Wednesday, 23/8/2017 | 12:35 UTC+0
රාවය

දයා පතිරණ සහ බලෙන් හිරු නැංවීම | දයා පතිරණ ඝාතනයේ විසිනමවෙනි මතකය නිමිත්තෙනි

රසික සූරියආරච්චි

අසූව දශකයේ මැද භාගයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස කටයුතු කළ දයා පතිරණ සහෝදරයා කපා කොටා ඝාතනය කර දමා තිබුණේ අදින් වසර විසි නමයකට පෙර 1986 දෙසැම්බර් මස 15 වන දිනට යෙදුණු උඳුවප් පුර පසළොස්වක පොහෝ දා ය.

ඉන් වසර දෙකහමාරකට උඩ 2004 ජූනි මාසයේ දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පද්මසිරි අබේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක ශිෂ්‍යයන් දෙදෙනා රාජ්‍ය සේවයේ වෙඩි උණ්ඩයෙන් මිය ගොස් තිබුණු බැවින් තවත් සරසවි සිසුවෙකු මරා දමා තිබීම එවකට රටේ මහජනතාව අතර විශාල කලබගෑනියක් ඇතිවීමට හේතුවක් නොවීය. එහෙත් දයා පතිරණගේ මරණය එසේ සතුරු වෙඩි උණ්ඩයකින් සිදුවූවක් නොව මිතුරු ලෙසින් පැමිණි මාරයාගෙන් ලැබුණු පිහි පහරින් සිදු වූ එකක් වීම විශේෂයකි.

දයා පතිරණ ඝාතනයට මුලික ම හේතුව ලෙස මතුපිටින් පෙනුණේ කොළඹ සරසවියේ ශිෂ්‍ය නායකත්වය පිළිබඳ බල අරගලය වුව ද, සැබෑ වූ හේතුව වූයේ උතුරේ යුද්ධය සහ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව වූ වඩා පුළුල් මතවාදී ගැටුමක් ඔඩුදුවා යෑම බව මගේ හැඟීමයි. එ නිසා ම මෙම ඝාතනය, පසු කාලයේ ලංකාව තුළ උතුරු නැගෙනහිරින් බාහිරව සිදු වූ මහා ජීවිත විනාශයේ සමාරම්භක මිනිස් බිල්ල ලෙස කෙරෙන හඳුන්වා දීම ඉතා වැදගත් වේ.

දයා පතිරණ (ඔහුගේ මුළු නම හේවා පතිරණගේ දයානන්ද පියසිරි විය.) මට මුලින්ම හමුවූයේ 1984 අගෝස්තු මාසයේ දිනයක කඩවත සූරිගම පන්සලක පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල (අවිශිබම) රැස්වීමේ දී ය. ඔහුගේ මරණයෙන් පසුව මා දැනගත් පරිදි දයා පතිරණ මාතර ප‍්‍රදේශය තම නිජබිම කරගත්තෙකි. ඔහු පාසලේ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වූ බව ද කියැවුණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අප අවිශිබමය හැදින්වූයේ අයි.යූ.එස්.එෆ්. යන මුලකුරුවලින් වුවද එය අනෙකුත් විශ්වවිද්‍යාලවල ජනපි‍්‍රය වූයේ අන්තරය යන නමිනි. අවිශිබමයේ කැඳවුම්කරු ලෙස එවකට කි‍්‍රයා කළේ පසුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු වූ උපාලි ජයවීර ය. ඔහුට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් මෙම රැුස්වීමට මහජන පක්‍ෂයට, ශී‍්‍රලනිපයට සහ නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් නියෝජනය කරන නියෝජිතයන් ද, එදින කුමන පක්‍ෂයක් නියෝජනය කළේ දැයි මා අදත් නොදන්නා, පසුව 1994 දී ශී‍්‍ර.ල.නි.ප.යෙන් පාර්ලි මේන්තුවට තේරී පත්වුණු, ඩිලාන් පෙරේරා ද සහභාගි විය.

ඩිලාන් එවකට ජ.වි.පෙ. හිතවාදියෙකු වූ බව මම අනුමාන කරමි. මා ඔහු අවසාන වරට සජීවීව දුටුවේ 1985 මැයි දිනයේ කොළඹ නව නගර ශාලාවේ පැවති නිල නොවන ජ.වි.පෙ. මැයි දින රැලියේ දී සිය පියාත්, නැගණියත් සමග සිටිය දී ය.

රැුස්වීමට සහභාගිවූවන් බහුතරය එක්කෝ ජ.වි.පෙ. කි‍්‍රයාකාරිකයන් හෝ නැතිනම් ජ.වි.පෙ. අනුගාමිකයන් (එනම් විශ්වවිද්‍යාලයට පරිබාහිර ජ.වි.පෙ. දේශපාලනයට ද යම් ලෙසකින් දායක වෙන්නන්) හෝ නැතිනම් ජ.වි.පෙ. හිතවාදීන් (එනම් එවකට ශිෂ්‍ය දේශපාලනය තුළ ජ.වි.පෙ. කි‍්‍රයාකාරීත්වය පිළිබඳ බරපතළ ප‍්‍රශ්න නැත්තන් – සමහරවිට ඩිලාන් පෙරේරා මේ ගොඩට වැටුණා විය හැක.) බව කැපී පෙනුණි. කොළඹ, මොරටුව, ජයවර්ධනපුර, පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාල ද අඩු වැඩි වශයෙන් නියෝජනය වී තිබුණු අතර යාපනය සහ නැගෙනහිර සරසවිය ප‍්‍රායෝගික කරුණු මත අවිශිබමයේ කොටසක් නොවී ය.

එදා රැුස්වීමට පැමිණ සිටි අය අතර සිහින් සිරුරකින් ද බොකුටු කොණ්ඩයකින් ද යුතු කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ කැපී පෙනුණි. ඔහු ජ.වි.පෙ. හිතවාදියෙකු නොවන බව ක්‍ෂණයකින් පැහැදිලි වූයේ ඔහු කවුරුදැයි රැුස්වීමේ කැඳවුම්කරු ද ඇතුළුව සභාවෙන් ප‍්‍රශ්න නැගුණු විට ය. තමා කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන බවත්, පසුගිය දිනක පැවති ජල බදු විරෝධී රැුලියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නියෝජනය කරමින් කතා කළ තමාට මෙම අවිශිබම රැුස්වීමට සහභාගිවීමට අයිතියක් තියෙන බවත් දයා පතිරණ ස්ථිරසාරව ප‍්‍රකාශ කළේ ය.

කූප‍්‍රකට භීෂණ සමය මේ වන විට ලංකාවේ තවමත් ආරම්භ වී නොතිබුණ ද මෙම අවිශිබම රැුස්වීම පැවැත්වූ කාලය ද විශ්වවිද්‍යාල සිසුන්ට නම් එක්තරා ආකාරක භීම සමයක් විය. පෙර සඳහන් කළ පරිදි පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයන් වෙඩි තියා මරා දමා ඒ වන විට ගතවී තිබුණේ යාන්තම් මසක් පමණ කාලයක් පමණි. මේ රෝහණ රත්නායක ශිෂ්‍යයා දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වී යැයි සිතමි.

මේ වන විට විශ්වවිද්‍යාල සියල්ල ම වසා දමා තිබුණු අතර අප එදා රැුස්වුණේ ශිෂ්‍ය විරෝධය ඉදිරියට ගෙනයාමත්, විශ්වවිද්‍යාල නැවත විවෘත කරගැනීමත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ එවකට පිහිටුවා තිබූ පොලිස් ස්ථානය ඉවත්කරවා ගැනීමත් පිළිබඳ සාකච්ඡුා කිරීමටය. මගේ මතකයට අනුව රැුස්වීම අවසාන වූයේ, පොලීසිය එතැනින් ඉවත් කරන ලෙස රජයට බල කිරීම පිණිස, පොදු ජන පෙත්සමක් අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග ය.

වසා දමා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ආරම්භ වන විට පෙර කී කූප‍්‍රකට පොලිස් ස්ථානය රජය විසින් ඉවත් කර ගෙන තිබුණි. අබේසේකර සොයුරා මරා දැමූ දින රාති‍්‍රයේ ඉබේම වාගේ ඇරඹුණු ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව (අප මෙය ඇක්ෂන් කමිටී හෙවත් ඒ.සී. කියා හැඳින්වූ අතර අනෙක් බොහෝ විශ්වවිද්‍යාලවල එය ප‍්‍රසිද්ධ වූයේ ඇක්ෂන් එක කියා ය.) විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමග යම් සුහදතාවක් ද ඇති කර ගනිමින් 1983 ජූලියේ සිට තහනම් කර දමා තිබූ මහා ශිෂ්‍ය සභාවේ අඩුව පිරිමැසීය.
මේ පේරාදෙණිය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිතයකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ රැුස්වීමට සහභාගි වෙන්නට මට නැවත සිදුවූයේ 1984 වසරේ අග භාගයේ දී ය. පේරාදෙණියේ සිට කොළඹ බලා අප කළ බස් ගමනේ දී කියවීම පිණිස මා රුසියානු පොතක සිංහල පරිවර්තනයක් වූ ‘සමාජවාදය නම් කුමක්ද?’ නම් පොත රැුගෙන ගියෙමි. මේ පොත මා කියවීම පිණිස ඉල්ලා ගෙන තිබුණේ කෘෂි විද්‍යා ශිෂ්‍ය සුමිත් නාකන්දලගෙනි. කොළඹ රාජගිරියේ ආයුර්වේද ශිෂ්‍ය නේවාසිකාගාරයේ පැවති මේ රැුස්වීමට පොලිසියෙන් කඩාවැදීමක් සිදු වේ යැයි ඇතිවුණු සැකයක් නිසා අපට හදිසියේ රැස්වීම අවසාන කරන්නට සිදුවිය. මා ආපසු පේරාදෙණිය බලා ගියේ ‘සමාජවාදය නම් කුමක්ද?’ කෘතිය රාජගිරියේ අමතක කර දමා ය.

ශිෂ්‍ය සභා වෙනුවට උපකුලපතිගේ සභා පතිත්වයෙන් යුතු ශිෂ්‍ය සම්බන්ධතා කමිටු ද, උපකුලපති පත් කිරීම ආචාර්වරුන්ගේ ඡුන්දයෙන් නොව උසස් අධ්‍යාපන ඇමති විසින් සිදු කිරීම ද නීතිගත කරන උසස් අධ්‍යාපන සංශෝධන පනත 1985 ජනවාරියේ රජයෙන් සම්මත කෙරිණි. මෙයට විරුද්ධව අවිශිබම මගින් විශ්වවිද්‍යාල පුරාත්, රට පුරාත්, මහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදි.

මේ කාලයේ දී පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මා සහභාගි වුණු රැුස්වීම්වල දී විටින් විට දයා පතිරණ මට හමුවිය. මා කොළඹ අමතක දමා ආ ‘සමාජවාදය නම් කුමක්ද?’ නම් පොතේ පිටපත ඔහු ළඟ ඇති බවත්, ඔහුගේ නේවාසිකාගාරයට පැමිණ එය ලබාගත හැකි බවත් දයා පතිරණ ඒ මුල් වාරයේ දී ම මට පැවසීය. පොත කියවා හෝ සමාජවාදය යමක් ඉගෙන ගත්තාදැයි ඔහුට මා සරදමක් කළ ද අවාසනාවකට මෙන් එය ආපසු ලබාගැනීමට මට ඉඩක් නොලැබුණි!
කෙසේ වෙතත් ඒ අවිශිබම රැස්වීම්වල දී දයා පතිරණ හා කතා බහ කරන්නටත්, ඔහුගේ දේශපාලය කුමක්දැයි තරමක් දුරට හෝ වටහා ගන්නටත් මට හැකිවිය.

buy Lamisil Online . Get Lamisil otc supplements without prescription. Lamisil is used for treating fungal infections of the fingernails and toenails. Price Of Lamisil

දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් කරුණු කිහිපයක් නිසා වෙනස් වූ බව මට පෙනුණි.

සමාජවාදී ශිෂ්‍ය සංගමය මුළු රට පුරා ව්‍යාප්ත වී තිබුණු අතර ස්වාධීනයෝ කොළඹ විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ කුඩා කණ්ඩායමක් වූහ. එසේ වුව ද, සමහර විට එනිසාම, නයි-මුගටි සටනින් කොළඹ දී එවකට ජයගත්තෝ මුගටියෝ වූහ.
මේ නයි-මුගටි වෛරයට පාදක වූ මූලික දේශපාලන වෙනස්කම වූයේ මේ දෙපිරිස ජනවාර්ගික ප‍්‍රශ්නය සහ උතුරේ සටන පිළිබඳ දැක්වූ ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකේ මතවාද විය. ස්වාධීන කණ්ඩායම දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ප‍්‍රවාහය නියෝජනය කළේ ය. ජ.වි.පෙ. මතවාදය මීට ඉඳුරාම වෙනස් එකක් විය. ශිෂ්‍ය දේශපාලනයට මෙය කෙළින් ම සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවූයෙන් බොහෝ පොදු කරුණු අරභයා යම්තාක් දුරකට එකට වැඩ කිරීම මේ දෙපිරිසට ප‍්‍රශ්නයක් නොතිබුණුමුත් රටේ සෑම සංසිද්ධියකටම කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ බලපෑ උතුරේ යුද්ධය  නිසා ඒ දේශපාලන වෙනස්කම විටින් විට ඉස්මතු විය.

අබේසේකර සහ රත්නායක සිසුන් දෙදෙනා මරා දැමීමට වසරකට පෙර 1983 ජූලියේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය සටනක් අවසානයේ මාරාන්තික උපවාසයක් පැවතුණි. වෙනමම ලිපියකින් විස්තර කළ යුතු මේ සිදුවීම් මාලාව පිළිබඳව මා ලියූ දිගු කවියක් අවසාන කළේ මෙලෙසය.
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය
මෙම කවිය අනිවාර්යයෙන් ම නිර්ධන පන්තියේ විප්ලවය සනිටුහන් කරතැයි මම සිතුවෙමි.

ඉංජිනේරු පීඨ කලා කවය මගින් පවත්වා ගෙන යනු ලැබූ බිත්ති පුවරුවේ මුල් වරට ප‍්‍රදර්ශනය වූ මෙම කවිය මම පසුව (1984 ඔක්තෝබරයේ දී පමණ* අක්බාර්-නෙල් ශාලාවේ මා නැවතී සිටි කාමරයේ කුරුටු ගීයක් ලෙසින් සටහන් කළෙමි.

ඊළඟ වසරේ මේ කාමරයේ තාවකාලිකව නවාතැන් ගත් හිටපු ඉංජිනේරු පීඨ ශිෂ්‍ය, එකල ජ.වි.පෙ. පූර්ණකාලීන කි‍්‍රයාකාරිකයෙකු වූ ආනන්ද ඉඩමේගම මේ කුරුටු ගීය කියවා බලා, මා ගැන විපරම් කර ඇත.

මා එවකට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ යම් කිසි ආකාරක කි‍්‍රයාකාරිකයෙකුව සිටියෙමි. ශිෂ්‍ය සටන් තුළ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව මගේ අවුලක් නොතිබුණු නමුත් ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව රෝහණ විජේවීරගේ කතා ඇතුළත් කැසට් සහ ඔහුගේ ම ”ජාතික ප‍්‍රශ්නයට විසඳුම කුමක් ද?” නමින් පළකළ පොත මගින් ඉදිරිපත් කරන ලද මතවාදය නම් මට රුචි නොවීය.

මේ සියලූම හේතු නිසාවෙන් දෝ, මට නිසි මග පෙන්වා දීමට ජ.වි.පෙ. නියෝජිතයෙකුට අවසර දෙන්නයැයි මා මිතුරු නලින් මගෙන් ඉල්ලූ අතර මම එයට කැමැත්ත දුනිමි. මේ දේශපාලන සාකච්ඡාව සඳහා මා හමුවට ආවේ අන් කිසිවෙකු නොව පසුව ජ.වි.පෙ. දේශපාලන මංඩල සභිකයෙකු වූ උපාලි ජයවීර ය.

ඉහත කවියෙන් මුළු ගැන්වුණු මගේ අදහස්වල වැරදි බව පවසමින් කතාව ඇරඹූ ඔහු, පැය දෙකකටත් වඩා වැඩි කාලය කාලයක් මිඩංගු කරමින් ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ජ.වි.පෙ. මතවාදය මා හමුවේ තැබීය.

ඔහු පැවසූ දේ සැකෙවින් කිවහොත් එය මෙසේ ය. පවතින රජයේ බලයෙන් මිදී තමන්ගේ රජයක් අවි බලයෙන් ගොඩ නැඟීම අරමුණු කරගෙන එවකට උතුරේ කෙරෙමින් පැවතුණ සටන ප‍්‍රතිගාමී එකකි. එනම් බලහත්කාරෙන් හිරු පිබිදවීමට දරන තැතකි. ත‍්‍රස්තවාදයකි. එය පරාජය කළ යුතුය.

අවසානයේ තර්කයෙන් කිසිදු ජයක් ලබා නොගෙන උපාලි ජයවීර හිස් අතින් වෙන්වී ගියේ නැවත හමුවෙන්නට අවශ්‍ය බව කියමිනි. කෙසේ වෙතත් මා වැනි දුඹුලකු ගැන වෙහෙසීමට වඩා වැදගත් වැඩ ඔහුට තිබෙන්නට ඇත.

පද්මසිරි අබේසේකර සහ රොහාන් රත්නායක සිසුන් දෙදෙනා මරා දමා වසරක් ගත වූ දින අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැමරුම් උත්සවයක් සංවිධානය කළෙමු. මේ වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයේ සංස්කරණය මට පැවරුණු අතර මගේ කතුවැකියේ අවසානයේ ඉහත සඳහන් කෙටි කවිය ද ඇතුළත් කළෙමි.

මේ සමරු කලාපයේ පිටපතක් කෙසේ හෝ දයා පතිරණ අතට පත්වෙන්නට ඇත.
පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනතට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ විශ්වවිද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්නට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළ පැනනැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම් විය. අවිශිබමය තුළ කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේයැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.
කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැුස්වීම අතිතීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙක් ද පැමිණ සිටියේ ය. ඔවුන්ගේ අතිඋද්වේගකාරී කථාවනහි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

best essay writing service

මෙම රැුස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තවදුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුණි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්වවිද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැුස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වුවද, සභාවේ මූලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැුයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හු පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන්ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැුඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන්ගේ දේශපාලනය විශ්වවිද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළට වැද්දාගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ‘බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!’ යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

තර්ක විතර්ක කෙසේ වුවද, මේ සියල්ලටම මුලික හේතුව වූයේ විශ්වවිද්‍යාල තුළ බල අරගලයට වඩා ඒ වන විට ජ.වි.පෙ. විසින් උතුරේ ප‍්‍රශ්නය මුල් කරගෙන ගෙන ගිය දේශපාලන මතවාදය හා වැඩපිළිවෙළ සහ උතුරේ ජනතාවගේ ස්වයංනිර්ණය වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණලාගේ දේශපාලනය අතර තිබූ මත අරගලය බව මම සිතමි.

මින් සුළු කාලයකට පසුව මා විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නිම කළ අතර හුදු ශිෂ්‍ය ප‍්‍රශ්න ගැන සටන් කළා මිස කිසි කලෙක කිසිදු පිටස්තර පක්‍ෂ දේශපාලනයක නිරත නොවුණ බැවින් මගේ කි‍්‍රයාකාරී දේශපාලනය එතැනින් අවසන් විය.

ඊළඟ වසරේ දී (1986) ජ.වි.පෙ., ඔවුන්ට අනුබද්ධව සමාජවාදී ශිෂ්‍ය සංගමයට සමාන්තරව, දේශපේ‍්‍රමී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවන ලදි. අද දක්‍ෂිණාංශික දේශපාලනයක යෙදෙන ඇමතිවරයෙකු වන චම්පික රණවක ද මේ දිනවල සහ ඉන් පසුව එළැඹුණු භීෂණ සමය තුළ මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස කි‍්‍රයාකාරී ශිෂ්‍ය දේශපාලනයේ යෙදුණු බව 1990 දී ඔහු දිවයින පුවත් පතේ පළකළ ලිපි මාලාව මගින් එළිදරව් කළේ ය.

දේශපේ‍්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරයේ පොදු සටන් පාඨය වූයේ ‘බෙදුම්වාදීන්ට කප්පම් නොදෙනු! ජනතාවට අයිතීන් දෙනු!’ සහ ඊට සමගාමී වූ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව ජ.වි.පෙ. මතවාදයයි.

මේ කාලය වන විට, ලංකාවේ අනෙකුත් වාමාංශික පක්‍ෂ වට මේස සාකච්ඡුා යනාදිය තුළින් පොදුවේ යොමුවෙමින් තිබුණේ බලය බෙදා හැරීම මත පදනම් වූ විසඳුමක් කරා ය. දයා පතිරණලාට අමතරව, මේ රේඛාවෙන් අනිත් පස අන්තයේ මත දැරූ වෙනත් දේශපාලන කණ්ඩායම් ද තිබුණි. මෙයින් එක් කණ්ඩායමක් වූ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ යම් පදනමක් ගොඩනංවාගෙන තිබුණි.

figure chemicals are produced by the phallic body whilst sexually emotional, cyclic gmp which causes the muscles in the arterial protect of the phallus to act allowing execution to line in and phosphodiesterase identify 5 (pde-5) which decreases erections. aurogra side effects contains an foodstuff called Sildenafil. Sildenafil is a pde-5 inhibitor. whilst acrobatic aurogra 100 reviews causes a vigorous arm of alternate gmp deed the member to stay hard. it must be far-famed that sexual framework is compulsory in impose for aurogra 100 mg uk to transmute impressive. it is advisable that no more than unity 100mg pill is appropriated in any 24 hr phase.

තම ජීවිතයේ අවසන් දිනයේ ද දයා පතිරණ ගතකර ඇත්තේ තම හදවතට එකඟ දේශපාලනයේම ය. පසුව ආරංචි වූ පරිදි, 1986 දෙසැම්බර් මස 14 දින හවස් භාගයේ ඔහු, තම සගයකු වූ සෝමසිරි ද සමග විරුද්ධ දේශපාලන කණ්ඩායමක ආරාධනයෙන් ඔවුන් හා සාකච්ඡුාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. තියුණු ආයුධවලින් කපාකොටා ගෙල සිඳ දැමූ දයා පතිරණගේ අඩනිරුවත් මළසිරුර ද, ගෙල කපා තිබුණද ප‍්‍රාණය නිරුද්ධ නොවී තිබී පසුව දිවි ගලවාගෙන මේ සිදුවීම් විස්තර කරන්නට වාසනාව තිබූ සෝමසිරිගේ සිහි මූර්ඡුා වූ සිරුර ද පසුවදා, එනම් උදුවප් පුර පසළොස්වක දින, හිමිදිරියේ හොරණ ප‍්‍රදේශයේ දී හමුවිය. මෙම ආරංචිය, ඊටත් පසු දින දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස කියවූ හැටි අද ද මට මතකය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”;

About