විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනයේ වැදගත්කම

 

අද මනුෂ්‍ය වර්ගයාට විද්‍යාවෙන් තොර ලෝකයක් පිළිබඳව සිතාගැනීම පවා අපහසුය. උදෑසන අවදි වී රැුකියාවට යාම ගැන හෝ කාර්යාල දුම්රිය ප‍්‍රමාද වීම ගැන සිත් තැවුල් ඇතිකරගැනීමට වත්මනෙහි අපට හැකි වී තිබෙන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ දැවැන්ත සංවර්ධනය හේතුවෙනි. එසේ නොවී නම් රැුකියා අවස්ථා හා නවීන ගමනාගමන පහසුකම් වැනි දේ ලොව තුළ දක්නට නොලැබෙනු ඇත. ආදි මානවයා ගල් ගුහාවක් තුළට වී කල්පනා කරමින් සිටියේ තමන්ගේ ඊළඟ කෑම වේල සොයාගන්නේ කෙලෙසද කියාය. සමහර විට සතුන් සොයමින් දඩයමේ යනවිට ඔහු සිංහයකු වැනි සතෙකුගේ ආහාරය වන්නටද ඉඩ තිබුණි. තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගත හැකි ක‍්‍රමවේද සොයමින් ඔහු තමා අවට තිබෙන ලෝකය ගවේෂණය කිරීම ඇරඹූ තැනින් විද්‍යාවේ සම්භවය ඇති විය. ආහාරයට සුදුසු කැලෑ කොළ හා ගෙඩි වනාන්තර තුළ ඔබමොබ ඇවිදිමින් සෙවීම වෙනුවට ඒවා වගාකිරීමේ තාක්ෂණයද, දඩයමේ ගොස් සතුන් මැරීම වෙනුවට උන් ඇතිකිරීමේ හා බෝ කිරීමේ කලාවද මානවයා උගත්තේ විද්‍යාත්මකව සිතීමේ ප‍්‍රතිඵලයක් ලෙසය.

කුතුහලය ප‍්‍රවර්ධනය කිරීම

එදිනෙදා ජීවිතයේ ඉතා සාමාන්‍ය දෙයක්යැයි යමෙකුට හැෙඟන සංසිද්ධියක් තුළ යම් සුවිශේෂී තත්ත්වයක් තිබේය කියා සිතන්නා දාර්ශනිකයකු වග වරෙක කීවේ බි‍්‍රතාන්‍ය දාර්ශනිකයකු වූ ඇලන් විල්සන් වොට්ස් (1915-1973)ය. අවට ලෝකය පිළිබඳව තමන් තුළ තිබෙන කුතුහලය හේතුවෙන් වැඩිහිටියන්ගේ දහසකුත් ප‍්‍රශ්න අසන කුඩා ළමයින් ලොව මුල්ම විද්‍යාඥයන් ලෙස සැලකීමට තමා කැමති බැව් ඉන්දියානු රොකට් හා මිසයිල විද්‍යාඥයකු වන අබ්දුල් කලාම් වරෙක පැවසීය. විද්‍යාව අර්ථවත් දෙයක් වන්නේ එම විෂය දැඩි කුතුහලයකින් හා විස්මයකින් උගන්නේ නම් පමණි. ඇමරිකාවේ ටි‍්‍රනිටි සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය එම්.පී. සිල්වර්මන්ට අනුව දාර්ශනිකයා යනු සොබාදහම හොඳින් නිරීක්ෂණය කරමින් එහි ආශ්චර්යය දකින්නකු වුවද, ඔහු එතැනින් එහාට ගොස් තමන් දකින දේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නෙක් නොවේ. සිය නිරීක්ෂණ විද්‍යාත්මක ක‍්‍රමවේද යොදා නැවත නැවත පරීක්ෂණයට ලක් කරමින් නිවැරදි නිගමනවලට එළැඹෙන්නේ විද්‍යාඥයායි. රොකට් විද්‍යාඥයකු වීමේ ආශාව තමා තුළ මුලින්ම ඇති කළේ 8 වැනි පන්තියේ විද්‍යා ගුරුවරයා ලෙස කටයුතු කළ සිවසුබ‍්‍රමනියම් අයියර් වග 2003 වසරේ ගුරු දිනය සමරමින් අබ්දුල් කලාම් කියා සිටියේය. කුරුල්ලන් ඉගිලෙන ක‍්‍රමවේදය පිළිබඳව පන්තියේදී අයියර් මහතා කළ දේශනය ළමුන් කිසිවෙකුට නොවැටහුණ හෙයින් රාමේශ්වරම්හි මුහුදු වෙරළට ගොස් ප‍්‍රායෝගිකවම එම විද්‍යා පාඩම ඉගැන්වීමට හෙතෙම ක‍්‍රියා කළේය. කුරුල්ලකුගේ තටුවල තිබෙන විශේෂ හැඩය හේතුවෙන් තටුවලට උඩින් හමා එන සුළෙඟ් වේගය ඌව ඉහළට ඔසවන බවත්, ඊට යටින් හෙමින් හමන පවන ඌට අහසේ පාවී යාමට රුකුල් දෙන බවත් අයියර් මහතා සිසුන්ට පැහැදිලි කර දුන්නේය. සිවසුබ‍්‍රමනියම් අයියර්ගේ විද්‍යා පාඩම්වලට ළමුන් බෙහෙවින් ඇලූම් කරන්නට පටන්ගත්තේ එතැන් සිටය. කුරුල්ලන් අහසේ පියඹා යාම මහත් ආශ්චර්යයක් සේ දුටු අටේ පන්තියේ ළමයින්ට ඊට යටින් ඇති විද්‍යාත්මක පදනම කියාදීම ඔස්සේ දරුවා තුළ වෙසෙන දාර්ශනිකයා මෙන්ම විද්‍යාඥයාද අවදි කරවීමට අයියර් මහතා සමත්වීයැයි කිව හැකිය. එහෙත් නිරස විද්‍යා විෂය මාලාව තිතට අනුගමනය කරමින් දරුවන්ට විද්‍යාව උගන්වන බහුතරයක් ගුරුවරු ළමුන් තුළ ඇති කුහුල හා පුදුමය විනාශ කරති.

බලය බෙදීම

විද්‍යාව උගන්වන පාසල් ගුරුවරුන් දෙකොටසකට බෙදා දැක්විය හැකි බැව් මහාචාර්ය සිල්වර්මන් පවසයි. විෂය සම්බන්ධයෙන් තමන් විශාරදයකු බවත්, සිසුන් එම අධිකාරිමය දැනුම ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු බවත් සිතන ගුරුවරයා මින් පළමු කොටසට අයත් වෙයි. සිසුන් විෂය නිර්දේශය ගිරවුන් මෙන් කටපාඩම් කළ යුතුයැයි මොවුහු අදහති. මොවුන්ගේ විද්‍යාත්මක නිර්වචන හා පැහැදිලි කිරීම්වලට සිසුවකු අභියෝග කළහොත් මේ ගුරුවරු දැඩි සේ කිපී ප‍්‍රශ්න අසන්නා බලය යොදා නිහඬ කරවති. උපතින්ම දායාද කොටගත් කුතුහලය හා විස්මය, දරුවා සාමාන්‍යපෙළ හා උසස්පෙළ පන්තිවලට පැමිණෙන විට සම්පූර්ණයෙන්ම නිෂ්ක‍්‍රිය කිරීමට මොවුහු විශාල වශයෙන් දායක වෙති. විද්‍යාව යනු පරම සත්‍යයක් තැන්පත් කොට තිබෙන ගබඩාවක් නොවන බවත්, එය නිරීක්ෂණය, පරීක්ෂණය හා ප‍්‍රශ්න කිරීම් හරහා පමණක් ඉදිරියට යන විෂයක් බවත් සිතන නිර්මාණශීලී ගුරුවරු අයත්වන්නෝ දෙවැනි කොටසටය. විෂය කරුණු ගැන සාම්ප‍්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් සිතන්නටත්, ඒවා පරීක්ෂාවට හා අභියෝගයට ලක් කිරීමටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොළඹවන්නෝ මොවුහුය. විද්‍යාව එදිනෙදා ජීවිතයට අදාළවන්නේ කෙසේදැයි මොවුහු දරුවන්ට ක‍්‍රියාකාරකම් හරහා පෙන්වා දෙති. ලොව නිර්මාණශීලීව හා යහපත් ලෙස වෙනස් කිරීමට දායක වන්නෝ මෙකී (දෙවැනි කොටසට අයත්) විශිෂ්ට ගුරුවරුන්ගෙන් විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය ලත් සිසුහුය. ලෝකයේ අවාසනාවකටදෝ, ගුරුවරුන්ගෙන් බහුතරය අයත් වන්නේ පළමු කොටසටය.

buy sildenafil without prescription. canadian pharmacy, guaranteed shipping. need a product that isn`t in the site? call us!. online support 24 hours! ප‍්‍රායෝගික පාඩම්

a moment as basics buy cheap periactin online has hitherto been propounded while most desirable colonists for as buy viagra in cape town hoped if with lighted …

ඇමරිකාවේ බොහෝ කනිෂ්ඨ පාසල් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා කඩදාසි ප‍්‍රතිචක‍්‍රීය කර ඉවත දමන කඩදාසි ටොන් එකක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ විට කසළ පිරවීමට පොළොවෙන් වැයවෙන ඝන යාර 3.3ක ප‍්‍රමාණයක් බේරාගත හැකි බැව් විද්‍යා ගුරුවරු දරුවන්ට කියා දෙති. ගෙවල්වල හා පාසලේ තිබෙන අනවශ්‍ය පුවත්පත්, සඟරා හා කාඞ්බෝඞ්, කැබලිවලට ඉරා ඉනික්බිති බ්ලෙන්ඩර් මගින් ඒවා ජලය සමග මුසුකොට පල්පයක් බවට පත් කෙරේ. ඉන්පසු මෙකී පල්පය ලොකු ලෑල්ලක් මත ක‍්‍රමානුකූලව අතුරා වියළාගනු ලැබේ. වියැළුණු පල්පය හොඳින් ඉස්තිරික්ක කළ පසු එය නැවත භාවිත කළ හැකි කඩදාසි බවට පත්වේ. කඩදාසි නිපදවීම සඳහා යොදාගන්නේ වෘක්ෂයන්ය. පිටපොත්ත ඉවත් කළ ගස, කම්හලක් තුළදී ලී කුඩු බවට පත් කෙරෙන අතර ජලය හා තවත් රසායනික ද්‍රව්‍ය යොදා ඒවායින් පල්පයක් සාදනු ලැබේ. එම පල්පය විරංජනය කොට එහි අඩංගු ජලය ඉවත් කළ පසු එය කඩදාසි බවට හැරෙයි. කඩදාසි ටොන් 1ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළහොත් ගස් 17ක් බේරාගත හැකි බව පරිසර විද්‍යාඥයන් පවසන්නේ මේ නිසාය. මෙවැනි ප‍්‍රායෝගික පාඩම්වලට දරුවන් හුරුකිරීම හරහා ඔවුහු පරිසරය සුරැුකීමට අනිවාර්යයෙන්ම උගනිති. ඊ-බේ වෙබ් අඩවිය හරහා චීනයේ නිෂ්පාදිත පොටෝවෝල්ටෙයික් සුර්ය ශක්ති කෝෂ පාසල් වෙත ගෙන්වාගන්නා ඇමරිකානු විද්‍යා ගුරුවරු විශාල ලෑලි මත ඒවා ක‍්‍රමානුකූලව වයර් යොදමින් සවිකරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවාය. ඉනික්බිති සූර්ය කෝෂ පද්ධතිය බැටරි සමූහයට ඉන්වර්ටරයට සම්බන්ධ කෙරේ. වෙළඳපොළේදී ඇමරිකන් ඩොලර් 10,000ක් වැය වෙන සූර්ය කෝෂ පද්ධතියක් ඩොලර් 1000ක් වැනි අඩු වියදමකින් වහලයට සවිකොට ඉන් පන්ති කාමර ගණනාවකට විදුලිය සැපයිය හැකි වග මෙකී ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම හරහා ශිෂ්‍යයෝ උගනිති.

විද්‍යාඥයන් බිහිකිරීම

ඇමරිකාවේ පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකට එක්ව ගොඩනගාගනු ලැබූ ‘ආහාර සංරක්ෂණ ජාලය’ නමැති සංවිධානය හරහා ඔවුහු විවිධ ආපනශාලා විසින් නිපදවනු ලබන අතිරික්ත ආහාර, දුප්පතුන් අතර ක‍්‍රමානුකූලව බෙදා හරිති. ඉවත දමන ආහාරවලින් කොම්පෝස්ට් පොහොර නිපදවා සිය පාසල් හා සරසවි වගා බිම් සංවර්ධනය සඳහා ඒවා උපයෝගී කරගනිති. හොඳ ආහාර පුරුදු ඇතිකරගැනීම මගින් ස්ථුලභාවය, දියවැඩියාව හා අනෙකුත් සෞඛ්‍ය ගැටලූ විසඳාගැනීම සිදුකළ හැකි බවද මේ අය සිය වැඩමුළු හරහා ඇමරිකානු පුරවැසියන්ට පහදා දෙති.

ලාභ අරමුණුවලින් තොරව ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ අගස්ත්‍යා පදනම, රාම්ජී රාඝවන් නමැති ඉන්දියානු ව්‍යාපාරිකයා අතින් ස්ථාපිත වූයේ 1999 වසරේදීය. විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනය, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් හරහා අවවරප‍්‍රසාදිත ඉන්දියානු දරුදැරියන් අතර ප‍්‍රචලිත කිරීම අගස්ත්‍යාහි දැක්මයි. වයස අවුරුදු 06-18 අතර ශිෂ්‍ය ප‍්‍රජාව තුළින් අනාගත විද්‍යාඥයන් බිහිකිරීමට තමා අපේක්ෂා කරන වග රාම්ජී රාඝවන් පවසයි. නිර්මාණශීලී ලෙස චිත‍්‍ර ඇඳීම, පරිසර විද්‍යාව, ගණිතය හා විද්‍යාව සම්බන්ධ පරීක්ෂණ සිදුකළ හැකි උපකරණ සහිත ජංගම වෑන් රථ 80ක් පමණ ඉන්දියාව පුරා විසිර ඇති දුප්පත් පාසල් වෙත දෛනිකව යවමින්, 1999 සිට 2016 දක්වා දරු දැරියන් මිලියනයකටද, ගුරු භවතුන් 30,000කටද, විද්‍යා හා තාක්ෂණික පුහුණුව පිරිනැමීමට අගස්ත්‍යා පදනම සමත් විය. අගස්ත්‍යාහි කැපවීම හා අවංකභාවය දුටු ඉන්දියාවේ මධ්‍යම රජය, ප‍්‍රාන්ත 12ක් ආවරණය වන පරිදි විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන 35ක්ද, අක්කර 172ක් පුරා පිහිටි තාක්ෂණ විශ්වවිද්‍යාලයක්ද ස්ථාපිත කිරීම පිණිස අවශ්‍ය මූල්‍ය ආධාර ඔවුන්ට නොමසුරුව පිරිනැමීය. පෞද්ගලික දානපතියන්ගේ හා රජයේ ආධාර උපකාර සහිතව 500ක ස්ථිර කාර්ය මණ්ඩලයක් හා විද්‍යා ගුරු උපදේශකවරුන් 300ක් සිය වැඩසටහන් සඳහා යොදාගැනීමේ හැකියාව අද අගස්ත්‍යා වෙත හිමිව තිබේ. බිහාර් ප‍්‍රාන්තය තුළ විද්‍යා හා තාක්ෂණික වැඩමුළු ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යව තිබූ ජංගම විද්‍යාගාර (වෑන් රථ* ලබාගැනීම පිණිස තම පෞද්ගලික ධනයෙන් අරමුදල් අගස්ත්‍යාට සපයා දුන්නේ ඉන්දියාවේ හිටපු ජනපති අබ්දුල් කලාම් විසිනි. සරල විද්‍යාත්මක පරීක්ෂණ 50-100ක් අතර සංඛ්‍යාවක් සිදු කළ හැකි උපකරණ පෙට්ටියක් සහිත මෝටර් සයිකල් 30ක්ද අගස්ත්‍යා පදනම විසින් විද්‍යා අධ්‍යාපනය සඳහා භාවිත කරනු ලබයි. කර්නාටක, අන්ද්‍රා හා ගුර්ගෝන් ප‍්‍රාන්තවලින් තරුණ විද්‍යා උපදේශකවරුන් 5,000ක් පමණ පුහුණු කොට, ඔවුන් මගින් පාසල් ගුරුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් විද්‍යා හා තාක්ෂණික අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමට තමන්ට හැකි වූ බැව් රාම්ජී රාඝවන් වීක්එන්ඞ් ලීඩර් පුවත්පත සමග පැවසුවේ 2016 අපේ‍්‍රල් 07 දාය. කුප්පම්හි පිහිටි ආගස්ත්‍යා සරසවියෙන් නොවිධිමත් විද්‍යා අධ්‍යාපනයක් ලද ගමේ කෙල්ලන් දෙදෙනකු වූ රානි හා රෝජා, ඔවුන්ගේ පාරිසරික සංරක්ෂණ කෘෂි තාක්ෂණ ව්‍යාපෘතිය ඔස්සේ, 2015 ඉන්දු-ඇමරිකානු අයිරිෂ්-ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා සම්මානය දිනාගත් දවසේ තම නෙතින් සතුටු කඳුළු වැගිරුණු බැව් රාම්ජී අභිමානයෙන් යුතුව පවසයි. අප රටේ රජයේ පාසල්වලට විද්‍යා හා තාක්ෂණ දැනුම බෙදාදීම පිණිස අතහිත දෙන්නට කැමති පෞද්ගලික අංශයේ ආයතනවලට තම මහන්තත්තකම පෙන්වමින් උදැල්ල දමනු වෙනුවට එවැනි ව්‍යාපෘතීන් තව තවත් ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන්නේ නම් ජාතියක් ලෙස අපට බෝ දුර යා හැකිය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;