒවා වන විට, ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි දෙමින් ඇමතිවරයා පැහැදිලි කළ කාරණා විශ්වාසවන්තභාවයෙන් තොර බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. තමා තාවකාලිකව වාසය කරන මහල් නිවාසය ගැන හෝ එහි අයිතිකාරිය හෝ ගැනත්, එය ලබාගත් ආකාරය ගැනත් දැනට කොමිසම ඉදිරියේ එළිදරව්වී ඇති කාරණාවලට පරස්පර අදහසක්

    Read more