ආර්ථික අර්බුදයේ තරම ජනපතිත් අගමැතිත් එකතුව රටට කිවයුතුයි | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

තරිඳු උඩුවරගෙදර

ශ්‍රී ලංකාව අද මුහුණ පා සිටින දරුණු අර්බුදයේ එක කොටසක් වෙන්නේ අයවැය ලේඛනයේ අර්බුදය. මේකෙ විශේෂ ලක්ෂණය රජයට ලැබෙන ආදායම් මාර්ග සීමිත වීමත්, රජයේ වියදම් විශාල වශයෙන් ප‍්‍රසාරණය වීමත්. රජයට සෑම වර්ෂයකම ණය ලබාගනිමින් ණය මගින් අයවැය හිඟය පියවාගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා රටේ ණය බර වැඩිවෙමින් තියෙනවා. ඒ අනුව ණයවල පොලී ගෙවීමත් ණය ගෙවීමත් බරක් වෙමින් පවතිනවා. 2015 වර්ෂයේදී ශ‍්‍රී ලංකාව ණය ආපසු ගෙවීමට හා පොලී ගෙවීමට රජයේ ආදායමට වැඩි මිලක් ගෙවලා තියෙනවා. මේ කරුණ හින්දා අද 12%ක් පමණ දළ දේශීය නිෂ්පාදිතයෙන් ලබාගෙන 26%ක් පමණ වියදම් කරනවා. මේ තත්ත්වය යටතේ අනිවාර්යයෙන්ම රජයට ආදායම් මාර්ග වැඩි කරගන්න සිද්ධවෙනවා. එසේ නොකළොත් ණය වැඩි කරගන්න වෙනවා. නැත්නම් මුදල් මුද්‍රණය කරලා උද්ධමනය වැඩි කරලා ආදායම උපයාගන්න වෙනවා. මේ දෙකම දීර්ඝ කාලීනව නුසුදුසු ක‍්‍රියා.

මල නොතලා රොන් ගන්න

අනිවාර්යයෙන්ම රජය විසින් බදු ආදායම වැඩි කරගත යුතුයි. එහිදී වැට් බද්ද ඉතාමත් වැදගත් වෙනවා. ඕනෑම රජයක් බදු අයකරගැනීමේදී විශාල බදු පදනමක් ඇති භාණ්ඩ හා සේවා මත තමයි බදු පනවන්නේ. නැතිනම් ආදායම වැඩි කරගන්න බැහැ. පැරණි රජවරු පවා ලූණුවලට තමා බද්ද අය කළේ. ඒ කාලේ ආර්ථිකය කෘෂි ආර්ථිකයක් නිසා වැඩියෙන්ම ගොවීන්ගෙන් හා වෙළඳුන්ගෙන් තමයි බදු අය කළේ. සෙල්ලිපිවල සඳහන් බදු අනුපාත ගත්තොත්, ගොවියෙකුගෙන් 33%ක් පමණ බදු අරගෙන තියෙනවා. මේ පදනමම අපට අනුගමනය කරන්න වෙනවා. රජයේ වියදම්වල ප‍්‍රතිලාභ හැමෝම ලබන නිසා සියලූ දෙනාගෙන් රජයේ ආදායම අයකරගත යුතුයි.

බදු අයකිරීමේදී විශේෂයෙන් අනුගමනය කළ යුතු මූලධර්මයක් තියෙනවා. පැරණි රාජ්‍ය ආර්ථික විද්‍යා පොත්වල තියෙන්නේ රජ කෙනෙක් මල නොතලා රොන් ගන්න බඹරෙකු සේ ධාර්මිකව බදු අය කළ යුතුයි කියලා. මේ මූලධර්මය අදටත් තියෙනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම අපට සිද්ධ වෙනවා, වැට් බද්ද පනවා ඇති පෞද්ගලික වෛද්‍ය හා පෞද්ගලික අධ්‍යාපනය කියන අංශ දෙකම වැට් බද්දෙන් නිදහස් කරන්න. මොකද ඒ අංශ දෙකම රටේ අනාගත මානව ප‍්‍රාග්ධනය ගොඩනැගීම සඳහා වැදගත්වන අංශ දෙකක් නිසා. රජය මේ අංශ දෙක වෙනුවෙන් යොදවන මුදල් ඵලදායී නොවන නිසා තමයි පෞද්ගලික ක්ෂේත‍්‍ර දෙකෙන් මේ සේවාවන් දෙක ලබාගන්න සිද්ධ වෙන්නේ.

සකසුරුවම් වෙමු

bing.com-[en-us];buy tadalafil;http://cialis-20mgcanada.net;http://cialis-20mgcanada.net/;buy cialis online || canadian pharmacy;buy cialis online 100% quality, low prices, 24/7 support. cialis online without prescription from canadian pharmacy online.

ඒ එක්කම සැලකිය යුතුයි රජය අද මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට කළ යුත්තේ පටි තද කරගැනීම නොවන බව. දැන් කළ යුත්තේ සකසුරුවම් වීමයි. ඒ අනුව අපි ඉතා ප‍්‍රවේශමෙන් ආදායම අය කරමින් ඒවා ප‍්‍රවේශමෙන් වියදම් කළ යුතුයි. මීට කලින් දිළිඳු බව තුරන් කිරීමේ ව්‍යාපෘතිවලදී දිළිඳු අයට අපි දෙන විශේෂ පාඩමක් තමයි එයාලා සකසුරුවම් විය යුතුයි, අනිවාර්යයෙන්ම ආදායමෙන් කොටසක් ඉතිරි කරගත යුතුයි කියලා.

එසේ කියාදීමේදී අපි යොදාගන්න උදාහරණයක් තියෙනවා. මැටි කළයකට ජලය පුරවාගන්නවා වගේ අපේ ආදායම තැන්පත් කරනවා. කළයෙන් වතුර එළියට ගන්නවා වගේ අපේ ඵලදාව සඳහා වියදම් කරන මුදල් එළියට ගන්නවා. අපි පෙන්වනවා කළයේ තියෙන සිදුරුවලින් ජලය අපතේ යනවා වගේ අනවශ්‍ය වියදම්වලින් මුදල් නාස්ති වෙන බව. අපි කියනවා ඒ සිදුරු වහන්න කියලා. උදාහරණයක් විදියට මත්පැන් පානය කිරීමෙන් මුදල් නාස්ති කිරීම නවත්වන්න කියලා අපි කියනවා. සූදුව නවත්වන්න කියලා කියනවා. අද රජයට අදාළ වෙන්නේ මේ කළයේ උදාහරණයයි. වැට් බද්ද වගේ ක‍්‍රමවලින් ආදායම ලබාගනිද්දී ඵලදායී කාරණාවලට පමණක් මුදල් වැය කරගත යුතුයි.

වසා දැමිය යුතු සිදුරු

ඇමතිවරුන්ගේ නඩත්තුව සඳහා යන වියදම උදාහරණයක්. ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් හැත්තෑපන්දාහක් වුණත් ඇමතිවරයෙකුට ගෙවන දීමනා සහ අනෙකුත් වරප‍්‍රසාද ආදිය බැලූවාම මාසෙකට රුපියල් ලක්ෂ පණහක පමණ මුදලක් එක ඇමතිවරයෙකුට වැය වෙනවා. අවුරුද්දකට ලක්ෂ හයසීයක් පමණ වැය වෙනවා. ඇමතිවරයෙකුගේ වියදමට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලය, ආරක්ෂක භටයන්, වාහන වගේ විවිධ කාරණාවලට මේ වියදම් වැය වෙනවා. රුපියල් මිලියන තිස්පහ බැගින් වෙන වාහන තියෙනවා. ඊට අමතරව වාහන ක්ෂය, රක්ෂණය, ඉන්ධන වගේ වියදම්. බදු ගෙවන්නෝ විශාල මුදලක් මේ අය වෙනුවෙන් යටකරනවා. මේ කළයේ තියෙන සිදුරු. රජය මුලින්ම ආදර්ශයක් ලෙස මේ සිදුරු වසා දැමිය යුතුයි.

තවත් සිදුරක් තමයි රාජ්‍ය ආයතනවලින් ලබන අලාභ. මේ අලාභ පියවන්න බදුගෙවන්නාගේ මුදල් වැය කරන්න වෙනවා. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ දැනට රුපියල් බිලියන සීයක පමණ අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය අලාභ ලබනවා. ඒ අතර අලූතෙන්ම පාඩු ලබන ආයතනය වෙලා තියෙන්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුව. 2015 වසරේ මුළු අලාභය රුපියල් බිලියන 61ක් වුණා. ඒ නිසා මහ බැංකුවේ ප‍්‍රාග්ධනය රුපියල් 181 සිට 81 දක්වා පහත වැටී තිබුණා. මහ බැංකුවට රජයෙන් ප‍්‍රාග්ධනය සපයන්න සිද්ධ වුණොත් මේකත් සිදුරක් බවට පත්වෙනවා. තවත් අනවශ්‍ය වියදම් රැුසක් තියෙනවා. ඉස්සර තැපෑලෙන් පත්වීමක් දුන්නත් පත්වීමේ ලිපිය දෙන්නේ. දැන් ඒකට උත්සවයක් තියලා ඇමතිවරයාගේ අමාත්‍යාංශයෙන් වියදම් කරනවා. එක පැත්තකින් මේකෙන් මතුකරන ඇමතිවරයා විසින් පුද්ගලිකව පත්වීම් දෙනවා කියන ආකල්පය සංකල්පීයව වැරදියි. ඊටත් වඩා ගැටලූව මේකෙන් සිද්ධවෙන නාස්තිය. මෙවැනි නාස්තිකාර ක‍්‍රියා වහාම නතර කළයුතුයි. කළයෙන් එළියට ගත යුත්තේ ඵලදායී වියදම් පමණයි.

අයවැය කාර්යාලයක්

ඇමරිකාවේ තියෙනවා කොංග‍්‍රස් සභාවේ අයවැය කාර්යාලයක්. එහි ඉන්න ආර්ථික විශේෂඥයෝ අයවැයේ තියෙන නිෂ්ඵල වියදම් හඳුනාගෙන ඒවාට තිත තැබීම තමයි සිද්ධ කරන්නේ. එවැනි කාර්යාලයක් ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළත් පිහිටුවිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ආර්ථික විද්‍යා දැනුම ඉතාමත් අඩු නිසා ඒ මන්ත‍්‍රීවරුන්ට සහාය වෙන්න විවිධ විෂයන් සඳහා විශේෂඥයන් උපදේශකයන් වශයෙන් පත්කළ යුතුයි. මේක අර කළයේ අනවශ්‍ය සිදුරු වහන්න හොඳ ක‍්‍රමයක්. අයවැය පිළිබඳව පරිපාලනමය යාන්ත‍්‍රණයක් ඇතිකළ යුතුයි.

සංවාදයක් අවශ්‍යයි

අලූත් බදු අය කරනකොට අනිවාර්යයෙන්ම විරෝධතා පළ වෙනවා. කිසි කෙනෙක් කැමැත්තෙන් බදු ගෙවන්නේ නැහැ. මේ සංවාදය රජය විසින් ආරම්භ කළ යුතුය,ි ඇයි බදු පනවන්නේ කියලා. අනෙක් අතට රජය බදු අයකිරීමේදී මේවා වියදම් කරන ආකාරය ගැන ආදර්ශවත් විය යුතුයි. උදාහරණයක් හැටියට අගමැතිවරයා එක මතයක් දරන කොට, ජනාධිපතිවරයා තවත් මතයක් දරන බව පේනවා. ජනාධිපතිවරයා මේ කරන ප‍්‍රකාශවලින් බදු ආදායම ලබාගන්න තියෙන ඉඩ නැතිවෙලා, උද්ධමනය හා ණය මගින් ආදායම් ලබලා, දීර්ඝකාලීන ප‍්‍රශ්න ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒකේ ප‍්‍රතිඵලය සාමාන්‍ය දුප්පත් ජනතාවට එහි බර දරන්න සිද්ධවීමයි. මට මතක් වෙනවා 1972 අගමැතිවරිය වශයෙන් සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එවකට පැවති ආර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැහැදිලි කළා. ලංකාව ගිනි කන්දක් මත වාඩිවී සිටින බවත්, ඒකෙන් ගොඩ එන්න නම් සියලූ දෙනා එක්සත්ව වැඩ කළ යුතු බවත් ඇය ප‍්‍රකාශ කළා. ඒ ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය හරහා. දැන් අපට සන්නිවේදන මාධ්‍ය ගොඩක් තියෙනවා. අද එවැනි ප‍්‍රකාශ රාජ්‍ය නායකයන් දෙදෙනාම එක්ව සිදුකළ යුතුයි. ඒකට විපක්ෂ නායකවරයා ඇතුළු සියලූ දෙනාගේම සහයෝගය ලබාගත යුතුයි.

cheap prices for certified drugs, order tracking, discounts and free samples options. read more about cialis online without prescription dosage information, … window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;