කිසිදු කොන්ත‍්‍රාත්තුවක් නැහැ | ඩිල්ෂාන් ද සිල්වා (පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම්)


ජගත් පේ‍්‍රමචන්ද්‍ර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට කදවුරු බැදීම තැන තැන සිදුවෙමින් පවතී. මේදහා දැනට කියැවෙන්නේ අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල ගැනය. ක‍්‍රිකට් සමග නිරන්තරයෙන් ම කියැවෙන එම නම් දෙකත් සමග තවත් කදවුරක් කලඑළි බැසීම පසුගියදා සිදුවිය. ඒ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාද ක‍්‍රිකට් සභාපති තනතුරට ඉදිරිපත් වෙන බවයි. මේ ඔහු සමග රාවය කළ සාකච්ඡාවකි.

මේ තනතුරට ඉදිරිපත් වීම ස`දහා ඔබ සපුරා ඇති සුදුසුකම් මොනවාද?

මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවිධානය කරනු ලබන පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක‍්‍රීඩකයෙක්. පළමු පෙළ ක‍්‍රිකට් විනිසුරුවරයෙක්. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයෙක් වගේ ම ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ වර්තමාන ලේකම්. ඒ වගේ ම දෙවැනි පෙළ ක‍්‍රිකට් පුහුණුකරුවෙක්. කණ්ඩායම් කළමනාකරුවෙක්. ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක්. 2012 වසරේ සිට 2015 වසරේ පෙබරවාරි මාසය දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ පුද්ගලයෙක්. මේ සෑම දෙයකට ම වඩා දශක දෙකකට වඩා වැඩි කාලයක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සෑම ක්ෂේත‍්‍රයක් ගැනම අවබෝධයක් තිබෙන පාසල් ගුරුවරයෙක්.

මේ සදහා ඉදිරිපත් වීමේ ඔබේ අරමුණ?

මූලික ම අරමුණ වන්නේ ක‍්‍රිකට් පරිපාලනයට ප‍්‍රායෝගික මට්ටමේ වැඩපිළිවෙළක් සැකසීම. දැනට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලනය වෙන්නේ කිහිප දෙනෙක්ගේ උවමනා එපාකම් මත කියන එක කවුරුත් දන්න දෙයක්. ඔවුන් එන එන පාලකයන් සමග එකතු වෙමින් ඔවුන්ගේ ගමන යන්න පාර සකසා ගන්නවා. ඔවුන් ඒ තරමට ම දක්ෂයන්. ඔවුන්ගේ අද දවසේ එක ම කාර්යය වෙලා තිබෙන්නේ තම තමන්ගේ වැටුප් සහ දීමනා ලබා ගැනීමත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වැටුප් ලබා දීමත් පමණයි. අඩුම තරමින් ඔවුන්ට දැනට ක‍්‍රියාත්මක පාසල් ක‍්‍රිකට් තරගාවලියේ පාසල්වලට ලබා දෙන බෝලවත් ක‍්‍රමවත්ව ලබා දෙන්න බැරි වුණා.

ඔබගේ අරමුණ ජය ගන්න ඔබ විසින් කරනු ලබන යෝජනා මොනවාද?

අරමුණ කියන දේට වඩා වඩාත් ම වැදගත් වන්නේ අපට යෝග්‍ය ක‍්‍රමවේදය කුමක් ද කියන එක හදුනාගැනීමයි. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් රැුඳී තිබෙන්නේ පාසල් ක‍්‍රිකට් මත කියන එක පිළිගත යුතු සත්‍යයක්. දැනට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් වැය කරන්නේ අදායමෙන් සියයට එකක් පමණ සු`ඵ ප‍්‍රමාණයක්. මා සිටින්නේ ක‍්‍රිකට් ආදායමෙන් සියයට 4ක හෝ 5ක පමණ මුදලක් ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් ස`දහා වෙන්කළ යුතුයි කියන මතයේ. ඒ ක‍්‍රිකට්වල ආරම්භය එතැන නිසා.

ඒ වගේ ම ක‍්‍රිකට් වඩාත් ම රැදී පවතින්නේ කුමන ප‍්‍රදේශවල ද කියන එක අපි හදුනාගෙන තිබෙනවා. දිස්ත‍්‍රික් 24න් ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ පුත්තලම දිස්ත‍්‍රික්ක 8 ඇතුළත තමයි මෙරට ක‍්‍රිකට් රැුඳී තිබෙන්නේ. අනෙක් දිස්ත‍්‍රික්ක 16 තුළ ඉතා දුප්පත් මට්ටමෙන් තමයි ක‍්‍රිකට් ක‍්‍රීඩාව රැු`දී පවතින්නේ. අපි මේ දිස්ත‍්‍රික්ක ද ඉහළ මට්ටමට ගෙන ආ යුතුයි. එතැන හදන්න නම් අපි කළ යුත්තේ වයස අවුරුදු 14-17 දක්වාත් සහ වයස අවුරුදු 17-22 දක්වාත් වූ ක‍්‍රීඩකයන් වෙන් වෙන් ව නිසියාකාරව හ`දුනාගැනීමයි. මේ ක‍්‍රමවේදය තමයි දිවයින පුරා ක‍්‍රියාත්මක කළ යුත්තේ. නමුත් වත්මන් නිලධාරීන් මෙවර වයස අවුරුදු 23න් පහළ තරගාවලිය සංවිධානය කරන්නේ ඊට සහභාගි විය හැකි වයසේ ළමුන් විභාගවලට පෙනී සිටින කාලයේ. ඔවුන්ට ඒ දැනුමවත් නැහැ.

ඔබ පාසල් ක‍්‍රිකට් ම පමණක් ඉලක්ක කර ගනිමින් ද මේ තීරණය ගත්තේ?

නැහැ. පාසල් ක‍්‍රිකට් අමතක කරමින් හෝ පාසල් ක‍්‍රිකට් නොසලකා හරිමින් අපට මේ ගමන යන්න බැහැ කියන මතයේ මම තදින් ම සිටිනවා. අද බොහෝ දෙනෙක් ඒ මගින් යැපුණාට අමතක කරන්නේත් එතැන. විශ්වාස කරන්න අපි වසරකට තරග 8000ක් පමණ විවිධ වයස් කාණ්ඩ යටතේ පවත්වනවා. අපට දෙන ප‍්‍රතිපාදන ම තමයි තරග 5ක් සංවිධානය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හා සම්බන්ධ වෙනත් සංගම්වල අයටත් දෙන්නේ. මෙතනම කෙතරම් විෂමතාවක් තිබෙනවාද?

පසුගිය කාලය බලන්න. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හ`දුනාගෙන තිබෙන්නේ අපේ පාසල් සංගමය සංවිධානය කරන තරගවලින් ඉදිරියට පැමිණි ක‍්‍රීඩකයෝ. ඒත් ඔවුන් දිස්ත‍්‍රික් සහ පළාත් පුහුණුකරුවෝ රාශියකට මාස් පතා ලක්ෂ ගණනින් වැටුප් ගෙවමින් තියාගෙන ඉන්නවා. කෝ ඔවුන් බිහිකළ එක ක‍්‍රීඩකයෙක් පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. අපි කියන්නේ අපේ පාසල් පුහුණුකරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට වැටුපක් ගෙවන්න. තෝරාගත් පාසල් කිහිපයකට පහසුකම් ලබා දෙන්න. ඒ වගේ ම ඔවුන් විසින් කිසිදු ක‍්‍රමවේදයකින් තොරව සංවිධානය කරනු ලබන දිස්ත‍්‍රික් සහ පළාත් තරග නවතා වඩාත් විධිමත්ව එම තරග සංවිධානය කරන්න. අප මේ දේවල් වෙනුවෙන් හ`ඩක් න`ගන බැවින් ඔවුන් කියනවා අපි පෙනී සිටින්නේ පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් පමණක් කියලා.

ශ‍්‍රී ලංකාවේ දූෂිත ආයතන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉදිරියෙන් ම සිටින බව පසුගිය කාලයේ කියැවුණා. ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ඉබි ගමනින් යන්නේ. ඒ චූදිතයන්ට නිදහස් වීමට වාතාවරණය සැකසීමට යැයි අප විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක් ද?

මේ සම්බන්ධයෙන් මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මා මීට ඉහත ස`දහන් කළා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියන්නෙ කිහිප දෙනෙක්ගේ උවමනා එපාකම් මත දුවන දෙයක් කියලා. අපි පාසල් සංගමය ක‍්‍රිකට් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. එක් අයෙක් දෙදෙනෙක් අපේ ගමනේ සුගතියක් නැති බවක් තැන තැන ප‍්‍රකාශ කරනවා. හැබැයි ඔවුන් සීත කාමරවලට වෙලා තමන්ගේ පුතා හෝ තම හිතවතාගේ පුතාලා ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් ව්‍යාපෘති හදනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වඩාත් වැදගත් කොට සලකන්නේ අඩුපාඩු තිබෙන පාසලකට මැටිමක් හෝ ක‍්‍රිකට් උපකරණ කිහිපයක් ලබා දෙනවාට වඩා මේ නිලධාරීන් සතුටු කරන්නේ කොහොම ද කියලායි. ඉතිං මේ වගේ ආයතනයක් දූෂිත නොවන්නේ කොහොම ද?

ඔබ තිලංග සුමතිපාල යටතේත් නිශාන්ත රණතුංග යටතේත් විවිධ භූමිකා නිරූපණය කර තිබෙනවා. ඒ අනුව ඔබේ ඉදිරිපත් වීම කුමන හෝ පාර්ශ්වයක කොන්ත‍්‍රාත්තුවක් ලෙස ද හැගවෙනවා?

ඒ චෝදනවා මම එකහෙළා ප‍්‍රතික්්ෂේප කරනවා. අපිට මේ ගමන ඉතාම විශ්වාසව යන්න පු`ඵවන්. ඒකට කාගෙවත් කොන්ත‍්‍රාත් අවශ්‍ය නැහැ. තිලංග සුමතිපාල මහතා සේ ම නිශාන්ත රණතුංග මහතා සම්බන්ධයෙන් ද අපේ කිසිදු බෙදීමක් නැහැ. ඒත් මා විශ්වාස කරනවා මොවුන්ගේ කාලවල දී ද නිසි ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල හැදිලා නැහැ. යම් යම් දේ ක‍්‍රිකට් වෙනුවෙන් කෙරුණත් ඊට වඩා අගතියක් මොවුන්ගේ පාලනයන් යටතේ සිදුවෙලා තිබෙනවා. අද ඒවාට පිළිතුරු තියෙනවාද කියන එක ප‍්‍රශ්නයක්. මොනවා වුණත් අපිට මේ කිසිවෙක් සම`ග පෞද්ගලික තරගයක් නැහැ. ඒ වගේ ම ඔවුන් සමග කිසිදු කොන්ත‍්‍රාත්තුවකුත් නැහැ.

කවුරුන් හෝ ඔවුන් සමග එක්ව මේ ගමන යමු කියා ආරාධනාවක් ආවොත් ඔබ මේ තීරණයෙන් ඉවත් වෙනවා ද?

නැහැ. කිසිසේත්ම නැහැ. මොකද අපි මේ තනතුරට එන්නේ සැමට ම පිළිගත හැකි ඉතා වැදගත් වැඩ පිළිවෙළක් සමග. අපි ඉතිහාසයේ පෙන්වලා තිබෙනවා වැඩ කරන්නේ කොහොම ද කියලා. ඒ වගේ ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල හදවත තිබෙන්නෙ අපේ තැන. හදවත ආරක්ෂා කරගෙන තමයි අපි යන ගමනක් යන්න ඕනෑ. අවාසනාවකට වගේ මේ දේ අද දවස වෙනතෙක් කිසිවෙක් හ`දුනාගෙන නැහැ. අනිත් එක ඔවුන්ගේ වැඩපිළිවෙළ තවම ඉදිරිපත් කරලාත් නැහැ. කොහොම නමුත් මා විශ්වාස කරනවා අපේ වැඩ පිළිවෙළ ක‍්‍රිකට්වල දියුණුව බලාපොරොත්තු වන සෑම කෙනෙක් ම අනුමත කරාවි කියලා.

ඔබ රාත්තල් අස්සෙ අලූක්කාල් ගහන්න සූදානම් වන බවක් ද පැවැසෙනවා?

මුදල් මත මේ තනතුර ගැන සිතන ඕනෑ කෙනෙක්ට එහෙම හිතෙන්න පුඵවන්. මම මගේ කාලයෙන් වැඩි හරියක් ගතකරලා තිබෙන්නේ ක‍්‍රිකට් වෙනුවෙන්. මට අවශ්‍ය නම් තණතිල්ලක් වුවත් සකස් කිරීමේ හැකියාව තිබෙනවා. මම ඒ තරමට ම ක‍්‍රිකට් වෙනුවෙන් කැපවී සිටින කෙනෙක්. මට කාගෙවත් අලූක්කාල් වෙන්න අවශ්‍ය නැහැ. මගේ ඉදිරිපත් වීම මේ රටේ ක‍්‍රිකට්වල විශාල වෙනසකට මුල පිරීමක් වේවි. විශේෂයෙන් ම ක‍්‍රිකට්වල නිවැරදි දිශානතියක් බලා පොරොත්තු වෙන සැමට ම ආදර්ශයක් වෙන්න මම සූදානම්.