රාවය

ලංකාවේ ක‍්‍රිකට් පව්!

ලංකාවේ ක‍්‍රිකට් පව්!

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

රට කුමන අතකට ගමන් කළද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඒරාෂ්ඨකය නම් ඉවර වෙන පාටක් නැත. එකක් ඉවර වෙන්නට එකක් ප‍්‍රශ්නය. වත්මන් ක‍්‍රිකට් පාලකයෝ ක‍්‍රිකට් පරිපාලනය බාරගත් දින සිට මේ දක්වා කරනු ලැබූ සහ කියනු ලැබූ දෑ සැලකිල්ලට ගන්නේ නම් ක‍්‍රිකට් වෙනුවෙන් කළ කිසිම දෙයක් නොමැති ගාණය. මේ ප‍්‍රශ්න එනිසාය.
මහා පාරම්බාමින් වැඩ පටන් ගත්තද තවමත් ඔවුන් දුවන්නේ පරණ පීල්ලේමය. මීට පෙර කලාප මගින්ද සටහන් තැබූ ලෙසින් ඔවුන් පළමු වෙන්ම කළේ තමන්ගේ ඔඩොක්කුව පුරවා ගැනීමට කටයුතු කිරීමය. එතැනදී නම් ඔවුන් කාටත් ඉහළින්ය.

ක‍්‍රිකට් මහා ඉහළින් සංවර්ධනය කරන්නේ යැයි පිළිවදන් දුන් තිලංග සුමතිපාල මේ තීරණයේ දී නිහ`ඩය. ක‍්‍රිකට් යහපාලනය වෙනුවෙන් කතා කළ, ඔහු පිටුපස සිටි අයද නිහ`ඩය. මේ ක‍්‍රියාවලිය මගින් ඔවුන් කාහටත් පළමුවෙන්ම සිහිපත් කළේ ක‍්‍රිකට් යනු මහා පරිමාණයෙන් උලා කෑ හැකි ධන නිධානයක් බවයි.

එහෙත් එසේ කළ හැකිද? අපට ඇත්තේ ප‍්‍රශ්නයකි. වර්තමානය වන විට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් අප සිටින තැන ගැන හැ`ගීමක් ක‍්‍රිකට් පාලනයේ කිසිවෙකුටත් නොමැති දෝ යන කුකුස ද අපට නැත්තේ නොවේ. විස්සයි/20 තරගාවලිය අවසන් වූ වහාම ක‍්‍රිකට් සංවර්ධනයක් ගැන කතා කළ පාලකයෝ මේ වනවිට ඒ අරබයා කුමක් කළෝද? ඒ කොතැනද? විමසීමක් නැත. මේ පාලකයන්ට එසේ සිටිය හැකිද?

ඔවුහු ඡුන්දයකින් ක‍්‍රිකට් පරිපාලනයට පිවිසියෝ වෙති. ඒ අනුහසින් ක‍්‍රිකට් අයාලේ යෑවීමට ඔවුන්ට බලය ලැබී නැත. ඊට ඉඩ සැලැස්වීමටද ඔවුන්ට අනුමැතිය හිමිව නැත. තමන් වෙත ඡුන්දය ප‍්‍රකාශ කළ පරපුරට දහසින් බැ`දි පියළි ලබාදී ඔවුන් තව දුරටත් තම ඔඩොක්කුවේම ර`දවා ගැනීමට පමණක් පිඹුරුපත් සැකසීම පමණක් ක‍්‍රිකට් දියුණුව යැයි සිතන්නේ නම් එයම වරදකි. මේ පාලකයෝ පළමුවත්, දෙවනුවත් පමණක් නොව තෙවැනුවත් සිතිය යුත්තේද එයමය.
මේ කෙසේ වෙතත්, එළැඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කිරීම හෝ වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් තරගාවලියක් සංවිධානය කිරීම පමණක් ක‍්‍රිකට් සංවර්ධනය යැයි ඔවුන් සිතන අයුරකි පෙනෙන්නට තිබෙන්නේ. ඒ කරුණු දෙකම මේ වනවිට ඉටු වෙමින් තිබේ. එහෙත් එය පමණක් මේ ව්‍යසනයට ප‍්‍රමාණවත්ද?

ආරංචිය අනුව නම් පැවැතෙන වයස අවුරුදු 19න් පහළ තරගාවලියද එරාෂ්ඨකයේ ප‍්‍රතිඵලයි. ක‍්‍රීඩකයන් වර්ගීකරණයේ සිටම නොයෙකුත් ප‍්‍රශ්නය. තේරීම් කටයුතුවල සිටම මේ තරගාවලිය ප‍්‍රශ්නකාරීය. විශේෂයෙන්ම වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය ගැන මනා වැටහීමකින් කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයයි. එහෙත් මේ තරගාවලියේදී ඔවුන්ගේ සේවයක් ලබා ගත් බවක් පෙනෙන්නට නැත. එය කුමන හේතුවක් නිසා වූවක් දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් මේ තරගාවලිය මේ වනවිට පැවැතෙන්නේ කලින් සැලසුම් කළ ආකාරයට නොවන බැව්ය ආරංචිය.

පාලකයන්ගේ නව වෙනස් වීමත් සමග දේශීය පිටියේ පුහුණුකරුවන් සේ කාලයක් පුරා අප දුටු බොහෝ අය මේ තරගාවලියත් සමග කණ්ඩායම් කළමනාකරුවන් වී සිටින අයුරක් නම් පෙනෙන්නට තිබේ. තරගාවලියේ විශේෂත්වය ඇතැම් විට එයම විය හැකි බැව්ය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වත්මන් ක‍්‍රිකට් පාලනයේ හිතවතෙකු පැවැසුවේ. එයද අප දකිනුයේ තමන් වෙත දක්වන ලද සේවයට කෘතවේදීත්වය පිරිනැමීමක් ලෙසය.මේ පාලකයන් මේ බවත් සිහිතබා ගත යුතුය. මේ එරෙහි වීමද ඔවුන් හා එක මේසයේ ම අසුන් ගන්නා අය බැව්ය.

කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් හෝ මේ තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් අප ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙත ස්තූතිය පුද කරමු. එහෙත් ඉතිං මේ තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා එළැඹෙන එංගලන්ත සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්කරන බැව් පැවැසීමට තරම් ඉක්මන් වීම ගැන නම් සභාපති තිලංග සුමතිපාලට කිව යුතුව ඇත්තේ මාධ්‍ය ඉදිරියේ චූන් වන තරමටම කතා නොකරන සිටීමට හැකි නම් එය වඩාත් අගනා බැව්ය.

මේ තරගාවලියේ සිටින ක‍්‍රීඩකයන්ට අමතරව ශ‍්‍රී ලංකා ඒ ක‍්‍රීඩකයන්, ශ‍්‍රී ලංකා නැගී එන ක‍්‍රීඩකයන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඇකඩමියේ වර්ග කරන ලද ක‍්‍රීඩකයන්ද සිටින බැව් තිලංග සිහිතබා ගත යුතුය. සැබැවින්ම අප විශ්වාස කරන පරිදි මෙතැන දක්ෂතා දක්වන්නන් ඉදිරිපත් කළ යුත්තේ එංගලන්ත සංචාරයට නොව මේ ඉහත කී කණ්ඩායම්වලටය. එවිටය ඔහුට විශ්වාසවන්ත ක‍්‍රීඩකයෙකු ලෙස තම ඉදිරිය සකසාගත හැක්කේ.

එහෙත් ඉතිං කරුමය යනු මෙසේ ගාල් කරන ලද ක‍්‍රීඩකයන්ට ඉදිරි කාලයේ දී තරග නොමැති වීමය. ඔවුන්ට සිදුව ඇත්තේ සෑමදාම ඔවුනොවුන් හා පුහුණුවීම් කිරීම පමණි. මීට ප‍්‍රථම බංග්ලාදේශ ඒ කණ්ඩායමක් මෙරට තරග සංචාරයක යෙදීමට පිඹුරුපත් සැකසුණු. මේ වනවිට ආරංචිය අනුව එම තරග සංචාරය නොකෙරෙන බවකි. එපමණක් නොවේ ඔස්ටේ‍්‍රලියාව සමගද මෙරටදී පැවැත්වීමට යෝජිතව තිබූ තරගාවලියද මේ වනවිට නොපැවැත්වෙන බවකි ආරංචි වන්නේ. ඒ ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්’ ආයතනයට ‘මුදල්’ නොමැතිවීම හේතුවෙනි.

මේ ප‍්‍රශ්නයේදී අප කාහටත් පැහැදිලිව දිය හැකි එක් උත්තරයක් නම් තිබේ. ඒ ‘පව්’ යන්නය. තම ඡන්ද හිමි සාමාජිකයන්ට රුපියල් ලක්ෂ ගණන් වටිනා සංතෝෂම් ලබාදීමට මුදල් ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පෙට්ටගමේ ක‍්‍රිකට් දියුණුව උදෙසා පැවැත්වීමට යෝජිත තරගාවලියක් සංවිධානය කිරීමට මුදල් නොමැත. මෙහි වරද කොතැනද?

අප සෘජුවම ඇගිල්ල දිගු කරන්නේ ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල වෙතය. ක‍්‍රිකට් පෙට්ටගමේ දිග පළල සැබෑ ලෙසම දන්නා තැනැත්තෙකි සුමතිපාල. මේ කෙටි කාලයට ඔහුට ඒ බැව් අමතක විය නොහැක. එසේ අමතක වන්නේ නම් මාලිංග කලකට ඉහත මාධ්‍ය වෙත කළ කී දෑ ද අමතක විය යුතුය. තිලංග මේ අවස්ථාවේ මාලිංග වෙත පන්න පන්නා පහර දෙනවා වෙනුවට කළ යුත්තේ මේ වැටි සිටින ආගාධයෙන් ක‍්‍රිකට් ගොඩගැනීමය. ඒ ස`දහා සද්භාවයෙන් එකතුවන සැවොම එකතු කර ගැනීමය.