කිසිම මතයක් හෝ අවංක අභිලාෂයක් මේ ආණ්ඩුවටත් නෑ |පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණ

තරිඳු උඩුවරගෙදර

කෝප් කමිටුවේ සභාපතිකම ජවිපෙට දිය යුතුයි කියන හඬ නැෙඟනවා. එම ඉල්ලීම වැදගත් වෙන්නේ කොහොමද?

පාර්ලිමේන්තුව නියෝ ජනය කරන පක්ෂ අතරින් රාජපක්ෂ පාලනයේ ොදූෂණයට විරුද්ධව විශාල වශයෙන් දේශපාලන පක්ෂයක් විදියට හඬ නැඟුවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම කාලයක් තිස්සේ ජනතාව විශ්වාස කරන දෙයක් තියෙනවා. ජවිපෙ මහජන නියෝජිතයන් වංචා දූෂණවලට සම්බන්ධ නැහැ කියන එක. ඒ වගේම ජනවාරි අටවැනිදා ජනතාව විසින් දුන් ජනවරම වංචා දූෂණවලට විරුද්ධව ලැබුණු එකක්. ඒකට එකඟ වෙන්නේ කෝප් කමිටුව වැනි ආයතන හරහා වංචා දූෂණ හෙළිදරව් කිරීම සහ ඒ සඳහා කාර්යක්ෂම කණ්ඩායමකට ඉඩ දීමෙන්. අනිත් පැත්තෙන් සම්ප‍්‍රදායක් වැනි අදහසක් තියෙනවා කෝප් කමිටුවේ සභාපතිකම විපක්ෂයට ලැබිය යුතුයි කියලා. ඒ අදහස මෙතෙක් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවුණත්, ඒ මත අපි ඉල්ලන්නේ අපේ පක්ෂයට කෝප් සභාපතිකම දෙන්න කියලා. කෝප් කමිටුවෙන් වංචා දූෂණ නැත්තටම නැති කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ඒත් ජනතාව බලාපොරොත්තු වෙන මට්ටමට යම් තරමින් කිට්ටු ප‍්‍රතිඵල හෝ ලබාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.

අලූත් ආණ්ඩුවට නම් දූෂණ චෝදනා එල්ල වෙන්නේ අඩුවෙන් වගේ. තවමත් කතා කරන්නේ පරණ ආණ්ඩුවේ දූෂණ ගැනනේ. කෝප් කමිටුවෙනුත් රාජපක්ෂවරුන්ගේ දූෂණ ගැනම කතා කර කර ඉඳියිද?

මං හිතන්නේ දූෂණ කියන එකට පරණ ආණ්ඩුව වගේම අලූත් ආණ්ඩුවේ දූෂණත් අදාළයි. අලූත් ආණ්ඩුවට ෂණ චෝදනා නැහැ කියලා එකක් නැහැ. ඔවුන්ද වංචාවන් කරන බව පෙනෙන්න තියෙනවා. ඇත්තටම ජනවාරි අටවැනිදා ඔය දේශපාලනඥයෝ නෙවෙයි ජනතාවයි අලූත් වුණේ. රටේ දේශපාලන ආකල්ප තමයි අලූත් වුණේ. සන්තෝසම් ඇමතිකම් ගත්ත දූෂිතයෝ මෙතැනත් ඉන්නවා. ජනවරම වෙනස් වුණත් තවමත් දේශපාලන ඥාති සංග‍්‍රහය වෙනස් වෙලා නැහැ. කවුරු කළත් කොන්දේසි විරහිතව දූෂණයට විරුද්ධව පෙනී ඉන්න ජවිපෙ සූදානම්. අපි ඔය කිසිම සන්ධානයක නැහැ.

ෆේස්බුක් එකේ පළකරන අදහස්වලට ආණ්ඩුවෙන් සීමා දාන්න හදන්නේ.

මේ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස දෙන්න පොරොන්දු වෙලා බලයට ආවේ. ඒත් දැන් සීමා දාන්න යනවා. හැමදේටම සීමාවන් තියෙන්න ඕනෑ කියලා අදහස් පළ කිරීමේ අයිතිය වහන්නයි යන්නේ. සමාජ මාධ්‍ය ජාලවලට නීති හදන්න කලින් නීති හදන්න ආණ්ඩුව ඇතුළේම ගොඩාක් දේවල් තියෙනවා. ඥාති සංග‍්‍රහය ගැන නීති හදාගන්න තියෙනවා. මන්ත‍්‍රීවරුන්ගේ ආචාර ධර්ම ගැන නීති හදාගන්න තියෙනවා. ඇමැති විෂයන් බෙදාගනිද්දී නීති හදාගන්න තියෙනවා.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ කාර්යයට ජවිපෙ නියෝජිතයෙකුත් එකතු වුණා. දැන් කොමිෂන් සාමාජිකයෝ ඉල්ලා අස්වෙනවා. මේවායේ ක‍්‍රියාකාරිත්වය ගැන අදහස මොකක්ද?

තවමත් කොමිෂන් සභාවල ගුණදොස් කියන්න තරම් කාලයක් ගතවෙලා නැහැ. කොමිසමකට සාමාජිකත්වය ස`දහා අයදුම්පතක් ඉදිරිපත් කළයුත්තේ මන්ත‍්‍රීවරයකු හරහායි. 2001 මේ කොමිසම් හදද්දි ඕනෑම ස්වාධීන පුරවැසියකුට අයදුම්පත් එවන්න හැකියාව තිබුණා. කොමිසම් ඉක්මනින් පත්කළ යුතු බවට ආ තෙරපුම නිසා මන්ත‍්‍රීවරුන් හරහා පත්කිරීමේ ක‍්‍රමවේදයම මෙවරත් භාවිත කර තිබෙනවා. විද්වතුන්ට දේශපාලකයෝ පස්සේ යන්න වෙලා. දේශපාලකයෙක් පස්සේ ගිහින් රාජ්‍ය සේවා කොමිසමට පත්වෙන්න සීල් එක ගහගත්තාට පස්සේ ඒ මනුස්සයා ස්වාධීන වෙන්නේ නෑ. හැබැයි ඉතින් කොමිෂන් සභා නොතිබුණ කාලයට වඩා දැන් තත්ත්වෙ හොඳයි.

මේ වෙද්දී ආණ්ඩුව මන්දගාමී බවක් පෙනෙනවාද? එජනිස සහ එජාපෙ ඇමතිවරු තමන්ට අයිති වැඩක් දෙකක් කරනවා මිසක් එක් අරමුණකට යොමු වෙච්ච ශීඝ‍්‍රගාමී ගමනක් පෙනෙන්න නැහැ.

අපි මැතිවරණ කාලයේදීම කිව්වා ඡන්දයෙන් පස්සේ බිහිවෙන්නේ මෙහෙම හවුල් ආණ්ඩුවක්, ඒකට ක‍්‍රියාත්මක වෙන්න වෙන්නේ මේ විදියටයි කියලා. රාජපක්ෂ කාලයේ දූෂිතයන් එජාපය එක්ක සන්ධානගත වෙලා. ඒකෙන් වෙන්නේ ජනවරමේ ජවය නැතිවෙන එක. රාජපක්ෂ පැරැුද්දුවත් ඒ දේශපාලන සංස්කෘතිය පරද්දන්න සිරිසේන මහත්මයාට බැහැ. ඔවුන් කරන්නේත් අර වගේම විවිධ සන්තෝසම් දීලා බලය තියාගන්න එක. වත්මන් පාලනයේ අපි දකින එකම සාධනීය දේ ජාතිවාදී පදනමක් උඩ තීරණ ගත්ත රාජපක්ෂ දේශපාලනය අවසන් කරලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන්න ඉඩක් හිමිවීම. ජාතිවාදී ආගම්වාදී උසිගැන්වීම් නතර වීම. ආර්ථීකමය හෝ පරිපාලනමය වශයෙන් කිසිම වෙනසක් අපට නම් පෙනෙන්නේ නැහැ. කිසිදු මතයක් හෝ අවංක අභිලාෂයක් මේ ආණ්ඩුවටත් නැහැ. මේ අගමැතිවරයා මාස 10ක් තිස්සේ ඉන්නවා. මුදල් ඇමති, අධ්‍යාපන ඇමති, සෞඛ්‍ය ඇමති වගේ ප‍්‍රධාන ඇමතිවරු ගණනාවක් මාස දහයක් තිස්සේ ඉන්නවා. ඒත් වැඩක් කරලා තියෙනවාද? අඩු ගානේ ආණ්ඩුවට පොළොන්නරුවේ වැලි ගොඩදාන එකවත් නවත්තන්න බැරි වුණා. ඉහත කිව්ව සාධනීය කාරණාව ඇරුණාම රාජපක්ෂලාව පරාජය කිරීමෙන් ලැබුණු යහපත් ප‍්‍රතිඵලයක් නැහැ. ඒකත් ඔවුන් අපට දුන්නු දෙයක් නෙවෙයි සිවිල් සමාජය සහ පුරවැසියන් හා එක්ව ලබාගත් දෙයක්.

ඒ යහපත් ලක්ෂණයෙන් ප‍්‍රයෝජන ගන්න හැකිවෙන්න ඕනෑ.

ඔව්, විශේෂයෙන් ජනවාරි අටවැනිදා සහ ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණ ජනවරම ඇතුලේ ඡුන්ද ලක්ෂ 15ක් 20ක් විතර එජාප සමාජ, දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිපත්තිවලට එකඟ වුණ ඡුන්ද නෙවෙයි. ඔවුන් රාජපක්ෂ ඒකාධිපතිත්වය පරද්දන්න සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් සුභවාදී දේශපාලන බලපෑමක් සඳහා ඡුන්දය දුන් අය. ඒ අයව ආණ්ඩුවල ප‍්‍රචාරක ව්‍යාපෘතිවලින් අන්දන්න බැහැ. ඒ අයට ඉදිරියෙන් කලාකරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිවිල් ක‍්‍රියාකාරිකයන් හිටියා. ජනවාරි අට ජනවරම ඉස්සර චන්ද්‍රිකා මහත්මියට හෝ රාජපක්ෂලාට ලැබුණා වගේ පුද්ගලයන් පදනම් කරගෙන ලැබුණු රනිල් වික‍්‍රමසිංහගේ හෝ මෛත‍්‍රීපාල සිරිසේනගේ එකක් නොවෙයි. ඉහත කිව්ව අයයි ජනවරමේ හිමිකරුවන්. මේ අය ඡුන්දය දුන්නේ විශාල ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයක් ඉටු කරවාගැනීම සඳහා. මේ ආණ්ඩුවට ඒවා ඉටු කරන්න වුවමනාවක් නැති නිසා අර කණ්ඩායම කළ යුත්තේ දිගින් දිගටම ජනවාරි අට ජනවරමේ පොරොන්දු ඉටු කරවාගැනීම සඳහා බලපෑම් කණ්ඩායමක් ලෙස ක‍්‍රියා කිරීම. නීතිමය ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම. ජවිපෙත් ඒ අය සමඟ ඉන්නවා. අපි යෝජනා විස්සක් ඉදිරිපත් කළේ ඒ අනුව. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ සහ ජනවරමේ හිමිකරුවන් එකතු වෙලා දේශපාලන පෙරමුණක් ලෙස ක‍්‍රියාත්මක විය යුතුයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් ජවිපෙ කාර්යභාරය මොන වගේද?

අපි පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය ලෙස අපේ වැඩ කොටස ඉටු කරනවා. හැබැයි විපක්ෂය ලෙස හඬනැගීම පමණක් නෙවෙයි ජවිපෙ කළ යුත්තේ. අපේ අරමුණ වන සාධාරණ සමාජයක් වෙත යෑම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කටයුතු කළ යුතුයි. විශේෂයෙන් පාර්ලි මේන්තුවෙන් පිට විශාල වැඩ කොටසක් තියෙනවා. මම කිව්ව විදියට ලක්ෂ හැට එකෙන් ලක්ෂ විස්සක විතර නිශ්චිත කණ්ඩායම සහ ජවිපෙ එක් කරමින් දේශපාලන පෙරමුණක් ගොඩනැඟීමයි ප‍්‍රධාන කාර්යභාරය. ඒ අය තනි තනිව හුදෙකලා වීම හෝ අපි තනිව හඬ නැඟීමෙන් අපට අවශ්‍ය අරමුණ වෙත යන්න බැරි වෙනවා.

එහෙම පෙරමුණක් හදන්න නම් අවම එකඟතා ටිකක් හදාගන්න ඕනෑ. ජනාධිපතිවරණයේදී කළා වගේ. ජවිපෙ ඇතැම් ප‍්‍රතිපත්ති සමඟ එකඟ නැති අය ඉන්නවා.

අපි යෝජනා විස්සක් ඉදිරිපත් කළේ ඒකට. ඒ ජනවාරි අටවැනිදා හැමෝම එකඟ වෙච්ච ඉටු කරවාගත හැකි යෝජනා. එකඟවිය හැකි දේවල්වලට එකඟ වීමත්, එකඟ නොවන දේවල් සම්බන්ධයෙන් එකඟ නොවීමට එකඟ වෙන්නත් පුළුවන් නම් සාර්ථක සමාජ ව්‍යාපාරයක් විදියට වැඩ කරන්න පුළුවන්. ඒකට බාධාවක් පෙනෙන්නේ නැහැ. නීති ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ඉටු කරගත යුතු දේවල් කරවාගන්න එහෙම වුණොත් අපට පුළුවන් වේවි.

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන කියද්දී නව ව්‍යවස්ථාවක් ගැන ආණ්ඩුව ඇතුළෙන් වරින් වර හඬක් නැෙඟන බව පේනවා. ඒක සාධනීය දෙයක්. ඒත් ඒ සඳහා ක‍්‍රියාවලියක් තියෙන බවක් පෙනෙන්නේ නැහැ.

ව්‍යවස්ථා හදනවා කිව්වාට වැඩක් නැහැ. එහි තියෙන කරුණු මොනවාද කියන එකයි වැදගත් වෙන්නේ. දේශපාලන බලවේග සියල්ල එකතු කරගත හැකි මැතිවරණ ක‍්‍රමයක් ඇති කරගන්න ඕනෑ. විධායක ක‍්‍රමය අහෝසි කරන්න ජනවරම් ගණනාවක් ලැබිලා තියෙනවා. මේ වගේ හැමෝම එකඟ වුණ දේවල් විවෘත විදියට කතා කරලා ක‍්‍රියාත්මක කරන්න ඕනෑ. ඒත් ඒ වගේ දේකට ආණ්ඩුවේ ඉන්න අය තුළ පළල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහසක් නැහැ. හැබැයි අපට වාසිදායක තැන් තියෙනවා. විශේෂයෙන් නැවත ජනාධිපතිවරණයකට ඉල්ලන එක මෛත‍්‍රීපාල සිරිසේන මහතා දේශපාලනිකව සියදිවි නසාගැනීමක් වගේ. එතකොට ඔහුගේ බල වුවමනාව සඵල කරගන්න නම් තමන්ගේ ධුර කාලය අවසන් වෙද්දී ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා අගමැති ධුරය සඳහා තරග කළ යුතුයි. මේක හරියට පාවිච්චි කළොත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරවාගන්න හැකියාවක් තියෙනවා. එහෙම කරගත්තොත් ඒක මේ ව්‍යවස්ථාවෙන් සීයට පණහක් පමණ ඉටු කරවාගැනීමක් වෙනවා. බලයේ ඉන්න අයගේ පුද්ගලික වුවමනාවයි ජනතා අභිලාෂයයි සමපාත කරගත්තොත් අපට ජයග‍්‍රහණ අත්පත් කරගන්න පුළුවන්.

රාජපක්ෂ කාලයේ සිටි ඇතැම් දූෂිත දේශපාලනඥයන් මේ විවිධ ක‍්‍රමවලින් අලූත් ආණ්ඩුව එක්ක සම්බන්ධ වෙලා. දැන් රජයේ සාක්ෂිකාරයන් වෙමින් තමන්ට තියෙන චෝදනාවලින් ගැලවෙන දූෂිතයන් සහ අපරාධකරුවන් කණ්ඩායමකුත් ඉන්නවා.

ඒවාට අපි දිගින් දිගටම විරුද්ධ වුණා. දැන් පිළිකුලෙන් හෙළා දකිනවා හැර කියන්න දෙයක් නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ බලය තහවුරු කරගන්න දූෂිතයන්ට විවිධ වරප‍්‍රසාද ලබාදෙමින් ඔවුන්ව සමබර කරනවා. ඒ අතරේ ඔහුට රාජපක්ෂ පවුලට තියෙන චෝදනා ඔප්පු කරන්න වුවමනාවක් තිබිය හැකි බව පේනවා. අනිත් පැත්තෙන් රනිල් වික‍්‍රමසිංහත් තමන්ගේ බලය සමබර කරගැනීම වෙනුවෙන් දූෂිතයන්ව ගලවාගන්න උත්සාහ කරන බව පේනවා. තමන්ගේ මහබැංකු අධිපතිවරයාව බේරන්නට හිටපු මහබැංකු අධිපතිවරයාව බේරනවා. තමන්ගේ හිතවතුන්ව ආරක්ෂා කරන්න ඇවන්ගාඞ් සමාගම බේරන බවක් පේනවා. ඇත්තටම දැන් තියෙන්නේ රටට අදාළ හේතුවක් මත නෙවෙයි පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් ඞීල් දමමින් හොරු කළමනාකරණය කරගැනීමක්.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සීතල යුද්ධයක් තියෙන බවත් සෘජු පියවර ගනිමින් වැඩක් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ ඒ නිසා බවත් කියනවා.

ඒක කවුරුත් දන්නා කාරණයක්. එක පැත්තකින් මේ දෙන්නාම දුර්වල නිසා එකිනෙකා අතර මිත‍්‍රත්වයක් තියෙනවා. ඒ දුර්වලතාව නැති කරගන්න තමයි රාජපක්ෂ ක‍්‍රමය අනුගමනය කරමින් වරින් වර ඇමතිකම් ලබා දෙන්නේ. මේ මිත‍්‍රත්වය තිබුණත් යටින් දිවෙන බල ගැටුම නිසා ආණ්ඩුව ඉස්සරහට යනවා කියලා එකක් වෙන්නේ නැහැ. රාජපක්ෂ සූදුව ඊට වඩා කැත විදියට ක‍්‍රියාත්මක කරමින් විද්‍යාත්මක පදනමක් නැතිව ඇමතිකම් බෙදාදෙමින් මේ කරන්නේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමක් නෙවෙයි. අපි බලන්න ඕනෑ මේ බල අරගලය තුළ ජනතාවගේ දේශපාලන ඉලක්ක සපුරාගන්නේ කොහොමද කියන එක.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;