දෙදරා යන පවුල් සබඳතා සමඟ දැකලා පුරුදු කෙනෙක්

buy revia without prescription, generic naltrexone, order naltrexone online, buy

තරිඳු උඩුවරගෙදර

අනෝමා රාජකරුණා: පහුගිය අවුරුදු දහයක පමණ කාලය තුළ ලංකාවේ පවුලේ අභ්‍යන්තරය පිළිබඳ කතා තේමාවන්ට වඩා සමාජයේ දේශපාලන හා වාර්ගික ගැටුම් පදනම් කරගත්ත සිනමාවක් ලංකාවේ බිහිවෙනවා. තර්ක කරන්න පුළුවන් ලංකාවේ වසර තිහක යුද්ධයත් ඒ සඳහා බලපෑවා කියලා. අනෙක් අතට කියන්න පුළුවන් ජාත්‍යන්තර සිනමා උළෙලවලට තෝරාගැනීමට ඉඩ ඇති කතා තේමාවන් අනුව මේ වෙනස ඇතිවුණා කියලා. විශේෂයෙන්ම විමුක්ති ජයසුන්දර කාන් සිනමා උළෙලේ ලබාගත්ත ජයග‍්‍රහණයත් එක්ක ලංකාවේ කුළුඳුල් සිනමා කරුවන් තෝරාගත්තේ එවැනි නිර්මාණ. මෙවැනි පසුබිමක තමයි මලිත් හෑගොඩ ‘දැකලා පුරුදු කෙනෙක්’ නිර්මාණය කරන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් මේක එඩිතර පියවරක් කියලා.

මලිත් හෑගොඩ: බූපතිටත් මටත් චිත‍්‍රපටියක් කරන්න වුවමනාව තිබුණා. පිටපත් කිහිපයක් ලියලා තිබුණා. ඒත් සමහර ඒවාට වියදම් හොයාගන්න බැරිවෙලා තිබුණා. එහෙම පසුබිමක නිර්මාණයක් කළයුතු නිසා අතේ තියෙන ගණනට වැඩියෙන්ම ගැළපෙන නිර්මාණය විදියට මේක තෝරාගෙන අපි කළා. එතැනදී සිනමා උළෙලවල් ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. තෝරාගැනුණොත් හොඳයි කියන තැන තමා හිටියේ. ලංකාවේ මධ්‍යම පාන්තික සම්බන්ධතාවල ස්වභාවය සහ හිතමිතුරන්ගේ පවුල්වල අත්දකින්න ලැබුණු දේවල් එක්කයි මේ නිර්මාණය කරන්නේ. අපට විස්තර කරන්න බැරි විදියේ සම්බන්ධතාවල තියෙන භෞතික නොවන ප‍්‍රචණ්ඩත්වය සුලභ දෙයක්. අනෙකාව ගණන් ගන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒ වාගේ තත්ත්වයක් ආදර සම්බන්ධයකදී ඇතිවුණාම එන තත්ත්වය. අනෙකාට ආදරය කිරීම වෙනුවට අනෙකා වැරදි බව පෙන්වන්න සාක්ෂි එකතු කිරීම වගේ තැනකට යනවා ඉන්පස්සේ.

අනෝමා: තේමාව ලෙස ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය තෝරාගත් අවස්ථාවකදී තිරරචකයා පුරුෂයෙක් වීමේ අභියෝගය ආවේ කොහොමද? අධ්‍යක්ෂවරයා ඔබේ දීර්ඝකාලීන මිත‍්‍රයෙක් වීම කොහොමද බලපෑවේ?

බූපති නලින් වික‍්‍රමගේ:ගෘහස්ථ හිංසනය කියන එකම නෙවෙයි මම තෝරාගත්තේ. මම බැඳලා නැතත් මේ වාගේ සම්බන්ධතා දැකලා තිබීම නිසා ඇතිවුණ හැඟීමක් එක්ක තමයි මේක ලීවේ. අනිත් පැත්තෙන් ස්ත‍්‍රිය කියලා මට විශේෂයෙන් කල්පනා කරන්න තිබුණේ නැහැ. මම කාන්තාවන් ගොඩක් ආශ‍්‍රය කරලා තියෙනවා. ඒකෙන් කියැවෙන්නේ නැහැ මම ඒ අයව හොඳින් තේරුම් අරන් තියෙනවා කියලා. කොහොම වුණත් මම ස්ත‍්‍රිය ගැන මේ නිර්මාණය කරන්නේ, මම පුරුෂයෙක් වගේ දේවල් මගේ ඔළුවට ආවේ නැහැ. මිත‍්‍රයා එක්ක නිර්මාණය කිරීම මට පහසුවක් වුණා. අපි දෙන්නා ලෝක දෙකක් වුණත්, කාලයක් තිස්සේ එකට චිත‍්‍රපටි බලලා, ඒවා ගැන කතා කරලා ලබාගත්ත අවබෝධයත් එක්ක මම ඒ බී කිව්වාම මලිත් සී ඉඳන් කියාගෙන යන විදියේ සම්බන්ධයක් තිබුණා. මට යාළුවෙක් නොවන කෙනෙක් එක්ක වෘත්තීය විදියට වැඩකරන්න අමාරුයි. කලාවේදී අප‍්‍රකාශිත දේවල් අනෙකාට අවබෝධ වෙන්න ඕනෑ වගේ දෙයක් මට හිතෙනවා.

එම්.ඞී. මහින්දපාල: buy viagra soft flavoured online without prescription. men’s health. … buy generic viagra soft flavoured 100 mg in australia cheap fast viagra soft … අභියෝගය වුණේ මේක මම කළ පළවෙනි ඩිජිටල් මාධ්‍ය චිත‍්‍රපටිය වීමයි. ඉස්සර කැමරාකරණයේදී මම විතරයි ඒක දකින්නේ. දැන් තිරයකින් කණ්ඩායමටම රූපය පේනවා. එතකොට විවිධ යෝජනා එක්ක වෙනස්කම් එනවා වැඩියි. මේ දෙන්නාට අවශ්‍ය වුණා කැමරාව අස්ථාවර ගතියකින් තියාගන්න. ඒ නිසා ඒගොල්ලෝ අරගත්තා කැමරා ක‍්‍රියාකරවන්නෙක්. ලෝකයේ සාමාන්‍යයෙන් තිබුණත් මට පළවෙනි වතාවට ඒ අත්දැකීම ලැබුණේ. සමහර වෙලාවට වාද ඇති කරගත්තා මොන වාගේ විය යුතුද කියන එක. විශේෂයෙන් රාත‍්‍රියේදී මලිත්ට අවශ්‍ය වුණේ මොකුත් පෙනෙන්නේ නැති තිත්ත කරුවලක්. තිත්ත කරුවලේ චිත‍්‍රපටි කරන්න බැහැ. ලයිට් ගිය අවස්ථාවල හා රාත‍්‍රියේදී තියෙන දර්ශන පටල පටයක කළා නම් බොහොම වෙනස් වෙන්න තිබුණා.

විදර්ශන කන්නංගර: මේ චිත‍්‍රපටිය මොන අඩුපාඩුකම් තිබුණත් මේ යුගය හොඳින් නිරූපණය කරනවා. මේක තේරුම් ගන්න බැහැ මේක ඇතුළෙන්. මේ චිත‍්‍රපටියට අදාළ භූදේශපාලනික කාරණාව චිත‍්‍රපටිය ඇතුළේ නොතිබීම තමයි සුවිශේෂීම කාරණය. මේ චිත‍්‍රපටියේ තියෙන්නේ ගෙයක්, පොඩි පාරක් ඇතුළු පොඩි ප‍්‍රදේශයක්. ඉන්නේ නෑදෑයන් කිහිපදෙනෙක් ඇතුළු පොඩි පිරිසක්. හැබැයි මේක තුළ ලෝක සිතියම තියෙනවා. මම හිතන්නේ මෙතැනින් තමයි චිත‍්‍රපටියට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ දෙදෙනා අතරේ තියෙන සම්බන්ධය ප‍්‍රචණ්ඩත්වය කියන එකට වඩා සංකීර්ණයි. අනියම් සම්බන්ධතාවක් ඇති කරගත්ත බිරිඳට සමාව දෙන්නේ නැහැ කියලා සැමියා කියනවා. ඇයි සමාව දෙන්නේ නැත්තේ කියන එකට ඔහු උත්තරයක් දෙන්නේ නැහැ. ඇත්තටම මේ යුගයේ සමාව කියලා එකක් නැහැ. මේ චිත‍්‍රපටිය අවසන් වෙන්නේ මේ යුවළ විවාහ වුණු ආකාරය පෙන්වමින්, පවුල මෙසේ විය යුතුයැයි විශ්වාසයන් සමඟ ආගමික අදහස් නිරූපණය කරන අවස්ථාවකින්. විවාහ වෙන අවස්ථාවේ තියෙන්නේ විශ්වාසය, චිත‍්‍රපටිය ඇතුළේ සැමියා විසින් චෝදනා කරන බිරිඳ කළායැයි කියන වැරැුද්ද මොකක්ද, ඒ වැරැුද්දේ පරිමාව මොකක්ද කියන එක චිත‍්‍රපටියේ කොතැනින්වත් පෙන්වන්නේ නැහැ. එහෙත් සැමියා විශ්වාස කරනවා බිරිඳ අනියම් සම්බන්ධතා වක් පවත්වාගෙන යන බව. අපට පෙනෙන්නේ සැමියා හරිහැටි දන්නේ නැතිව බිරිඳ සැකකරමින් ඇයට බැනවදින බව. මට හිතෙන්නේ මේ යුගයේ පවුලක් පවත්වාගෙන යන්න තියෙන හොඳම ආකෘතිය මේක තමයි. සැමියා දැඩි ලෙස විශ්වාස කරනවා බිරිඳ ගැන තියෙන සැකය ඇත්තක් බවට. ඒ විශ්වාසය ඇත්තක්.

අපට අමතක කරන්න බැහැ පරිභෝජනවාදය, භාණ්ඩ වන්දනාව, ස්ත‍්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතාවල බිඳවැටීම, මධ්‍යම පන්තියේ කාලකණ්ණිබව වගේ දේවල් මේ චිත‍්‍රපටියෙන් නිරූපණය වෙනවා. විශ්වාසයන් ගොඩනැඟිලා තියෙන අලූත් විදිය මේ චිත‍්‍රපටියේ පෙන්වනවා. මේ තමයි දැන් සම්බන්ධතා ගෙනියන්න පුළුවන් ආකෘතිය. ගොඩාක් අලූත් පරම්පරාව හදන චිත‍්‍රපටිවල අවුල ලෝක දැක්මක් නැතිවීම, දර්ශනයක් නැතිවීම. මේක ඒ අවුලෙන් මිදිලා මේ යුගය නිරූපණය කරන්න උත්සාහ කරනවා. මේක හංසවිලක් එක්ක කියවන්න පුළුවන්. වසන්ත ඔබේසේකරගේ දොරකඩ මාරාව සමඟ කියවන්න පුළුවන්. මේ යුග තුනක කතා. දේශපාලන ආර්ථික, ලූබ්ධිමය ආර්ථික කාරණා එක්ක මේවා කියෙව්වොත් ඒක හොඳ කියවීමක් වෙන්න පුළුවන්.

අනෝමා: පහුගිය ජනවාරි අටවෙනිදා වෙනසත් එක්ක අපි හිතුවා හිරවෙලා තියෙන නිර්මාණවලට එළියට එන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ප‍්‍රකාශනයේ අවස්ථා පුළුල් වෙයි කියලා. එහෙත් ඒ තත්ත්වය උදාවුණේ නැහැ. ඔබේ චිත‍්‍රපටිය 2014 රැුඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලබාගත්තත් 2016 මාර්තු වෙනකන් තාමත් ප‍්‍රදර්ශනය කරන්න බැරිවුණා.

මලිත්: විවිධ ප‍්‍රදර්ශන මණ්ඩලවලට චිත‍්‍රපටිය පෙන්වුවත් හොඳ ප‍්‍රතිචාර ලැබුණේ නැහැ. මේකේ ලිංගික දර්ශනය අයින් කළොත් පෙන්වන්න කැමති අය හිටියා. පෙන්වන්න ඕනෑකම තිබුණත් කරන්න දෙයක් නැති නිසා මේ ගැන කතා නොකර ඉන්න මම කැමතියි දැන්. සමහරු කිව්වා තිරගත කරන චිත‍්‍රපටියක් වැටුණොත් ඊළඟ චිත‍්‍රපටිය එනකම් අතරතුර කාලයේ සති දෙකක් පමණ පෙන්වන්න කියලා. ඒත් එතකොට අපට අවශ්‍ය ප‍්‍රචාරණය ලබාදෙන්න හැකියාවක් නැහැ. ගිය අවුරුද්දේ බොරදිය පොකුණ කාලයක් දිව්ව නිසා පොඩි බලාපොරොත්තුවකුත් තියෙනව

මහින්දපාල:සිනමාශාලාවල චිත‍්‍රපටි බැලීමේ ප‍්‍රවණතාව වේගයෙන් අඩුවෙනවා. ඒ වෙනුවට විකල්ප ක‍්‍රමවේදයකට යන බවක් දැනටත් පේනවා. දැන් කේබල් ටීවී වගේ ප‍්‍රවණතා තියෙනවා. ඒ වාගේ ක‍්‍රමයකින් තමයි මේ වගේ චිත‍්‍රපටිවලට එළියට එන්න අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන් මධ්‍යම පන්තියට සිනමා ශාලාවට ගිහින් චිත‍්‍රපටියක් බැලීමේ වුවමනාවක් නැහැ වාගේ. අපේ සිනමා පේ‍්‍රක්ෂකයන් තරුණ අය. ඒ අයට ගැළපෙන චිත‍්‍රපටි තමයි සාර්ථක වන්නේ. ලාභ අපේක්ෂාවෙන් කරන චිත‍්‍රපටි.

විදර්ශන:මම මහින්දපාල මහත්තයා කියන දේට බොහෝ සෙයින් එකඟයි. ලංකාවේ ප‍්‍රධාන ධාරාවේයැයි කියන සිනමාව ඉවරයි. ඒකට බොහෝ කාරණා බලපානවා. සිනමාව දරුණු විදියට මාෆියාවක් වෙලා තියෙන්නේ. ලංකාවේ අලූත් සිනමාව තියෙන්නේ විකල්ප ධාරාවේ සිනමාකරුවන් විසින් ප‍්‍රතිහෙජමොනික ව්‍යාපාරයක් ඇති කළ යුතු තත්ත්වයක. තරුණ පිරිස් විසින් කළ යුතු සිනමාවේ අරගලයක් තියෙනවා. කණ්ඩායමක් ලෙස සංවිධානය වෙලා කළ යුතු අරගලයකින් සිනමාව පවත්වාගන්න ඕනෑ. සිනමා තාක්ෂණයේ කෙළ පැමිණියත් සංකල්පීයව දුර්වල තත්ත්වයක් දැන් සිනමාවේ තියෙන්නේ. මෙතැනින් එහාට යන්න ඕනෑ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;