බලතල බෙදීමට යොදාගන්න වචනය අපට වැදගත් නෑ | දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන්

you can get an essay written for you while you sit back and relax. that is the whole idea of this service. we are offering you an opportunity to get more free time …

තරිඳු උඩුවරගෙදර

නව ව්‍යවස්ථාව පිළිබඳව දෙමළ සන්ධානයේ මේ වෙනකොට පවතින අදහස මොකක්ද?

අපේ අදහස වෙනස් වී නැහැ. 1948 සිටම නව ව්‍යවස්ථාවක් කියන ප‍්‍රශ්නය දිගින් දිගටම තිබුණා. ලංකාවට ගැළපෙන ව්‍යවස්ථා රාමුවක් හදාගත යුතුව තිබුණා. විශේෂයෙන් ප‍්‍රමාණයෙන් සුළු වූ ජනකොටස්වල සමාන අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයේ ව්‍යවස්ථාවක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. ඒ නිසා තමයි 1957දී ලංකාවට ෆෙඩරල් ක‍්‍රමය වඩාත් සුදුසුයි කියලා යෝජනා වුණේ. 1957දී බණ්ඩාරනායක අගමැතිවරයා හා චෙල්වනායගම් මහතා අතරෙ ගිවිසුමක් ඇතිවුණා. එයින් පොරොන්දු වුණා බලය බෙදීමක් සිදුකළ යුතුයි කියලා. එහෙත් ඒ ගිවිසුම ඒකපාර්ශ්වීයව අවසන් වුණා. ඒක රජයේ කඩවුණු පොරොන්දුවක් ලෙස තවමත් පවතිනවා. බණ්ඩාරනායක මහත්මයා මිය ගියත් රජය විසින් අත්සන් කළ ගිවිසුමක් ලෙස එය අදටත් වලංගුයි. ඉන්පසුව ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුමත් ඇතිවුණා. ඒ වගේම එල්ටීටීඊය පැවති සමයේ 1993දී බලතල බෙදීමක් ගැන රජය පැත්තෙන්ම යෝජනා ඇතිවුණා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා තුනක් පමණ ගෙනාවා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේත් කමිටු හරහා බලතල බෙදීම ගැන යෝජනා මතුවුණා. 1993 සිට 2008 දක්වා යෝජනා 5කට වැඩි ප‍්‍රමාණයක් රජය පැත්තෙන් ආවා. අපි කියන්නේ අපි මේ රජයේ යෝජනාවලට එකඟයි. ඒවා රජය විසින්මයි මඟහැරියේ. අපි ඉල්ලන්නේ ඒවා අනුව යන විසඳුමක් ලබාදෙන්න කියලා.

එල්ටීටීඊය සමූලඝාතනය කළාට පස්සේ මේ යෝජනා ඉදිරිපත්වීමත් නැවතිලා බලතල බෙදීමක් ඉල්ලීමත් රටට ද්‍රෝහී ක‍්‍රියාවක් බවට පරිවර්තනය වුණ කාලයක් තියෙන්නේ.

එල්ටීටීඊය අතුරු කාරණයක් විතරයි. ඒක මූලික කරගෙන තීරණ ගන්න බැහැ. දෙමළ ජනතාවගේ ඉල්ලීමකුයි මෙතැන තියෙන්නේ. විශේෂයෙන් 1972දී හා 1978දී ලංකාවේ හැදුව ව්‍යවස්ථා දෙකම දෙමළ ජනතාවගේ සහභාගිත්වය නැතිව හැදුවේ. එල්ටීටීඊය කියන්නේ ඒ ඉල්ලීම් ඉටුනොවුණු තැන වෙනත් මාර්ගයකින් විසඳුම් හෙවීමට ගත් උත්සාහයක් පමණයි. දැන් දෙමළ ජනතාවගේ සහභාගිත්වය හා එකඟතාව ව්‍යවස්ථාවක් සඳහා ලබාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි පාවිච්චි කළ යුත්තේ. විශේෂයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකේ නායකයන් මේ වෙනකොට එක අදහසක ඉන්නවා. අගමැති එජාපයෙනුත්, ජනාධිපති ශ‍්‍රීලනිපයෙනුත් විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයෙනුත් ඉදිරිපත් වෙලා ඉන්න ඓතිහාසික අවස්ථාවක් මේ උදාවෙලා තියෙන්නේ. හොඳම ව්‍යවස්ථාව සකස් කිරීමට ඉතිහාසයේ හොඳම අවස්ථාව තමයි මේක. අපි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහභාගි වෙනවා. දැන් තියෙන්නේ අපේ යෝජනා සැලකිල්ලට ගනිමින් ව්‍යවස්ථාව සකස් කිරීම.

බලතල බෙදීම ඉල්ලා සිටීමේදී ෆෙඩරල් ක‍්‍රමයක්ම අවශ්‍ය බව ඔබ හිතනවාද?

අපට ලේබල්වලින් වැඩක් නෑ. ඒකීය කියන වචනයේ අදහස එක රටක් ලෙස පැවතීම නෙවෙයි. ඒක ආණ්ඩුකරණ සංකල්පයක්. ලංකාවට ඒ සංකල්පය ගැළපෙන්නේ නැහැ. විශේෂයෙන් ඒකීය රාජ්‍ය ක‍්‍රමය තුළ බහුතරයේ ආධිපත්‍යය ඉස්මතු වෙන්නේ. ඒ නිසා අපට ඒ ක‍්‍රමයට එකතු වෙන්න බැහැ. අපි යෝජනා කරන්නේ කේන්ද්‍රය තුළ බලය තහවුරු කළ ඒකීය ක‍්‍රමයක් වෙනුවට බලය බෙදීමක්. ඒකත් එක රටක් විදියට පවතින්න පාවිච්චි කරන ක‍්‍රමයක් තමයි. ලෝකයේ ඒ ක‍්‍රමය හඳුන්වන්නේ ෆෙඩරල් ක‍්‍රමය කියලා. ලංකාවේ බලතල බෙදීමේදී ඒකට යොදාගන්න වචනය මොකක් වුණත් අපට කමක් නෑ. අපි බලන්නේ මොනතරම් දුරට බලතල බෙදීම සිද්ධ කරනවාද කියන එක

ආණ්ඩුව මේ සඳහා උනන්දුවක් තියෙන බව පේනවාද?

අපි ආණ්ඩුව එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. ජාතික ගැටලූවට විසඳුමක් අවශ්‍ය බව ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ කතාවේදී කීවා උතුරේ අය ඒකීය කියන එකට බයයි දකුණේ අය ෆෙඩරල් කියන එකට බයයි කියලා. ඔහු පෙන්නුවේ කවුරුත් බය නොවෙන විදියේ ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව. නවීන සංකල්ප තියෙනවා. අපට අලූත් දේවල් කරන්න පුළුවන්. වචනවලින් කවුරුවත් බය නොවෙන ව්‍යස්ථාවක් හදන්න ඕනෑ. ආණ්ඩුව ඒ සඳහා උනන්දුවක් ඇති බව පෙන්වන සිදුවීම් වගේම උනන්දුවක් නැති බව පෙන්වන සිදුවීම්ද වෙලා තියෙනවා. ජනාධිපතිවරයා ඉහත කීව කතාවේ අර්ථය අනුවම කටයුතු කරන්න අවංක උත්සාහයක් ගන්නවා නම් ඒකට අපි සහයෝගය දෙනවා.

buy topamax online canada. to what bodies the arteries departing from a chrevny trunk go? medium and small arteries bring blood to various organs and …

ඔබේ පක්ෂයේ නායකයන් බි‍්‍රතාන්‍ය ස්කොට්ලන්ත ආණ්ඩුක‍්‍රමය අධ්‍යයනය කරන්න එංගලන්තයට ගියා. ලෝකයේ විවිධ රටවල්වල ආණ්ඩුක‍්‍රමවලින් ලබාගත්ත අත්දැකීම් මොන වගේද?

අපි බැලූවේ ලෝකයේ ෆෙඩරල් ක‍්‍රමය හෝ වෙනත් නම්වලින් කෙරෙන බලතල බෙදීම මොන වගේද කියන එක. විශේෂයෙන් ඇමරිකාව, කැනඩාව, ඕස්ටේ‍්‍රලියාව වගේ රටවල් ෆෙඩරල් ක‍්‍රමය පාවිච්චි කරනවා. ඒ වුණත් ෆෙඩරල් ලේබලය නැතිවත් සාර්ථක ලෙස බලතල බෙදා තියෙන රටවල් අපට හමුවෙනවා. විවිධාකාර රාමු ඇතුළේ. මහා බි‍්‍රතාන්‍යය, ස්පාඤ්ඤය, බෙල්ජියම වගේ රටවල් හොඳම උදාහරණ. අපි ඒවා අධ්‍යයනය කළා. ඒ, ලේබල් නැතිව සැබෑ අවශ්‍යතාවක් වෙනුවෙන් බලතල බෙදීම සඳහා හොඳ ක‍්‍රමයක් සකසාගන්නයි.

උතුරෙන් බෝම්බ මතුවෙන බව පහුගිය දවස්වල ජනතා මතයක් හදන්න හැකි වුණා. උතුරේ හමුදාව වැඩි කරන්න කියලා දැන් දකුණෙන් යෝජනා මතුවෙනවා නේද?

උතුරේ ජනතාවගේ අදහස් දැන් තියෙන්නේ යුද්ධ කරන පසුබිමක නෙවෙයි. ඔවුන් දෙපයින් නැඟිටින්න යත්න දරන පසුබිමක් තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ පසුබිම හා ජීවිත සංවර්ධනය කරගන්නයි. උතුරේ සංවර්ධනය වේගවත් කරන්නට තමයි බලතල බෙදීමක් අවශ්‍ය වෙන්නේ. මිනිස්සු යුද්ධ කළේ ලේ පිපාසාවක් තිබුණු හින්දා නෙවෙයි. යුද්ධ කළේත් මිනිස්සු. ඒ හේතුවක් ඇතිව. දැන් මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. යුද්ධ කිරීමේ අභිලාෂයක් ඔවුන්ට නැහැ. අවුරුදු 30ක් මිනිස්සු දුක්වින්දා. දෙමළ ජනතාව සිංහල ජනතාව එක්ක එක රටක ඉන්න සූදානම්. හැබැයි ඒකෙ අදහස දෙවැනි පන්තියේ පුරවැසියන් විදියට සිංහල ආධිපත්‍යය යටතේ ඉන්න අපි සූදානම් බව නෙවෙයි. දැන් ලෝකය දියුණුයි. අපට අවශ්‍ය සමාන අයිතිවාසිකම් සහිත සමාජයක් ඇතුළේ එකට ජීවත්වෙන්න. දෙමළ ජනතාවටත් ආණ්ඩු බලය ලබාදෙන්න පුළුවන් බලතල බෙදීම හරහායි.

උතුරේ හමුදාව ඉවත් කරන්න කියලා මිනිස්සු ඉල්ලන්නේ වෙන මොනවටවත් නෙවෙයි. ගොඩක් හමුදා කඳවුරු තියෙන්නේ මිනිස්සුන්ට අයිති ඉඩම්වල. මේ ආණ්ඩුව ඉඩම් නිදහස් කරනවා කියලා කිහිප වතාවක් ඉඩම් කොටස් වශයෙන් මිනිස්සුන්ට පැවරුවත් ඒ බොහෝම සුළු කොටසයි. තවත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් තියෙනවා. අපි ඉල්ලන්නේ ඒවා නිදහස් කරන්න කියලයි.

දෙමළ ජනතාව නැවත ආයුධ අතට ගන්න උත්සාහ කරන බවට කටකතා හැදෙනවා නේද?

කවුරුත් ආයුධ අතට ගන්න ආස නැහැ. ආයුධ අතට ගැනීමෙන් වැඩියෙන්ම දුක් වින්දේ දෙමළ ජනතාවමයි. ඒ මාර්ගය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මාර්ගයේ යෑම තමයි දෙමළ ජනතාවගේ මේ වෙද්දී අරමුණ. ඒ බව පහුගිය ජනාධිපතිවරණයේදී ඡුන්දය පාවිච්චි කරමින් ඔවුන් පෙන්වුවා. දෙමළ ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න උත්සාහ කරද්දී ඒවා කඩාකප්පල් නොකර විශ්වාසය රැකගනිමින් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ.

මේ වෙද්දී ආණ්ඩුව හරහා උතුරේ දෙමළ ජනතාවගේ එදිනෙදා ඉල්ලීම් ඉටු කෙරෙනවාද?

මීට පෙර ආණ්ඩුවට වඩා ප‍්‍රතිශතයක් වශයෙන් යහපත් වුණත් වැඩ කෙරෙන්නේ හුඟක් මන්දගාමීව හා ප‍්‍රමාද වෙලා. අපි කියන්නේ ආණ්ඩු මාරුවෙන විදියට පාලකයන්ගේ රුචිකත්වය අනුව දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට හැමදාම ඒ ඉල්ලීම් ඉටු කරගන්න අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කරලා දෙන්න කියන එකයි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;