රාවය

බලපිටියේ කෙටි දිවිල්ල විනෝජ් සුරංජය

බලපිටියේ කෙටි දිවිල්ල විනෝජ් සුරංජය

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

පසුගියදා දියගම දී පැවැති 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 සහ 200 ජාතික ශූරයා වූයේ දකුණු පළාත නියෝජනය කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු සේවා බලකායේ විනෝජ් සුරංජය ය. මීටර් 100 ඉසව්වේ නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවන විනෝජ් ක‍්‍රීඩා උළෙලේ වේගවත් ම ක‍්‍රීඩකයා ලෙස ද අභිෂේක ලබන්නේ ය. මීටර් 100 තත්පර 10.45කින් ද මීටර් 200 තත්පර 21.02කින් ද නිමා කරමින් රන් පදක්කම් දිනන විනෝජ් මීටර් 100 නව තරග වාර්තාව තබන්නේ 1998 වසරේ දී චින්තක ද සොයිසා විසින් තත්පර 10.47කින් තබා තිබූ වාර්තාව වසර 17කට පසු බිද හෙළමිනි. විනෝජ් සේ ම චින්තක ද සොයිසා ද අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කළ ක‍්‍රීඩකයන් වීම විශේෂත්වයක් වේ.
මේ සාකච්ඡාව විනෝජ්ගේ ගමන් මග ගැනය.

ඔබේ ගමනේ ආරම්භය කොතැන ද?

මම දන්න කාලෙ ඉදලා ම දුවනවා. මුලින් ම පාසල් ගියේ බලපිටිය රේවත විද්‍යාලයට. මගේ ක‍්‍රීඩා ගමන ආරම්භ වෙන්නේ ක‍්‍රිකට්වලින්. ඒ අහුංගල්ලෙ වන් වර්ල්ඞ් ජාත්‍යන්තර පාසලෙන්. රේවතයට ගියත් මම ක‍්‍රිකට් ගහන්න වන් වර්ල්ඞ් එකට ගියා. එහෙම යද්දි තමයි චමිල ද සිල්වා සර් කිව්වෙ දුවන්න කියලා. එදා ඉදලා දුවන්න ගත්තා. ඒ ගමන තමයි මේ.

පාසල් කාලයේ මතක හිටින තරග ජයග‍්‍රණ මොනවා ද?

නිවාසාන්තර දිවුවා. ඊට පස්සෙ කලාප. දිස්ත‍්‍රික්. පළාත්. මේ හැම එකකට ම සහභාගි වුණා. රේවතෙන් අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්දයට ආවාට පස්සෙ තමයි මගේ දුවිල්ලට වටිනාකමක් ලැබෙන්නේ. ජයග‍්‍රහණ කෙසේ වෙතත් මේ හැම තරගයක් ම මට විශාල අත්දැකීමක් වුණා. මොකද මේ අතර අන්ත පරාජයන් ද තිබූ නිසා. මට ජයග‍්‍රහණ ම අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මාව අබිබවා යන්නෙ කවුද කියන එක දැනගන්න. ඊට පස්සෙ මීට් එකේ දී ඔහුව අබිබවා යන්න. මේ ස`දහා මට ඩබ්ලිව්.ඒ.ආර්. ගුරුසිංහ සර් වගේ ම මතීෂ දීප්ති ද සිල්වා සර් උදව් කළා.

එතැනින් පස්සෙ ඔබේ දිවිල්ලට තෝතැන්න වෙන්නේ යුද හමුදාව?

මෙහෙමයි. දේවානන් දයේ දී ජාතික කනිෂ්ඨ තරගවලට සහභාගි වුණා. එම තරගවල දක්ෂතා අනුව මට අවස්ථාව ලැබෙනවා සංචිතවලට සහභාගි වෙන්න. එතැන දි මගේ පුහුණුකරු වෙන්නේ චමින්ද පෙරේරා සර්. චමිල, ගුරුසිංහ සහ මතිෂ සර්ලා පෙන්නපු චිත‍්‍රය වර්ණවත් කළේ චමින්ද සර්. ඔහු තමයි මගේ දක්ෂතා මේ මට්ටමට ගෙනෙන්නේ. මට දිනපතා කොළඹ ඇවිත් පුහුණුවෙන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. නමුත් මම මේ ගේම් එකෙන් පසුබසින්න කැමැති වුණේත් නැහැ. මේ අතර තමයි මට යුද හමුදාවට එකතුවෙන්න ආරාධනා ලැබෙන්නේ. මම දෙවරක් නොහිතා යුද හමුදාවට බැ`දුණා. ඇත්තට ම යුද හමුදාව නැත්නම් විනෝජ් කියලා කෙනෙක් අද මේ ෆීල්ඞ් එකේ නැහැ.

මේ ගමනේ දී ඔබ මුහුණ දුන් අත්දැකීම් මොනවගේ ද?

දිනෙන් දින තරග ජයග‍්‍රහණ කරද්දි යම් යම් අඩුපාඩුත් ඒ ජයග‍්‍රහණ පසුපස ම ආවා. ඒවා දැඩිව දැනෙන්න ගත්තා. විශේෂයෙන් ම අවශ්‍ය තරම් පහසුකම් කිසිවක් මගේ බෑග් එකේ තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය ම සපත්තු පවා මට තිබුණේ නැහැ. මට මුලින් ම ප‍්‍රමිතියෙන් යුත් දුවන සපත්තු දෙකක් ලැබෙන්නේ ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන්. ඒ සුරාජ් සංජීව සර්ගේ මැදිහත් වීම නිසා. මීට්වලට යද්දි යන වියදම ගෙදරින් ලබා දුන්නෙ අමාරුවෙන්. නමුත් දිනෙන් දින එකින් එක මීට් දිනන්න ගත්තාම මේ අමාරුකම් ඒ වෙලාවට අමතක ව ගියා. ආයිමත් ඒ අමාරුකම් මතු වෙන්නෙ පුහුණුවීම්වලට එහෙම නැත්නම් මීට් එකකට ගියාම. මට අත්දැකීම් කියලා දැනුනේ ඒ දේවල්. එහෙම නැතිව ට‍්‍රැක් එකේ දී සිදුවෙන ජය පරාජයන් සාමාන්‍ය දේවල් ලෙසයි මට හැෙගන්නේ.

ඔබ මේ තරගයේ දී වසර 17ක් පැරණි වාර්තාවක් බිද හෙළන්නේ?

මම සෑම තරගයක දී උත්සාහ කරන්නේ අනෙකා අබිබවා යන්න. මට නිතරම හිතෙන්නෙ කවුරු හිටියත්, ට‍්‍රැක් එකේ වැඩර් මම කියලා. මේ නිසා මම සෑම අවස්ථාවක දී ම උපරිමය කරන්න උත්සාහ කරනවා. මේ වාර්තාව පිහිටුවීමට ඒක පිටුවහල් වුණා කියලා මම විශ්වාස කරනවා. අනිත් එක මේ වාර්තාවේ හිමිකාරීත්වය තිබුණේ අපේ පාසලේ ම චින්තක අයියාට. ඒ වාගේ ම ඔහු යුද හමුදා ක‍්‍රීඩකයෙක්. තව දුරටත් මේ වාර්තාවේ ගෞරවය පාසලටත් යුද හමුදාවටත් ලබා දෙමින් ර`දවා ගැනීමට හැකි වීම මා ලැබූ තවත් ජයග‍්‍රහණයක් කියලා මට හිතෙනවා. අනිත් එක අපි දෙන්නා ම ඉතා ම ආසන්න ගම් දෙකක අය. ඒකත් අපිට ආඩම්බරයක්.

මේ සදහා ප‍්‍රමාණවත් තරම් පහසුකම් ලැබෙනවාද?

ජාතික කණ්ඩායම නියෝජනය කරන නිසා වෛද්‍ය උපකාර ලැබෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ ලැබෙන ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නැහැ කියලා. යුද හමුදා ක‍්‍රීඩකයෙක් ලෙස මට බොහෝ දේවල් ලැබෙන්නේ යුද හමුදාවෙන්. ඒ වෙනුවෙන් මම යුද හමුදාවට ස්තූතිවන්ත වෙනවා. අද මලල ක‍්‍රීඩාවේ බොහෝ ක‍්‍රීඩකයන් මලල ක‍්‍රීඩාවේ රැුදී ඉන්නේ යුද හමුදාව නිසා. ඇත්තට ම මට වුණත් යුද හමුදාව පිහිට නොවුණා නම් අද මම කොතැන ඉන්නවා ද කියල දන්නේ නැහැ. මම මගේ ජීවිතයේ වඩාත් ම වැදගත් තරග ජයග‍්‍රහණ කරලා තිබෙන්නේ යුද හමුදාවට එක් වුණාට පස්සේ. ඒ නිමා වූ මෙම ක‍්‍රීඩා උළෙලට අමතරව චීනයේ පැවැති කනිෂ්ඨ ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ සිවුවැනි ස්ථානය, ඉන්දියාවේ පැවැති කනිෂ්ඨ දකුණු ආසියානු තරගාවලියට සහභාගිත්වය සහ කොරියාවේ පැවැති ලෝක ත‍්‍රිවිධ හමුදා මලල ක‍්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීම.

ඔබේ ගමනේ සුවිශේෂී පුද්ගලයන් කවුද?

අම්මා තාත්තා ප‍්‍රථමයෙන් ම සිහිපත් කළ යුතුයි. ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසය නොවන්න අද මම මෙතැන නැහැ. ඒ වගේ ම මගේ අයියා දුලාජ් ධනංජය. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. ඔහු සමග ක‍්‍රිකට් ගහන්න ගිහිල්ලා තමයි මගේ දෛවය මේ ආකාරයෙන් ලියැවෙන්නේ. ඊට පස්සෙ තරුෂි අක්කා, මගේ සියලූම පුහුණුකරුවන්, යුද හමුදාවේ ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා, මේජර් මුතුමාල මහතා ඇතුඵ යුද හමුදාවේ සෑම දෙනා ම. ඒ වගේ ම ශ‍්‍රී දේවානන්ද විද්‍යාලයේ කුමුදුනී මිස්. ඔවුන් සුවිශේෂී පුද්ගලයන් වෙද්දී තවත් බොහෝ දෙනෙක් ද මේ පිටුපස සිටිනවා. ඔවුන් සැමටත් මා ස්තූතිවන්ත වෙනවා මගේ ජයග‍්‍රහණයන් ස`දහා දායක වීම වෙනුවෙන්.

ඔබේ අනාගත ඉලක්කයන් කෙසේ සැලසුම් කරලා ද තිබෙන්නේ?

ආසන්නත ම ඉලක්කය වෙන්නේ ඉන්දියාවේ දී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය. ඒ සදහා මේ දිනවල පුහුණුවීම්වල යෙදෙනවා. ඒ චමින්ද පෙරේරා සර් යටතේ. ඔහු තමයි මාව මේ තත්ත්වයට ගෙනාවෙ. එම තරගයේ දී මගේ ඉලක්කය රන් පදක්කමක්. ඊට පසුව මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය ස`දහා සුදුසුකම් ලබා ගැනීම. මම විශ්වාස කරනවා මට මේ ගමන යන්න පුඵවන්. ට‍්‍රැක් එකේ දි කවුරුවත් මට අභියෝගයක් නොවෙයි. මගේ ජයග‍්‍රහණයේ හේතුවත් එම විශ්වාසය ම කියලා මම විශ්වාස කරනවා.