Untitled-1

Untitled-1

කළුවිතාරණ කළුමද?


kalu

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් හා පසුගිය කාලයේ සැබැදි පුවතක් වූයේ බවුවා නමැති තැනැත්තෙකු ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ රොමේෂ් කඵවිතාරණට කළ තර්ජනයකි. මේ පුවතේ දී බවුවා කවුද? බවුවා සැබෑ ලෙස ම කඵවිතාරණට බැන වැදුණේ ද? එසේ බැන වැදුණේ නම් ඒ කුමන හේතුවක් නිසා ද යන්න විමසුණේ නැත. එහෙත් බැණ වැදීම පමණක් ප‍්‍රවෘත්තියක් වූවේය. ආරංචිය අනුව නම් මේ පුවත මාධ්‍යයට මුදා හැරෙන්නේ ක`ඵවිතාරණ මගිනි. අප එසේ සිතන්නේ මේ සිද්ධිය සම්බන්්ධයෙන් කිසිම තැනක බවුවාගෙන් කිසිවක් ම නොවිමසන තත්ත්වයකදී ය.

කෙසේ වෙතත් මේ මගින් හැගී යන්නේ, ඇත්ත නැත්ත කුමක් වූවත් මේ සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් කිරීමේ වුවමනාවක් කඵවිතාරණට වූ බවයි. එසේ වුවමනා වූයේ කුමන හේතුවක් මත ද යන්න දන්නේ ක`ඵවිතාරණ ම පමණක් වීමට විය හැකිය. එසේ ම මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් බවුවා ද කිසිවක් නොපැවැසීමට වගබලාගෙන සිටී. එසේ වී ඇත්තේ ක`ඵවිතාරණට තිබෙන හිතවත් මාධ්‍ය ඉඩකඩ බවුවාට නොමැති වීම ද විය හැකි ය.

බවුවා යනුවෙන් හැදින්වෙන්නේ කඵවිතාරණ සමග ශී‍්‍රි ලංකා ක‍්‍රිකට් පුහුණුකරු ගොන්නේ සිටින තවත් එක් පුහුණුකරුවෙකි. දන්නා පරිදි තම සේවයේ දී ඔහු කාගේත් හිත දිනාගෙන කටයුතු කරනු ලබන තැනැත්තෙකි, සහ තම සේවය මනා ලෙස ඉටුකරනු ලබන තැනැත්තෙකි. ගැටුම මතුවෙන්නේ තම සේවය ලබා දීම වෙනුවෙන් පැති විකට්ටුවක් ලබා ගැනීමට කෙරුණ සංවාදයකින් යැයි සැලයි.

මේ සිද්ධියේ දී කඵවිතාරණ තම බලය මුදාහැර ඇත්තේ ලෝක කුසලාන ජයග‍්‍රාහකත්වයේ හිමිකාරීත්වය ද ආරෝපණය කර ගනිමින්ලූ. තර්ජනය කළා වූ බවුවාට එවැනි ඉතිහාසයක් නැත. දන්නා පරිදි නම් එකී ඉතිහාසය ජාත්‍යන්තර තරග දෙක තුනකි. ක‍්‍රිකට් පාලකයන් ද මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීමේ දී කී බවට ආරංචි වන්නේ කඵවිතාරණ ලෝක ශූර කණ්ඩායම් සාමාජිකයෙකු බැවින් තම කාර්යයන්හිදී ඔහුට ඉඩ දී වැඩ කරන ලෙස දැනුම් දී ඇති බවයි.

ලෝක කුසලානයක් දිනූ පමණින් තමන්ගේ සියලූ කාර්යයන් සාධාරණය කරගැනීමේ තැතක් දැරීමට කළ උත්සාහය සත්‍ය නම් අපි ක`ඵවිතාරණගේ කාර්යයට එරෙහි වෙමු. මේ කරලියට පැමිණ ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුවන් සම්බන්ධයෙන් ඇතිවූ විවාදාත්මක සංවාදයන්හි දිගුවක්ය යන්න අප විශ්වාස කරමු. එසේ ම මේ ප‍්‍රවෘත්තිය අපට කියාපාන්නේ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකාර ගොන්නේ කාලයක සිට පවතින විරසක තත්ත්වයන් පුපුරා යෑමක් ලෙසිනි. පුහුණුකරුවන් අතර පවතින එකාට එකෙක් රුස්සන්නේ නැතිකම එළියට පැනීමකි. මේ කාර්යයේ දී අයෙක් අබිබවා තවත් අයෙකු ඉදිරියට පැමිණීමේ තනි තනි ක‍්‍රියාදාමයේ මගඩින් ය.

කඵවිතාරණ යනු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ පුද්ගලයෙකු යන්න අප කවුරුත් දන්නා කාරණයකි. එහි විවාදයක් නැත. එහෙත් එකී කාරණය හේතුවෙන් ම ඔහු විසින් කරනු ලබන සෑම කාර්යයක් ම සාධාරණය කිරීමේ පිළිවෙතක් අපට අනුගමනය කළ නොහැකි ය. ක`ඵවිතාරණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස කළ කී දේ සේ ම පුහුණුකරුවෙකු ලෙස ද වර්තමානයේ කරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන් ද අපි දනිමු. ඔහුට ඒ සම්බන්ධයෙන් ඇති ගෞරවයේ අඩුවක් නැත. එහෙත් එසේ වූවා යැයිඔහු විසින් කරනු ලබන සියල්ල ඉතා ම නිවැරදි සේ අන් අය දැකිය යුතු මතයේ ක`ඵවිතාරණ සිටින්නේ නම් එය අසාධාරණ සිතුවිල්ලකි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසය හදාරන්නේ නම් 1996 ලෝක කුසලානය දිනූ පසුව අප මුහුණ දුන් ප‍්‍රමුඛතම ප‍්‍රශ්නය වන්නේ පුහුණුකරුවෙකු තෝරා ගැනීමය. කොතෙක් දෙස් විදෙස් පුහුණුකරුවන් පිළිගත් සම්ප‍්‍රදාය අනුව අයැදුම්පත් යොමු කළ ද ඊට පරිබාහිරව යම් යම් ක‍්‍රමවේදයන් මත පුහුණුකරුවන්් කරලියට ගෙන ඒ ම සෑම පාලකයෙකුගේ ම කාලයේ සිදු වුණි. මෙසේ තෝරාගත් ඇතැම් පුහුණුකරුවන් පැදුරටත් නොකියා මේ රට හැර ගිය අයුරු ද අපට මතකය. ඇතැමුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හෑල්ලෙහි දිග පළල ජාත්‍යන්තරය ඉදිරියේ නිරුවත් කළ අයුරු ද මතකය. එසේ ම පසුගිය කාලයේ පුහුණුකාර භූමිකාවේ සිටි මෙරට බොහෝ දෙනෙකු සේවය හැර ගිය අයුරු ද අපට අමතක කළ නොහැකිය.

බවුවාගේ කාර්යයන් සේ ම කඵවිතාරණගේ ද සේවය අප මනින්නේ එක ම තරාදියේ දමමිනි. අපට වඩා හොද කඵවිතාරණ ද බවුවා ද යනුවෙන් වර්ග කිරීමේ වුවමනාවක් නැත. අපට වැදගත් වන්නේ ඔවුන්ගේ කාර්යයන් ය. ඔවුන් විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත ලබා දෙන දායකත්වයන් ය. එතැන දී දෙදෙනාගෙන් වඩා හොද කවුද යන්න ඔවුන්ගෙන් සේවය ලබාගන්නන් තීරණය කරනු ඇත.

කරුණු කාරණා එසේ සිදුවන්නට මේ පුහුණුකරු භූමිකා පිටියේ රගන ක‍්‍රමයේ යම් යම් දෝෂයන් වෙතැයි අපට අනුමාන කළ හැකිය. එසේ ම පුහුණු ප‍්‍රධානීන් සහ සහායකයන් විරසකයෙන් කටයුතු කරන අවස්ථා අප අනන්තවත් දැක ඇත. කඵවිතාරණ සහ බවුවා අතර පුපුරා යන්නේ ද එවැනි එක් අවස්ථාවක් විය හැකිය.