Untitled-1

Untitled-1

සනත්ගේ දේශපාලන පිතිහරඹය


sanath

ජගත් පේ‍්‍රමචන්ද්‍ර

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස නැවත වතාවක් සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය සමග රොමේෂ් ක`ඵවිතාරණ, රංජිත් මධුරසිංහ සහ එරික් උපශාන්ත නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් සේ එක්කර තිබේ. ඔවුන්ගේ ප‍්‍රමුඛ කාර්යය එළැඹෙන එංගලන්ත සංචාරයට කණ්ඩායම නම් කිරීම කීව ද මේ වනවිට එකී කණ්ඩායම නම් කර මාධ්‍යයට ද මුදා හැර ඇත. දැන් ඔවුන්ට ඇත්තේ එතැන් සිට තම කාර්යයන් කරගෙන යෑම ය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්ට වඩා වැඩි වගකීමක් රැුඳී ඇත්තේ කමිටුවේ සභාපතිවරයාටය. පත්කරන ලද නව කමිටුවේ සභාපති පදවිය සනත් ජයසූරිය වෙත වත්මන් පාලකයන් පිරිනමන්නේ ඔහු කෙරෙහි වන වැඩි විශ්වාසයෙන් විය යුතු ය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන පාර්ශ්වයන් කිහිපයක් ම නියෝජනය කළ ජයසූරිය වත්මනේ තිලංග පාර්ශ්වය නියෝජනය කරමින් මේ ලබා ගත් තනතුර කෙසේ විකාශනය කරනු ඇත් ද යන්න විචිකිච්ඡුාවකි අපට ඇත්තේ.

එසේ වන්නේ ජයසූරිය යනු අපිට සිටි දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු පමණක් වන නිසා ය. එතැනින් පසු ඔහුගේ ක‍්‍රිකට් භූමිකාව සේ ම දේශපාලනය භූමිකාව ද ගැටලූකාරීය. මේ වනවිට ද ඔහුගේ භූමිකාවන් ගැටලූකාරීය. දේශපාලන භූමිකාව එකකි. අනෙක ක‍්‍රිකට් හා වත්මනේ බැදුණු භූමිකාවය.

යා දෙක නොරත රත එකට පෑහීමක් නැත කියන්නා සේ ජයසූරියගේ මේ එකකට එකක් වූ භූමිකාවන් ගැළපෙන්නේ නැත. එසේ වන්නේ එක්කෝ ජයසූරිය ක‍්‍රිකට් පාලනය දන්නේ නැත. නැත්නම් දේශපාලනය දන්නේ නැත. එසේත් නැත්නම් මේ දෙක ම දන්නේ නැත. දැන සිටි එක ම දේහි ගෞරවය ද තමා තුළ තබා ගැනීමට ඔහු දැන සිටියේ නැත.

අපි ප‍්‍රථමයෙන් ම ජයසූරියගේ ක‍්‍රිකට් ක‍්‍රීඩක භූමිකාව විමසමු. එතැනදී ඔහුට හිමිවන්නේ අංක එක ය. එහි දෙකක් නැත. 1996 ලෝක කුසලානය දිනා ගැනීමට ජයසූරිය පෑ දක්ෂතා අදටත් අප සිත්හි රැදී තිබේ. ඊට පසුවත් ඔහු පිටියේ පෑ දක්ෂතා මනරම් ය. අපි ඒ අතීතයට අදටත් ඇලූම් කරමු. එහෙත් මේ දක්ෂ වමත් කසකාරයා ඒ අතීතයට ද ක`ඵ පැල්ලමක් එක් කර ගන්නේ ය. ඒ ක‍්‍රීඩාවෙන් සමුගෙන නැවත ක‍්‍රීඩා කිරීමට පැමිණි දා ය.

ක‍්‍රීඩකයෙකු ලෙස තමන් වටා බැදුණු ගෞරවය තමා විසින් ම කෙළෙසා ගත් ජයසූරිය ඉන් අනතුරුව දේශපාලනඥයකු ලෙස ද, ක‍්‍රිකට් පාලනයට පිවිසීමෙන් ද නැත්තට ම නැති කර ගන්නේ ය. දේශපාලනයෙන් සවිමත් වූ සනත් ජයසූරිය එවකට ක‍්‍රිකට් පාලක මණ්ඩලයට තුළ ද කළ කී දේ බොහෝ ය. ඇතැම් අවස්ථාවල ක‍්‍රිකට් පාලනයේ නිසි බලධාරීයා වූයේ ඔහු ය. සභාපතිවරයා ද අබිබවා ගිය බලයක් ඔහු කෙරෙහි ආරෝපණය වී තිබුණි. ශ‍්‍රී ලංකාවේ වැඩි ම ආදායමක් ලැබූ ආයතන අතුරින් ඉහළින් ම ශ්‍රේණිගතවූ ආයතනයක් සේ ම දූෂිත ආයතන අතුරින් ඉහළින් ම සටහන් ව තිබූ ආයතනයක් බවට ද ක‍්‍රිකට් පත්කළෝ මේ අදූරදර්ශී පාලකයෝ ය. එහි කොතැන හෝ කොණක ජයසූරිය ද සිටියේ ය.

යහපත් පරිපාලනයක් නොමැති වූ ඒ අතීතයේ අ`දුරය දැන් මේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මත පතිතව ඇත්තේ. ඊට යම් තරමකින් හෝ ජයසූරිය ද වගකිව යුතුය. ඇතැම්විට ඒ දේවල් කෙනෙකුගේ අණින් කළා වන්නට පු`ඵවන. එහෙත් ගෞරවනීය ක‍්‍රීඩකයෙකුට එසේ කළ හැකිද යන ප‍්‍රශ්නාර්ථය අප තුළ ඇත.

අරවින්ද ද සිල්වා විස්සයි/20 ලෝක කුසලානයකට කෙටි කාලයකින් කණ්ඩායම තෝරා කණ්ඩායම පැරදුණ කල්හි එහි වරද තමන් පිට පටවා ගත්තේ මේ නොබෝ දා ය. දැන් ඔහු ක‍්‍රිකට් උපදේශකයෙකි. කුමාර සංගක්කාර ද එදා එතැන සිටියේ ය. ඔහු ද කණ්ඩායම වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කළේ ය. ඇතැම්විට සංගක්කාරට ද ඉදිරියේ දී ක‍්‍රිකට් වෙනුවෙන් විශේෂ භූමිකාවක් වෙන්වෙනු ඇත. අනෙක් අය ද තැන් තැන්වල දැකිය හැකි වෙනු ඇත. මොවුන් ක‍්‍රිකට් පවතින සෑම තැනක ම සිට ඒ වෙනුවෙන් යමක් කරතැයි විශ්වාසය තැබිය හැකි ය.
එහෙත් ජයසූරිය කෙරෙහි එවැනි විශ්වාසයක් තැබිය හැකිද?

ජයසූරියගේ තේරීම් සම්බන්ධයෙන් අප ඔහු එම තනතුරේ කටයුතු කළ කාලයේ ඇති තරම් කතා කර තිබුණි. ඔහු කළ කී දෑ තවමත් ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන් තුළ ද අමතකව නැතැයි අපගේ විශ්වාසයයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ මේ පත්වීම ක‍්‍රිකට් ගොඩ නැගීමට කළ එකක් නම් අප ඊට එරෙහි නොවෙමු. එහෙත් ජයසූරිය නම් කවරෙක්දැයි සිතන කල්හිත් මේ පත්කිරීම ම විහි`ඵවක් සේ අපට පෙනේ.

අතීතයේ ඇතැම් අවස්ථාවල ජයසූරිය තම හිතවතුන් ලවා ප‍්‍රශස්ති ගී ගායනා කරගත් අයුරු අපට මතක ය. මේ තනතුර පිළිබ`දව වඩාත් කතාබහට ලක් වූ ආසන්නත ම කාලයේ ද එකී කර්තව්‍යයේ ජයසූරිය නියැලූණ අයුරකි අපට පෙනුණේ. පෙර ඔහුගේ කාලයේ කළ කී දෑ ගැන නැවත නැවතත් ලියවා ගනිමින් තම නම ඉදිරියේ ලකුණු දමා ගැනීම හරි හරියට සිදුවූයේ එනිසා යැයි අපි විශ්වාස කරමු. ඒ සූදානම ම මේ තනතුර තමා වෙත ම ලබා ගැනීම බැව්ය අපගේ විශ්වාසය.

ඇතැම්විට තිලංග සුමතිපාල නමැති තම දේශපාලන හිතවතා මේ ස`දහා ඔහුට යම් බලාපොරොත්තුවක් දී තිබුණා ද විය හැකි ය. එසේම පක්ෂ නායකත්වයේ අභිමත ආශීර්වාදය ද මේ සා ලැබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. ඊට මැදිහත්කරුවෙකු ලෙස ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ද කළ කී දෑ බොහෝ විය හැකි ය. අවසානයේ මේ තනතුර ස`දහා ජයසූරිය තරම් සුදුස්සෙකු නොමැති බැව් මේ දේශපාලන හිතවතුන්ට වැටහුණා ද විය හැකිය.