රාවය

සමලිංගිකත්ව අයිතිය පිළිගනිමු

සමලිංගිකත්ව අයිතිය පිළිගනිමු

දැන් අලුත් ම විරෝධය පැන නැග ඇත්තේ සමලිංගිකත්වය පිළිබඳ ව යග ජීඑස්පී ප්ලස් ලබා ගැනීමේ කොන්දේසියක් හැටියට ලංකාවේ සමලිංගිකත්වය නීතියෙන් පිළිගන්නට යනවා ය යනුවෙන් හිස් ඝෝෂාවක් නැගෙමින් තිබේ.
පළමුවෙන් කිව යුත්තේ සමලිංගිකත්වය යනු වරදක්ල අපරාධයක් නොවන බව ය.එය මිනිසාගේ ලිංගික නැමියාව පිළිබඳ එක් ඉසව්වකි. සාම්ප්‍රදායික පිරිමි ගැහැනු සම්බන්ධයට එහා ගිය පිරිමි-පිරිමි හෝ ගැහැනු-ගැහැනු හෝ සම්බන්ධතාවන් කිසි දිනෙක ලෝකයට අලුත් දෙයක් වුණේ නැත. මිනිස් සංහතියේ ලිංගික ක්‍රියාකාරකම් ඇරඹුණේ කවරදාක සිට දල එදා සිට ම සමලිංගික සම්බන්ධතාවන් ඇති වී පැවතෙන්නට ඇත. සමලිංගිකත්වය වනාහි විකෘති ලිංගික හැසිරීමක් නොවේග එය මුළුමනින් ම ස්වාභාවික යග ජීව විසානුකූල ය.

සමලිංගිකත්වයට එරෙහි මතවාදය මූලික වශයෙන් ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම් මත පදනම් වී තිබේ. දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේ ආදම් සහ ඒව නමැති විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු නිසාත් එකකු මැරෙන තුරා ඔවුන් එකට ජීවත්වීම දෙවියන් වහන්සේගේ නියමය වුණු බැවිනුත්ල ගැහැනු-පිරිමි සම්බන්ධතාවකට වඩා වෙනස් සම්බන්ධතාවකට ක්‍රිස්තියානි ආගම අනුබල දෙන්නේ නැත. එපමණක් නොවේග දික්කසාදය වැනිිආදම් හා ඒව’ එකිනෙකාගෙන් වෙන් කරනාිපාපයකට ද’ ක්‍රිස්තියානි ආගම අනුබල දෙන්නේ නැත. ඉංග්‍රීසි නීතිය පදනම් කොට ගෙන ඇති ලංකාවේ විවාහ නීතියේ පවා දික්කසාදය අමාරුවෙන් ලබාගත හැකි දෙයක් බවට පත් කර ඇත්තේ ඉහත දේව නියමය නිසා යග ගබ්සාව සම්බන්ධයෙන් දල සමලිංගිකත්වය සම්බන්ධයෙන් ද ලංකාවේ නීතියේ තත්ත්වය එසේ ම ය.
එහෙත් ලෝකයේ හැමදාමත් සමලිංගික සම්බන්ධකම් තිබුණිග තිබේග තිබෙනු ඇතග කවර නීතියකින් එය තහනම් කොට තිබුණ ද මිනිසුන් අතර ඇතිවන ඒ සම්බන්ධකම් නවත්වන්නට ඒ කිසි ම නීතියකට හැකි වී නැති බව පිළිගත් සත්‍යයයි. එහෙත් අනෙක් පැත්තටල සමලිංගිකත්වයට එරෙහි නීති තිබීම නිසා එවැනි සම්බන්ධකම් දරන්නන් හැම තිස්සේ ම සිටින්නේ අවදානමක ය. ලිංගික නැමියාව මත ඔවුන් ඕනෑ ම මොහොතක වරදකරුවන් කළ හැකි ය.
ලෝකයේ සමලිංගිකත්වයට එරෙහි නීතිය වෙනස් කිරීම ඇරඹුණේ 1950 දශකයේ අග භාගයේ පමණ සිට ය. ඒ සඳහා පුරෝගාමී වූ එක් රටකි එංගලන්තය. විහිළුව නම් එංගලන්තයෙන් ලද නීති ක්‍රමය මත සමලිංගිකත්වය වරදක් හැටියට ලංකාව තවමත් සැලකීම ය. ඒ නිසා එක පැත්තකින් සමලිංගිකත්වයට එරෙහි ව කතා කරන්නවුන් මතක තබා ගත යුත්තේ තමන් සටන් කරන්නේ සුද්දන් තමන්ට දුන් නීතියක් රැක ගැනීමට බව ය.
සමලිංගිකත්වය පිළිගැනීමත් සමලිංගික විවාහ පිළිගැනීමත් එකක් නොව දෙකකි. සමලිංගික අයිතිය පිළිගන්නා බොහොමයක් රටවල් සමලිංගික විවාහ පිළිගන්නේ නැත. එය වෙන ම කතාවකි.
එහෙත් සමලිංගික සම්බන්ධකම් පිළිගන්නට තරම් අප දියුණු විය යුතු ය. එය අත්‍යන්තයෙන් ම මිනිස් හැසිරීම් විලාසයක් පමණක් වන බැවිනි. සමලිංගික හැසිරිම් පිළිගැනීම වූ කලි වෙනස් වුවමනාවන් ඇති අප වැනි ම මිනිසුන්ගේ අයිතිවාසිකමක් පිළිගැනීමකි. සමලිංගිකයකු හා සම්බන්ධකමක් පැවැත්වීමට කිසිවකුට ඇති අයිතිය විරුද්ධ ලිංගිකයකු හා සම්බන්ධකමක් පැවැත්වීමට ඇති අයිතියට කිසිසේත් දෙවැනි වන්නේ නැත. අගයෙන් අඩු වන්නේ නැත. එනිසා සමලිංගික සමබන්ධතාවන්ට එරෙහිව ලංකාවේ තිබෙන නීති ජීඑස්පී ලැබුණත් නැතත් වෙනස් කළ යුතු ය. නීති වෙනස් කළ යුතුය කියන්නේ අලුතෙන් නීති ගෙනැවිත් සමලිංගික විවාහයන් පිළිගත යුතුය යන්න නොවේ. සමලිංගික සම්බන්ධකම් නීතිමය වශයෙන් වරදක් බවට පත් කෙරෙන දැනට පවතින නීති වෙනස් කළ යුතු බව ය. දණ්ඩ නීති සංග්‍රහයේ මෙන් ම අදාල ආඥා පනතේද ඊට අදාළ නීති තිබේ. ඒවා වෙනස් කිරීමෙන් කිසිවකුට වරදක් වන්නේ නැත. සදාචාරයට හානි වන්නේ නැත. රටේ අපරාධ වැඩි වන්නේ නැත. ඒ සියල්ලටමත් වඩා සිදුවන්නේ අප වැනි ම මිනිසුන් පිරිසකගේ අයිතිවාසිකමකට ගරු කිරීම ය.
ලෝකයේ සිටින්නේ එකිනෙකාට වෙනස් වර්ග ජාති මෙන් ම ජීවන නැමියාවන් ද ඇති මිනිසුන් බව සිතන විට අප ඉන්නේ දියුණු මිනිසත්කමක ය. ඒ බව පිළිගන්නට බැරි නම්ල අප සිටින්නේ වනචාරි යුගයක ය■