රාවය

තිලංගගේ ප‍්‍රවේශය මාධ්‍ය සංදර්ශනයක්ද?

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

ක‍්‍රිකට් නිලවරණයෙන් පසු මේ ගෙවී යන්නේ දෙවැනි සතියයි. ප‍්‍රධාන ප‍්‍රතිවාදී පාර්ශ්වයන් ඇති පදමට මාධ්‍ය පිරවීමට කතා මැව්වෝ ය. ජයග‍්‍රාහකයා ද පරාජිතයා ද කියා වෙනසක් නැත, කියූ කතා එකිනෙකාට ද්වේෂයෙන් එල්ල කරනු ලැබූ ඒවා ය. ඒ හෙ`ඩන් සහ ඔවුන්ගේ ඉරියව් මගින් ඒ බැව් දැකිය හැකි වුණි. ජයග‍්‍රාහකයා තම ජයග‍්‍රහණය නිහතමානීව පිළිගෙන කටයුතු කරන අයුරක් වත් පරාජිතයා තම පරාජය නිහතමානීව පිළිගැනීමක් වත් පෙනෙන්නට නැත. ජයග‍්‍රාහකයා තම ජයග‍්‍රහණයෙන් ඇති තරමට උදම් ව සිටින අතර පරාජිතයා තම පරාජය ඇතැම් තැන්වලට ලඝු කරමින් ජයග‍්‍රාහකයාට කෙළ වෙනකම් බලා සිටින අයුරකි පෙනෙන්නට තිබෙන්නේ.

මේ අතරවාරයේ ඔවුන් එකිනෙකාට විරුද්ධව අධිකරණයට යනවා කීවාට කිසිවෙකුත් ගිය බවක් ද ආරංචි නැත. ඒවා මාධ්‍ය සංදර්ශන ම පමණක්ම වෙයි. සුමතිපාල සේ ම රණතුංග ද ක‍්‍රිකට් නිලවරණයේ දී කළ කී දේ කවුරුත් දනිති. කවුරුත් පොර ඇල්ලූවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩා ක‍්‍රිකට් මහගෙදර සේප්පුවේ යතුරේ භාරකාරයා වීමට බැව් පැහැදිලි ය. තිලංග සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි චිත‍්‍රයක් අප අතර නැති නමුත් ප‍්‍රතිවාදී රණතුංග පවුලට වඩා ඔහු සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැකිය යන විශ්වාසය අප තුළ ඇත.

දෙපාර්ශ්වයේ කතා මගින් චූන් වූ බොහෝ දෙනෙකු මැවූ කතා, කතාන්දර පමණක් ම වූ බවකි පෙනෙන්නට ඇත්තේ. මේ සටහන තැබෙන්නේ ඒ කතාවලට වඩා ක‍්‍රිකට් වෙනුවෙන් යමක් කළ යුතුයැයි වත්මන් සභාපතිවරයාට සිහිපත් කරන්නට ය.

කතාව ආරම්භ කළ යුත්තේ නිමා වූ පරාජිත නවසීලන්ත තරග සංචාරයෙනි. මේ සා විසල් පරාජයක් ලැබූ කාලයක් මතකයේ නැත. සිදු වූ දේ සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණ පැවැත්විය යුතු ය. එහෙත් ඒ කෙනකු දෙන්නකු වෙත ම දෝෂාරෝපණ එල්ල කිරීමේ අරමුණින් නොවිය යුතු ය. සිදුවූ දේ සම්බන්ධයෙන් දැන් කවුරු කවුරුත් දනිති. දැන් කළ යුත්තේ මේ වැටී සිටින ආගාධයෙන් ගොඩඒමට හැකි වාතාවරණයක් සැකසීම ය.

තිලංගට ඒ සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බැව් හැෙ`ග්. පරාජිත කණ්ඩායම සිය රට පැමිණීමේ දී නව සභාපතිවරයා ලෙස ඔවුන් පිළිගැනීමට ගුවන් තොටුපළට යෑමට තරම් තිලංග නිහතමානී වීම අගේ කළ යුතු ය. වෙනදා පැවැතියේ ජයග‍්‍රහණයේ දී මල් මාලා දමා පිළිගැනීමත්, පරාජයේ දී කණ්ඩායමට හුදකලාවේ පැමිණීමට ඉඩ හැරීමත් ය. තිලංගගේ නව ප‍්‍රවේශය පරාජිත මානසිකත්වයෙන් එන ක‍්‍රීඩකයන්ට උත්තේජනයකි. එහෙත් එය තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් නොවිය යුතු ය.

ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් නවසීලන්ත තරග සංචාරයේ යෙදෙද්දී මෙරට ක‍්‍රීඩකයෝ මෙරට පැවැත්වෙන ප‍්‍රමුඛතම තරගාවලියට සහභාගි වෙමින් සිටිති. මේ ගෙවී යන්නේ තරගාවලියේ අවසන් සති අන්තයයි. ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ සහභාගිත්වය නොමැති වුවද මේ තරගාවලියේ තරගකාරීත්වයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඊට සහභාගි වූ ක‍්‍රීඩකයන්ට ස්තූතිවන්ත විය යුතු ය. ජාතික කණ්ඩායම නවසීලන්තය හමුවේ තමන්ගේ දක්ෂතා ස`ගවා ගනිද්දී මෙරට සිටින ක‍්‍රීඩකයන් තම දක්ෂතා මුදා හැරීම අගේ කළ යුතු ය.

දැන් ඉතිං තිලංගට නවසීලන්ත තරග සංචාරයේ කණ්ඩායම සේ ම මේ වනවිට පැවැත්වෙන ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා ද එක මිනුම් දණ්ඩකට ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇත. ඒ අතරට ප‍්‍රිමියර් තරගාවලියට සමගාමීව පැවැත්වෙන දෙවන පෙළ තරගාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ නම් වැදගත් බැව් පවසමු. බොහෝ ක‍්‍රීඩා සමාජ මෙම තරගාවලිය සම්බන්ධයෙන් වඩාත් විශ්වාසය තබා තිබුණි. එම තරගාවලියට වැඩි බර තබා ක‍්‍රියාකිරීමේ පිළිවෙතක් ද ඔවුන් අනුගමනය කර තිබුණි. ක‍්‍රීඩකයන් සේ ම ක‍්‍රීඩා සමාජ ද වඩාත් දක්ෂ යොවුන් ක‍්‍රීඩකයන්් මේ තරගාවලියට එක්කර තිබුණි. එහෙත් තරගාවලියට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙතින් ඇති පිළිගැනීම තරගාවලියේ තෙවැනි සතිය වන විට ගිලිහී යෑම කනගාටුවට කරුණක් වී තිබේ.

මෙම තරගාවලිය සංවිධානය වන්නේ මහේල ජයවර්ධනගේ සංකල්පයක් අනුව ය. මේ තරගාවලිය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දැක්වීම වූයේ යොවුන් ක‍්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීම අරමුණ ඇතිව මෙය සංවිධානය විය යුතු බවකි. එහෙත් හිටපු අතුරු පාලකයන් තරගාවලිය සංවිධානය කරන්නේ ම තරගාවලියේ තරගකාරීත්වය නැති කරමිනි. එය මහේල බලාපොරොත්තු වූ දේ නොවන බැව් අපට පැහැදිලිය. මේ තත්ත්වයේ වහා වෙනසක් ඇති විය යුතු යැයි අපි යෝජනා කරමු. අඩුම තරමින් තරගාවලියක මට්ටමකට මේ හෝ මේ තරග පැවැත් විය යුතු ය. දැනටත් මේ තරගාවලියේ දී යොවුන් ක‍්‍රීඩකයන් බොහෝ දෙනෙකු තම දක්ෂතා කරළියට ගෙන ආ අතර ඔවුන් මේ වන විට ආතක් පාතක් නැති ක‍්‍රීඩකයන් පිරිසක් බවට පත් කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වෙනසක් අවශ්‍ය වේ නම් මෙම තරගාවලිය ද සැලකිය යුතු මට්ටමට ගෙන ඒම යුතුකමක් සේ දකිමු. මේ අතර සිටින්නෝ වයස අවුරුදු 19න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩයේ වඩාත් දක්ෂයෝ ය. හදුනාගත යුතු ක‍්‍රීඩකයෝ රාශියක් ම මේ තරගාවලියේ සිටිති. නායයන මේ ක‍්‍රිකට් කරළියට ජීවය පිඹීමට මොවුන් අතර ද කෙනෙක් දෙන්නෙක් ඇත යන්න තරග දත්තයන් පිරික්සන්නේ නම් සොයා ගත හැකිය.