මගේ සංගීත සම්ප‍්‍රදාය කැරැල්ලක් විදියටයි දැක්කේ | අමරදේව


amaradeva

අනුරාධා කෝදාගොඩ

පණ්ඩිත් අමරදේවගේ 88 වැනි ජන්ම දිනය නිමිතිකොට ගෙන අමරදේව පදනම විසින් සංවිධානය කරනු ලබන ‘සසර වසන තුරු – අමර ගී රසෝඝය’ මෙවරත් දෙසැම්බර් 5 වන දින, ප.ව 7ට, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට සමගාමීව දෙසැම්බර් 6,7 දිනයන්හි භාරතීය සංගීත විශාරදයන් දෙපළක් වන, තබ්ලා වාදක පණ්ඩිත් අනින්දෝ චැටර්ජි සහ සිතාර් වාදක පුර්බායන් චැටර්ජි යන දෙදෙනා විසින් මෙහෙයවනු ලබන ශාස්ත‍්‍රීය තබ්ලා හා සිතාර් වාදන වැඩමුළු දෙකක්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී නොමිලේ පැවැත්වීමට නියමිතය. දෙසැම්බර් 8 වන දින ප.ව. 7ට, මෙම ඉන්දීය සංගීතවේදීන් දෙදෙනා හා ලාංකීය සංගීතවේදීන් කිහිප දෙනෙකු සහභාගීවන ශාස්ත‍්‍රීය සංගීත ප‍්‍රසංගයක් ‘සංගීත සාධනා’ නමින් බීඑම්අයිසීඑච්හි පැවැත්වෙනු ඇත. මේ පිළිබඳව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව සමග කළ කතා බහකින් සැකසු සටහනකි මෙය.

දශක හයකට නොඅඩු කාලයක් පුරා ජාතියේ නොමඳ ආදරයට හා ගෞරවයට මෙන්ම ජාත්‍යන්තර සම්භාවනාවටද පාත‍්‍ර වූ, සංගීතඥ පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේව විසින් ලාංකීය සංගීතය වෙනුවෙන් කළ සේවාව අතිමහත්. ශ‍්‍රී ලාංකීය සලකුණ සහිත අර්ධ-ශාස්ත‍්‍රීය (Semi-classical) සංගීතයේ නියමුවා වන ඔහු විසින් හඳුන්වාදෙනු ලැබූ නවමු සංගීත ආරෙහි ආභාසය, පසුකලෙක වර්ධනය වූ සුභාවිත ගීත සම්ප‍්‍රදායට මනා පිටුවහලක් සැකසුවා.

වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යන නමින් 1927 දෙසැම්බර් මස 5 වන දින වඩුගේ දොන් ජිනොරිස් සහ මැගී වෙස්ලියානා යන දෙපළට දාව මොරටුව, කොරලවැල්ලේ උපත ලැබූ, පණ්ඩිත් අමරදේව කුඩා කල පටන්ම සංගීතයට ඉමහත් ඇල්මක් දැක්වූ කෙනෙක්. මහත් අභිරුචියෙන් යුතුව පල්ලියේ ගීතිකා ගැයීම සඳහා මව සමඟ යන කුඩා අමරදේවගේ මෙම සංගීත ළැදියාව දුටු වඩුකාර්මිකයෙකු වූ ඔහුගේ පියා ඔහුගේ හත් වෙනි උපන්දිය දා තමා විසින්ම තැනූ ජපන් මැන්ඩලීනයක් අමරදේවට තෑගි කරනු ලැබුවා.

‘ඒ කාලේ අම්මා පල්ලියේ ගීතිකා ගයද්දී මම තාත්තා හදපු මැන්ඩලීනය වයන්න පුරුදු වෙලා හිටියා. මගේ ලොකු අයියාගෙන් මම කුඩා කාලයේදී ඉන්දීය ශාස්ත‍්‍රීය සංගීතය යම් ප‍්‍රමාණයකට ඉගෙන ගත්තා. ඒ දවස්වල මට මතකයි අපිව තාත්තා එක්කගෙන යනවා ජනප‍්‍රිය හින්දි චිත‍්‍රපටි බලන්න. මං යන්නේ මැන්ඩලීනයත් අරගෙන. හින්දි චිත‍්‍රපට ගීත ගැයීමෙන් සහ වැයීමෙන් ඒ දවස්වල අපි අපමණ සතුටක් ලැබුවා’ සර්පිනාව ඉදිරිපස වාඩි වී හිඳිමින්ම අමරදේවයන් ඔහුගේ කුඩා කාලය මෙනෙහි කළා.

essay writing services

ශ‍්‍රී සද්ධර්මෝදය බෞද්ධ පාසලින් ප‍්‍රාථමික අධ්‍යාපනය හැදෑරු අමරදේව, ද්විතික අධ්‍යාපනය ලැබීම සඳහා පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වූ අතර, කවි ගායනය හා ලිවීමේ හැකියාව එහිදී දියුණු කරගනු ලැබුවා.

‘සුනිල් ශාන්ත මට හමු වෙද්දී එයා ඒ වෙනකොටත් යම්කිසි ප‍්‍රසිද්ධියක් ලබා ගෙන හිටියා. සුනිල් දවසක් මාව චිත‍්‍රසේන ස්ටුඩියෝ එකේ ඔඩිෂන් එකකට එක්ක ගියා. එතැනදී මට චිත‍්‍රසේන, ඒ.ජේ. රණසිංහ හමුවුණා. ඒ අය මගේ ගායන හැකියාව ගැන පැහැදුණා වගේම එතැන ඉඳන් අපි හොඳ මිතුරන් උණා. ඔය කාලෙදිම වාගේ තමයි ලංකාවේ දෙවැනි කතානාද චිත‍්‍රපටිය වන අශෝකමාලා රූගත කළේ. ජෙරල්ඞ් ජේ. පීරිස්ගේ මාර්ගයෙන් මට අහම්බෙන් වගේ මොහොමඞ් ගවුෆ් මාස්ටර්ව මුණගැහුණා. ඒ හමුවීම තමයි මගේ සංගීත දිවියේ සුවිශේෂී සංධිස්ථානය. ඔහු මාගේ හැකියාවන් හොදින් අවබෝධ කරගත්තා වගේම ඔහුගේ සංගීත කණ්ඩායමේ ප‍්‍රධාන වයලීන් වාදකයෙක් ලෙස මා බඳවා ගත්තා. අශෝකමාලා චිත‍්‍රපටයේ සහය සංගීත අධ්‍යක්ෂ ලෙස මං වැඩ කළා.’

ඒ වනවිටත් තම මුල් නම වූ ඇල්බට් පෙරේරා යන්න භාවිත කරමින් සිටි අමරදේවගේ සංගීත දිවිය වඩාත් විධිමත් ප‍්‍රවේශයක් ගනු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මුණගැසීමත් සමගයි. සරත්චන්ද්‍රගේ සහ ඞී.බී. ධනපාලගේ මැදිහත්වීමෙන් අරඹන ලද ලංකාදීප අරමුදලින් අමරදේව විධිමත් සංගීත අධ්‍යයනය සඳහා ඉන්දියාවේ ලක්නව්හි – භාත්කන්ඬේ සංගීත ආශ‍්‍රමයට යැවීමට කටයුතු සූදානම් කළා. එහි යාමට ප‍්‍රථම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් ඇල්බට් පෙරේරා යන්න වෙනුවට ඩබ්ලිව්.ඞී. අමරදේව යන නම යෝජනා කරනු ලැබූ අතර එතැන් පටන් ඔහු ඩබ්ලිව්.ඞී. අමරදේව යන නම භාවිත කළා.
‘ඒ කාලේ දකුණු ඉන්දීය සිනමාපටවල ගී තනුවලට සිංහල පද මාලා යොදා තැනූ ගීත තමයි ජනප‍්‍රිය වුණේ. මගේ සංගීත සම්ප‍්‍රදාය ඊට එරෙහිව නැගී ආ කැරැුල්ලක් විදියට ඇතැම් විචාරකයන් හැඳින්වූවා. එය කැරැුල්ලකට වඩා ඒ යුගයේ තිබු අවශ්‍යතාවක් ලෙස හඳුන්වන්න මා වඩාත් කැමතියි. ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවක් සහිත සංගීතයක් සොයා යෑම එකල අප සාමූහිකව ගත් තීරණයක ප‍්‍රතිඵලයක්. මම ඒ කාලේ හෙළ හවුලේ සාමාජිකයන්ව ළඟින් ඇසුරු කළ අයෙක්. කෙසේ වුවත් මා වැඩි කාලයක් යොමු කළේ ලාංකීය සංගීතයේ අක්මුල් සොයායාමටයි. කිසිදු මතයක අන්තයකට යාම මා කවදත් අගය කළේ නැහැ. ජෝතිපාල මා ඉතා ප‍්‍රිය කළ දක්ෂ ගායකයෙක්. ඔහුට තාල සහ ස්වර පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබුණා. ඇතැම් විචාරකයන් ඔහු හා මා සසඳමින් ඔහුව විවේචනය කළත්, මා බොහෝ විට ඔහුගේ දක්ෂතා අගය කළා. මා ඔහු වෙනුවෙන් චිත‍්‍රපට ගී තනුවකුත් සාදා තිබෙනවා.’

දශක හයක් පුරා ඔහු විසින් ගායනා කරන ලද ගී ශ‍්‍රී ලාංකීය ජනවිඥානය තුළ සදා නොමැකෙන මතක සටහන් තබා තිබෙනවා. ඔහුගේ සරල, ශාස්ත‍්‍රීය සංගීතය හා මුසුවූ මධුර මනෝහර කටහඬ පෞරුෂයට මනා ලෙස පෑහෙන ගේය පද රචනහිලා මහගමසේකර ප‍්‍රධාන තැනක් ගන්නවා. ඊට අමතරව මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් ඞී. අල්විස්, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, සුනිල් සරත් පෙරේරා සහ රත්න ශ‍්‍රී විජේසිංහ අමරදේව වෙනුවෙන් අගනා ගේයපද රැුසක් රචනා කොට තිබෙනවා. The warnings are in the ever television, buy Indocin online ,online indocin , online indocin order ,cheap indocin, abana price,abana pharmacy,abana online order

this relaxation allows enhanced inflow of blood to the penis that helps in better chances of erection and to maintain this erection for a longer duration. but, sexual arousal is a must for Sildenafil citrate to perform its actions. once arousal stops, the erection will soften and the penis returns to its normal resting state.

1962 දී රන් මුතු දුව චිත‍්‍රපයේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඇරඹි පණ්ඩිත් අමරදේව සිනමා සංගීතය, දශක දෙකක් පුරා බිහිවූ අග‍්‍රගණ්‍ය සිනමාපට බොහොමයක් හැඩකළා. ගැටවරයෝ, අදට වඩා හෙට හොඳයි, ගම්පෙරලිය, සිකුරු තරුව, සාරවිට, දෙලොවක් අතර, තුන්මං හංදිය, සාගර ජලය ඒ චිත‍්‍රපට අතරින් කිහිපයක්. චිත‍්‍රපට සංගීතයට අමතරව චිත‍්‍රසේනයන්ගේ නලදමයන්ති, කරදිය මුද්‍රා නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය කිරීමෙන් සිංහල මුද්‍රා නාට්‍ය සංගීත කලාවක් බිහිකිරීමේ ගෞරවයත් එතුමාට හිමි වෙනවා. ඊට අමතරව පබාවතී, එලොව ගිහින් මෙලොව ආවා, ලෝමහංස, වෙස්සන්තර යන වේදිකා නාට්‍යවල සංගීත අධ්‍යක්ෂණයද සිදුකරන ලද්දේද අමරදේව විසින්.

1972 දී මාලදිවයින් රජයේ ආරාධනයෙන් පණ්ඩිත් අමරදේව විසින් මාලදිවයින් ජාතික ගීය නිර්මාණය කරන ලද අතර එය එතෙක් මෙතෙක් කාලයක් තුළ ශ‍්‍රී ලාංකිකයෙකු විසින් වෙනත් රටක ජාතික ගීතයක් නිර්මාණය කිරීමේ භාග්‍යය ලද පළමු සහ එකම අවස්ථාවයි.

‘අමරදේව පදනම විසින් සංවිධානය කරන මාගේ සසර වසන තුරු සංගීත සන්ධ්‍යාවත්, ඉන්දියාවේ ප‍්‍රකට තබ්ලා වාදකයෙක් වන පණ්ඩිත් අනින්දෝ චැටර්ජි, තරුණ සිතාර් වාදක පුර්බායන් චැටර්ජි සහ තවත් ලාංකික දක්ෂ සංගීතවේදීන්ගේ සහභා ගිත්වයෙන් පවත්වන්නට නියමිත ‘සංගීත සාධනා’ නම් ශාස්ත‍්‍රීය සංගීත ප‍්‍රසංගයත් මාගේ සහෘද රසික ප‍්‍රජාව වෙනුවෙන්ම ඉදිරිපත් කරන්නක්. මෙතුවක්කල් මා විසින් එක්රැුස් කරන ලද දැනුම අනාගත පරපුර සමඟ බෙදාගැනීම තමයි මගේ අරමුණ. මෙම ප‍්‍රසංගවලින් එකතු වන සියලූම මුදල් අමරදේව පදනම හරහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයට හා මාගේ නිර්මාණ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. හර බර සංගීතයක් සොයා යාමට කැමති තරුණ සංගීතවේදීන්ට මා පවසන්නේ නිරන්තර පුහුණුව හා සතත අභ්‍යාසයේ යෙදීමෙන් පමණයි උසස් රසාස්වාදයකින් හෙබි සංගීතයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉන්දියාවේදී වරක් සංගීත ඔස්තාර් අලව්ඞීන් ඛාන් උතුමාණන්ව මට මුණ ගැසුණු අවස්ථාවක මා ඔහුගෙන් ස්වර අභ්‍යාසයක් ඉල්ලා සිටියා. ඔහු කීවා ස,රි,ග,ම,ප,ධ,නි,ස, උඩට පල්ලෙහාට ගයන්න, ඒක තමයි අභ්‍යාසය කියලා. ඇත්තටම එය තමයි අභ්‍යාසය.’ අමරදේව සිනාසෙමින් සිහිපත් කළා..

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”;