පේ‍්‍රක්ෂකයා වික්ෂිප්ත කිරීමේ සෞන්දර්ය අරුත

diflucan buy without prescription. can i buy fluconazole

ප‍්‍රියන්ත ජයරත්න

බුර්ෂුවා අපේක්ෂාවන්ට අනුව ජීවත්වීම ජීවිතයයැයි වරදවා වටහාගැනීම මගින් අපෞද්ගලිකත්වයට පත්ව පරාරෝපිතයකු වී සිටින මිනිසුන්ගේ ජීවිතවල විකාරය පරිහාසයට ලක්කිරීම ඉයුජින් අයෙනෙස්කෝ ඇතුළු විකාරරූපී නාට්‍ය සම්ප‍්‍රදායේ නිර්මාණකරුවන්ගේ නාට්‍ය ව්‍යාපාරයේ එක් පරමාර්ථයක් විය. අයෙනෙස්කෝගේ The
Bold Soprano නාට්‍යයද සාංදෘෂ්ටිකවාදී දර්ශනයෙන් ඔප්නැගුණු විකාරරූපී නාට්‍ය ව්‍යාකරණයට අනුකූලව නිර්මාණය වූ විශිෂ්ට නාට්‍යයකි. එම නාට්‍යයේ දාර්ශනික හරය ඉස්මතු වන ලෙස කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘තට්ට ගායිකාව’ නාට්‍යය ඒකාකාරී තේමා රැගත් ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයට කළ සාධනීය මැදිහත්වීමක් මෙන්ම පොදුවේ සමස්ත ලාංකේය කලා ක්ෂේත‍්‍රය තුළම සිදුවූ රැඩිකල් මැදිහත්වීමක් වශයෙන්ද පෙනී යයි.

සාත්‍රේ ප‍්‍රකාශ කළ ආකාරයට මිනිසකුට ජීව විද්‍යාත්මක උපතක් මෙන්ම සංස්කෘතික උපතක්ද ඇත. සංස්කෘතික උපත මිනිසාට ජීවිතය ලබාදෙන අතර අතිරේකයක් ලෙස අසහනයද දායාද කරයි. මේ නිසා මිනිසකු මිනිසකු වන්නේ අපේක්ෂා භංගත්වයද අතැතිවමය. සමාජ නිර්මිත අපේක්ෂා තමන්ගේම අපේක්ෂායැයි භාරගැනීමෙන් පමණක් මිනිසකුට මිනිසකු වීමට සිදුවෙයි. එහෙත් මෙකී අපේක්ෂාවලට අමතරව ඒවා ළඟා කරගැනීමට විරුද්ධ බලවේගද සමාජය විසින් නිර්මාණය කොට පවත්වාගෙන යනු ලබයි. මෙකී පරස්පරයේ විකාරසහගත බවත්, විපරීත ස්වභාවයත්, හාස්‍යානුසාරයෙන් පෙන්වාදීම විකාරරූපී නාට්‍යකරුවන්ගේ මූලික අභිප‍්‍රාය වී තිබේ. එකී නාට්‍ය සම්ප‍්‍රදාය හා අත්වැල් බැඳගත් සංදෘෂ්ටිකවාදීන් විසින්ද අවධානය යොමු කරන්නේ, ජීවත්වන මිනිසා සහ ඔහුට මුණගැසෙන ලෝකය ඉදිරියේ ඔහුගේ බලාපෙරොත්තු බිඳවැටෙන ආකාරයත්, එයට මුහුණදීමට නොහැකිව මිනිසුන් වික්ෂිප්ත වන ආකාරයත් පිළිබඳවය.

තට්ට ගායිකාව නාට්‍යයේදී අපට මෙය දැකගත හැකිය. අයෙනෙස්කෝගේ නාට්‍ය පිටපත අනුවර්තනය කළ කංචුකා ධර්මසිරි සහ ලොහාන් ගුණවීර සාංදෘෂ්ටිකවාදයත් අයෙනෙස්කොගේ දර්ශනයත් මැනවින් වටහාගෙන ඇති සෙයකි. මතු නොව කලා සංස්කෘතික ප‍්‍රකාශනයන්ගේ දේශපාලන ශක්‍යතාව හා විභවයද සියුම්ව තේරුම්ගෙන ඇත්තා සේය.
කංචුකාගේ නාට්‍යයෙහි විශේෂතා කිහිපයකි. ඒ සියලූ සුවිශේෂතා විකාරරූපී නාට්‍යකරුවන් හඳුන්වා දුන් නාට්‍ය වින්‍යාසයේ ව්‍යාකරණය තුළ හසුරුවා ගන්නට හැකිවී තිබීම මගින් පැහැදිලි වන්නේ තත් විෂය සම්බන්ධයෙන් ඇය සතු පරිණත බවයි. මෙම නාට්‍යයේ මුල, මැද සහ අග ගැළපූ නිශ්චිත කතා වින්‍යාසයක් නොමැත. එය ඇරිස්ටෝටලියානු සෞන්දර්ය කලා ආකෘතියකට තවදුරටත් පසු ධනවාදී සමාජ ක‍්‍රමයේ නිෂ්ක‍්‍රිය සහ අධිපරිභෝජනවාදී විපරීත මිනිස් දිවිය ප‍්‍රතිනිර්මාණය කළ නොහැකි බව කංචුකා විශ්වාස කරන බවක් පෙනීයයි. ඇරිස්ටෝටල්ට අනුව නාට්‍යයක වැදගත්ම සහ අනිවාර්ය අංගය වන්නේත් කතා වින්‍යාසයය. තට්ට ගායිකාව නාට්‍යයේ තවත් විශේෂත්වයක් වන්නේ සුදු, කළු ලෙස ලේබල් ඇලවූ පැතලි චරිත දැකගැනීමට නොහැකිවීමයි. මෙහි සිටින චරිත හුදු සංකේත පමණක්මදැයි සිතෙන තරම්ය. එම චරිතවල අනන්‍යතා මොහොතින් මොහොත විකාර අන්තයකට ගෙනයනු පෙනේ. ඒ හරහා චරිතවල අනන්‍යතාව භාෂාමය ක‍්‍රීඩාවකින් විසංයෝජනය වන අතර අනන්‍යතාව යනු භාෂාවේ වචනවලින් අසංගතව ගොඩනැඟුණු ප‍්‍රහේළිකාවක් බවට පත් කෙරෙයි. චරිතයකට හිමි අනන්‍යතාව සුළු මොහොතකින් වෙනත් අනන්‍යතාවකට මාරු වෙයි. මෙහෙකාරිය එක් විටෙක තමන් ෂර්ලොක් හෝම්ස් යැයි පවසන අතර, ඇගේ හැසිරීම් ක්ෂණිකව එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අන්තයන්ට ගමන් කිරීමට සලස්වා තිබේ. මෙය ලැකානියානු මනෝ විශ්ලේෂණයේ බෙදුණු ආත්මය පිළිබඳ අදහස ප‍්‍රකට කරන අවස්ථාවක් වශයෙන්ද හැඳින්විය හැකිය. භාෂාවේ වචනවල අන්තර් විනිවිදීම සහ සහසම්බන්ධතාව මගින් අනන්‍යතා නිර්මාණය කෙරෙන බව ප‍්‍රකට කෙරෙන අවස්ථාවක් වශයෙන් දීප්ති ජයරත්න පිළිබඳ සංවාදයද දැක්විය හැකිය. මෙම සංවාදයේදී දීප්ති ජයරත්න නම් වචනයට අදාළ මූලාශ‍්‍රය (Refferent Point) කුමක්දැයි සිතාගත නොහැකි තරමටම අවුලක් නිර්මාණය කෙරේ. දීප්ති ජයරත්න යනු ගැහැනියකද, පිරිමියකුද, ඔහු හෝ ඇය ජීවත් වන්නේද, මරණයට පත්වී ඇත්ද යන්න තේරුම්ගත නොහැකිය.

මෙම නාට්‍යයේ තවත් සුවිශේෂී අංශයක් වන්නේ එකිනෙකට සම්බන්ධයක් නැති දෙබස්ය. දෙබස් තුළ කිසිදු තර්කානුකූල බවක් දැකගත නොහැකිය. මෙය මෙකී නාට්‍යය ආකෘතියේ ආවේණික ව්‍යාකරණ ගුණයකි. සන්දර්භය අහිමි වචන හුදු දෙඩවිලි ස්වරූපයක් ගන්නා අතර, කෙනෙක් සංවාදවලින් යමක් ඉගෙනීමට උත්සාහ කරන්නේ නම් එය නිෂ්ඵල වෑයමක් බව ප‍්‍රත්‍යක්ෂ කරන්නේ මානසික වෙහෙසක් ශේෂ කරවමිනි. මැගිලින් නමැති චරිතය වේදිකාවට පැමිණෙමින් කියා සිටින්නේ මෙවැන්නකි.

‘මමයි මෙහෙ සර්වන්ට්. මම හරිම සන්තෝස හිතෙන හැන්දෑවක් ගතකෙරුවා. මම මිනිහෙක් එක්ක ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා ගෑනුත් එක්ක චිත‍්‍රපටියක් බැලූවා. ඊට පස්සේ අපි බ‍්‍රැන්ඩිත් එක්ක කිරි බීලා පත්තරේ කියෙව්වා.’
තවත් අවස්ථාවක තවත් චරිතයක් හරහා මෙසේද කියැවෙයි. ‘ඉස්කෝලේ ටීච ළමයින්ට කියවන්න උගන්වනවා, හැබැයි පූසි පැටවුන්ට කිරි දෙන්නේ උන් පොඩි කාලෙ.’ මෙම සංවාදාවලිය නාට්‍ය අවසන් වනවිට තව තවත් වැඩිවන හෙයින් විපරීත බවද තව තවත් තීව‍්‍ර වන බවක් දැකගත හැකිය.

‘පය ගහපු අත්තත් නැතිවෙනකොට වැටත් නියරත් ගොයම් කා නම්.’
‘ඔයා මට ඔයාගේ මහත්තයාගේ මිනී පෙට්ටිය දෙනවා නම් මම මගෙ නැන්දම්මගෙ සෙරෙප්පු දෙක දෙන්නම්.’
නාට්‍ය අවසානයේදී චරිත සියල්ලෝම එක ළඟට පැමිණ සම්පූර්ණයෙන්ම වියරු වැටී එකිනෙකාගේ කන්වලට බෙරිහන් දී ගනිමින්,
‘අතන නෙවෙයි මෙතනෟ එතන නෙවෙයි ඔතනෟ මෙතන නෙවෙයි අතනෟ අතන නෙවෙයි මෙතනෟ… ආදි වශයෙන් ප‍්‍රකාශ කිරීම මගින් විකාරය තුළ පේ‍්‍රක්ෂකයා තුෂ්ණිම්භූත කරවනු ලැබෙයි. මීළඟට සිදුවන්නේ කුමක්දැයි යන්න වෙනුවට මේ සිදුවන්නේ කුමක්දැයි වික්ෂිප්ත දෑසින් පේ‍්‍රක්ෂකයෝ බලා සිටිති.

මෙම දෙබස් පිටුපස විට්ගන්ස්ටයින්, රසල්, සෝෂියර්, බාර්ත්, සාත්‍රේ, හයිඩෙගර්, ඬේකාට්ස්, ඩෙරීඩා වැනි දාර්ශනිකයන්ගේ අවතාර හොල්මන් කරනවා බඳුය. එකී දාර්ශනිකයන්ගේ භාෂාව පිළිබඳ දාර්ශනික අදහස් තේරුම්කර දෙන ප‍්‍රත්‍යෙක අධ්‍යයනයක් ලෙසද පේ‍්‍රක්ෂකයකුට මෙය භාර ගැනීමට අවස්ථාව සැලසේ. එහෙත් එය නාට්‍ය නිර්මාණය කරන්නාගේ අපේක්ෂාව නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ.

වචනවලින් නිර්මිත දෙබස්වලට අමතරව නිහඬත්වය හැඟවුම්කාරකයක් ලෙසත්, සංකේතයක් ලෙසත් භාවිතයට ගෙන තිබෙන අතර නිහඬත්වය සහ හඬ අතර පරතරය පෙන්වීමට ඔරලෝසුවේ හඬ උපක‍්‍රමශීලීව යොදාගෙන තිබෙන අයුරු අපූරුය.

buy tadalis, generic tadalis, buy tadalis online, tadalis tablets, tadalis uk, buy cheap tadalis, buy tadalafil online.

මෙකී සියලූ විශේෂතා අන්තර්ගත කර ගනිමින් මෙවැනි වින්‍යාසගත කිරීමකින් කංචුකා බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සවිඥානික පේ‍්‍රක්ෂකයකුට සිතීමට ඉඩ තිබේ. මේ වනාහි අපගේම ජීවිතය අපටම පෙන්වීම සහ ඊට අපටම සිනාසීමට සැලැස්වීමක් නොවේදැයිද කෙනෙකුට සිතීමට ඉඩ තිබේ. එහෙත් මෙහි ඇති පරමාර්ථය කුමක්ද? එදිනෙදා ජීවිතයේ අතිසියුම් චලනයන් රංගගත කිරීමෙහිත් ඊට අපටම සිනාසීමට සැලැස්වීමෙහිත් ඇති කලාත්මකය කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මේ වනාහි අපගේ ජීවිතයම යැයිද මේ සිටින්නේ අපම නොවේදැයි යන්න වටහා ගැනීමත් සමග ඇතිවන අපහසුතාව තුළින් අපගේම ජීවිත වෙත යළිත් හැරී බැලීමටත් සැබෑ වගකීම හා නිදහස තෝරාගැනීමට යෝජනා කිරීමටත් කංචුකා දේශපාලනිකව සවිඥානික වී තිබෙන්නා සේය. ඒ අර්ථයෙන් මේ වෑයම රැුඩිකල් මෙන්ම දේශපාලනිකද වෙයි. කෙසේ වෙතත් තට්ට ගායිකාවට පේ‍්‍රක්ෂක රුචිකත්වය වෙනස් කිරීමේ දේශපාලනයෙහි සාර්ථකත්වය ළඟා කරගත හැකි වන්නේ නාට්‍යයෙන් බැහැර බාහිර සමාජයේ පේ‍්‍රක්ෂකයා සමග අන්තර් ක‍්‍රියාකාරී කතිකාවකට අවතීර්ණ වීමෙන් පමණක්ම යැයි නිගමනය කිරීමට නම් අපහසු වන්නේ නැත.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;