රාජපක්‍ෂ පන්නයේ ජාවාරමක් යළිත් වැඩියෙන් ගෙවා ටෙලිකොම් හච් ගන්න හදයි


leed

කේ.ඩබ්ලිව්. ජනරංජන

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව රාවයට වාර්තා වෙයි. ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් හැටියට එම ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අතර ටෙලිකොම් සමාගම එය මිලදී ගන්නට යන්නේ ඩොලර් මිලියන 130කට වැඩි මිලක් ගෙවමිනි.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔක්තෝබර් 9වැනිදා සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී එහි සභාපති කුමාරසිංහ සිරිසේනගේ මෙහෙය වීමෙන් පුද්ගලයකු විසින් කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ගනුදෙනුවේ පලදායකභාවය ගැන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සෑහීමට පත්වී නැත. එසේ වුවත්, ඉදිරියේදී එම ගනුදෙනුව ඒ විදියටම සිදුවන ආකාරයට කරුණු පෙළගැසෙමින් තිබෙන බව රාවයට තවදුරටත් වාර්තා වෙයි.

සිංගප්පූරුවේ බ්‍රෝකර්වරයකු හරහා මේ ගනුදෙනුවට අදාළ සාකච්ඡුා ටෙලිකොම් සමාගම සමගද, ආණ්ඩුවේ දේශපාලන බලවතුන් සමගද මේ වන විට පැවැත්වෙයි. එම සාකච්ඡුාවල ප‍්‍රතිඵලය ලෙස, ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක්ද මෙම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා දැන් මැදිහත්වී සිටිති. ඉන් එක් අයකුු වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේද ජ්‍යෙෂ්ඨ නිලයක් හොබවන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට සම්බන්ධ ඇමතිවරයෙකි. අනෙක් ඇමතිවරයා ටෙලිකොම් විෂය භාරව අලූතෙන් පත්ව ආ හරින් ප‍්‍රනාන්දු මහතාය. මේ සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා අද රාවයේ 4වැනි පිටුව බලන්න.