කොදෙව්වට කොටු නැති ක‍්‍රිකට්


wI

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

 

බටහිර ඉන්දීය කොදෙව්වෝ ක‍්‍රිකට් ලොව දිග් විජය කළ බැව් අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ඒ නම් ආශ්චර්යමත් තරගයකි. කුමන මොහොතක කුමකින් කුමක්වේදැයි සිතා ගත නොහැකි වූ තරගයකි. තරගයෙන් අනතුරු ජයග‍්‍රාහී බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී මාධ්‍ය හමුවේ කළ වාග් ප‍්‍රහාරය ඊටත් වඩා නොදෙවෙනිය.

‘මම ප‍්‍රථමයෙන් ම ස්තූතිවන්ත වෙන්නේ දෙවියන්ට. උන් වහන්සේගේ ආශීර්වාදය නැති වුණා නම් අපිටමේ තත්ත්වය ලැබෙන්නෙ නැහැ. ඇත්තට ම මිනිස්සු පුදුම වුණා අපි මේ තරගාවලියේ සෙල්ලම් කරනවා දැක්කාම. මොකද අපිට ඒ තරමට ම ප‍්‍රශ්න තිබුණා. අපේ ක‍්‍රිකට පාලක මණ්ඩල අපේ කොල්ලන්ගේ මානසිකත්වය වරින් වර බි`ද දැම්මා. අපිට ඇ`දුම් පවා සකස් කරලා තිබුණේ නැහැ. අපේ කණ්ඩායම පිළිබ`දව ඔවුන්ගේ නිර්වචනය වුණේ මෝඩ කණ්ඩායමක් ලෙසයි…’

මේ සාමාන්‍යයෙන් ජයග‍්‍රාහී කණ්ඩායමක නායකයෙක්ගේ මුවින් බලාපොරොත්තු විය නොහැකි වාග් ප‍්‍රහාරයකි. විශේෂයෙන් සෑම අවස්ථාවක දී ම සිනහවකින් යුත් මිනිසෙකු ලෙස ප‍්‍රචලිත සැමීගේ මුවින් එවන් රෞද්‍ර විවේචනයක් කිසිලෙසකත් කවුරුත් බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් සියල්ල එසේ සිදුවුණි.

‘කැරිබියන්වල ක‍්‍රිකට් පාලනය කරන්නෙ නිවැරදි පුද්ගලයන් නොවේ. අපිට කොදෙව් ක‍්‍රිකට් ආයතනයේ කිසිදු පාලකයෙක් එක දුරකතන ඇමතුමක් දුන්නෙ නැහැ. ඒක හො`ද දෙයක් නොවේ. අපි දන්නවා ඔවුන්ට මේ තරගාවලියේ දී අපි දිනනවා දකින්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේ ම අපිට දිනන්න පු`ඵවන් වෙයි කියලා හිතුවෙත් නැහැ…’ ඩැරන් සැමී තවදුරටත් පවසා තිබුණි.

මේ විවේචනය ඩැරන් සැමී වෙතින් එල්ල වන්නේ තමන් කාලයක් පුරා සිටි පීඩනයෙන් මිදීම උදෙසා විය යුතුය. එවන් විවේචනයක් කිරීමට සැමීට ඕනෑවටත් වඩා හේතුකාරණා තිබුණි. අවස්ථා කිහිපයකදීම සැමී කණ්ඩායම් ඉවත් කළේ කිසිදු හේතු දැක්වීමක් නොමැතිවය. එපමණක් නොවේ කණ්ඩායමේ ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනෙක්ම හිටි අඩියේම කණ්ඩායමෙන් ඉවත් කිරීම්ද අවස්ථා කිහිපයකදීම සිදුවුණි. තවත් වරෙක ගෙවීම් සම්බන්ධයෙන් ද කොදෙව් කණ්ඩායම දෙදරා ගියේ ය.

එසේ වෙද්දීත් ඩැරන් සැමී ධෛර්යයෙන් යුතුව තම ක‍්‍රිකට් ක‍්‍රීඩාව කරගෙන ගියේය. අවසානයේ කණ්ඩායම් නායකත්වය දක්වාම පැමිණියේය. එකී අවස්ථාවේ ඩැරන් සැමී වෙත නායකත්වය පිරිනැමෙන්නේ නොදී බැරි නිසා විය යුතුය. අද එහි ප‍්‍රතිවිපාක ඔවුහු ම විඳිති.

මේ හා සමාන ම තත්ත්වයක් නොවූවත් වරෙක මෙරටේ ද මෙවැනි ම වූ මාතෘකාවන් අවස්ථා කිහිපයක දී ම නිර්මාණය වුණි. කෙනෙක් අසංග ගුරුසිංහ ය. එය කෙතෙක් බලවත් වීදැයි ගුරුසිංහ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් නික්ම ගිය ආකාරයෙන් ම වටහා ගත හැකි ය. ක‍්‍රිකට් පාලකයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හිමිකාරයන් සේ සිටින තාක් කල් මේ දේවල් මේ අයුරින් ම සිදුවෙනු බැහැර කළ නොහැක. ගුරුසිංහගෙන් අනතුරුව රොෂාන් මහානාම සේ ම තිලාන් සමරවීරට ද සිදුවූයේ එවැන්නක් නොවේ යැයි කාට නම් පැවැසිය හැකිද?

අද කොදෙව් දේශපාලන නායකත්වයන් ඩැරන් සැමීගේ කෝණයෙන් මේ ප‍්‍රශ්නය දෙස බලමින් කටයුතු කළ ද මෙරට සිදුවූ එකුදු ප‍්‍රශ්නයක් වත් එවැනි පරිණත දේශපාලනඥ ඥානයකින් බැලීමට කිසිවෙකු මෙරට සිටියේ නැත. අප විශ්වාස කරන පරිදි අද ද අප රටේ නැත. හිටියා නම් සිටියේ තම පුතුන් කරළියට ගෙන එන දේශපාලනඥයෝය.

කොදෙව්වන් වෙත මෙතරම් ප‍්‍රශ්න තිබෙන්නට ඇතැයි කිසිවෙකුත් සිතන්නට නැත. ඔවුහු සෑම අවස්ථාවක දී ම තමන්ට ම ආවේණික කුමන හෝ ආකාරයකින් පේ‍්‍රක්ෂක යන්ගේ සිත් පැහැර ගැනීමට සමත් වෙති. එය නිමා වූ සෑම තරගාවලියක දී ම අපි දුටුවෙමු. ප‍්‍රශ්නකාරී තත්ත්වයකදීත් මේ සා විනෝදකාමී චරිත කිහිපයක් ක‍්‍රිකට් පිටියේ දැකීමත් එක් අතකින් පුදුමය දනවන්නකි.

බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පාලකයන්ගේ රෙදි ගැලවීම සම්බන්ධයෙන් මේ වනවිට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ඩැරන් සැමී වෙත අනතුරු හ`ගවා ඇතැයි පැවැසේ. එහෙත් එරට රාජ්‍ය නායකත්වය සැමීගේ එකී කතාවෙන් අනතුරුව ක‍්‍රිකට් පාලකයන් වෙත රතු එළි දැල්වීම නිසා තරමක විපිලිසරව පසුවේ. කොදෙව් රාජ්‍ය විසින් සැමීගේ කතාව පසෙකලා ඔහුගේ දක්ෂතාවන්ට ගෞරව කිරීමට මෙය අවස්ථාවක් කරගෙන තිබේ. ඒ තම රටට ජයග‍්‍රහණ ගෙනා දුන් ඒ අසහාය නායකයාගේ නමින් ක‍්‍රිකට් ක‍්‍රීඩා පිටියක් නම් කිරීමෙනි. ඒ අනුව බලනවිට අපිට නම් සිතෙන්නේ විස්සයි/20 ශූරතාව දිනුව ද කොදෙව් ක‍්‍රිකට් බලධාරීන්ට නම් සෙනසුරු මහ දශාව විස්සයි/20 අවසානයත් සමග උදාව ඇති බැව් ය.