Monday, 21/8/2017 | 3:53 UTC+0
රාවය

ජයග‍්‍රහණයක වේදනාව

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

ජාත්‍යන්තරය ජයගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩි කාවන් සදහා දහසින් බැදි පියලි දෙන බවට වන කතාව සෑම ක‍්‍රීඩා අමාත්‍යවරයෙකු ම පුන පුනා කියන දෙයකි. පදක්කමේ අගය අනුව මේ දීම ද ක‍්‍රම කිහිපයකි. අනෙක ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පළාත අනුව ද මේ දීමේ ක‍්‍රමයේ වෙනසක් වන අවස්ථාද නැත්තේ ම නැත.

මේ කිසිදු ක‍්‍රමවේදයකට අසු නොවූ ක‍්‍රීඩිකාවන් තිදෙනකු ගැන කතාවක් පසුගිය සතියේ අපට කීවේ වෛජයන්ත ගුණසේන මහතා ය. එ් පසුගිය සැප්තැම්බර් මස නිමා වූ 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ කරාටේ දෝ ශූරතාවලියේදී මෙරටට කාටා කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා දුන් ක‍්‍රීඩිකාවන්ට මේ දක්වා කිසිදු ඇගැයීමක් නොකළ බවට වන චෝදනාවෙනි.

රටවල් 33ක සහභාගිත්වයෙන් ජපානයේ පැවැති මෙම තරගාවලියේ දී වත්සලා ආරියරත්න, රවිහාරි එදිරිසිංහ සහ හිමේෂි හිදගොඩ එක්ව ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබා දෙන්නේ දශක හතරකට වැඩි කරාටේ සම්මේලන ඉතිහාසයේ දී මෙම තරගාවලියේ ලත් පළමු ජයග‍්‍රහණය ලෙස ය. එමෙන් ම මෙම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රී ලංකාවට කරාටේ ලෝක ශේ්‍්‍රණිගත කිරීමේ දී පළමු කණ්ඩායම් 20 අතරට ද පිවිසීමට වරම් හිමිවුණි.

‘මේ ජයග‍්‍රහණ ලබා ගන්න ශ‍්‍රී ලංකා කරාටේ සම්මේලනය හෝ හිටපු අතුරු කමිටුව මේ ළමුන්ට කිසිම ආකාරයක සහයෝගයක් දැක්වූවේ නැහැ. ඔවුන් මේ තරගාවලියට යන්නේ එක් අයෙක් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අතින් වියදම් කරගනිමින්. එහෙම ගිහිල්ලා පදක්කමක් දිනලා ආවාට පස්සේ එයාර්පෝට් එකේදී මල්මාලයක් දාලා පිළිගත්තා. ඒක තමයි මේ ළමුන්ට සම්මේලනයෙන් සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබුණ එක ම පිළිගැනීම…’ වෛජයන්ත ගුණසේන පැවැසුවේය. ඔහු මේ ක‍්‍රීඩිකාවන් තිදෙනාගේ පුහුණුකරු ය.

කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ කරාටේ පුහුණුකරු ද වන වෛජයන්ත ගුණසේන ශ‍්‍රී ලංකා කරාටේ සම්මේලනයේ සහාය පුහුණුකරු ලෙස ද කලක් කටයුතු කර ඇත. පුහුණුකරුවකු ලෙස තමන් ද නව ක‍්‍රමවේදයන් සොයා යා යුතු බවත් ඒ සියල්ල කළ යුත්තේ තම වියදමෙන් වීම වඩාත් කනගාටුදායක තත්ත්වයක් බවත් ඔහු පැවැසුවේය. මේ සටහන මුද්‍රණය වන විට ඔහු විශේෂ පුහුණුවක් ස`දහා විදෙස්ගත වී ඇත. ඒ ද තම වියදමිනි.

මොවුන් මෙම පදක්කම දිනා ගන්නේ අඩසිය වසකට පසුව බැව් අපි මේ සටහන ආරම්භයේ දී ම පැවැසුවෙමු. එසේ වෙත්දීත් කිසිවෙකුගෙන් ඇගැයීමක් නොවූ තැන ඔවුහු තමන්ගේ ජයග‍්‍රහණයේ තරම කියා පෑමට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද හමුවන්නෝ ය. එහිදී ඔහුගේ ප‍්‍රතිචාරය ඉතා විශ්වසනීය වූ බැව් ඔවුහු පවසති. එදිනම ක‍්‍රීඩා අමාත්‍යාංශ අනෙකුන් බලධාරීන් ද හමුවී මේ ජයග‍්‍රණයේ රුව ගුණ කියා පෑමට ඔවුන්ට අවස්ථාව හිමි වෙයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔවුන් ව දැනුවත් කළ ද ඔවුන් පවසා ඇත්තේ කරාටේ සම්මේලනය මගින් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් නොකළ බවකි.

හිමේෂි හිදගොඩ

‘මගේ තාත්තා පෞද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන්නේ. අම්මා විශ‍්‍රාමිකයි. මේ තරගාවලියට සහභාගි වෙද්දී පාසලෙන් රුපියල් පහලොස් දහසක් සහ කෑගල්ල දිස්ත‍්‍රික් කරාටේ සංගමයෙන් රුපියල් පන්දහසක් ලෙස මුදල්වලින් උදව් කළා. ඉතිරි ුමුදල් සියල්ල අම්මා මුලික වෙලා බැංකු ණය අරගෙන ගියේ. මම ඊට කලින් සිංගප්පූරු සහ මැලේසියා සංචාර දෙකකට ද සහභාගි වුණා. ඒ සංචාරවලට ද සහභාගි වුණේ අතින් වියදම් කරගෙන.

මෙවර පදක්කම් දිනාගෙන ආවත් ඊට ඇගයීමක් කිසි කෙනෙක්ගෙන් ලැබුණේ නැහැ. පාසලින්වත් මේ සම්බන්ධයෙන් නිසි ඇගයීමක් ලැබුණේ නැහැ. පළාත් ක‍්‍රීඩා වර්ණ ලබා දීමේ දී මගේ නම තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් විමසද්දි කිව්වේ මේ සදහා පාසල හරහා ඔවුන් ව දැනුවත් කළ යුතු බවයි. පාසල් ආරංචි මාර්ග කියන්නේ ඒ ස`දහා නිර්දේශ කරලා මගේ නම යොමු නොකළ බවයි. ඒ මොන හේතුව නිසා ද කියලා කියන්න මම දන්නේ නැහැ. මේ දේවල් සමග ඇතැම් විටක ක‍්‍රීඩාව නතර කරන්නත් හිතෙනවා. මේ දේවල් වෙද්දි මානසිකව පීඩාව පත් වෙන එක අහන්න දෙයක් නැහැනේ.’

වත්සලා ආරියරත්න

‘මම කරාටේ ක‍්‍රීඩාව නියෝජනය කරමින් තරග සංචාර දහයකට වැඩි ප‍්‍රමාණයකට සහභාගි වෙලා තිබෙනවා. ඉන් වැඩි ප‍්‍රමාණයක් පෞද්ගලික මුදලින් කරන්න වූ සංචාර. මගේ දෙමාපියන් ගුරුවරුන්. මම රජරට විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක්. මගේ නංගි වෛද්‍ය පීඨයේ, මල්ලි පාසල් ශිෂ්‍යයෙක්. අම්මට තාත්තාට මේ දේවල් සමග මගේ ක‍්‍රීඩාව වෙනුවෙන් ද විශාල බරක් දරන්න වෙලා. අපි අතින් වියදම් කරගෙන ගියත් සහභාගි වෙන්නේ රට වෙනුවෙන්. පරාජය වෙලා ආ විට කිසිදු ප‍්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඒත් දිනලා එද්දි… වසර හතලිහකට පස්සේ අපේ රටට පදක්කමක් දිනාගෙන එන එක විශේෂ කාරණයක් නොවේද?
කිසිදු බලධාරියෙක් මේ වනවිට අපේ දක්ෂතා අගය නොකිරීම ගැන ඇත්තට ම කනගාටුයි. අපිට අද දවසේ ක‍්‍රීඩාව කරන්න වෙලා තිබෙන්නේ ඒ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින්. මේ ටුවර් එකෙන් පස්සේ අපිට කොමන්වෙල්ත් යන්න තිබුණා. ඒකටත් මුදල් අපි ම හොයා ගන්න ඕනෑ. ඒ නිසා ඒ ටුවර් එකට සහභාගි වීම අකමැත්තෙන් හරි අතහරින්න අපිට සිද්ධ වුණා. වඩාත් ම කනගාටුව කරුණ වෙලා තියෙන්නේ අපිට හොද පුහුණුවක් ලබා දෙන්න පුහුණුකරුවෙක් ඉන්නවා. අපේ හැකියාව තිබෙනවා. ඒත් ආර්ථික ප‍්‍රශ්න හමුවේ අපි අසරණ වෙනවා. මේකට විස`දුමක් දෙන්න පු`ඵවන් නම් අපේ කරාටේ ක‍්‍රීඩාවේ හෙට දවස මීට වඩා ශක්තිමත් වේවි.’

රවිහාරි එදිරිසිංහ

‘මගේ අම්මා තාත්තා දෙන්නම රජයේ රැුකියා කරන අය. මම වරලත් ගණකාධිකාරී උසස් අධ්‍යාපන පාඨමාලාවක් හදාරනවා. අයියත් තවම ඉගෙන ගන්නවා. මේ ටුවර් එකේ සම්පූර්ණ වියදම දරුවේ ගෙදරින්. කොච්චර අමාරු වුණත් කිසිම දෙමාපියෙක් මේ වගේ අවස්ථාවක් මග හරින්නේ නැහැ. මගේ දෙමාපියන් ද කටයුතු කළේ ඒ අනුව. ඒත් අපි ලබා දුන් ජයග‍්‍රහණයට නිසි ඇගැයීමක් නොලැබීම ගැන ඇත්තේ කනගාටුවක්. විශේෂයෙන් ම දශක ගණනාවකට පස්සේ ලැබූ මේ ජයග‍්‍රහණයේ වටිනාකම කොතරම්ද? කිසිදු ක‍්‍රීඩා බලධාරියෙක් මේ ගැන මේ දක්වා කිසිදු තැකීමක් නොකිරීම අපේ අවාසනාවක්, එහෙමත් නැත්නම් කරාටේ ක‍්‍රීඩාවේ අවාසනාවක් විදිහටයි මම දකින්නේ.

මේ කෙසේ වෙතත් මා විශ්වාස කරනවා අපේ ජයග‍්‍රහණයට සාධාරණයක් ක‍්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදුවෙයි කියලා. කරාටේ ක‍්‍රීඩාවේ ඉතිහාසය අපිට අලූතින් ලියන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන අපට ඇත්තේ අහිංසක සතුටක්. මේ සතුට තරමක් හෝ සසල වෙලා තිබෙන්නේ අපිට මෙතෙක් මේ සම්බන්ධයෙන් නිසි ඇගැයීමක් නොලැබුණ නිසා. අපි සියලූම දේවල් දරා ගනිමින් මේ පදක්කම දිනා දුන්නේ මේ රටට. අද අපිට ඉතිරි වෙලා තිබෙන්නේ මේ පදක්කමේ අභිමානයත් සමග ගෙවල්වලින් වූ ණය කන්දරාවේ හිසරදයත් පමණයි.’