රාවය

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප‍්‍රමිතියක් තිබේද?

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප‍්‍රමිතියක් තිබේද?

ආචාර්ය සුජාතා ගමගේ

අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය මහතා විසින් රාවය පත‍්‍රයේ පළකෙරුණු ලිපියකින් යෝජනා කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තවත් පුළුල් කර අමතරව බදවා ගන්නා සිසුන්ට මුදලක් ගෙවා ඉගෙන ගන්න පහසුකම් සැපයිය යුතු යන්නය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ප‍්‍රමිතිය පිළිබඳව ඇස්පනා පිට පෙනෙන ප‍්‍රශ්න තිබියදී ඒ මහතා එවැන්නක් යෝජනා කිරීම ගැන මම පුදුමවෙමි. ප‍්‍රමිතියේ එම ප‍්‍රශ්නවල බැරෑරුම් තත්ත්වය පෙන්වීම සඳහා මා උදාහරණයක් ලෙස යොදාගන්නේ 2013 දී කර්ණසූරිය මහතාගේ පත්වීම පිළිබඳ මාධ්‍ය තුළින් හෙළි වූ කරුණුමය.

ප‍්‍රවෘත්ති වාර්තාවලට අනුව කර්ණසූරිය මහතා අවුරුදු 8ක් පශ්චාත් උපාධියක් නොලබා ජයවර්ධන විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. පාසලක උසස් පෙළ උගන්වන ගුරුවරයෙකුට අනිවාර් යෙන්ම උපාධියක් තිබිය යුත් බවට රීතියක් ඇත්තේ ගුරුවරයාට තමන් ඉගැන්වීමට යන කරුණු පිළිබඳව ශිෂ්‍යයන්ට වඩා දැනුමක් තිබිය යුතු නිසාය. උපාධි මට්ටමේ සිසුන්ට උගැන්වීම සඳහා උගන්වන තැනැත්තෙකුට අනිවාර්ය යෙන් පශ්චාත් උපාධියක් තිබිය යුතුය යන නිර්ණායකයද සැක සෙන්නේ ඒ අනුවමය. අවුරුද ගණනක් ඉගැන්වීම තුළින් ලැබෙන පරිචය මෙයට ප‍්‍රමාණවත් නොවේ. උපාධි අපේක්ෂකයන්ට ඉගැන්වීම සඳහා අවම වශයෙන් අවශ්‍ය ශාස්ත‍්‍රපති උපාධියකින් ලබා දේයැ’යි අප අපේක්ෂා කරන්නේ යමෙකු ක්ෂේත‍්‍රයේ දැනුම පිළිබඳ තත්කාලීන අවබෝධයක් හා එම ක්ෂේත‍්‍රයට අදාළ ක‍්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාවන්’ පෙන්වයි යන තත්ත්වයයි. අප රටේ ප‍්‍රදානය කෙරෙන ශාස්ත‍්‍රපති උපාධිවල මේ ගුණාංගය පෙන්වයිද නැද්ද යන්න ගැන විශ්වාසයක් නැතත් පිටරටක පශ්චාත් උපාධි හැදෑරීම් සඳහා අරමුදල්වල හිඟයක් නොමැති බව මම හොඳාකාරවම දනිමි.

problems with writing essays

පසුව මා විස්තරාත්මකව පෙන්වන අන්දමට බොහෝ කලා පීඨවල උගැන්වීමේ බර දරන්නෝ මෙවැනි පශ්චාත් උපාධියක් නැති ගුරුවරුය. 2015 වසරේ විශ්ව විද්‍යාලවල කලා පීඨ මගින් අභ්‍යන්තර උපාධිධාරීන් ලෙස 8934ක්ද බාහිර උපාධිධාරීන් 5602ක් හා විවෘත විශ්වවිද්‍යාලය හරහා 171ක් ලෙස කලා උපාධිධාරීන් 14,636 දෙනෙකුට සහතික දී සමාජගත කර ඇත. උපාධියක වටිනාකම මැනෙන්නේ මූලිකවම ගුරුවරුන්ගේ ප‍්‍රමිතිය අනුවය. මුළු විශ්වවිද්‍යාල පද්ධතියේම ආචාර්ය වරුන්ගෙන් 60%කට ආචාර්ය උපාධි නැත. ඉතිරි අයගේ ශාස්ත‍්‍රපති සුදුසුකම් පිළිබඳවද ප‍්‍රශ්න ඇත. මෙවැනි අප ඉදිරියේ ඇති මූලික තොරතුරු අනුව අපට ඇත්තටම අවශ්‍ය වනුයේ මේ විශ්වවිද්‍යාලවලට තව තවත් උපාධි දීමට ඉඩ සැලසීම නොව වහාම දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කරන ගුරුවරුන්ගේ ප‍්‍රමිතිය පිළිබඳව විමර්ශනයක් කර ඔවුනගේ දැනුම් තත්ත්වය දියුණු කිරීමට පියවර ගැනීමයි.

උපාධියක ප‍්‍රමිතියේ බලපෑම පෘථුලය

2003 දී පුංච් දරුවන් ලෙස 350,000 කට කිට්ටු ගණනක් පාසල්වල පළමුවන වසරට ඇතුල් වූහ. මේ අය 2016 මුල වන විට අවූරුදු 18ක තරුණ තරුණියන් ලෙෂ සමාජගතවී ඇත. විශ්වවිද්‍යාලයට මින් වරින් වර ඇතුළු කරගන්නාවූ 20,000ක් පමණ වූ කණ්ඩායම 350,000ක් සමග සසඳන විට සොච්චමකි. ඇත්තටම රටේ ආර්ථිකය දුවන්නේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන අය නිසා නොව ඉන් පිටතින් සිටින අය නිසායි. (ඒ ගැන වෙනම ලිපියකින් විස්තර කරමු*. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අප දියුණු කරගෙන ඉදිරියට ගෙන යා යුත්තේ පළමුවන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනගන්නා පාසල් දරුවන් මිලියන හතරකගේ හා එම දෙමාපියන්ගේ හේතුක හෝ අහේතුක බලාපොරොත්තු කැටි කර ගත් උසස් අධ්‍යාපන ආයතනයන් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වීම නිසාය. මේවායින් පිට වෙන උපාධිධාරීහු වැඩි හරියක් ද නැවත ගුරු සේවයට බැඳෙති. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඉගැන්වීමට ද තෝරා ගන්නේ මේ උපාධිධාරීන්මය. පාසල් විෂය මාලාව තීරණය කරන කමිටු හොබවන්නේත් මේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ම ය. කෙටියෙන් කියුවොත් පාසල්වල ඉගෙනගන්නා මිලියන් 4ක දරුවන්ගේ අධ්‍යාපනයේ ප‍්‍රමිතියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප‍්‍රමිතිය කෙළින්ම බලපායි.

වෙනස අහසට පොළව මෙනි

අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය ලිපියේ මූලික තර්කය වනුයේ බටහිර රටවල මෙන්ම අපේ රටේද විශ්වවිද්‍යාල රාජ්‍ය නැතිනම් නම් සමාජීය අයිතිය යටතේ පැවතිය යුතු බවයි. සමාජීය අයිතිය පිළිබඳ තර්කය කෙසේ වෙතත් බටහිර රටවල විශ්වවිද්‍යාල වැඩි හරියක් රාජ්‍ය අයිතිය ඇති ඒවා බව කීම සාධාරණය. ඇත්තෙන්ම කැනඩාවේ විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය අනුබද්ධ ආයතන වේ. එංගලන්තයේ ද එසේමය. ඇමෙරිකාවේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට යන සිසුන් ගාස්තු ගෙවන්නේත් මධ්‍යම රජය විසින් සිසුනට ලබා දෙන ණය පහසුකම් යොදාගෙන නිසා ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනයත් බොහෝ දුරට රාජ්‍ය අනුබද්ධයැයි කිව හැක.

no more plan b: a very modest proposal for graduate programs in history. anthony t. grafton and james grossman, october 2011. entering graduate students …

එහෙත් සමානකම් නවතින්නේ එතැනය. අපේ රට හා ඒ රටවල අතර විශාලතම වෙනස ඒවායේ විශ්වවිද්‍යාලවල ප‍්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ඇති පෘථුල ක‍්‍රියාදාමයන් නිසාය. අධ්‍යාපනයක ප‍්‍රමිතිය මැනීම කම්හලකින් නිපදවෙන නිශ්චිත අයිතමයක උස පළල හා පෙනුම ආදිය ලෙස නොහැක. ඒ සඳහා තත්ත්ව තහවුරුකරණය, ආයතන කාර්යසාධන වාර්තා, ලීග් ටේබල් හා පාරදෘශ්‍ය බව ලෙස ක‍්‍රමවේදයන් සංයුක්තයක් යොදාගත යුතුව ඇත.

තත්ත්ව තහවුරුකරණය

තත්ත්ව තහවුරුකරණය යනු උපාධියක් ලබාදීමට අවශ්‍ය සම්පත් හා යෝග්‍ය ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රමවේදයන් ඇතිදැයි පරීක්ෂා කිරීමය. මෙය ඕනෑම ආයතනයක් තුළ තිබිය යුතු මූලික ක‍්‍රියාවලියකි. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප‍්‍රශ්නය පුංචි ළිඳේ ප‍්‍රශ්නයයි. තත්ත්ව තහවුරු නිර්ණායකයන් හදන්නේත් ඒවා හරියට ක‍්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කරන්නේත් එක විෂයකට එක සුළු කණ්ඩායමක් බැගිනි. යම් කෙනෙකුට අවුරුදු අටක් සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ හැකිය යන නිර්ණායකයක් තත්ත්ව තහවුරු කරන ක‍්‍රියාවලියට එක් කිරීම තුළින්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල තත්ත්ව තහවුරුකරණයේ ප‍්‍රශ්නකාරී බව තහවුරු කරයි. විශ්වවිද්‍යාලවල සේවයට පශ්චාත් උපාධිධාරීන් බඳවාගැනීමට යම් යම් දෙපාර්මේන්තුවලට කළ නොහැකි නම් කළ යුත්තේ ගෞරවාන්විතව රජයට ඒ බව දන්වා සිටිමින් එම පාඨමාලාවන් වසා දැමීම මිස නුසුදුස්සන් බඳවාගැනීම නොවේ.

කාර්යසාධන වාර්තා

තත්ත්ව තහවුරුකරණය තුළින් අප සොයාබලන්නේ යම් නිෂ්පාදනයක ප‍්‍රමිතිය තබාගැනීමට අවශ්‍ය ක‍්‍රියාවලීන් සිදු වන්නේද යන්නය. එම ක‍්‍රියාවලිය අකුරට ක‍්‍රියාත්මක කළ පමණින් උපාධියේ ගුණාත්මක බව සහතික කළ නොහැක. වෙනස් වෙනස් විශ්වවිද්‍යාලවලින් සහතික ලබා එළියට එන උපාධිධාරීන්ට ඇත්තටම ඔවුන් විසින් එම වැයකෙරෙන කාලය හා ධනය තුළින් ඔවුනට එකතු වූ අගය කුමක්ද යන ප‍්‍රශ්නය ලෝකය පුරාම දැන් ඇසෙන්නකි. උපාධි ධාරීන්ගේ රැුකියා ලෝකයට පිවිසීමේ සාර්ථකත්වය මෙන්ම වෙනස් වෙනස් විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් යම් පොදු විභාගයකින් සාමාර්ථයක් ලැබිය යුතුයැයි අනිවාර්ය කෙරෙන තරමට විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධි පිළිබඳව විශ්වාසය බිඳවැටී ඇත. කාර්යසාධන වාර්තා යනු ඊට යම් ප‍්‍රතිචාරයකි.

කාර්යසාධන වාර්තා වලට උපාධියක් ලබාගැනීමට යන කාලය, එහිදී හැලෙන උපාධි අපේක්ෂයන් ගණන, රැුකියාලාභී උපාධිධාරීන් ප‍්‍රතිශතය, ඒ අය උපයන මුදල හා මුදලින් මැනිය නොහැකි නමුත් වෙනත් සාර්ථකත්වය පෙන්වන විස්තර මේ වාර්තාවලට අයත් වේ.

ලීග් ටේබල් හෝ ශ්‍රේණිගත කිරීම්

කාර්යසාධන වාර්තා යනු විශ්වවිද්‍යාල මගින් අභ්‍යන්තරව සකසා ඉදිරිපත් කරන වාර්තායි. ඊට අමතරව සෑම දියුණු රටකම වාගේ රටේ ප‍්‍රධාන පුවත්පත් හෝ වෙනත් ස්වායත්ත ආයතන මගින් උසස් අධ්‍යාපන ආයතනවල ශ්‍රේණිගත කිරීමක් වාර්ෂිකව සිදු කරයි. එංගලන්තයේ ගාඩියන් පුවත්පත ඒ සඳහා යොදාගන්නේ අපගේ යූජීසීයට සමාන්තර ආයතනයක් වූ HEFCE ආයතනය මගින් ලබාදෙන ආචාර්යවරුන්ගේ සුදුසකම්, ඉගෙනුම්- ඉගැන්වීම් ක‍්‍රියාවලිය හා උපාධියෙන් පසු සිසුන්ගේ ප‍්‍රගතිය සොයා බලන සමීක්ෂණවල ප‍්‍රතිඵලයි. සාමාන්‍යයෙන් උපාධි අපේක්ෂයෝ අවසන් වසරේ අගභාගය වන විට රැකියාවක් ලබාගැනීමේ කටයුතුවල යෙදෙති. එම නිසා උපාධියකට පසු එළඹෙන උපාධි ප‍්‍රදානෝත්සවය වන විට උපාධිධාරීන්ගේ රැකියා තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැක.

2012දී පළමුවරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපාධි ලාභීන්ගේ සමීක්ෂණයක් කර තිබිණි. මෙහිදී ඉතා නිර්මාණශීලී ලෙස උපාධි ලෝගුව ලබා ගැනීමට පෙර සමීක්ෂණය පිරවීම අනිවාර්ය කර තිබුණි. 2012 උපාධි ලාභීන් 16,967කින් 15,489ක්ම ප‍්‍රතිචාර දී තිබූ එම සමීක්ෂණයට අනුව ඒ අයගෙන් 33%ක් කලා උපාධිධාරීන් වූ අතර ඔවුන්ගෙන් 46%ක් රැකියාවක් නොමැති වූහ. 20% ක් ඌන මට්ටමේ රැකියා ඇති (underemployed) අය වූහ.
ලංකාවේ මෙවැනි ලීග් ටේබල් ක‍්‍රමයක් ස්ථාපිත කිරීමට නම් මෙවැනි සමීක්ෂණ අධ්‍යාපන බලධාරීන් විසින් ක‍්‍රමානුකූලව වසරක් පාසා කළ යුතුව ඇත. මා දන්නා තරමට උපාධිලාභීන්ගේ සමීක්ෂණය දැනට සිදු නොකෙරේ.

පාරදෘශ්‍යභාවය

අවාසනාවකට ලංකාව වැනි රටක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ යූජීසීය මගින් තිරසර සමීක්ෂණ ක‍්‍රියාවලියක් පවත්වාගෙන යෑම බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ. එහෙත් නූතන ඩිජිටල් තාක්ෂණය භාවිත කරගෙන තම තමන්ගේ ආයතනවල තොරතුරු වෙබ් අඩවියක ප‍්‍රදර්ශනය කළ යුතුය යන රීතිය ඇත්තටම වඩා ලෙහෙසියෙන් කළ හැක්කක්යැ’යි සිතමි.

පාරදෘශ්‍යභාවය යනු ඕනෑම රාජ්‍ය ආයතනයක හෝ ආයතන පද්ධතියක ප‍්‍රමිති ආරක්ෂා කිරීමේ හොඳම ක‍්‍රමවේදයයැ’යි පැවසීම අතිශයෝක්තියක් නොවේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ අය පුද්ගලික විශ්වවිද්‍යාල හොර උපාධි කඩ ලෙස හැඳින්වුවත්, එම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තනතුරු ප‍්‍රදානය කිරීම, එම තනතුරු ප‍්‍රදානය සඳහා අනුගමනය කරන ක‍්‍රමවේද හා සිසුන් තක්සේර කර උපාධි ප‍්‍රදානය කිරීම යන ක‍්‍රියාවලියන්ගේ සුජාතබව හා පාරදෘශ්‍යබව පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැක. සරල වශයෙන් එක එක විශ්වවිද්‍යාලය මගින් ප‍්‍රදානය කරන පශ්චාත් උපාධි සඳහා පිළිගන්නා ලද නිබන්ධනවල ලැයිස්තුවක් හා එම නිබන්ධනවල ඩිජිටල් පිටපතක් අනිවාර්යෙන් පුස්තකාල සේවා මණ්ඩලයේ වෙබ් අඩවියට ලබාදීම තුළින් යම් තරමක විශ්වාසයක් ඇතිකළ හැක. දියුණු රටවල කෙරෙනවා මෙන් එම මණ්ඩලයට නිසි ආකාරයෙන් සැකසුණු ඩිජිටල් පිටපතක් ලැබුණු බවට සහතිකයක් නිකුත් කරන තෙක් උපාධි සහතිකය නිකුත් නොකළ යුතුය.

උදාහරණයක් ලෙස කැනඩාවේ විශ්ව විද්‍යාලයකින් ලබාගත් මගේ ආචර්ය උපාධිය පිළිබඳ විස්තර Theses Canada
Portal වෙබ් අඩවියට ගොස් Gamage පදය යොදා සොයාබලන්න. අද හෙට සොයාබලන්නේ නම් අකාරාදි පිළිවෙළට අටවෙනි තැන ප‍්‍රතිඵලය ලෙස මගේ නිබන්ධනය පිළිබඳ තොරතුරු ලබාගත හැක. එම වකවානුවේ ඩිජිටල් තාක්ෂණය මෙතරම් දියුණු තත්ත්වයක නොපැවතුණු නිසා නිබන්ධනයේ ඩිජිටල් පිටපතක් ඔබට ලබාගැනීමට නොහැකි වුණත් 2010 හෝ ඊට පසුව එළිදැක්වුණු සියලූ නිබන්ධන අනිවාර්යෙන්ම ඩිජිටල්කරණය කර වෙබ් අඩවියේ සපයා ඇති නිසා අවශ්‍ය නම් නිබන්ධයක පීඞීඑෆ් පිටපතක් ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියෙන් බාගත හැක.

අපේ විශ්වවිද්‍යාලවල මෙසේ නිබන්ධ ප‍්‍රසිද්ධ කිරීමේ ප‍්‍රතිපත්තියක් නැත. පුස්තකාලයට භාරදීම ශිෂ්‍යයාගේ අභිමතය අනුව සිද්ධවන බවක් පෙනේ. උදාහරණ ලෙස 2013 අනුරුද්ධ ප‍්‍රදීප් මහතාගේ තනතුර ස්ථිර කිරීම පිළිබඳ සාක්ෂියක් ලෙස මාධ්‍ය තුළ ප‍්‍රසිද්ධ කරන ලදුව ඔහු විසින් ශාස්ත‍්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධය මට ජයවර්ධනපුර පුස්තකාල නිබන්ධන නාමාවලියෙන් සොයා ගැනීමට නොහැකි විය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;