සෝභිත හිමිගේ අනන්‍යතාව නැති කළ හැකිද?

මහාචාර්ය සරත් විජේසූරිය

මාදුළුවාවේ සෝ භි ත හිමියන් සිය ජීවිතයෙන් වැඩිම කාලයක් කැප කර තිබෙන්නේ විවිධ සමාජ ව්‍යාපාර වෙනුවෙනි. පොදු ජනතාවගේ යහපත වෙනුවෙනි. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය නිර්මාණය කළේ ද, ඊට නායකත්වය දුන්නේ ද මාදුළුවාවේ සෝභිත හිමියන්ය. එහිමියන් ස්වකීය ජීවිතයේ අවසන් වසර තුන සම්පූර්ණයෙන්ම කැප කළේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයට බව නොරහසකි. සෝභිත හිමියන්ගේ අපවත් වීම සමඟින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවසන් කිරීමේ කිසියම් කුමන්ත‍්‍රණයක් දියත්ව තිබෙන තත්වයක් පසක් වීම මේ ලිපිය ලියන්නට ප‍්‍රධාන හේතුව වන්නේය.

මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ රටේ පහළ වූ ප‍්‍රගතිශීලී සමාජ මෙහෙවරක් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ පරමාදර්ශී භික්ෂූන් වහන්සේ වෙති. උන්වහන්සේ සමඟ සම කිරීමට තවත් භික්ෂූන් වහන්සේ කෙනෙක් නැත. මේ අවස්ථාවේ අවබෝධ කර ගත යුතුව තිබෙන්නේ, අපවත් වූයේ තවත් එක් භික්ෂූන් වහන්සේ නමක් නොවන බවයි. අපවත් වූයේ සැබැවින්ම ප‍්‍රගතිශීලීත්වයේ පරමාදර්ශී යුගයයි. යුගයක මහා මෙහෙවරයි. එබැවින් උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ අපවත් වීමක් ලෙසින් සැලකීමට මහා සංඝරත්නය කල්පනා කළේ නම් එය වරදකි. එ් වූ කලි උන් වහන්සේ කෙරේ සැඟව තිබුණ ඊර්ෂ්‍යාවකි.

දේශපාලනය

සෝභිත හිමියන් පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූවා පමණක් නොව, එ් මාවත අනුමත කළේ ද නැත.
”මටත් කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පාර්ලි මේන්තුවට තරඟ වදින්න ඇරියුම් ලැබුණා. එ්ත් මම ප‍්‍රතික්ෂේප කළා. මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂූන්වහන්සේලා පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තියෙනවා. එ් තමයි වල්පොල රාහුල හාමුදුරුවෝ තමන්ගේ භික්ෂුවගේ උරුමය පොතින් පෙන්නපු, යක්කඩුවේ හාමුදුරුවෝ විද්‍යාලංකාර ප‍්‍රකාශයෙන් පෙන්වපු දේශපාලනය. අපේ දේශපාලනය තමයි පරාර්ථ චර්යාව.” (වාදීභ සිංහයාණෝ)

සෝභිත හිමියන් රටවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම හේතුවෙන් උන්වහන්සේට සමාජ බලයක් උරුම විය. එහෙත් උන්වහන්සේ එය දඩමීමා කරගෙන දේශපාල නඥයෙකු බවට පත්වී බලසම්පන්න වීමට කල්පනා කළේ නැත. සෝභිත හිමියන් ගත කළේ සරල දිවි පෙවතක් වුව ද, නිහතමානී ගතිපැවතුම් විදහා පාමින් සාමාන්‍ය ජනතාව අතරට ගිය ද, උන් වහන්සේගේ ස්ථාවරය වෙනස් කිරීමට කිසිවකුට නොහැකි විය. එ් සෝභිත හිමියන්ගේ නිර්භීත චරිතයට අනන්‍ය වූ විශිෂ්ටතම ලක්ෂණයකි.

සිය හැත්තෑ වෙනි ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති උත්සවය අවසන දී සභාව අමතමින් සෝභිත හිමියන් සිය අභීත හ`ඩින් පවසා සිටියේ, තම ජීවිතයේ ඉදිරි කාලය කැප කරන්නේ රටට විපතක්ව තිබෙන විධායක ජනාධිපති පදවිය මුළුමනින්ම අහෝසි කිරීම උදෙසා බවයි. එ් හඬට මහින්ද රාජපක්ෂ ඇහුම්කන් දුන්නේ නැත. ආණ්ඩුවේ ගුවන් විදුලියෙන් අවිනීත අපහාස දිගින් දිගටම එල්ල කෙරිණි. සෝභිත හිමියන් නිහඬව ගත් තීරණය යථාර්ථයක් බවට පත් කිරීමට පියවර ගත්තේය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නිර්මාණය කොට ඊට නායකත්වය දෙන්නේ එ් වෙනුවෙනි. උන් වහන්සේගේ අරමුණ පුස්සක් බවට පත්වන බවය බල උමතුවෙන් හා අධිතක්සේරුවෙන් සිටි පාලකයන් කල්පනා කළේ. එහෙත් දිය පාර ගංඟාවක් බවට පත්වන බව පෙනී යන විට, සෝභිත හිමියන් නිශ්ශබ්ද කිරීමට විවිධ වේශයෙන් උන්වහන්සේ කරා පැමිණි සියලූ දූතයන්ගේ ව්‍යායාමයන් අසාර්ථක වූ තැන, මහා සංඝරත්නයේ ද පිහිට සොයා යමින් බලපෑම් සිදු කළ තත්වයක් විය. එහෙත් සෝභිත හිමියන් සිය ස්ථාවරය වෙනස් කළේ නැත. එ් සම්බන්ධව උන්වහන්සේ පවසන අදහසක් මෙසේය.

‘ආණ්ඩු විරෝධී ගමනක් යන කොට සංඝ සමාජයෙන් බලපෑම් එල්ල වුණේ නැද්ද?
‘එල්ල වුණා. මහා විරෝධයක් ආවා හැම පැත්තෙන්ම. දැන් හොඳට කතා කළාට ඇතැම් හාමුදුරුවරු එ් දවස්වල පන්සලට එන්නත් බය වුණා. මම මේ විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව කතා කරද්දි මහින්ද රාජපක්ෂ පැරදෙයි කියලා කවුරුවත් හිතුවෙත් නැහැ. එතුමාට අභියෝග කරන්න දේශපාලන නායකයෙක් හිටියෙත් නෑ. එ් නිසා ගොඩක් අය කිව්වෙ මම කරන්න බැරි මෝඩ වැඩ කියනවා කියලා. දෙන දෙයක් අරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න කියලයි ගොඩක් දෙනා කිව්වෙ.’ (වාදීභසිංහයාණෝ)

තමන්වහන්සේ නිහඬ කිරීමට ගත් උත්සාහයන් සම්බන්ධව එක් අවස්ථාවක උන්වහන්සේ උපහාසයෙන් හා පිළිකුළෙන් පවසා සිටියේ, ‘…….මහත්තයො මම දළදා මාලිගාව ඉල්ලූවොත් එ්කත් දෙයි. මහ පුදුම මිනිස්සු……’

යථාර්ථවාදී දැක්ම

රට ජාතිය ආගම රැුකගැනීම යන තේමාව යටතේ උන්වහන්සේගේ මුල් කාලීන සමාජ ව්‍යාපාර උදෙසා වූ දායකත්වය කැපී පෙනේ. එනමුත් උන්වහන්සේ සමාජ දේශපාලන සංස්කෘතික ගැටලූ ගැන විමසිලිමත් වෙමින් පසක් කර ගන්නේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික සංහිඳියාව මෙන්ම ආගමික සංහිඳියාව ගොඩනැඟීම අත්‍යවශ්‍ය බවයි. එ් අවබෝධයෙන් එ් සම්බන්ධ කටයුතුවලට සහභාගි වෙමින් උන්වහන්සේ ජාතිය එක්සේසත් කිරීමේ කාර්යභාරය ආණ්ඩුවේ වගකීම බව අවධාරණය කළේය. ”අපි 2009දි යුද්ධයෙන් ත‍්‍රස්තවාදය ඉවර කළා. දැන් අපි ඔක්කොම එකතු වෙලා ඉතිරිවෙලා තියෙන ප‍්‍රශ්නයට විසªම් හොයා ගන්න ඕනෑ. අපේ ජාතීන් දෙක අතර විශ්වාසය ගොඩනඟා ගන්න ඕනෑ. එතකොට කවුරුත් රට කෑලි කෑලිවලට කඩන්න උත්සාහ කරන්නේ නැති වේවි” (වාදීභසිංහයාණෝ)

ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත්, එ් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මූලික නොවීම ගැනත් සෝභිත හිමියන් දැඩි කණස්සල්ල පළ කළේය. ජාතිය එක්සේසත් කිරීමට මුල් තැන නොදී, බලය තමන්ට දිවි තිබෙන තුරා භුක්ති විඳීමත්, ඉන්පසුව පවුලේ සාමාජිකයෙකු අතට බලය අත් පත් කර ගන්නා ව්‍යායාමයක අවිනීත අන්දමින් නිමග්න වීමත්, කිසිම කිසි තීන්දුවක දී කිසිම කිසි කෙනකුට ඇහුම් කන් නොදෙන තත්වයත් නිසා විධායක ජනාධිපති ධුරය සම්බන්ධ අප‍්‍රසාදය සෝභිත හිමියන් තුළ වේගයෙන් වැඞී වර්ධනය විය. ඊට මුල් වුණ ප‍්‍රධාන කාරණා වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් හා ශිරානි බණ්ඩාරනායක මැතිනියගෙන් පළිගැනීමය. පාලකයා අන් අයගේ අදහස්වලට ඇහුම් කන් දීම අවශ්‍ය බවත්, පන්සල් ගිය පළියට ධාර්මික පාලකයෙකු නොවන බවත් සෝභිත හිමියෝ පවසා සිටියෝය. ”2010 දි ජනාධිපතිවරණය දිනලා ජනරාල් සරත් ෆොන්සේකා හිරේ දාලා කළ පළිගැනීම අපිට දරා ගන්න අමාරු වුණා. තුන් නිකායෙම මහනායක හිමිවරු හතර දෙනා අත්සන් කරලා එතුමාව නිදහස් කරන්න කියලා ඉල්ලා හිටියත් එ් කිසිවකට කන් දෙන්නෙ නැතිව කරපු දේ නිසා අපි ඊට එරෙහිව කෑගැහුවා.” (වාදීභ සිංහයාණෝ)

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතා කරන බහුතරයක් පවසන්නේ තමන් ඔහුට පක්ෂපාත වන්නේ රට බේරා ගත් නායකයා නිසා බවය. මේ කිසි කෙනෙකු රට බේරා ගත් නායකයෙකු ලෙස සරත් ෆොන්සේකා දකින්නේ නැත්තේ මන් ද? මෙතන සැඟව තිබෙන යථාර්ථයක් ඇත. එය නම් යුද්ධය සමඟින් සිංහල බෞද්ධ සමාජයේ බහුතරයකගේ ලේ නහරවලට ජාතිවාදී හැඟීම් දැවැන්ත හා සූක්ෂ්ම ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ ඔස්සේ කා වැද්දීමය. සෝභිත හිමියන් පවසා සිටියේ දෙමළ මිනිසුන් සියලූ දෙනා ත‍්‍රස්තවාදීන් ලෙස මිනිස්සුන්ගේ හිත්වලට කාවැද්දීම අපරාදයක් බවයි. අභාග්‍යය වන්නේ සෝභිත හිමියන් සමඟ එ් කල්පනය විකසිත කිරීමට මහා සංඝරත්නය සැදී පැහැදී කටයුතු නොකිරීමය. මහා සංඝරත්නය කටයුතු කළේ ජාතිවාදී බලවේගවලට අනුප‍්‍රාණය සැපයීමටය. එය 2015 ජනාධිපතිවරණයේ දී පැහැදිලිවම විiමාන විය.

නිසි බුහුමන කුමක්ද?

සෝභිත හිමියන් රෝහල් ගත වූ විට රෝහල් ගාස්තු ගෙවීම රජයෙන් සිදු කළේය. එහෙත් උන්වහන්සේට ප‍්‍රතිකාර කිරීමට දානපතියන් සැදී පැහැදී පෙළ ගැසී සිටි බව කිව යුතුය. අසාධ්‍ය තත්වයට පත් වූ විට සිංගප්පූරුවට ගෙන ගොස් සුවපත් කිරීමට ද රජයේ පූර්ණ අවධානය යොමු විය. උන්වහන්සේගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදු කිරීමට ද පියවර ගැනිණි. වත්මන් ආණ්ඩුව තම වගකීම හා යුතුකම එය බව පිළිගෙන කටයුතු කළා විය යුතුය. එ් ගැන වාදයක් නැත. එහෙත් සෝභිත හිමියන් වෙනුවෙන් සිදු කළ සැත්කමෙන් පසුව උන්වහන්සේ නිසි අන්දමට සුවය ලබන තුරු අවශ්‍ය නිසි අවධානය වෛද්‍යවරුන්ගෙන් හා අදාළ අංශවලින් ලැබුණේ ද යන්න පිළිබඳ බරපතළ කණස්සල්ලක් තිබේ. එ් පිළිබඳ රජයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය වන්නේය.

වත්මන් ආණ්ඩුවට පැවරෙන තවත් වගකීමක් තිබේ. උන්වහන්සේ ඇතැමෙකුගේ අපහාසවලට බඳුන් වන්නේ වන්නේ මන්ද යන්න ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. සෝභිත හිමියන් ප‍්‍රාර්ථනා කළ සාධාරණ සමාජයක් බිහි කිරීමට අවංකව රජය කැපවීම අවශ්‍ය වේ. කැපවන බව පැවසීම පමණක් නොව එ් සඳහා කි‍්‍රයාත්මක වීම ද අවශ්‍ය වන්නේය.

ජනාධිපතිවරණයෙන් පසුව එළඹුණ සෝභිත හිමියන්ගේ හැත්තෑ තුන් වෙනි ජන්ම දිනය දා උන්වහන්සේ සාධාරණ සමාජයක් වෙනුවෙන් දසවැදෑරුම් යෝජනා වලියක් ඉදිරිපත් කළෝය. බණ්්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එය එළි දක්වමින් එය ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට පිළිගන් වමින් ආයාචනාවක් කළේය. ජනාධිපතිවරයා ද, අග‍්‍රාමාත්‍යවරයා ද, එ් දස වැදෑරුම් යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීමට පූර්ණව කැපවන බවට ප‍්‍රතිඥාවක් ප‍්‍රසිද්ධියේ ලබා දුන් බව ද කිව යුතුය. එහෙත් එ් වෙනුවෙන් කිසිම කි‍්‍රයාමාර්ගයක් නොගැනීම සෝභිත හිමියන්ගේ සිත් වේදනාවට මුල් වූ බව කනගාටුවෙන් වුව කිව යුතුය. කිසි විටෙක කිසිම අපවාදයකින් සසල නොවුණ සෝභිත හිමියන් සසල වුණේ එ් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය නිසි අන්දමට යොමු නොවීම හේතුවෙනි. එබැවින් දස වැදෑරුම් යෝජනාවලිය ආණ්ඩුව කි‍්‍රයාත්මක කිරීම උන්වහන්සේ වෙනුවෙන් කළ හැකි නිසි බුහුමන වන්නේය.

සෝභිත හිමියන් සිංගප්පූරුවට රැුගෙන යෑමට දින දෙකකට මත්තෙන් අග‍්‍රාමාත්‍යවරයා හවස් වරුවක රෝහල වෙත පැමිණියේය. පුරා පැයක් රෝහලේ සිටියේය. එ් කාලය තුළ සෝභිත හිමියන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මොනවා ද? තම ජීවිතය ආරක්ෂා කිරීම පිණිස ප‍්‍රතිකාර කිරීමට සිංගප්පූරුවට ගෙන යන ලෙස ඉල්ලා සිටියේ නැත. එ් කාලය තුළ ඉල්ලා සිටියේ රටේ ප‍්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා සමඟ එකමුතුව කැපවීමෙන් කටයුතු කරන ලෙසය. ව්‍යවස්ථාදායක සභාව බලගන්වා, කොමිෂන් සභා සියල්ල විධිමත්ව පවත්වා එ්වාට ස්වාධීනව වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. රටේ ගොවි ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න නිරාකරණය කිරීමට දී තිබෙන පොරොන්දු කඩිනමින් ඉටු කරන ලෙසය. ජාතික ප‍්‍රශ්නය කල් නොමරා විසඳන ලෙසය. රටේ සියලූ පුරවැසියන්ට ශීලාචාර රටක් ගොඩනැඟීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නංවන ලෙසය. රටේ තරුණයන්ගේ ප‍්‍රශ්න ගැන සංවේදී වන ලෙසය. සෑම මට්ටමකින්ම කඩා වැටී තිබෙන අධ්‍යාපනය කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කරන ලෙසය. රට දියුණු කරමින් නැවත ලේ වැගිරීමක් රටේ ඇති නොවන තත්ත්වයකට රට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. මරණය ෙදාරටුව අබියස සිට සෝභිත හිමියන් කතා කළේ රට ගැනය. රටේ දුක් විඳින ජනතාව ගැනය.

අග‍්‍රමාත්‍යවරයාට සෝභිත හිමියන් සිය අවසන් හුස්ම හෙළන්නට මත්තෙන් පැවසූ කිසිවක් අමතක නැතැයි සිතමි. එ් කිසිවක් අමතක කිරීමට ද එතුමාට නොහැකිය. නීතිගරුක පුරවැසියන් උන්වහන්සේ වෙනුවෙන්
ජනාධිපතිවරයාට හා අග‍්‍රාමාත්‍යවරයාට ආයාචනා කරන්නේ සාධාරණ සමාජයක් වෙනුවෙන් ජීවිතය කැප කළ සෝභිත හිමියන් වෙනුවෙන් තම පරම වගකීම් නොවළහා ඉටු කරන ලෙසයි. එ් යුතුකම ඉටු නොකළහොත් සෝභිත හිමියන්ට සිදු කරන අපහාස, වෛරී කියමන් මතුවට හෝ නිම නොවනු ඇත.

සෝභිත හිමියන් අපහාසවලට නම් කිසිදා නොසැළුණ බව අපි දනිමු. උන් වහන්සේ නිතරම පවසා සිටියේ, අපි සමාජ ව්‍යාපාරයක නිරත වෙන කොට, එ්ක හැම තිස්සෙම පවතින ආණ්ඩුවට හිසරදයක්. එ් වගේමයි ආණ්ඩුවට පක්ෂපාත අය අපට විරුද්ධ වීමත් අනිවාර්යයි. එ් කිසි දේකට කම්පා වෙන්න හොඳ නැහැ. කම්පා වුණොත් අපිට අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ යන්නයි. උන්වහන්සේගේ උපේක් ෂාව, දරා ගැනීමේ ශක්තිය, වෛරයෙන් මඬනා ලද්දෙක් නොවීම, මෙන්ම නිර්භීතභාවය සැහැල්ලූ වෙන් පවසන මේ වදන්වල පවතී.

”මට විවිධ තර්ජන ගර්ජන තිබුණා. මරණ තර්ජන තිබුණා. මගේ වාහනෙත් දෙපාරක් හැප්පුවා. එ් වෙලාවට ගොඩ දෙනෙක් කිව්වෙ ආරක්ෂක නිලධාරීන් ගන්න කියලා. එ්ත් එ්ව ප‍්‍රතික්ෂේප කළා. ආණ්ඩු තරහ වුණා ම එහෙම දේවල් වෙනවා. එ් වගේම කොයි තරම් අපහාස කරනවාද? මට තරම් කැලෑ පත්තර ගහපු හාමුදුරු කෙනෙක් තවත් නැතිව ඇති. මං ගැන පොතක් කරන්න ඕනෑ නම් එ් කැලෑ පත්තර ටික එකතු කරලා පොතක් කරන්න ඕනෑ. බැණුම් අහන්න බැරි නම්, අපහාස විඳින්න බැරි නම්, ගුටි කන්න බැරි නම් සමාජ සේවයට එන්න එපා කියලා ධර්මපාලතුමාත් කියලා තියෙනවා. ලෝකෙ ලොකුම සමාජ පරිවර්තනය කරපු බුදුහාමුදුරුවන්ටත් කොයි තරම් අපහාස, උපහාස, තර්ජන තිබුණා ද? ඉතින් මං වගේ හාමුදුරු කෙනෙකුට ඔහොම දෙයක් වෙන එක පුදුමයක් නෙමේ” (වාදීභසිංහයාණෝ)

සෝභිත හිමියන් මෙන් සිතූ පැතූ, උන් වහන්සේ විලසින් කටයුතු කළ හා ජීවත් වූ, උන් වහන්සේ විලසින් සමාජ ව්‍යාපාරවලට කැපවුණ හා නායකත්වය දුන්, පොදු ජන හිත සුව පිණිස මුළු ජීවිතයම කැප කළ භික්ෂූන් වහන්සේ නමක් නැත. එය පැහැදිලි සත්‍යයකි. එබැවින් උන්වහන්සේගේ අවසන් කටයුතු තවත් බෞද්ධ භික්ෂුවකගේ අවසන් කටයුතු මෙන් සිදු කිරීමට කල්පනා කිරීම ඔස්සේ පසක් වූයේ උන්වහන්සේ සතු වූ අදීන පෞරුෂය යටපත් කර දැමීම බව පැහැදිලිය. උන්වහන්සේ අපේක්ෂා කළ අන්දමට අවසන් කටයුතු සිදු කිරීමට ද සංඝරත්නය සූදානම් නොවීය. සෝභිත හිමියන් කාගේවත් පිහිටෙන් නමක් දිනා ගත් භික්ෂූන් වහන්සේ නමක් නොවූශ. එබැවින් උන්වහන්සේට අනන්‍ය වූ පෞරුෂය නැති කිරීමට ද කිසිවෙකුටත් නොහැකිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;