Saturday, 19/8/2017 | 5:14 UTC+0
රාවය

ඕල්බ්ලැක්ස්…

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

කුමන මොහොතක ප‍්‍රතිවාදීන් හිස ඔසවාදැයි සිතූ ඇසිල්ලක් ම පරාජය කරමින් 2015 රග්බි ලෝක කුසලානය නවසීලන්තය හෙවත් ඕල්බ්ලැක්ස්ලා දිනා ගත්හ. අවසන් තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 34-17ක් ලෙසය. මේ තරගයේ දී ඕස්ටේ‍්‍රලියාව හෙවත් වොලබීස්ලා ජයගනු ඇතැයි සිතූ අතලොස්ස ද අවසානයේ ඕල්බ්ලැක් ජයග‍්‍රහණය වෙනුවෙන් සව්දිය පිරූහ.

රග්බි ලෝක කුසලාන තරග ඉතිහාස වාර්තා පොතේ නව පරිච්ෙඡ්ද කිහිපයක්ම මේ තරගයේ දී සටහන් තැබුණි. වෙබ් එලීස් කුසලානය පිට පිට දෙවැනි වතාවට සේ ම තරගමාලාවේ අවස්ථා තුනක දී ජයග‍්‍රහණය කළ එකම කණ්ඩායම බවට පත්වීමට ඕල්බ්ලැක්ස්ලා සමත් වෙද්දී එම කණ්ඩායමේ නායක රිචි මැකෝ ජයග‍්‍රාහී ලෝක රග්බි තරගමාලා දෙකකට නායකත්වය ලබා දුන් ජයග‍්‍රාහී නායකයා ද වුණි. එපමණක් නොවේ ඕල්බ්ලැක්ස්ලා තම නිජබිමෙන් පිටත දී දිනාගත් පළමු ලෝක කුසලාන ජයග‍්‍රහණ ද මෙයයි.

තරගාවලිය ආරම්භයේ සිටම බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූයේ ඕල්බ්ලැක්ස්ලා මෙවර තරගාවලිය ජයගනු ඇතැයි කියාය. වොලබීස්ලා තම පුරාජේරුවෙන් ඕල්බ්ලැක්ස්ලා අඩපණ කිරීමට ගත් උත්සාහයන් අපමණය. විශේ්ෂයෙන්ම වොලබීස් පුහුණුකරු මයිකල් චිකා ඒ අතුරින් පෙරමුණ ගත්තේය. පරාජයෙන් අනතුරුව ද ඔහු කුමන හෝ කට කැඩිච්ච කතාවක් කියනු ඇතැයි මාධ්‍ය බලාපොරොත්තු වූව ද චිකා වඩාත් සංවර වී තිබුණි.

‘අපිට ඊට වඩා දෙයක් කරන්න තිබුණේ නැහැ. ඔවුන් ( ඕල්බ්ලැක්ස්) සෑම අතින්ම අප පරාජය කළා. අපේ සියලූ සැලසුම් ව්‍යවර්ථ කළා. තවත් කාලයක් යනකම්ම අංක එකේ වීරයෝ ඕල්බ්ලැක්ස්ලාම තමයි…’ තරගයෙන් අනතුරුව චිකා මාධ්‍යට ප‍්‍රකාශ කර තිබුණි. චිකාගේ ප‍්‍රකාශය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබුණි. විශේෂයෙන්ම චිකාගේ කටකැඩිච්ච කතාවකින් හිට් වීමට සිටි මාධ්‍ය මේ අතර ඉදිරියෙන්ම වෙයි. කෙසේ වෙතත් වසරේ දක්ෂතම රග්බි පුහුණුකරු ලෙස ලෝක රග්බි සංගමයෙන් උපහාර ලැබීමට චිකා සමත්ව තිබුණි.

තරගයේ පරාජයෙන් අනතුරුව වොලබීස් නායක ස්ටීවන් මුවර් පැවැසුවේ ‘අපිට කරන්න දෙයක් තිබුණෙ නැහැ. අපි අතරමං වුණා වගේ හැ`ගීමක් ඇති වුණා. ඇත්තටම ඔවුන් ඉතාම හො`දින් ක‍්‍රීඩා කළා…’ යනුවෙනි.

අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ඕල්බ්ලැක්ස් ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක ඩෑන් කාටර් සමත් වූයේ ලබාගත් ලකුණු 34න් 19ක් ම වාර්තා කිරීම හේතුවෙනි. ඔහු මෙවර සම්මාන රාත‍්‍රියේ අන්තර් ජාතික රග්බි ක‍්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත‍්‍ර විණි.
‘අපි අවසන් තරගයේ මුල සිට ම වොලබීස්ලාගෙන් හො`ද තරගයක් බලාපොරොත්තු වුණා. මුල් අදියරේ දී තරමක් පසුබෑව ද කුමන හෝ මොහොතක ඔවුන් හිස ඔසවාවි කියන බලාපොරොත්තුව අපිට තිබුණා. මම විශ්වාස කරනවා ඒක වැලැක්වූයේ කාටර්. ඔහු තමයි මේ සම්මානයට වඩාත්ම සුදුසු ක‍්‍රීඩකයා…’ ඕල්බ්ලැක්ස් නියමු රිචි මැකෝ ප‍්‍රකාශ කර තිබුණි.
සම්මාන රාත‍්‍රිය අවසානයේ ලෝක රග්බි සම්මේලනය ප‍්‍රකාශ කළේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ආදායම ලත් තරගාවලිය මෙය බවයි. එය ප‍්‍රමාණාත්මකව ගත් කළ පවුම් මිලියන 2.5කි.

කික් එක පරාජය කළ මනුෂ්‍යත්වය

ඒ සියල්ලටම වඩා මනුෂ්‍යත්වය ඉස්මතු වු තරගාවලියක් බවට ද මෙය පත්වීම කාගේත් අවධානයට ලක් වුණි. ඒ ඕල්බ්ලැක්ස් මැද පෙළ ක‍්‍රීඩක සොනි බිල් විලියම්ස් තමන්ට හිමි රන් පදක්කම නවසීලන්ත පේ‍්‍රක්ෂකයෙකුට තිළිණ කිරීමත් සමගය. අට හැවිරිදි චාලි ලයින් නම් වූ මේ වාසනාවන්තයා තමන්ට මෙවන් තිළිණයක් ලැබෙතැයි කවදාවත් සිතන්නට නැත.

‘අපි පේ‍්‍රක්ෂකයන්ට උපහාර පුදන්න ක‍්‍රීඩාංගණය වටා යමින් සිටියේ. මම මුලින්ම දැක්කේ තරුණ පේ‍්‍රක්ෂකයා රැුකවලාගෙන් මිදී මා වෙත දිව එනවා පමණයි. මම ඔහුව ආරක්ෂා කළා. ඔහු මාව සෙනේහයෙන් වැළ`ද ගත්තා. ඒක කොහොම විස්තර කරන්න ද කියලා මම දන්නේ නැහැ…’ විලියම්ස් එම සිදුවීම විස්තර කර තිබුණි.

මේ සිදුවීම ක‍්‍රීඩාවේ ජීවගුණයත්, මනුෂ්‍යත්වයත් එකිනෙක වෙන්කර ගැනීමේ ප‍්‍රහේළිකාවක් බ`දුය. කී‍්‍රඩකයෙකුගේ දැඩි බව පරයා මනුෂ්‍යත්වය ඉස්මතු වූ විරල අවස්ථාවකි. ‘මට අවශ්‍ය වුණේ ඒ තරුණයාට යම්කිසි සහනයක් ලබා දෙන්න. මම විශ්වාස කළා ඔහුට සමරුවක් ලබා දෙන්න පු`ඵවන් නම් ඒක වැදගත් කියලා. මම ළ`ග තිබුණ එකම සමරුව පදක්කම විතරයි. මම ඒක ඔහුගේ ගෙලේ පැළ`ද වූවා…’ විලියම්ස් අදාළ සිදුවීමෙන් අනතුරුව මාධ්‍යයට පවසා තිබුණි.

30 හැවිරිදි විලියම්ස්ගේ මේ ක‍්‍රියාව ලොව පුරා ලක්ෂ 50කට වැඩි පිරිසක් වීඩියෝ මගින් නරඹා ඇතැයි මාධ්‍ය ජාල වාර්තා කරයි. එමෙන්ම එම සිදුවීම රග්බි අවසන් මහ තරගයට වඩා අවධානයට සහ ආකර්ෂණයට යොමුව ඇතැයි ද පැවසේ. රගර් පිටියේ පමණක් නොව බොක්සිං පිටියේ ද ජවාත්මක ක‍්‍රීඩකයෙකු ලෙස සැලකෙන විලියම්ස් ටිකක් දඩබ්බර චරිතයක් ලෙසයි බොහෝ දෙනෙකු හ`දුන්වන්නේ.

ඔහු හෙවිවේට් බොක්සිං පිටියේ සය වරක් කිරුළ දිනූ ක‍්‍රීඩකයෙකි. බොක්සිං ක‍්‍රීඩකයන් ලෝක වර්ගීකරණය කිරීමේ දී විලියම්ස් පළමු සිය දෙනා අතර රැුදී සිටියි. එහෙත් රග්බි ක‍්‍රීඩාවට දක්වන වැඩි සැලකිල්ල හේතුවෙන් විලියම්ස් බොක්සිං අත් ආවරණ මේ වනවිට ගලවා තබා ඇත.

’මම දඩබ්බරයෙක් තමයි. ඒත් මම දඩබ්බරකමක් කළා නම් කළේ පිටියෙදි පමණයි. කෙනෙක්ට මුෂ්ටි ප‍්‍රහාරයක් එල්ල කරමින් ඔහුව අඩපණ කරන්න ඕනෑ නම් මම දෙවරක් නොසිතා ඒක කරනවා. මගේ අම්මා ඒ ක‍්‍රීඩාවට එතරම් කැමැති නැහැ. මම ඇයට ආදරෙයි. මම බොක්සිං දෙවැනි තැනට දාලා රග්බි පළමු තැනට ගෙනාවේ අම්මා නිසා. ඇයට නිවසක් තනා දෙන්න අවශ්‍ය නිසා…’ විලියම්ස් කලකට පෙර ප‍්‍රකාශ කර තිබුණි.

අද මේ සියල්ල මාධ්‍ය පිටු සරසමින් තිබේ. ඒ විලියම්ස් විසින් කළ උදාර මෙහෙවර අගය කිරීමටය. ‘අපේ ගෙදර පදක්කම් ඕනෑ තරම් තියෙනවා. ටික දවසක් යන විට මේකත් එතැන එල්ලා තිබෙන එක පදක්කමක් පමණක් වේවි. මට හිතුණා මේ පදක්කම තරුණ පේ‍්‍රක්ෂකයාගේ ගෙලේ එල්ලන්න. ඒක ඔහුට කාලාන්තරයක් යනතුරු අමතක වෙන එකක් නැහැ…’ විලියම්ස් තම අදහස් එසේ ප‍්‍රකාශ කරද්දී ජාත්‍යන්තර රග්බි සංගමය ද විලියම්ගේ ක‍්‍රියාව අනුමත කිරීමේ ක‍්‍රියාවලියක යෙදුණි. ඒ වාර්ෂිකව පැවැතෙන රග්බි සම්මාන රාත‍්‍රියේ දී විලියම්ස් විසින් චාලි ලයින් වෙත පිරිනැමූ පදක්කමට සමාන තවත් පදක්කමක් ඔහු වෙත ප‍්‍රදානය කිරීමට ය.

‘මේක සුවිශේෂී අවස්ථාවක්. අපිට ඔහු අමතක කරන්න බැහැ. ඔහු කළ ක‍්‍රියාව රග්බි ජාත්‍යන්තරයට ගෞරවයක්..’ සම්මානය ප‍්‍රදානය කරමින් ජාත්‍යන්තර රග්බි සංගමය පවසා තිබුණි.