පරාජයෙන් පසු උඩ පන්දු ඇල්ලීම


jagath

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

හය වැනි විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මේ ඉරිදා අවසන් වේ. මේ සටහන තැබෙන විට එංගලන්ත කණ්ඩායම අවසන් තරගය ස`දහා සුදුසුකම් ලබා ඇති අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතුරින් කෙනෙක් තෝරා ගැනීම ස`දහා පැවැතෙන අවසන් පූර්ව තරගය 31දායි.

2014 වසරේ දී බංග්ලාදේශයේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස මෙවර තරගාවලියට සහභාගිවූ අප අවසන් අටදෙනාගේ වටයට හෝ නොපිවිසී ම තරගාවලියෙන් ඉවතට ගියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීය. ඒ දකුණු අප‍්‍රිකාව සමග තරගයයි. එම තරගයෙන්ද අප ලැබුවේ පරාජයකි.

විස්සයි/20 ලෝක කුසලානයේ අපට හිමි ස්ථානය පිළිබ`දව කල් තියා ම දැන සිටි නිසාදෝ එංගලන්තය සමග පැවැති තරගයෙන් අනතුරුව නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යයට පවසා තිබුණේ ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසු නැති බවයි. මේ ප‍්‍රකාශය එම තරගයෙන් පසුව තම කණ්ඩායමට හිමි තැන එතැන ම බැව් තීරණය වූ නිසා පැවැසූවක් ද නොඑසේ නම් තමන් විසින් තම කණ්ඩායමේ තරම ගැන පෙර සිටම දැන සිටි නිසා පැවැසූවක්ද යන්න අප දන්නේ නැත. එහෙත් දැන් සියල්ල සිදුව අවසන් ය.

සියලූ පාපයන් ක‍්‍රීඩකයන් මත පැටවී තිබේ. එපමණකින් මේ ප‍්‍රශ්නය නිරාකරණය වේද? කණ්ඩායම පිළිබ`දව මැතිව්ස්ගේ අවබෝධය මින් පෙර ස`දහන් වන්නක් විය යුතු විණි. එහෙත් අවසාන මොහොත දක්වාම මැතිව්ස් මේ බැව් ප‍්‍රකාශ කළේ නැත. නායකයෙකු ලෙස මැතිව්ස්ගේ එම ගුණය අපි අගයමු. එසේම කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් ද මැතිව්ස් රතු එළි දල්වා තිබේ. ඒ මැතිව්ස් යමක් හංගා කළ ප‍්‍රහාරයක් සේ අපි දකිමු. එය අනාගතයට කෙතරම් යෝග්‍යවේදැයි නොදනිමු. එහෙත් මැතිව්ස්ගේ මේ ප‍්‍රකාශයන් ඉතා ලෙහෙසියෙන්ම බැහැර කළ හැකි ද නොවේ.

අප එසේ පවසන්නේ මේ පරාජයෙන් අපට උගත හැකි පාඩම් බොහොමයක් ඇති නිසා ය. මින් පළමු පාඩම ඉගෙන ගත යුත්තේ ක‍්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ය. අවාසනාවකට මෙන් මේ තුළ අරවින්ද ද සිල්වා සේම කුමාර සංගක්කාරද වෙති. ඔවුන්ට මේ ක්ෂේත‍්‍රය ගැන දැනමුතුකම් දිය යුතු නැත. එහෙත් එක් එක් අයගේ පෞද්ගලියක න්‍යායන් මත කටයුතු කිරීමට යෑමේ දී ඔවුන්ටද තම නමේ කැත කුණු අතුල්ලා ගැනීමට සිදුවෙන බැව් මතක් කර දිය යුතුය.

ලෝක කුසලානය අත උඩ තබාගෙන ක‍්‍රිකට් පාලකයන් හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැර නව ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කරන්නේ කුමක් ස`දහාදැයි කිසිවකු ප‍්‍රශ්න කළේ නැත. තේරීම් කමිටුව අල්ලපනල්ලේ පත් කිරීමෙන් ක‍්‍රිකට් පාලකයන් බලාපොරොත්තු වන්නට ඇත්තේ තමන්ගේ උන්ටත් සැලකීමක් දැක්වීම විය හැකිය. එසේ කරන්න ඇත්තේද එකී කමිටුවේ වගකීම පයිසෙකට මායිම් නොකරමින්ද විය හැකිය. කෙසේ වෙතත් මේ පත්කිරීම ඔවුන්ගේ තරාතිරම සේ ම ඔවුන්ගේ වගකීම් ද ගැන සැලකිල්ලට නොගෙන කළ දෙයක් සේ අපි දකිමු. විශේෂයෙන් ම නව තේරීම් කමිටුව නම් කෙරෙන්නේ ලෝක කුසලාන තරගාවලියට සතියක් හෝ දෙකක් තිබියදීය. තේරීම් කමිටුවකට කණ්ඩායමක් තෝරා ගැනීමට එම දින ගණන ප‍්‍රමාණවත්ද? අවාසනාවකට මෙන් ඒ බැව් කිසිදු නව තේරීම් කමිටු සාමාජිකයෙකු ප‍්‍රශ්න කරන්නේ නැත. ඔවුන් ද පිරුවටයක ඔතා දුන් ඒ ග`ද ගහන බිබික්කම බාර ගන්නේ ය. එහි ග`ද ම මිස වටිනාකමක් නැත.

මේ සියල්ලෙන් සිදුවූ වින්නැහියය, මේ සිදුව ඇත්තේ. දැන් ඉතිං සිදුවූ දේ සම්බන්ධයෙන් පුන පුනා පැවසිය යුතු නැත. දැන් කළ යුත්තේ ඉන් ගොඩඒමේ මගක් සෙවීමය. මේ ස`දහා අරවින්දට සේ ම සංගක්කාරට ද කළ හැකි දේ බොහෝ ය. එළැඹෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයයි. එම සංචාරයේ දී ටෙස්ට්, එක්දින සහ විස්සයි/20 තරගද ඇත. අප නතර වූ තැනින් ගමන ආරම්භ කළ යුතුය. එය අපහසු නැති බැව් අපගේ විශ්වාසයයි. සංගක්කාර හා මහේල නැති කණ්ඩායමක් ගැන සිතීමත් විහි`ඵවක් සේ දුටු කාලයක් තිබුණි. එහෙත් අප ඊට අනුගත විය යුතුය. මේ රික්තයන්ට නවකයන් සොය ගත යුතුය. එම අවස්ථාව මේ වනවිට උදාවී තිබේ. කළ යුත්තේ ඔවුන්ට ඔවුන් ගැන විශ්වාසය තබා කටයුතු කිරීමේ සම්ප‍්‍රදායක් බිහි කිරීමයි.

අප අරවින්ද, අර්ජුන මතම යැපුණ කාලයක් ද වුණි. එදා අපි මහේල, සංගාගේ යුගයක් එළැඹෙතැයි නොසිතුවෙමු. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ අවස්ථාවද උදා වුණි. හෙට දවසේ දී නවකයන් කරළියේ ර`ගන කාලයක්ද පිවිසෙනු ඇත. පාලකයන්ගේ යුතුකම විය යුත්තේ ඔවුන්ට ක‍්‍රීඩාව කරගෙන යෑමට ඉඩදීමය. වඩාත් යහපත් වූ පාලනයක් ක‍්‍රිකට්හි ඇති කිරීමය.